Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
විහිලු කතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අසේලයයි මායි බයිසිකලෙන් වැටුණට පස්සේ බයිසිකලේ පදින්න බෑය. ඒකෙ රිම් එකයි හැඬල් එකයි ඇද වෙලා ය. අසේලයයි මායි ඒක හදන්න ටවුමට ගෙනියන්න තීරණය කලෙමුය. ටවුමට හැතැම්ම දෙක හමාරක් තියෙනවා ය. අපි දෙන්නා බයිසිකලේ කරේ තියාගෙන ටවුමට ගෙනිහින් විංකලේට බයිසිකලේ දුන්නෝ ය. විංකලේ මාමා බයිසිකලේ ඇද ඇරලා හදලා දුන්නා ය. හැදුවාට පස්සේ අසේලයයි මායි බයිසිකලේ කරේ තියාගෙන ආපහු ගෙදර ආවෝය.

අපි ගෙදර එනකොට නයනක්කා හම්බුනා ය. හති දදා එන අපි දෙන්නා දිහා බලපු නයනක්කා,

"ඇයි, බයිසිකලේ හදන්න බෑ කිව්වද?"

කියලා ඇහුවා ය.

"නෑ හදලා දුන්නා" කියලා අසේලයා කීවාය.

"තොපි මේ හදපු බයිසිකලේ ද කරේ තියාගෙන ආවෙ?"

කියලා අහගෙන වෙලට පැන්නා ය. වෙලට පැන්නේ නයනක්කා ගේ ගෙදර තියෙන්නේ වෙලෙන් එගොඩ හින්දා ය. ඒ ගෙදරට යන්න තියෙන්නේ නියර දිගේ ය. හැබැයි ඔය නියරේ නිතරම නයෙකුත් හිටියා ය.

නයනක්කා යාළුවෙලා හිටියේ අපේ අයියා එක්ක ය. ඒ දවස්වල අයියා නිතරම ඔය නියරේ පියනගලා යනවාය. යන ගමන් මහ හයියෙන්

"සදාදර නයෝ ඔබේ... මං වෙල දිගේ"

කියලා සිංදු කියනවා ය. අයියා නං කියන්නේ නයා ඉන්න හින්දා එහෙම නයාට කලිංම මං එනවා කියලා කිව්වාම නයා යනවා කියලා ය. කොහොම හරි අයියා නිරයෙන් යනකොට නයනක්කා ගෙදරින් එළියට ඇවිත් ඉන්නවා ය.

දැන් නං නයනක්කා අයියා එක්ක යාළු නෑය. ඒ අයියාගේ ලියුමක් අම්මාට අහු උන හින්දා ය. අයියාගේ ලියුං නයනක්කා ට ගිහින් දුන්නේ මං ය. එදා අපේ සිංහල සර් ගෙදරට දෙන්න කියලා අපිට ලියුමක් දුන්නෝය. ඒකෙ තිබුණේ

"සාහිත්‍ය දින උත්සවය ගැන කතිකා කර ගැනීමට වහාම පාසැලට පැමිණ මා හමුවන ලෙස දන්වන වගයි.

මීට,

සිංහල ආචාර්ය,

බුලත්සිංහල "

කියලා ය.

නයනක්කාට අයියා ලියපු ලියුම තිබ්බේ මගේ සාක්කුවේ ය. මං සර් ගේ ලියුමත් සාක්කුවේ දාගෙන ඇවිත් නයනක්කා ට අයියා ගේ ලියුම දීලා ගෙදර ඇවිත් අම්මා ට සර්ගේ ලියුම දුන්නෙමු. ලියුම කියවපු අම්මා කොස්සක් අරගෙන ගිහින් ටීවී බල බලා හිටපු අයියාට ගැහුවා ය. අයියා උඩ විසි උන පාර රිමෝට් එකත් විසික් උනාය. කොස්ස උස්සාගෙන බැන බැන ආයෙමත් ගහන්න දුවගෙන එන අම්මා දැකපු අයියා ගෙදරින් එළියට පැනලා දුවන්න පටන් ගත්තා ය. දොරකඩ හිටපු ටොමියාත් අම්මා දිහා බලලා පැනලා දිව්වේ වෙනදා වගේ කොසු පාර ඌටද කියලා ෂුවර් නැති හින්දා වෙන්ට ඕනෑය.

අයියා නයනක්කාට ලියපු ලියුමක් අහුවුනා කියලා සද්දේ ඇහිලා දුවගෙන ආපු අප්පච්චීට අම්මා අඬ අඬා කිව්වා ය. එකත් එකටම අයියාගේ ඊ ළඟ ලියුම ලියද්දි අම්මා ට අහුවෙන්න ඇති කියලා මම හිතුවෙමු. කොහොමද ලියුම අහු උනේ කියලා අප්පච්චි අහද්දී,

"පොඩි එකා තමයි දුන්නේ"

කියලා අම්මා කිව්වා ය. අම්මා ට අයියාගේ ලියුම දුන්නා නං එකත් එකටම නයනක්කාට දීලා තියෙන්නේ සිංහල සර්ගේ ලියුම වෙන්න ඕනෑය.

එතකොට ඉස්කෝලේ රැස්වීමට නයනක්කා එන්න ඉඩ තියෙනවා ය. ඒ හින්දා මාරුව ඇරගන්න කියලා අම්මා ට ලියුම දුන්නේ වැරදිලා බවත්, ඉස්කෝලෙන් දීපු ලියුම මං නයනක්කාට දීපු බවත් කියලා මාරු කරගෙන එන්න අම්මාගෙන් ලියුම ඉල්ලා සිටියෙමු.

"දෙනවා තොට"

කියපු අම්මා මටත් කොස්සෙන් ගහන්න පැන්නා ය. අප්පච්චී මහ හයියෙන් හිනා වෙද්දි මං එළියට පැනලා දුවලා ගිහින් නතර උනේ නයනක්කලාගේ ගෙදර ය.

නයනක්කාට දීලා තියෙන්නේ වැරදි ලියුම බවත්, ඒක ගෙදරට දෙන්න ඕන බවත් කියලා මම ලියුම ආපහු ඉල්ලා ගත්තෙමු.

"එතකොට මගේ ලියුම කෝ..?"

කියලා නයනක්කා ඇහුවාය.

"ඒක අපේ අම්මා ළඟ"

කියලා මම ආපහු ගෙදර දිව්වාය.

ඊට පස්සේ අයියා මට ලියුං දුන්නේ වත්, "සදාදර නයෝ" සිංදුව කිය කියා නියරේ ගියේ වත් නෑය.

බුලත්සිංහල සර් දැන් ගෙවල් වලට ලියුං එව්වාට ආපු මුල් කාලෙ එහෙම නෑ ය. ඒ දවස්වල අපි හිතුවේ සර්ගේ නම "බුලත්" කියලා ය. සිංහල උගන්වන හින්දා බුලත් සිංහල සර් කියලා කියනවා කියලා ය. ඒක එහෙම නෙමෙයි කියලාත් සර්ගේ නම බුලත්සිංහල කියලා ත් කියලා දුන්නේ "බුලත්" සර් ආවාද බලන්න විදුහල්පති කාර්යාලයට ගිය වෙලාවක ලොකු ඉස්කෝලේ මහත්තයා ය. බුලත්සිංහල සර් කතා කලෙත් අමුතු සිංහලෙන් ය.

ජනකයා පාඩම් වැඩට දුර්වලයි කියලා දවසක් ඌට කතා කරලා

"තමුන්ගේ ගෙදර වැඩිහිටියො කවුද ඉන්නේ?"

කියලා ඇහුවා ය.

"අම්මයි, තාත්තයි සර්"

කියලා ජනකයා කීවාය.

"තමුන් හෙට පියාට එන්න කියන්න ඕන. මට වැදගත් දෙයක් තියෙනවා කියන්න"

කියලා කිව්වෝය. සිංහල සර් එන්න කිව්වා කියලා ජනකයා ගිහින් කියලා තිබුණේ වඩු පියා මාමා ටය. පහුවදා ඉස්කෝලෙට ආපු වඩුපියා මාමා ට සිංහල සර් ජනකයා පාඩම් වැඩට දුර්වලයි කියලා ත් ගෙදරදී වැඩ වලට උනන්දු කරවන්න කියලා ත් කිව්වා ය.

"හොඳමයි මහත්තයා, මං ඒක මුංගෙ මහ එවුන් ට කියන්නං"

කියලා වඩු පියා මාමාත් කිව්වාය.

"තමුන් මේ ළමයගේ කවුද?"

කියලා සර් ඇහුවම

" මූ මගේ කවුරුත් නෙවෙයි සර්"

කියලා වඩු පියා මාමා කිව්වා ය.

"එහෙනම් මොකටද ආවෙ?"

කියලා සර් වඩුපියා මාමා ගෙන් ඇහුවම

"මූ තමයි සර් මට එන්න කිව්වේ"

කියලා ජනකයා පෙන්නුවා ය. බුලත්සිංහල සර් එක අතකින් ජනකයා කණෙනුත් අනිත් අතින් වඩු පියා මාමා ත් ඇදගෙන විදුහල්පති කාර්යාලයට ගියෝය.

නඩුව අහපු ලොකු ඉස්කෝලේ මහත්තයා ජනකයාට පැටලිලා ඇති බවත්, පියා කියලා පියදාස මාමා ට හැමෝම කියන බවත්, ළමයින්ට ටිකක් සරල සිංහලෙන් කතා කලාම හරි බවත් කියලා තිබුණා ය.

"ෂහ් මට මේ ළමයගෙ මවු ට එන්න කියන්න තිබුණෙ"

කියලා බුලත්සිංහල සර් කිව්වා ය. එතකොට ලොකු ඉස්කෝලේ මහත්තයා

"නෑ නෑ, සර් පොඩි ලියුං කෑල්ලක් යවන්නකො"

කියලා කීවාය. බුලත්සිංහල සර් ලියුං යවන්න පටන් ගත්තේ එහෙමය.

-(ධම්මික ඒකනායක)-

[QUOTE="Assassin Galaa, post: 25796430, member: 563501"] අසේලයයි මායි බයිසිකලෙන් වැටුණට පස්සේ බයිසිකලේ පදින්න බෑය. ඒකෙ රිම් එකයි හැඬල් එකයි ඇද වෙලා ය. අසේලයයි මායි ඒක හදන්න ටවුමට ගෙනියන්න තීරණය කලෙමුය. ටවුමට හැතැම්ම දෙක හමාරක් තියෙනවා ය. අපි දෙන්නා බයිසිකලේ කරේ තියාගෙන ටවුමට ගෙනිහින් විංකලේට බයිසිකලේ දුන්නෝ ය. විංකලේ මාමා බයිසිකලේ ඇද ඇරලා හදලා දුන්නා ය. හැදුවාට පස්සේ අසේලයයි මායි බයිසිකලේ කරේ තියාගෙන ආපහු ගෙදර ආවෝය. අපි ගෙදර එනකොට නයනක්කා හම්බුනා ය. හති දදා එන අපි දෙන්නා දිහා බලපු නයනක්කා, "ඇයි, බයිසිකලේ හදන්න බෑ කිව්වද?" කියලා ඇහුවා ය. "නෑ හදලා දුන්නා" කියලා අසේලයා කීවාය. "තොපි මේ හදපු බයිසිකලේ ද කරේ තියාගෙන ආවෙ?" කියලා අහගෙන වෙලට පැන්නා ය. වෙලට පැන්නේ නයනක්කා ගේ ගෙදර තියෙන්නේ වෙලෙන් එගොඩ හින්දා ය. ඒ ගෙදරට යන්න තියෙන්නේ නියර දිගේ ය. හැබැයි ඔය නියරේ නිතරම නයෙකුත් හිටියා ය. නයනක්කා යාළුවෙලා හිටියේ අපේ අයියා එක්ක ය. ඒ දවස්වල අයියා නිතරම ඔය නියරේ පියනගලා යනවාය. යන ගමන් මහ හයියෙන් "සදාදර නයෝ ඔබේ... මං වෙල දිගේ" කියලා සිංදු කියනවා ය. අයියා නං කියන්නේ නයා ඉන්න හින්දා එහෙම නයාට කලිංම මං එනවා කියලා කිව්වාම නයා යනවා කියලා ය. කොහොම හරි අයියා නිරයෙන් යනකොට නයනක්කා ගෙදරින් එළියට ඇවිත් ඉන්නවා ය. දැන් නං නයනක්කා අයියා එක්ක යාළු නෑය. ඒ අයියාගේ ලියුමක් අම්මාට අහු උන හින්දා ය. අයියාගේ ලියුං නයනක්කා ට ගිහින් දුන්නේ මං ය. එදා අපේ සිංහල සර් ගෙදරට දෙන්න කියලා අපිට ලියුමක් දුන්නෝය. ඒකෙ තිබුණේ "සාහිත්‍ය දින උත්සවය ගැන කතිකා කර ගැනීමට වහාම පාසැලට පැමිණ මා හමුවන ලෙස දන්වන වගයි. මීට, සිංහල ආචාර්ය, බුලත්සිංහල " කියලා ය. නයනක්කාට අයියා ලියපු ලියුම තිබ්බේ මගේ සාක්කුවේ ය. මං සර් ගේ ලියුමත් සාක්කුවේ දාගෙන ඇවිත් නයනක්කා ට අයියා ගේ ලියුම දීලා ගෙදර ඇවිත් අම්මා ට සර්ගේ ලියුම දුන්නෙමු. ලියුම කියවපු අම්මා කොස්සක් අරගෙන ගිහින් ටීවී බල බලා හිටපු අයියාට ගැහුවා ය. අයියා උඩ විසි උන පාර රිමෝට් එකත් විසික් උනාය. කොස්ස උස්සාගෙන බැන බැන ආයෙමත් ගහන්න දුවගෙන එන අම්මා දැකපු අයියා ගෙදරින් එළියට පැනලා දුවන්න පටන් ගත්තා ය. දොරකඩ හිටපු ටොමියාත් අම්මා දිහා බලලා පැනලා දිව්වේ වෙනදා වගේ කොසු පාර ඌටද කියලා ෂුවර් නැති හින්දා වෙන්ට ඕනෑය. අයියා නයනක්කාට ලියපු ලියුමක් අහුවුනා කියලා සද්දේ ඇහිලා දුවගෙන ආපු අප්පච්චීට අම්මා අඬ අඬා කිව්වා ය. එකත් එකටම අයියාගේ ඊ ළඟ ලියුම ලියද්දි අම්මා ට අහුවෙන්න ඇති කියලා මම හිතුවෙමු. කොහොමද ලියුම අහු උනේ කියලා අප්පච්චි අහද්දී, "පොඩි එකා තමයි දුන්නේ" කියලා අම්මා කිව්වා ය. අම්මා ට අයියාගේ ලියුම දුන්නා නං එකත් එකටම නයනක්කාට දීලා තියෙන්නේ සිංහල සර්ගේ ලියුම වෙන්න ඕනෑය. එතකොට ඉස්කෝලේ රැස්වීමට නයනක්කා එන්න ඉඩ තියෙනවා ය. ඒ හින්දා මාරුව ඇරගන්න කියලා අම්මා ට ලියුම දුන්නේ වැරදිලා බවත්, ඉස්කෝලෙන් දීපු ලියුම මං නයනක්කාට දීපු බවත් කියලා මාරු කරගෙන එන්න අම්මාගෙන් ලියුම ඉල්ලා සිටියෙමු. "දෙනවා තොට" කියපු අම්මා මටත් කොස්සෙන් ගහන්න පැන්නා ය. අප්පච්චී මහ හයියෙන් හිනා වෙද්දි මං එළියට පැනලා දුවලා ගිහින් නතර උනේ නයනක්කලාගේ ගෙදර ය. නයනක්කාට දීලා තියෙන්නේ වැරදි ලියුම බවත්, ඒක ගෙදරට දෙන්න ඕන බවත් කියලා මම ලියුම ආපහු ඉල්ලා ගත්තෙමු. "එතකොට මගේ ලියුම කෝ..?" කියලා නයනක්කා ඇහුවාය. "ඒක අපේ අම්මා ළඟ" කියලා මම ආපහු ගෙදර දිව්වාය. ඊට පස්සේ අයියා මට ලියුං දුන්නේ වත්, "සදාදර නයෝ" සිංදුව කිය කියා නියරේ ගියේ වත් නෑය. බුලත්සිංහල සර් දැන් ගෙවල් වලට ලියුං එව්වාට ආපු මුල් කාලෙ එහෙම නෑ ය. ඒ දවස්වල අපි හිතුවේ සර්ගේ නම "බුලත්" කියලා ය. සිංහල උගන්වන හින්දා බුලත් සිංහල සර් කියලා කියනවා කියලා ය. ඒක එහෙම නෙමෙයි කියලාත් සර්ගේ නම බුලත්සිංහල කියලා ත් කියලා දුන්නේ "බුලත්" සර් ආවාද බලන්න විදුහල්පති කාර්යාලයට ගිය වෙලාවක ලොකු ඉස්කෝලේ මහත්තයා ය. බුලත්සිංහල සර් කතා කලෙත් අමුතු සිංහලෙන් ය. ජනකයා පාඩම් වැඩට දුර්වලයි කියලා දවසක් ඌට කතා කරලා "තමුන්ගේ ගෙදර වැඩිහිටියො කවුද ඉන්නේ?" කියලා ඇහුවා ය. "අම්මයි, තාත්තයි සර්" කියලා ජනකයා කීවාය. "තමුන් හෙට පියාට එන්න කියන්න ඕන. මට වැදගත් දෙයක් තියෙනවා කියන්න" කියලා කිව්වෝය. සිංහල සර් එන්න කිව්වා කියලා ජනකයා ගිහින් කියලා තිබුණේ වඩු පියා මාමා ටය. පහුවදා ඉස්කෝලෙට ආපු වඩුපියා මාමා ට සිංහල සර් ජනකයා පාඩම් වැඩට දුර්වලයි කියලා ත් ගෙදරදී වැඩ වලට උනන්දු කරවන්න කියලා ත් කිව්වා ය. "හොඳමයි මහත්තයා, මං ඒක මුංගෙ මහ එවුන් ට කියන්නං" කියලා වඩු පියා මාමාත් කිව්වාය. "තමුන් මේ ළමයගේ කවුද?" කියලා සර් ඇහුවම " මූ මගේ කවුරුත් නෙවෙයි සර්" කියලා වඩු පියා මාමා කිව්වා ය. "එහෙනම් මොකටද ආවෙ?" කියලා සර් වඩුපියා මාමා ගෙන් ඇහුවම "මූ තමයි සර් මට එන්න කිව්වේ" කියලා ජනකයා පෙන්නුවා ය. බුලත්සිංහල සර් එක අතකින් ජනකයා කණෙනුත් අනිත් අතින් වඩු පියා මාමා ත් ඇදගෙන විදුහල්පති කාර්යාලයට ගියෝය. නඩුව අහපු ලොකු ඉස්කෝලේ මහත්තයා ජනකයාට පැටලිලා ඇති බවත්, පියා කියලා පියදාස මාමා ට හැමෝම කියන බවත්, ළමයින්ට ටිකක් සරල සිංහලෙන් කතා කලාම හරි බවත් කියලා තිබුණා ය. "ෂහ් මට මේ ළමයගෙ මවු ට එන්න කියන්න තිබුණෙ" කියලා බුලත්සිංහල සර් කිව්වා ය. එතකොට ලොකු ඉස්කෝලේ මහත්තයා "නෑ නෑ, සර් පොඩි ලියුං කෑල්ලක් යවන්නකො" කියලා කීවාය. බුලත්සිංහල සර් ලියුං යවන්න පටන් ගත්තේ එහෙමය. -(ධම්මික ඒකනායක)- [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom