Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
විහිලු කතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"මේ ෂටර් එක පාත් කරනවා"

මහ රාත්‍රියේ සිය වාහනය නැවත්වූ පොලිස් නිලධාරියා කියූ සැනින් සදරුවන් වාහනයේ වීදුරුව පාත් කළේය.

"ඇයි සර් මාව නැවැත්තුවේ?" සදරුවන් ඇසුවේ දෙගෙඩියාවෙන්...

" ඈයි.. තමුසේ බීලා නේද??"

පොලිස් නිලධාරියා අසද්දී පිටවුණු වාෂ්පයේ ඇල්කොහොල් පිරී තිබුණි.

මං නෙමේ ඔහේනේ බීලා තියෙන්නේ කියා අසන්න සිතුනත් සදරුවන්

"අනේ නෑ සර්"

කියා කිව්වේ ය.

"ඔහොම තමයි ඕයි බීපු හැම එකාම කියන්නේ" බීමත් නිලධාරියා කීවේය.

"බහිනවා බිමට" විධානය දුන් සැනින් සදරුවන් වාහනයෙන් බැස්සේය.

"දැන් අර ඉර දිගේ හරි කෙලින් හරි කෙලින් යනවා.." වැටෙන්න ඔන්න මෙන්න සිටින පොලිස් නිලධාරියා කීවේය.

"මං බීලා නෑ සර්"

ඉර උඩ ඇවිදින ගමන් සදරුවන් කීවේය.

"හරි වෙන්න පුළුවන් ඒත් අපිට ඒක හරියට ම දැනගන්න ඕන"

පදික වේදිකාවේ වාඩි වී සිටින හොඳටම වෙරි වුණු අනිත් නිලධාරියගේ කටහඩින් සදරුවන් තිගැස්සුණි.

"ආ දැන් මේක පිඹිනවා"

පලමු පොලිස් නිලධාරියා මද්‍යසාර පරීක්ෂා කිරීම සඳහා දුන් බැලුම අතට ගත් සදරුවන්

"අනේ සර් මං බීලා නෑ" නැවත කීවේය.

"හරි වෙන්න පුළුවන් ඒත් අපිට ඒක හරියට ම දැනගන්න ඕන" බිම සිටි නිලධාරියා නැවත කීවේය.

බැලුම් පරීක්ෂාවෙන් ද සදරුවන්ගේ නිර්දෝෂී භාවය තහවුරු විය.

සදරුවන් වාහනයට නගිද්දි පොලිස් නිලධාරීන් දෙදෙනාම වාහනය අසලට පැමිණ තිබුණි.

"ඒකනේ සර් මං කිව්වේ... මං බීල නෑ" සදරුවන් කීවේය.

"තමුසේ කියපු පලියට අපිට ජීවිත අවදානමක් ගන්න බෑ අයිසේ"

එසේ කියමින් සදරුවන්ගේ වාහනයට නැග වාඩි වූ පොලිස් නිළධාරීන් දෙදෙනා

"අපිව ඉස්සරහ පොලිසිය ගාවින් බස්සගෙන යනවා"

කීවේ සදරුවන් තුෂ්නිම්භූත කරමිනි.

නුවන් සී රුද්‍රිගු

(පිටරටක වෙච්ච දෙයක්..)

අග්නි පුත්‍ර...

දවසක් මට ආව නිකන් ආතල් අදහසක්... එක එක ජාති විදිහට රතිඥ්ඥා පත්තු කරල අත්හදා බලල තියන නිසා මේකත් ඒ වගේ කරපු අත්හදා බැලීමක්..

අපේ ගෙට අල්ලපු වත්ත පාලු ඉඩම් කෑල්ලක් බව හූනියම කතාවෙන් හැමෝම දන්නව ඇතිනෙ. ඔය ඉඩමෙ තිබ්බා කුඹුරුදළු කියල වැල් වගයක්... මතකද අර බිම අතුල්ලල අතුල්ලල කාගෙ හරි ඇගේ තිබ්බම පිච්චිලා යන හයිය ඇටයක් තියෙන්නෙ. ආන් ඒ වැල්.. සමහරු ඔය වැඩේට ගත්තෙ රඹර් ඇටේ ඒත් හරිම ඇටේ කුඹුරුඇටේ රත්වෙනව ගිනිගන්න... ඉතිං ඔය වැල් කාලෙකට මැරිලා වගේ කොළ හැලිල අකුල විතරක් ඉතුරු වෙනවා.. රිංගන්න හිතන්නවත් බැරි තරම් පුදුම කටු තොගයක් තියෙන්නෙ ඒවෑ..

ඔය වැල වැටමාර කියල අපි කියන ලංකාව වටේම ගිනිසීරියා,ඇල්බීසියා, පෝරගස්,ලාඩප්පා, වගේ එක එක නම් කියන ගහක් වහගෙන තමා පැතිරිලා තිබ්බෙ.. කොල හැලිලා කටු පඳුර විතරක් වාහනේක වයර් හනස්ස වගේ ඉතුරු වෙලා තිබ්බා.. මම දවසක් අර තුන්හුලස් බට්ටා කියන රතිඥ්ඥා කරලක් ගලවල බැලුවා ජොනීබට්ටා ඩිමෝබට්ටා නෙමෙයි බට්ටා රතිඥ්ඥා.... ඒ කාලෙ හැටියට රුපියල් 100ක් එකක්.. මතකනෙ තාත්තට කඩයක් තිබ්බ නිසා මට පින්ගොනා පුපුරන ද්‍රව්‍ය බලපත්‍රයක් තිබ්බා.. ඉතිං මට බට්ටෙක් ගන්නෙක මහ දෙයක් නෙමෙයි...

ඕක ඇතුලෙ තිබ්බෙ වෙඩි නූලයි වෙඩිබෙහෙත් ටිකකුයි විතරයි තනිකරම කොල ගොඩ.. "යකෝ කොල ටිකක් ඔතලා මෙහෙමනම් තව එතුවනම් තව හොදට සද්දෙ එයි " කියල මට හිතුනා. මාත් ඔය ජාතියෙ තුනක් අරන් එකපිට තියලා කොල ඔතලා ඔතලා ඔතලා බයින්ඩින් ගම් වලින් අලවලා මාළුපාන් ගෙඩියක් වගේ හැඩේට පත සයිස් තනි බට්ටෙක් හැදුවා..

"දැන් මේක පත්තු කරන්නෙ කොහෙද..?" හිත හිතා ඉද්දි මට කල්පනාවට ආව අර කටු පදුර.. ලොකුවට පිපිරුවත් අව්ලක් නෑනෙ ගහ උඩ නිසා අනතුරකුත් නැති වෙන්න ඔය බට්ට පත්තු කරල ගහ උඩ කටු පඳුරට විසික් කරලා බිම දිගා උනා..

දිඩ්ඩී...න්න්න්න්........ගාල සද්දයක් ආවා. තුනක් එකට තිබ්බට අනිත් දෙක වෙන වෙනම විසික් වෙලා පඳුරෙම වෙන තැන් දෙකක දිඩිං..දිඩි..න්න්න්.. ගාල පිපිරුවා.. තුනක් එකතු කලත් එකට පුපුරන්නෑ වෙන වෙනම සද්දෙ එන්නෙ කියලා මං දැනගත්තා... පරීක්ෂණ අසාර්ථකයි... ඒත් මට අළුත් අදහසක් ගන්න තරම් ප්‍රථිපලයක් ලැබුනා.. මාත් ගෙට ගියා..

අපේ ගෙවල් ගාව ගෙවල් ලග ලග තිබ්බ නිසා ගොඩක් අය කඩේට අහල පහලට ගියේ සෙරෙප්පු දෙකක්වත් නොදා..ගොඩක් අය උඩට ටීෂර්ට් එකක්වත් නැතුව තමා ඉන්නෙ..ඔය පඳුර තිබ්බෙ පාර අයිනෙ මම ටිකකින් ඇවිත් බලද්දි මෙන්න බොලේ පාරයන මිනිස්සු කතරගම දේවාලෙ ගිනි පාගන උත්සවේ වගේ උඩ පැන පැන "අම්මටඃ @%%*" ගගා පාරෙ යනවා...

බලද්දි වැඩේ වෙලා තියෙන්නෙ මම දාපු බට්ට පුපුරලා කටු පඳුරෙ වැල් කෑලි පොඩි පොඩියට කැඩිල පාරෙ හැමතැනම විසිවෙලා පාරෙ යන උන්ගෙ කකුල් වල ඇනෙනවා... කොහොම හරි දවස් දෙකක් විතර යද්දි නිකන් අළුත් චාරිත්‍රයක් වගේ ඒ කටු සේරම ඉවරෙනකම් සෙරෙප්පු නැතුව පාරෙ ගිය උන් ගියේ උඩ පැන පැන සුපර් මාරියෝ වගේ....

කන නෑසුනා මෙන් සිටින විට හු@@පුත්‍ර ලෙසත් මළ පැන්න විට @$සිගේ පුත්‍ර ලෙසත් විටෙක සුනඛදේනුවකගේ පුතා ලෙසත් අමතන සමාජයේ ගිනිකෙලියට ගිය ගින්නෙන් උපන් පුතා අග්නිපුත්ර වේ...

එදා මමයි මා නොවන මමයි දෙන්නම බත්තරමුල්ලේ ඉඳන් කඩුවෙල දිහාවට එන ගමන්. පූර්ණිමා ගේ යාලුවෙක් ට ජීවිතේ පලවෙනි පාරට බබෙක් හම්බවෙලා. හැබයි අපි ඌව බලන්න යද්දි ඒ ළමයට අවුරුදු තුනයි. අපේ එක්කෙනා කියන විදියට ඒ ජෝඩුව ඒ ළමයා හම්බවෙන්න කලින් සෑහෙන මහන්සි උනාලු ලමයෙක් හදන්න. කෑමක් බීමක් රැයක් දවාලක් බලන්නේ නැතුව , ඒ ව්තරක් නෙමේ ඇඟට හරියාකාර වස්තරයක්වත් නැතුව ඒ දෙන්නා මහන්සිවෙලා තමා ඒ බබා ලැබිලා තියෙන්නෙ..

ඇස්වහක් කටවහක් නෑ සීදේවි කොලු පැටියා. ඒ ජෝඩුවෙන් කොල්ලගේ මහ ගෙදර තමා එයාල ඉන්නෙ. කොල්ලගේ අම්මයි තාත්තයි මල්ලියිත් ඉන්නෙ ඒ ගෙදර. අපි යන දවසේ නිවාඩු නිසා සේරම ගෙදර. මාත් ඉතින් උඩදාං ගියා නිකං හරි ගෙදර පැත්තක ටීපෝ එකක් උඩ පොඩියට ලෑස්ති කරලා තිබුණොත් එහෙම කියලා.

ඕං අපි ගියා. ළමයි බලන්න යන්නේ උන් ඇඳේ ඉන්න හුච්චං කාලේ උනාට අපි මේ බලන්න යද්දි ඒ පොඩි එකා ඇවිදිනවා. ඕං ගිහිල්ලා ආචාර සමාචාර විදිවලින් පස්සෙ මූලික රාජකාරිය...

"බබා.... පැටියෝ..... මේ එන්නකෝ... "

කියලා පූර්ණිමා ගේ යාලුවත් කතා කලා. අපි දෑස් දල්වා උළ උලා ෂොරි උල උලා නෙමේ පුලපුලා බලාගෙන හිටියා පොඩි එකා සබාවට එනකන්. හම්මටසිරි මේං එක පාරටම ඇඟ පුරාම මයිල් පිරිච්ච තඹුත්තේගම යෝදයගේ ජාතියේ එකෙක් මතු උනා. ඌ අපිට හිනාවක් එහෙම දාලා... ආපහු කෙල්ලවත් එක්කන් කාමරේකට ගියා...

" ඒ ළමයා සෑහෙන ඉක්මනට ලොකු වෙලානේ.... බලන්ඩ නේද ...?"

"නෑ අනේ... ඒ මානි ගේ හස්බන්ඩ්.... රුචිර... ඒකවත් මතක නැද්ද අනේ අර වෙඩින් එක දවසේ ඇවිල්ල හිටියේ..."

ඕං බලමු ගෑණු මොලේ. වෙඩින් එක බඳින දවසේ කීදාහක් නං සෙනඟද. ඊටත් එන හැම එකාම සැලුන් වලින් අන්දලා එන ගෑණු මතකත් නෑ උන්ගේ මිනිස්සු මතකත් නෑ. කොහොමින් හරි ඕං ජෝඩුවම ආපහු ආවේ පොඩි එකා පෙරටු කරගෙන.

අපරාදේ කියන්න බෑ පොඩි එකා නම් ආපු විදියෙන්ම මගේ හිතට ඇල්ලුවා. ඌ එලියට ආවේම පී.සී.ආර් එකක් කරන ගමන්... ඒ කිව්වේ මේ නහය අස්සෙ ඇඟිල්ල ගහන් හාර හාර. ආං නියම ළමාකාලේ විඳින පොඩිඋන්...

අපේ මනුස්සයත් පොඩි එකා බැරිබැරි ගාතේ උස්සගෙන... එක විජ්ජුම්බරයයි.... ඌව මුරුංගා ගහක දල්ලක තියලා වගේ... ඇස් අරයගේ වගේලු .... කකුල අරූගේ වගේලු.... ඇඟිලි නියපොතු අන්න එයාගේ වගේලු.... පොඩි එකාගේ පුක කොරියන් නලුවෙක් ගේ වගේලු.... බැලින්නම් ඌට උගේ මහ උන්ගෙන් කියලා මොකක්වත්ම නෑ.... ඒ කියන එව්වට පොඩි එකාට වඩා සංතෝස මහ ජෝඩුවට. අනේ අනිච්චං කනේ මැලේ අච්චාරු කිව්වලු.

මාත් කතාවට සහබාගී වෙන්න ඕන නිසා මාත් පොඩි එකාගේ මූණට එබිලා බලලා මට ඒ මූණ දැක්කම මතක් උන කෙනාව කිව්ව.

"ඒ උනාට පුතා බාප්පා වගේමයි නේද ?"

සේරම ඇහෙන්නෙ නෑ වගේ ඉන්නවා.. මං කීව එක.. මං සැලුනද... මං ආයෙමත් කිව්වා ටිකක් හයියෙන්....

"තාත්තා ට වඩා පුතාට පිහිටලා තියෙන්නේ බාප්පගේ හැඩරුව නේද .....?"

හත්තිලව්වකි ,කලාබරයකි. මූණ අකුලගත්ත ජෝඩුව

අපි එහෙනං තේ ටිකක් බොමු නේද කියාගෙන කුස්සිය පැත්තට වාෂ්ප උනා.. කොල්ලගේ අම්ම තාත්තා මල්ලි අසමෝදගම් ගැහුව මල් කොහාලා වගේ... කොහේ ගියාද නෑ...

"මොකද්ද මිනිහෝ අර කිව්ව කතාව ?"

"ඇයි මොකද්ද?"

"අර බබා පෙන්නලා බාප්පේක් ගේ හැඩයක් ගාන්නේ...පිස්සුද ඇත්තටම ...අපරාදේ තනියම එන්න හිතාගෙන ඉඳලත් පව් ගෙදර තනියම කියලා අඩගහන් ආවේ...."

පූර්ණිමා ට ඌරු ජුවල්. මටත් යකාම නැග්ගා ඇයි යකෝ අම්මපා මුන් කන්න නයි නෑනේ...මං සුමාන ගාණක් කෝල් කරලා මැසෙජ් කරලා අද යන්තං පරණ යාලුවො දෙන්නෙක් එක්ක කයියක් ගහලා මොනවහරි කරන්න සෙට් වෙන්න සේරම ලෑස්ති කරන් හිටියේ. එහෙම තියෙද්දි ගහෙන් ගෙඩි එන්න වගේ මේක දාගෙන

මං ආවෙ නැත්නම් බෑය.... බැන්දාම ගමන් යන්නේ එකටය.... නැත්නම් මිනිස්සු පද හදනවාය....පද හදලා විකුණනවාය..... මේක යන්න නාවොත් කසාදේ කටුගානවය.... බුදු අම්මේ මේං එහෙම කිව්ව මනුස්සය දැන් කියනවා මං පව් හින්දා එක්කරන් ආවලු.

මාත් ඇරියේ නෑ.... දුන්නා පිලිතුරු සැර ටෝන් එකක් දාලම.

"ඇයි බාප්පා කීවම හෙණ ගහනවද.... යකෝ තාත්තා මොකද තාත්තා ගේ මල්ලි මොකද.... අනික ජාන කියන ඒවා වර්ණදේහ ප්‍රතිදේහ අග්න්‍යාසය කපාල පුණ්ඩය කියන ඒවගෙන් ඔය පෙනුම කොණ්ඩේ එන්නෙ එහෙම තමයි.... දැන් ඔයාලගේ අර මාමා කෙනෙක්ගේ පුතෙක් ඉන්නේ... ඔයාලගේ මුත්තා කෙනෙක්ගේ ෆේස්කට් එකම තියන.... මේකත් එහෙම වෙන්න බැරිද.... ?"

ඇස් දෙක ගූස්බෙරි සයිස් කරගත්ත පූර්ණිමා මගේ අතත් මස් ගැලවෙන ගාණට කොනින්තලා... කියපි

"මේ....මනුස්සයෝ.... ඒ රුචිරගෙම මල්ලි නෙමෙයි..... ඒ ලමයා අරන් හදාගන්න ලමයෙක් කොහෙද තැනක් නොතැනක් නෑ...කියවන්න ගියාම .... ශිට්... මමම නිසා හොඳයි.... ඇත්තට.විලිලැජ්ජැවේ බෑ...ඩීසන්ට් මනුස්සයෙක් නේද මේ...??."

ඒ අස්සේ නිකං පරණ ඇරියස් එහෙකුත් කවර් වෙනවද මන්දා.... කෙල්ලො ඔහොමමයි. මං අහිංසක පාට් එකක් දාලා මෙහෙම කිව්ව

කවුද ඕවා දන්නේ... අනික අත්වැරදීමකින් ඕක ඔච්චර සීරියස් ගන්න මේ මිනිස්සු බබ්බුද ? අපරාදේ කලින් කිව්ව නම් ආපු ගමන් උප්පැන්න ඉල්ලන් බලලා කතා කරන්න තිබුණ ...අපි කරන විහිලුවක් ඇහුනොත් ඔයාගේ යාලුවට බබාලා හම්බවෙයි නෙමේ දෙයියෝ නිකං දීලා යයි...පුහ්"

මට එච්චරයි කියන්න හම්බුණේ...ඒ එක්කම තේ බන්දේසියක් අරන් මූණ කුණ්ඩහට්ටියක් සයිස් කරගත්ත යාලුවත් ආව... අපි බොරු හිනාවක් මවං තේ බොනවා. කට්ටිය පොඩ්ඩක් එහා මෙහා වෙනකන් ඉඳලා මං

"මේ.... ඇහුණද....?"

"හ්ම්ම්.... මොකද්ද ?"

"නෑ ඉතිං ඔය කිව්වට ලමයා බාප්පා වගේ වෙන්නත් පුලිවන් නේද?"

තව පොඩ්ඩ්න් රෝයල් සෙරමික් මාක් එක හිටින්ඩ කනවා පීරිසි පාරක්... මිත්‍රවරුනි

එදා ඉඳන් මං ලමයි බලන්න ගියාම කටයි ෆුකයි දෙකම වහං ඉන්නව. ඇහුවොත් මොකක් හරි හූම්... ගාණවා එච්චරයි.

එඤ්ඤං

කුෂාන් ප්‍රේමසිරි

[QUOTE="Assassin Galaa, post: 25872236, member: 563501"] "මේ ෂටර් එක පාත් කරනවා" මහ රාත්‍රියේ සිය වාහනය නැවත්වූ පොලිස් නිලධාරියා කියූ සැනින් සදරුවන් වාහනයේ වීදුරුව පාත් කළේය. "ඇයි සර් මාව නැවැත්තුවේ?" සදරුවන් ඇසුවේ දෙගෙඩියාවෙන්... " ඈයි.. තමුසේ බීලා නේද??" පොලිස් නිලධාරියා අසද්දී පිටවුණු වාෂ්පයේ ඇල්කොහොල් පිරී තිබුණි. මං නෙමේ ඔහේනේ බීලා තියෙන්නේ කියා අසන්න සිතුනත් සදරුවන් "අනේ නෑ සර්" කියා කිව්වේ ය. "ඔහොම තමයි ඕයි බීපු හැම එකාම කියන්නේ" බීමත් නිලධාරියා කීවේය. "බහිනවා බිමට" විධානය දුන් සැනින් සදරුවන් වාහනයෙන් බැස්සේය. "දැන් අර ඉර දිගේ හරි කෙලින් හරි කෙලින් යනවා.." වැටෙන්න ඔන්න මෙන්න සිටින පොලිස් නිලධාරියා කීවේය. "මං බීලා නෑ සර්" ඉර උඩ ඇවිදින ගමන් සදරුවන් කීවේය. "හරි වෙන්න පුළුවන් ඒත් අපිට ඒක හරියට ම දැනගන්න ඕන" පදික වේදිකාවේ වාඩි වී සිටින හොඳටම වෙරි වුණු අනිත් නිලධාරියගේ කටහඩින් සදරුවන් තිගැස්සුණි. "ආ දැන් මේක පිඹිනවා" පලමු පොලිස් නිලධාරියා මද්‍යසාර පරීක්ෂා කිරීම සඳහා දුන් බැලුම අතට ගත් සදරුවන් "අනේ සර් මං බීලා නෑ" නැවත කීවේය. "හරි වෙන්න පුළුවන් ඒත් අපිට ඒක හරියට ම දැනගන්න ඕන" බිම සිටි නිලධාරියා නැවත කීවේය. බැලුම් පරීක්ෂාවෙන් ද සදරුවන්ගේ නිර්දෝෂී භාවය තහවුරු විය. සදරුවන් වාහනයට නගිද්දි පොලිස් නිලධාරීන් දෙදෙනාම වාහනය අසලට පැමිණ තිබුණි. "ඒකනේ සර් මං කිව්වේ... මං බීල නෑ" සදරුවන් කීවේය. "තමුසේ කියපු පලියට අපිට ජීවිත අවදානමක් ගන්න බෑ අයිසේ" එසේ කියමින් සදරුවන්ගේ වාහනයට නැග වාඩි වූ පොලිස් නිළධාරීන් දෙදෙනා "අපිව ඉස්සරහ පොලිසිය ගාවින් බස්සගෙන යනවා" කීවේ සදරුවන් තුෂ්නිම්භූත කරමිනි. නුවන් සී රුද්‍රිගු (පිටරටක වෙච්ච දෙයක්..) අග්නි පුත්‍ර... දවසක් මට ආව නිකන් ආතල් අදහසක්... එක එක ජාති විදිහට රතිඥ්ඥා පත්තු කරල අත්හදා බලල තියන නිසා මේකත් ඒ වගේ කරපු අත්හදා බැලීමක්.. අපේ ගෙට අල්ලපු වත්ත පාලු ඉඩම් කෑල්ලක් බව හූනියම කතාවෙන් හැමෝම දන්නව ඇතිනෙ. ඔය ඉඩමෙ තිබ්බා කුඹුරුදළු කියල වැල් වගයක්... මතකද අර බිම අතුල්ලල අතුල්ලල කාගෙ හරි ඇගේ තිබ්බම පිච්චිලා යන හයිය ඇටයක් තියෙන්නෙ. ආන් ඒ වැල්.. සමහරු ඔය වැඩේට ගත්තෙ රඹර් ඇටේ ඒත් හරිම ඇටේ කුඹුරුඇටේ රත්වෙනව ගිනිගන්න... ඉතිං ඔය වැල් කාලෙකට මැරිලා වගේ කොළ හැලිල අකුල විතරක් ඉතුරු වෙනවා.. රිංගන්න හිතන්නවත් බැරි තරම් පුදුම කටු තොගයක් තියෙන්නෙ ඒවෑ.. ඔය වැල වැටමාර කියල අපි කියන ලංකාව වටේම ගිනිසීරියා,ඇල්බීසියා, පෝරගස්,ලාඩප්පා, වගේ එක එක නම් කියන ගහක් වහගෙන තමා පැතිරිලා තිබ්බෙ.. කොල හැලිලා කටු පඳුර විතරක් වාහනේක වයර් හනස්ස වගේ ඉතුරු වෙලා තිබ්බා.. මම දවසක් අර තුන්හුලස් බට්ටා කියන රතිඥ්ඥා කරලක් ගලවල බැලුවා ජොනීබට්ටා ඩිමෝබට්ටා නෙමෙයි බට්ටා රතිඥ්ඥා.... ඒ කාලෙ හැටියට රුපියල් 100ක් එකක්.. මතකනෙ තාත්තට කඩයක් තිබ්බ නිසා මට පින්ගොනා පුපුරන ද්‍රව්‍ය බලපත්‍රයක් තිබ්බා.. ඉතිං මට බට්ටෙක් ගන්නෙක මහ දෙයක් නෙමෙයි... ඕක ඇතුලෙ තිබ්බෙ වෙඩි නූලයි වෙඩිබෙහෙත් ටිකකුයි විතරයි තනිකරම කොල ගොඩ.. "යකෝ කොල ටිකක් ඔතලා මෙහෙමනම් තව එතුවනම් තව හොදට සද්දෙ එයි " කියල මට හිතුනා. මාත් ඔය ජාතියෙ තුනක් අරන් එකපිට තියලා කොල ඔතලා ඔතලා ඔතලා බයින්ඩින් ගම් වලින් අලවලා මාළුපාන් ගෙඩියක් වගේ හැඩේට පත සයිස් තනි බට්ටෙක් හැදුවා.. "දැන් මේක පත්තු කරන්නෙ කොහෙද..?" හිත හිතා ඉද්දි මට කල්පනාවට ආව අර කටු පදුර.. ලොකුවට පිපිරුවත් අව්ලක් නෑනෙ ගහ උඩ නිසා අනතුරකුත් නැති වෙන්න ඔය බට්ට පත්තු කරල ගහ උඩ කටු පඳුරට විසික් කරලා බිම දිගා උනා.. දිඩ්ඩී...න්න්න්න්........ගාල සද්දයක් ආවා. තුනක් එකට තිබ්බට අනිත් දෙක වෙන වෙනම විසික් වෙලා පඳුරෙම වෙන තැන් දෙකක දිඩිං..දිඩි..න්න්න්.. ගාල පිපිරුවා.. තුනක් එකතු කලත් එකට පුපුරන්නෑ වෙන වෙනම සද්දෙ එන්නෙ කියලා මං දැනගත්තා... පරීක්ෂණ අසාර්ථකයි... ඒත් මට අළුත් අදහසක් ගන්න තරම් ප්‍රථිපලයක් ලැබුනා.. මාත් ගෙට ගියා.. අපේ ගෙවල් ගාව ගෙවල් ලග ලග තිබ්බ නිසා ගොඩක් අය කඩේට අහල පහලට ගියේ සෙරෙප්පු දෙකක්වත් නොදා..ගොඩක් අය උඩට ටීෂර්ට් එකක්වත් නැතුව තමා ඉන්නෙ..ඔය පඳුර තිබ්බෙ පාර අයිනෙ මම ටිකකින් ඇවිත් බලද්දි මෙන්න බොලේ පාරයන මිනිස්සු කතරගම දේවාලෙ ගිනි පාගන උත්සවේ වගේ උඩ පැන පැන "අම්මටඃ @%%*" ගගා පාරෙ යනවා... බලද්දි වැඩේ වෙලා තියෙන්නෙ මම දාපු බට්ට පුපුරලා කටු පඳුරෙ වැල් කෑලි පොඩි පොඩියට කැඩිල පාරෙ හැමතැනම විසිවෙලා පාරෙ යන උන්ගෙ කකුල් වල ඇනෙනවා... කොහොම හරි දවස් දෙකක් විතර යද්දි නිකන් අළුත් චාරිත්‍රයක් වගේ ඒ කටු සේරම ඉවරෙනකම් සෙරෙප්පු නැතුව පාරෙ ගිය උන් ගියේ උඩ පැන පැන සුපර් මාරියෝ වගේ.... කන නෑසුනා මෙන් සිටින විට හු@@පුත්‍ර ලෙසත් මළ පැන්න විට @$සිගේ පුත්‍ර ලෙසත් විටෙක සුනඛදේනුවකගේ පුතා ලෙසත් අමතන සමාජයේ ගිනිකෙලියට ගිය ගින්නෙන් උපන් පුතා අග්නිපුත්ර වේ... එදා මමයි මා නොවන මමයි දෙන්නම බත්තරමුල්ලේ ඉඳන් කඩුවෙල දිහාවට එන ගමන්. පූර්ණිමා ගේ යාලුවෙක් ට ජීවිතේ පලවෙනි පාරට බබෙක් හම්බවෙලා. හැබයි අපි ඌව බලන්න යද්දි ඒ ළමයට අවුරුදු තුනයි. අපේ එක්කෙනා කියන විදියට ඒ ජෝඩුව ඒ ළමයා හම්බවෙන්න කලින් සෑහෙන මහන්සි උනාලු ලමයෙක් හදන්න. කෑමක් බීමක් රැයක් දවාලක් බලන්නේ නැතුව , ඒ ව්තරක් නෙමේ ඇඟට හරියාකාර වස්තරයක්වත් නැතුව ඒ දෙන්නා මහන්සිවෙලා තමා ඒ බබා ලැබිලා තියෙන්නෙ.. ඇස්වහක් කටවහක් නෑ සීදේවි කොලු පැටියා. ඒ ජෝඩුවෙන් කොල්ලගේ මහ ගෙදර තමා එයාල ඉන්නෙ. කොල්ලගේ අම්මයි තාත්තයි මල්ලියිත් ඉන්නෙ ඒ ගෙදර. අපි යන දවසේ නිවාඩු නිසා සේරම ගෙදර. මාත් ඉතින් උඩදාං ගියා නිකං හරි ගෙදර පැත්තක ටීපෝ එකක් උඩ පොඩියට ලෑස්ති කරලා තිබුණොත් එහෙම කියලා. ඕං අපි ගියා. ළමයි බලන්න යන්නේ උන් ඇඳේ ඉන්න හුච්චං කාලේ උනාට අපි මේ බලන්න යද්දි ඒ පොඩි එකා ඇවිදිනවා. ඕං ගිහිල්ලා ආචාර සමාචාර විදිවලින් පස්සෙ මූලික රාජකාරිය... "බබා.... පැටියෝ..... මේ එන්නකෝ... " කියලා පූර්ණිමා ගේ යාලුවත් කතා කලා. අපි දෑස් දල්වා උළ උලා ෂොරි උල උලා නෙමේ පුලපුලා බලාගෙන හිටියා පොඩි එකා සබාවට එනකන්. හම්මටසිරි මේං එක පාරටම ඇඟ පුරාම මයිල් පිරිච්ච තඹුත්තේගම යෝදයගේ ජාතියේ එකෙක් මතු උනා. ඌ අපිට හිනාවක් එහෙම දාලා... ආපහු කෙල්ලවත් එක්කන් කාමරේකට ගියා... " ඒ ළමයා සෑහෙන ඉක්මනට ලොකු වෙලානේ.... බලන්ඩ නේද ...?" "නෑ අනේ... ඒ මානි ගේ හස්බන්ඩ්.... රුචිර... ඒකවත් මතක නැද්ද අනේ අර වෙඩින් එක දවසේ ඇවිල්ල හිටියේ..." ඕං බලමු ගෑණු මොලේ. වෙඩින් එක බඳින දවසේ කීදාහක් නං සෙනඟද. ඊටත් එන හැම එකාම සැලුන් වලින් අන්දලා එන ගෑණු මතකත් නෑ උන්ගේ මිනිස්සු මතකත් නෑ. කොහොමින් හරි ඕං ජෝඩුවම ආපහු ආවේ පොඩි එකා පෙරටු කරගෙන. අපරාදේ කියන්න බෑ පොඩි එකා නම් ආපු විදියෙන්ම මගේ හිතට ඇල්ලුවා. ඌ එලියට ආවේම පී.සී.ආර් එකක් කරන ගමන්... ඒ කිව්වේ මේ නහය අස්සෙ ඇඟිල්ල ගහන් හාර හාර. ආං නියම ළමාකාලේ විඳින පොඩිඋන්... අපේ මනුස්සයත් පොඩි එකා බැරිබැරි ගාතේ උස්සගෙන... එක විජ්ජුම්බරයයි.... ඌව මුරුංගා ගහක දල්ලක තියලා වගේ... ඇස් අරයගේ වගේලු .... කකුල අරූගේ වගේලු.... ඇඟිලි නියපොතු අන්න එයාගේ වගේලු.... පොඩි එකාගේ පුක කොරියන් නලුවෙක් ගේ වගේලු.... බැලින්නම් ඌට උගේ මහ උන්ගෙන් කියලා මොකක්වත්ම නෑ.... ඒ කියන එව්වට පොඩි එකාට වඩා සංතෝස මහ ජෝඩුවට. අනේ අනිච්චං කනේ මැලේ අච්චාරු කිව්වලු. මාත් කතාවට සහබාගී වෙන්න ඕන නිසා මාත් පොඩි එකාගේ මූණට එබිලා බලලා මට ඒ මූණ දැක්කම මතක් උන කෙනාව කිව්ව. "ඒ උනාට පුතා බාප්පා වගේමයි නේද ?" සේරම ඇහෙන්නෙ නෑ වගේ ඉන්නවා.. මං කීව එක.. මං සැලුනද... මං ආයෙමත් කිව්වා ටිකක් හයියෙන්.... "තාත්තා ට වඩා පුතාට පිහිටලා තියෙන්නේ බාප්පගේ හැඩරුව නේද .....?" හත්තිලව්වකි ,කලාබරයකි. මූණ අකුලගත්ත ජෝඩුව අපි එහෙනං තේ ටිකක් බොමු නේද කියාගෙන කුස්සිය පැත්තට වාෂ්ප උනා.. කොල්ලගේ අම්ම තාත්තා මල්ලි අසමෝදගම් ගැහුව මල් කොහාලා වගේ... කොහේ ගියාද නෑ... "මොකද්ද මිනිහෝ අර කිව්ව කතාව ?" "ඇයි මොකද්ද?" "අර බබා පෙන්නලා බාප්පේක් ගේ හැඩයක් ගාන්නේ...පිස්සුද ඇත්තටම ...අපරාදේ තනියම එන්න හිතාගෙන ඉඳලත් පව් ගෙදර තනියම කියලා අඩගහන් ආවේ...." පූර්ණිමා ට ඌරු ජුවල්. මටත් යකාම නැග්ගා ඇයි යකෝ අම්මපා මුන් කන්න නයි නෑනේ...මං සුමාන ගාණක් කෝල් කරලා මැසෙජ් කරලා අද යන්තං පරණ යාලුවො දෙන්නෙක් එක්ක කයියක් ගහලා මොනවහරි කරන්න සෙට් වෙන්න සේරම ලෑස්ති කරන් හිටියේ. එහෙම තියෙද්දි ගහෙන් ගෙඩි එන්න වගේ මේක දාගෙන මං ආවෙ නැත්නම් බෑය.... බැන්දාම ගමන් යන්නේ එකටය.... නැත්නම් මිනිස්සු පද හදනවාය....පද හදලා විකුණනවාය..... මේක යන්න නාවොත් කසාදේ කටුගානවය.... බුදු අම්මේ මේං එහෙම කිව්ව මනුස්සය දැන් කියනවා මං පව් හින්දා එක්කරන් ආවලු. මාත් ඇරියේ නෑ.... දුන්නා පිලිතුරු සැර ටෝන් එකක් දාලම. "ඇයි බාප්පා කීවම හෙණ ගහනවද.... යකෝ තාත්තා මොකද තාත්තා ගේ මල්ලි මොකද.... අනික ජාන කියන ඒවා වර්ණදේහ ප්‍රතිදේහ අග්න්‍යාසය කපාල පුණ්ඩය කියන ඒවගෙන් ඔය පෙනුම කොණ්ඩේ එන්නෙ එහෙම තමයි.... දැන් ඔයාලගේ අර මාමා කෙනෙක්ගේ පුතෙක් ඉන්නේ... ඔයාලගේ මුත්තා කෙනෙක්ගේ ෆේස්කට් එකම තියන.... මේකත් එහෙම වෙන්න බැරිද.... ?" ඇස් දෙක ගූස්බෙරි සයිස් කරගත්ත පූර්ණිමා මගේ අතත් මස් ගැලවෙන ගාණට කොනින්තලා... කියපි "මේ....මනුස්සයෝ.... ඒ රුචිරගෙම මල්ලි නෙමෙයි..... ඒ ලමයා අරන් හදාගන්න ලමයෙක් කොහෙද තැනක් නොතැනක් නෑ...කියවන්න ගියාම .... ශිට්... මමම නිසා හොඳයි.... ඇත්තට.විලිලැජ්ජැවේ බෑ...ඩීසන්ට් මනුස්සයෙක් නේද මේ...??." ඒ අස්සේ නිකං පරණ ඇරියස් එහෙකුත් කවර් වෙනවද මන්දා.... කෙල්ලො ඔහොමමයි. මං අහිංසක පාට් එකක් දාලා මෙහෙම කිව්ව කවුද ඕවා දන්නේ... අනික අත්වැරදීමකින් ඕක ඔච්චර සීරියස් ගන්න මේ මිනිස්සු බබ්බුද ? අපරාදේ කලින් කිව්ව නම් ආපු ගමන් උප්පැන්න ඉල්ලන් බලලා කතා කරන්න තිබුණ ...අපි කරන විහිලුවක් ඇහුනොත් ඔයාගේ යාලුවට බබාලා හම්බවෙයි නෙමේ දෙයියෝ නිකං දීලා යයි...පුහ්" මට එච්චරයි කියන්න හම්බුණේ...ඒ එක්කම තේ බන්දේසියක් අරන් මූණ කුණ්ඩහට්ටියක් සයිස් කරගත්ත යාලුවත් ආව... අපි බොරු හිනාවක් මවං තේ බොනවා. කට්ටිය පොඩ්ඩක් එහා මෙහා වෙනකන් ඉඳලා මං "මේ.... ඇහුණද....?" "හ්ම්ම්.... මොකද්ද ?" "නෑ ඉතිං ඔය කිව්වට ලමයා බාප්පා වගේ වෙන්නත් පුලිවන් නේද?" තව පොඩ්ඩ්න් රෝයල් සෙරමික් මාක් එක හිටින්ඩ කනවා පීරිසි පාරක්... මිත්‍රවරුනි එදා ඉඳන් මං ලමයි බලන්න ගියාම කටයි ෆුකයි දෙකම වහං ඉන්නව. ඇහුවොත් මොකක් හරි හූම්... ගාණවා එච්චරයි. එඤ්ඤං කුෂාන් ප්‍රේමසිරි [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom