වීඩියෝ ගේම්වලට ඇබ්බැහි විය හැකිද?

Bobmaly

Well-known member
  • Dec 14, 2021
    288
    760
    93
    Parts Unknown
    PartsUnknown.com
    screaming-while-playing-video-games-min.jpg


    ඇබ්බැහි වීම අපි සැමට සුපුරුදු වචනයක්. මත්පැන්වලට, හොරෝයින්වලට, දුම්වැටියට, බුලත්විටට, සූදුවට ඇබ්බැහි වුණු පුද්ගලයන් ගැන අපි අහලා තියෙනවා. ඕනෑම දෙයකට ඇබ්බැහි වුණු පුද්ගලයකු ඔහුගේ ජීවිතය වගේම අනිත් අයගේ ජීවිතවලට ද විශාල බලපෑමක් ඇති කරන බව අපි කවුරුත් දන්නා කරුණක්. ඇබ්බැහි වීම යනු එහි ආදීනව හෙවත් විපාක දැන දැනම යමකට ගිජු වීමයි. ඔහුට ඒ දේ නැතුව බෑ. අපි හිතමු මත්පැනට ඇබ්බැහි වූවකු කියලා ඔහුගේ ගිජුකම වගේම ආදරය තියෙන්නේ මත්පැන්වලට. ඔහු පවුලට හෝ දරුවන්ට ආදරය කරන්නේ නැහැ. විද්‍යාඥයන් විසින් මෙම ඇබ්බැහි වීමේ ගොඩට තව අලුත් රෝගයකුත් එකතු කරලා තියෙනවා. එනම් “වීඩියෝ ගේම්වලට ඇබ්බැහි වීම.” ප්‍රජාවගෙන් 1%ක් පමණ වීඩියෝ ගේම්ස්වලට ඇබ්බැහි වන බව සොයාගෙන තියනවා. වැඩි පිරිස වාර්තා වෙන්නේ ආසියානු රටවලින් බවත් මොවුන් වැඩි දෙනා අවුරුදු 12ත් 20ත් අතර බව සඳහන් වෙනවා.

    අපි දැන් අමෙරිකානු මනෝවිද්‍යා සංගමය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම ඇබ්බැහි වීම් පිළිබඳ දරන මත පරීක්ෂා කර බලමු. අමෙරිකානු මනෝවිද්‍යා සංගමය යනු ලෝකය පුරා සිටින මනෝ වෛද්‍ය විශේෂඥයන්ට අවශ්‍ය දැනුම සහ තොරතුරු බෙදාහරින විශාලතම ආයතනයයි. මෙම ආයතනයේ DSM-5 වර්ගීකරණයට අනුව වීඩියෝ ගේම්ස්වලට ඇබ්බැහි වීම මානසික රෝගයකි. ඔවුන් තවදුරටත් කියා සිටින්නේ මෙම රෝගය ස්ථිර වශයෙන් තහවුරැ කිරීමට තවදුරටත් සමීක්ෂණ අවශ්‍ය බවය. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය මෙය පැහැදිලි මානසික රෝගයක් ලෙස හඳුන්වා දී ඇත. මෙම මානසික රෝගය හඳුනාගැනීම සඳහා පහත ලක්ෂණවලින් අවම වශයෙන් අවුරැද්දක් තුළ ලක්ෂණ පහක්වත් තිබිය යුතුය. මෙම ලක්ෂණ මොනවාදැයි බලමු.

    1. නිතරම මතකය තුළ රැදීඇත්තේ වීඩියෝ ගේම්ස් සෙල්ලම් කිරීමට ඇති ආශාවයි. සියලුම දෙයින් ප්‍රමුඛත්වය දී ඇත්තේ මෙයටයි.
    Ex:- අපි හිතමු මෙවැනි රෝගියකු උත්සවයකට සහභාගි වුණා කියලා. ඔහුගේ මනස ඇත්තේ උත්සවයේ නොව මෙම ක්‍රීඩාව තුළය. බොහෝ විට මුල්ලකට වී Phone එක අතැතිව වියරැවෙන් මෙන් මෙහි නිරත වී සිටී.

    2. මෙම ක්‍රීඩාවේ නොයෙදෙන වෙලාවට දැනෙන ශාරීරික හෝ මානසික අපහසුතාව මෙම අපහසුතා මොනවාදැයි බලමු.
    • නොරිස්සනා සුළුබව සහ තරහා යාම. • මනසට හා ගතට දැනෙන දැඩි විඩාව. • නිතර පවතින හිසේ බර ගතිය හෝ හිස රුදාව. • එකතැන සිටීමට නොහැකි නොසන්සුන්කම. • මතකය සහ අවදානය අඩුවීම. • හුදකලාව සිටීමට ඇති ආශාව. • සමහර විට නිතර ඇඬීම.

    3. දිගටම මෙම ක්‍රීඩාවේ නිරත වීම හා එහිදී අපතේ යන කාලය පිළිබඳ හැඟීමක් නැති වීම.
    4. එදිනෙදා ජීවිතයේ වගකීම්වලින් පලායාම.

    Ex:- පාසල් නොයාම, පාඩම් නොකිරීම, ක්‍රීඩා නොකිරීම.
    5. තමාට ඇති වී තිබෙන හානිය පිළිබඳ පසුතැවිලිවීමක් (guilt) ඇති අතර එයද අමතක කිරීමට දිගටම ක්‍රීඩාවේ යෙදීම.

    6. මෙම ක්‍රීඩාවේ නිසා තමාට කිසිම හානියක් නැතැයි අනිත් අයට බොරු කීම.

    7. සමාජය පවුල සහ මිතුරන් සමඟ ඇති සබඳතාවය බිඳ වැටීම.

    8. අධ්‍යාපනය හෝ රුකියාව වැනි දේට දැඩි හානියක් සිදුවන අතර එය මතක්වන විට එම සිතුවිලිද ඔහුට වදයක් වන අතර ඉන්පසු ඉන් ගැලවීමට දිගටම මෙම ක්‍රීඩාවේ යෙදීම.

    වීඩියෝ ගේම්ස් ඇබ්බැහි වීම සමඟ ප්‍රචණ්ඩත්වය ඇති විය හැකිද?

    මෑත කාලයේදී අමෙරිකාවේ පාසැල් තුළ සිදුවූ වෙඩිතැබීම් සහ ප්‍රචණ්ඩ ක්‍රියා පිටුපස වීඩියෝ ගෙම්ස්වලට ඇබ්බැහි වීමේ ප්‍රවණතාවක් තිබී ඇති බව සමීක්ෂණවලින් තහවුරැ වී ඇත. මේවා තහවුරු කරන පහත සඳහන් සමීක්ෂණ වෙතද අපගේ අවධානය යොමු කරමු. ඇමෙරිකානු මනෝවිද්‍යා සංගමය විසින් ප්‍රසිද්ධ කරන ලද පහත සඳහන් සමීක්ෂණවලට අවධානය යොමු කරමු.

    • පාසල් සිසුන් 227ක් ගෙන ඔවුන්ගේ ප්‍රචණ්ඩ හැසිරීම් සහ වීඩියෝ ගේම් ඇබ්බැහි වීම අතර සම්බන්ධතාවයක් තිබේදැයි සොයා බලන විට මින් ප්‍රචණ්ඩ පිරිස වීඩියෝ ගේම්වලට ඇබ්බැහි වී ඇති අය බව සොයාගෙන ඇත.

    • පාසැල් දරුවන් 210ක් ගෙන ඉන් කොටසකට ප්‍රචණ්ඩ වීඩියෝ ගේම් සහ අනෙක් කොටසට ප්‍රචණ්ඩ නොවූ වීඩියෝ ගේම් ක්‍රීඩා කිරීමට ලබාදුනි. මෙම ක්‍රීඩාවෙන් පසු තම හතුරෙකුට දඬුවම් කිරීමට අවස්ථාවක් ලබාදී තිබුණේ රතුපාට බොත්තමක් තද කිරීමටය. මෙම බොත්තම තද කළවිට විශාල ශබ්දයක් ඇතිවේ. ඉහත කණ්ඩායම් දෙකටම මෙම බොත්තම තදකිරීමට අවස්ථාව ලබාදුණි. මෙම කණ්ඩායම් දෙකෙන් ප්‍රචණ්ඩ වීඩියෝ ගේම්වල නිරත වූ කොටස රතු බොත්තම දිගු වේලාවක් තදකර ගෙන සිටින බව පෙනුනි.

    • Pet Scan උපයෝගී කරගෙන ප්‍රචණ්ඩ වීඩියෝ ගේම්ස්වල යෙදෙන කණ්ඩායම් රාශියකගේ මොළය තුළ සිදුවන රසායන වෙනස්කම් මොළය තුළ සිදුවන රසායන වෙනස්කම් පිළිබඳ සමීක්ෂණ රාශියක් ඇත. මෙම සමීක්ෂණවලදී තහවුරු වී ඇත්තේ මෙසේ ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදෙන විට මොළය තුළ ඩෝපමීන් (Dopamine) සහ නොයෙකුත් රසායන විපර්යාසයන් සිදුවන අතර මෙවැනි පුද්ගලයන් සාමාන්‍ය ජීවිතයේදී ද හැඟීම් පාලනයට අපහසු ප්‍රචණ්ඩ හැඟීමවලින් පිරුණු අය බවයි.

    අපිට යොමු වූ සත්‍ය කතාවක් ඇසුරින් මෙය සොයා බලමු.

    බුද්ධිකගේ වයස අවු: 18යි. උසස් පෙළ සිසුවෙකි. O/L A-8ක් ගෙන සමත් වූවෙකි. බුද්ධිකගේ මව මෙසේ පැවසුවාය.
    “මෙයා O/L හොඳට පාස් වුණා. ඒකට තෑග්ගක් විදිහට තමයි Phone එක අරන් දුන්නේ. පුතා පොඩි කාලෙ ඉදලම Phoneවලට හරි ආසයි. දැන් දවසෙම Phoneඑකේ. එයා gems ගහනවා. රෑට නින්දක් නෑ. පුදුම විදිහට කේන්ති යන්නේ. මේ ළඟදී බුද්ධිකගෙ තාත්තා Phoneඑක ගන්න හදුවා බුද්ධික තාත්තට ගහන්න හැදුවා. දැන් අම්මයි තාත්තයි පේන්න බෑ. කාමරෙන් එළියට එන්නේ නෑ. කිසිම පිරිසිදු කමක් නෑ. නාන්නෙ සතියට එක දවසයි. පසුගිය මාස දෙකටම ඉස්කෝලෙ ගියෙ දවස් 15යි. පසුගිය වාර විභාගයට එකම විෂයකටවත් ලකුණු 40ට වඩා ගන්න බැරි වුණා. හොඳට ඉගන ගත්ත දරැවාට මේ මොකද වුණේ කියලා හිතාගන්න බෑ. අපි හිතුවෙ නෑ Phone එක මෙච්චර විනාසයක් කරයි කියලා. අපි බුද්ධිකගෙන් මේ ගැන විමසුවා.
    “මම Phoneඑකට හරිම ආසයි. මම මේ game එක ගහන්නෙ යාළුවොත් එක්ක එකතුවෙලා. හැබැයි දැන්නම් මට මේකෙන් ගැලවෙන්නත් ඕනෑ. ගිය වාර විභාගෙට ලකුණුත් අඩුයි. කොහොම ගැලවෙන්නද කියලා හිතාගන්නත් බෑ. Phone එක ළඟ නැති වුණාම මුළු ලෝකෙම නැති වුණා වගේ.
    බුද්ධික මෙහිදී ප්‍රධාන ගැටලු තුනකට ගොදුරු වී තිබුණි. ඒවා නම්

    • දවස පුරා වීඩියෝ ගේම්වල යෙදීම. • තරහ යාම සහ හැඟීම් පාලනය කරගත නොහැකි වීම. • අධ්‍යාපනය බිඳ වැටීම. (Cognitive Therapy) බුද්ධිකට ඖෂධ ප්‍රතිකාර ලබාදීමෙන් ඔහුගේ දැඩි ආතතිය සහ තරහ යාම අඩුවිය. ඉන් පසු ඔහුව මනෝ චිකස්සක උපදේශනයට යොමු කෙරිණි. මෙවැනි දරැවකුට හොඳම උපදේශනය “සිතුවිලි ප්‍රතිකාරයයි” ආරොන් ටී. බෙක් නැමති මනෝ විද්‍යාඥයා විසින් සොයා ගන්නා ලද මෙම සිතුවිලි ප්‍රතිකාරය යම් කිසි පුද්ගලයකු සිතන සහ ක්‍රියාකරන ආකාරය වෙනස් කිරීමට ඉතා සාර්ථක ක්‍රමයකි.

    බුද්ධික වෙනස් කිරීමට භාවිතා කළ ක්‍රම සහ විධි,

    1. වීඩියෝ ගේම් නිසා ඔහුගේ කාලය නාස්ති වන ආකාරය පැහැදිලි කරදීම. සහ කාලසටහනක් උපයෝගී කරමින් ක්‍රමයෙන් දවසකට ඊට යොමුවන පැය ගණන අඩු කිරීම.

    2. බුද්ධිකට ඇති වී තිබෙන ගැටලුව පිළිබඳ දෙමාපියන් සහ පවුලේ අය දැනුවත් කිරීම සහ ඔහු සමඟ සුහදව මෙම ගැටලුව විසඳා ගැනීමට අවශ්‍ය උපදෙස් දීම.

    3. ක්‍රමානුකූලව අධ්‍යාපන කටයුතුවලට යොමු කිරීම.

    4. ඔහු ආශා කරන විනෝදාංශ හඳුනාගැනීම සහ ඒවාට නැවත මනස විවෘත කිරීම.

    5. දෙමාපියන්ට බුද්ධික සමඟ විනෝදයෙන් සහ සතුටින් දවසකට පැයක් ගත කරන ආකාරය පැහැදිලි කරදීම.

    6. ගෙදරින් පිට බාහිර ක්‍රියාකාරකම්වලට මනස යොමු කිරීම.
    Ex:- කැමති ක්‍රීඩාවකට මනස යොමු කිරීම.

    7. සතියෙන් සතිය තමාට දැනුන හා හැඟුන වෙනස්කම් පිළිබඳ ඔහු සමඟ සාකච්ඡා කිරීම.
    මෙවැනි උපදේශන වාර දොළහකට පමණ බුද්ධික සහභාගී කරවීම. ක්‍රමානුකූලව ඔහු සාමාන්‍ය ජීවිතයට හුරුවිය.
    අමෙරිකානු ළමා රෝග පිළිබඳ විද්‍යා සංගමය (American Academy Of Pediatrics) දරුවන්ට රූපවාහිනිය ලබාදීම පිළිබඳ පහත සඳහන් උපදෙස් ලබාදී ඇත.
    • මාස 18න් පහළ දරුවෙකුට කෙසේවත් රූපවාහිනිය නොදිය යුතුය.
    • මාස 18ත් 24ත් අතර දරුවෙකුට ඔබ රූපවාහිනිය දෙන්නේ නම් එය දරුවාට වැදගත් සහ ආශා හිතෙන වැඩසටහනක් විය යුතුය. නමුත් එය නරඹන විට ඔබද දරුවා සමඟ එකට වාඩි වී දරුවාට එය විස්තර කරමින් විනෝද විය යුතුය.

    • අවු. 2-5ත් අතර දරුවෙකුට රූපවාහිනිය ලබාදේ නම් එය පැයකට සීමාකළ යුතුය. මෙහිදී ද ඔබ දරුවා සමඟ වාඩි වී සිටිය යුතුය.

    FB උපුටා ගන්නා ලදි.
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    matath games gahanna oone unaa honda PC ekak tibbe na
    Habi jobk karala honda PC ekak aran Games palenakan gahanawa kiyal hithala PC ekak gatta
    dan paya dekakata vada sellan karanna ba kammali hithenawa :D
     

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    matath games gahanna oone unaa honda PC ekak tibbe na
    Habi jobk karala honda PC ekak aran Games palenakan gahanawa kiyal hithala PC ekak gatta
    dan paya dekakata vada sellan karanna ba kammali hithenawa :D
    same.dan gahanna aasawak na bn.8-9 wasaredi paatta aasawen idiye pc ekak hadan gahanna
     
    • Love
    Reactions: Tanto