වීඩියෝ ලීක් කරනවා කියූ පෙම්වතා රිමාන්ඩ්

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,344
    8,497
    113


    තම පෙම්වතියගේ නිරුවත් වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා හරින බවට තර්ජනය කිරීමේ චෝදනා මත තරුණයෙකු සැප්තැම්බර් මස03 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා නියෝග කර තිබෙනවා.

    පැමිණිලිකාර තරුණිය, සැකකාර තරුණයා සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා තිබෙන අතර මෙම කාලය තුළ, ඔවුන් ලිංගික ක්‍රියාකාරකම්වල යෙදී සිටි එක් අවස්ථාවක, සැකකරු විසින් ඇයගේ කැමැත්ත ඇතිව සිදුවිම වීඩියෝ ගත කර තිබෙන බවයි පැවසෙන්නේ.

    සැකකාර තරුණයා විසින් පසුව වට්ස්ඇප් පණිවිඩ හරහා තමාට තර්ජනය කර, එම වීඩියෝ සමාජ මාධ්‍යවලට මුදා හරින බව පැවසු බව පැමිණිලිකාර තරුණිය චෝදනා කර තිබුණා.

    1983 අංක 22 දරන අසභ්‍ය ප්‍රකාශන පනතේ 2(අ) වගන්තිය යටතේ, බෙදා හැරීමේ අරමුණින් අසභ්‍ය වීඩියෝ ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

    සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උදයංග මුණවීර අධිකරණයට කියා සිටියේ, වීඩියෝ දෙපාර්ශවයේම අන්‍යෝන්‍ය කැමැත්ත ඇතිව නිර්මාණය කර ඇති බවත්, තම සේවාදායකයා ඇප මත මුදා හරින ලෙස ඉල්ලා සිටින බවයි.

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අතර සැකකරු සැප්තැම්බර් 3 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.

    මේ සම්බන්ධයෙන් අදාළ තරුණිය විසින් ළමා හා කාන්තා කාර්යාංශයට පැමිළිල්ලක් යොමු කර තිබෙනවා.
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,238
    6,738
    113
    East Blue (Goa Kingdom)
    1983 අංක 22 දරන අසභ්‍ය ප්‍රකාශන පනතේ 2(අ) වගන්තිය යටතේ, බෙදා හැරීමේ අරමුණින් අසභ්‍ය වීඩියෝ ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
    nope balapan neethiya,
    mewata neethi ona thawa me neethi galapenne naha,
    neethi madi nisa danduwam denna,
     
    • Like
    Reactions: Naughtykolla48

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    ethakota ara xhamster eke hamba wesiyek kollekta cepa dena video eka upload karala thiyenne kawuda ?