වීරයාගේ සම්මානයට සුභ පැතුම්........!!!!

methsri

Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    වීරයාගේ සම්මානයට සුභ පැතුම්........!!!!

    POSTED BY BOONDIONLINE

    Veeraya2.jpg


    හුඟක් අය එක එක ගොං පාට් වලින් වීරයෝ වෙද්දි (කකුල්වලින් කාර් එළවීම, කටින් පොල් ලෙලි ගැහීම, ජෙනරාල්ලාගෙ හෙම්බිරිස්සාව ගැන වද වීම ආදී වශයෙන්), සාමාන්‍යයෙන් මාකට් නැති වැඩක් වෙච්ච 'ලිවීම' හන්දා වීරයෙක් වුන අපේ මිත්‍රයෙක් ගැන සුබ ආරංචියක් මේ.

    වීරයාගෙ නම වීරයාම තමා. ප්‍රසාද් වීරසේකර. ආරංචිය තමා 2009 යූත් ෆෙස්ටිවල් එකේදී වීරයාගේ ''පාර අමදින්නී'' හොඳම ගීත රචනාව විදිහට සම්මානයට පාත්‍ර වීම. ප්‍රසාද්ට මේ සම්මානය ඉදිරි වැඩ කටයුතු වලට දිරියෙන් මුහුණ දෙන්න ශක්තියක් වේවායි පතන ගමන්ම, 'අපෙන් එකෙකි මේ මිනිසා' කියලා සතුටු වෙන්න පුලූවන් විදිහේ නිමිත්තක් හදලා දුන්න එකට ස්තූතිවන්ත වෙනවා.

    උඹට සුභ පැතුම්!


    Veeraya.jpg


    "පාර අමදින්නී"

    කුණු කාණු මඩ වතුර
    පිරිත් පැන් කර ගන්න
    ගඳ ගහන විසාලා නගරයේ
    කවමදාවත් හිතට
    ජීවිතේ වැසි නොලද
    සැඩොල් කුලයේ උපන් නංගියේ

    දිවා රෑ පුරාවට
    රජුන් යනෙනා මගට
    සුදු සේල ඇතිරුවත් හන්දියේ
    උඹේ හිත අමදින්න
    කෙනෙක් තවමත් නොලද
    මහ පාර අතුගාන නංගියේ

    උඹ වගේ හැමදාම
    කළුවරේ ඉකිබින්ද
    සෝපාකලා උඹේ පන්තියේ
    මහා කරුණා ඇසට
    උඹව නොපෙනී ගියද
    බුදුන් වැඩ ඉන්නවා පන්සලේ


    [යෞවන සම්මාන උළෙල 2009 ගීත රචනා දීප ව්‍යාප්ත ප්‍රථම ස්ථානය - "පාර අමදින්නී" ප්‍රසාද් වීරසේකර ]​

    Source
     

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    Mama aththatama me tharuna kala kaaraya gana dana gaththe blog ekakin ... niyama dakshayek .... niyama nirmanayak karala thiyenne :) ....

    Meka EK eke sahodara sahodariyan ekka beda hadaganne oni kiyala hithuna :) :)