වීරවංශගේ ඉහල ඇවරියේ කම්බ ජාතිවාදීන් 3 ක් ශ&#35

pasanfun

Member
Nov 25, 2017
82
9
0
වීරවංශගේ ඉහල ඇවරියේ කම්බ ජාතිවාදීන් 3 ක් ශ&#35

වීරවංශගේ ඉහල ඇවරියේ කම්බ ජාතිවාදීන් 3 ක් ශ්‍රීලනිප මෛත්‍රී පිලට එකතු වෙති

(ලංකා ඊ නිව්ස් -2017.දෙසැ.11, ප.ව‍‍‍‍‍.8.10) විමල් වීරවංශගේ ඉහල ඇවරියේ කම්බ ජාතිවාදීන් තිදෙනෙකු අද ශ්‍රීලනිප මෛත්‍රී පිලට එකතු වූහ. ඔවුන් නම් වීරවංශගේ පක්ෂය වන ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක, ජාතික සංවිධායක පියසිරි විජේනායක සහ ජානිපෙ උතුරු මැද පළාත් සභා මන්ත්‍රී පී.බී. කුමාර තිදෙනා ය. ඔව්හු අද (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ශ්‍රීලනිප මෛත්‍රී පිලේ සාමාජිකත්වය ලබා ගත්හ.

ඔවුන්ගේ නායකයා විමල් වීරවංශට එරෙහිව මහාධිකරණයේ නඩු පැවරීමත් සමග මේ පිරිස මෛත්‍රී පිලට එකතු වීම සැලකිය යුතු ය.

මීට පෙර මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් ජානිපෙ නියෝජ්‍ය නායක වීරකුමාර කියා සිටියේ 2020 දී එජාපය පැරදවීම සඳහා මෛත්‍රී සහ රාජපක්ෂ පිල එකතු විය යුතු බවයි. මෛත්‍රී ජනවාරි 8 වෙනිදා ජනතාවට පොරොන්දු වූ යහපාලන ප්‍රතිපත්ති පිළිගෙන ඔහුට එකතු වනවා වෙනුවට ඔහු කියා සිටියේ තමන්ගේ ප්‍රතිපත්ති (කම්බ ජාතිවාදී ) වලට ගැලපෙන නියම නායකයා මෛත්‍රීපාල සිරිසේන මහතා බවයි.

මෙහි ඇති අපූර්වත්වය නම් මැදමූලනේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිකම් කරද්දී ඔහු සමග එකතු වූවන් කියා සිටි ප්‍රකට කියමන වූ “ජනාධිපතිගේ දෑත් ශක්තිමත් කරන්නට එකතු වනවා“ යන්න වූ නමුත් දැන් සිරිසේන ජනාධිපතිවරයා සමග එකතු වන අය කියා සිටින්නේ “තමන්ට ගැලපෙන නායකයා සිරිසේන මහතා නිසා“ එකතු වන බව වීම ය.

(සේයාරුව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කරන ලද්දකි)

VQgbTsj.jpg
 

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,995
    2
    116,140
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මීට පෙර මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් ජානිපෙ නියෝජ්‍ය නායක වීරකුමාර කියා සිටියේ 2020 දී එජාපය පැරදවීම සඳහා මෛත්‍රී සහ රාජපක්ෂ පිල එකතු විය යුතු බවයි.
    සිරිසේන නේද 2015 පොදු අපේක්ෂකය වෙලා තමන්ගෙ පක්ෂෙට කෙලවල රනිල් එක්ක එකතුවෙලා ජනාධිපති වෙලා පස්සෙ රනිල් අගමැති වෙන විදියට කටයුතු කලේ :rolleyes:
     

    pasanfun

    Member
    Nov 25, 2017
    82
    9
    0
    සිරිසේන නේද 2015 පොදු අපේක්ෂකය වෙලා තමන්ගෙ පක්ෂෙට කෙලවල රනිල් එක්ක එකතුවෙලා ජනාධිපති වෙලා පස්සෙ රනිල් අගමැති වෙන විදියට කටයුතු කලේ :rolleyes:
    කනන් දිපු අත හපකන පබයෙක්. මුට දන් ජාතිවදියො ලොකුය් වෙලාඅ අපිව මතක නා
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,995
    2
    116,140
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කනන් දිපු අත හපකන පබයෙක්. මුට දන් ජාතිවදියො ලොකුය් වෙලාඅ අපිව මතක නා

    දේසපාලුවො ඔක්කොම එකයි වාසි පැත්තට ජැක් එක ගහනව හතුර උනත්..මෝඩ සිංහලුන්ට ජෙයින් ජෙය!