වීරවංසට එරෙහි නඩුවෙන් ජවිපෙට ජය

supunmalkanthi

Well-known member
  • Dec 19, 2016
    650
    770
    93
    වීරවංසට එරෙහි නඩුවෙන් ජවිපෙට ජය

    වීරවංසට එරෙහි නඩුවෙන් ජවිපෙට ජය – මිලියන 10ක වන්දියකුත් ගෙවීමට අධිකරණය නියෝග කරයි
    විමල් වීරවංස විසින් ජනතා විමුක්ති පෙරමුණට අයත් ලිපි ලේඛණ භාවිතා කරමින් මුද්‍රණය කරන ලද “නැත්ත වෙනුවට ඇත්ත” කෘතියට එරෙහිව පවරා තිබූ නඩුවෙන් ජනතා විමුක්ති පෙරමුණ ඉල්ලා සිටි සියළු සහන සමගින් ජයග්‍රහණය කර ඇත.

    ඒ අනුව රුපියල් මිලියන 10ක වන්දියක් ජනතා විමුක්ති පෙරමුණට ගෙවීමටත් එම කෘතිය විකිණීම තහනම් කිරීමටත් අධිකරණය නියෝග කර ඇති අතර මෙම කෘතිය හරහා බුද්ධිමය දේපළ පනත උල්ලංඝණය කර ඇති බවද අධිකරණය තම තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ප්‍රකාශ කර තිබේ.

    විමල් වීරවංස මන්ත්‍රීවරයා 2007 වසරේදී ජනතා විමුක්ති පෙරමුණෙන් නෙරපීමෙන් අනතුරුව ඔහු විසින් කරුණු විකෘති කරමින් ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවට අයත් ලිපි ලේඛණ භාවිතා කරමින් මෙම “නැත්ත වෙනුවට ඇත්ත” කෘතිය මුද්‍රණය කරන ලදී. එම අවස්ථාවේදී ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගත් අතර එම අවස්ථාවේදීම එම කෘතිය විකිණීමට එරෙහිව අධිකරණය වාරණ නියෝගයක් ලබා දෙන ලදී.

    අද දින අධිකරණය සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ජනතා විමුක්ති පෙරමුණ විසින් විමල් වීරවංසට එරෙහිව මෙම නඩුව ගොනු කිරීමේදී ඉල්ලා සිටින ලද සියළු සහන ලබා දෙන බව විවෘත අධිකරණයේදී ප්‍රකාශයට පත් කරන ලදී.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,873
    113
    Koti nagitinna onna menna inne e wage welawakadi wimal wage dehithakami deshabimaani wiruwonge poth thahanam karala wandi gewanna niyoga karala wimalge kata wahanna hithanawa nam eeka heenayak. Rupiyal 100 gaane ekathu karala hari api naya gewanawa
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Koti nagitinna onna menna inne e wage welawakadi wimal wage dehithakami deshabimaani wiruwonge poth thahanam karala wandi gewanna niyoga karala wimalge kata wahanna hithanawa nam eeka heenayak. Rupiyal 100 gaane ekathu karala hari api naya gewanawa

    :D:D:D:D
     
    • Like
    Reactions: ruchira55