Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වීර මෙහෙයුමක කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වීර මෙහෙයුමක කතාව

පරම වීර විභූෂණයෙන් පුද ලද වීර මෙහෙයුමක කතාව

නොවැම්බර් මාසය, නොහොත් ඉල් මාසය විරුවන්ගේ මාසය වශයෙන් හැඳින්වේ. එම නිසා විරුවන් පොපි මලින් පිදුම් ලබන්නේ ද ඉල් මාසයේදී ය. ඉල් මාසය නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බළගණයට සුවිශේෂී වේ. එසේ සුවිශේෂී වන්නේ ප්‍රධාන කරුණු දෙකක් මුල් කරගෙනය.

2018 නොවැම්බර් මස 08 දිනට යෙදෙන විශේෂ යාත්‍රා බළගණයේ 25 වැනි සංවත්සරය මෙන්ම සහෝදර නාවිකයන් 10 දෙනකුගේ දිවි ආරක්ෂා කරමින් තම දිවි දෙවෙනි කොට සලකා ඔවුන් වෙනුවෙන් දිවි පුදකරමින් කළ උදාර ක්‍රියාව හේතුවෙන් එම බළගණයේ ප්‍රධාන සුළු නිලධාරී කේ.ජී. ශාන්ත රණවිරුවා වීරත්වයේ කිරුළ නොහොත් පරම වීර විභූෂණය (PWV) සම්මානයෙන් පිදුම් ලැබීම නොවැම්බරයේ සිදුවූ එම කරුණු දෙකයි.

ඒ බිහිසුණු සිද්ධිය සිදුවී වසර 10ක් ගත වුව ද ප්‍රධාන සුළු නිලධාරී කේ.ජී. ශාන්ත රණවිරුවා සහ ඔහු සමඟ දිවි දුන් සෙසු නාවිකයන් තිදෙනා වසරක් පාසා ඉතාමත් අභිමානයෙන් යුතුව සමරනු ලබයි.

2008 නොවැම්බර් මස 01 වැනි දින උතුරු මුහුදේ නගර්කෝවිල් මුහුදු කලාපයේ දී එදා සිදු වූ බිහිසුණු සටනේ දී අණභාර නිලධාරී ඇතුළු නාවික හමුදාවේ නැවියන් 10 දෙනකු සිටි පී 164 වෝටර් ජෙට් යාත්‍රාව ඉලක්ක කරගෙන පැමිණි මරාගෙන මැරෙන අධිබලැති කොටි බෝට්ටුව වෙත එවකට විසිනව වැනි වියේ පසු වූ ප්‍රධාන සුළු නිලධාරී කේ.ජී. ශාන්ත රණවිරුවා අණදුන් Z 142 ඇරෝ (සෙඩ්රික්) යාත්‍රාව ඔහු විසින් වේගයෙන් පදවාගෙන ගොස් මරාගෙන මැරෙන මුහුදු කොටි යාත්‍රාව ඉදිරියෙන් ගැටීමට සලස්වා එය පුපුරවා හැරීමෙන් සිදුකළ ජීවිත පරිත්‍යාගය හේතුවෙන් ප්‍රධාන සුළු නිලධාරී කේ.ජී ශාන්ත රණවිරුවාට පරම වීර විභූෂණය ලැබීමට හේතු කාරණාව වූයේය.

නාවික හමුදා නිලධාරියකු වූ ලුතිනන් කමාන්ඩර් (අවි) ජූඩ් ලක්මාල් ද සිල්වා විජේතුංග රණවිරුවා මීට පෙර පරම වීර විභූෂණ පදක්කමින් පිදුම් ලැබූ අතර 1996.03.30 දින චලෙයි ප්‍රදේශයේ දී නාවිකයන් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබූ යාත්‍රා පෙළකට ප්‍රහාර එල්ල කිරීමට පැමිණි මාරාගෙන මැරෙන බෝට්ටු පෙළක් සමඟ තම දිවි දෙවැනි කොට සලකා නාවිකයන්ගේ ජීවිත රැකගැනීමට පී 458 ඩෝරා යත්රාවෙන් සටන් කොට දිවි පිදීම හේතුවෙන් ලුතිනන් කමාන්ඩර් ජූඩ් ලක්මාල් ද සිල්වා විජේතුංග නිලධාරියා පරම වීර විභූෂණ පදක්කමින් පිදුම් ලැබීය.

එසේම 2008 නොවැම්බර් මස 01 දින නගර්කෝවිල් මුහුදේ දී වෝටර් ජෙට් යාත්‍රාවක සිටි නාවිකයන් 10 දෙනකු ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන බෝට්ටු ප්‍රහාරයක් එල්ල කිරීමට එල්ටීටීඊ ය ගත් උත්සාහයේ දී ඔවුන්ගේ දිවි බේරා ගැනීම වෙනුවෙන් තම දිවි පුදකළ ප්‍රධාන සුළු නිලධාරී කේ.ජී. ශාන්ත රණවිරුවා ද පරම වීර විභූෂණ පදක්කමින් පිදුම් ලැබීය.

නාවික හමුදා ඉතිහාසයේ නිලධාරියකු සහ නාවිකයකු පරම වීර විභූෂණ පදක්කමින් පිදුම් ලැබූ අවස්ථා දෙක මෙය වන අතර ඔවුන් දෙදෙනාගේ නාමය නාවික හමුදා ඉතිහාස පොතේ රන් අකුරෙන් ලියවී ඇත.

ප්‍රධාන සුළු නිලධාරී කේ. ජී. ශාන්ත රණවිරුවා සමඟ එදා Z 142 යාත්‍රාවේ ගමන් ගෙන ඔහුත් සමඟම දිවි පිදූ සෙසු නාවිකයන් වන බළ නැවි එන්.එම්.අයි. නිශාන්ත, බළ නැවි එස්. ජයසිංහ හා සාමාන්‍ය නැවි ආර්.එම්.ආර්.එස්. රත්නායක යන රණවිරුවවෝ රණ වික්‍රම පදක්කමින් පිදුම් ලැබූහ.

සෙබළෙකුට එම වීරත්වය මරණයකින් පමණක් හිමිවන පරම වීර විභූෂණ පදක්කම, ප්‍රධාන සුළු නිලධාරී කේ.ජී. ශාන්ත ජීවිත පරිත්‍යාගයෙන් පිදුම් ලැබීමෙන් විශේෂ යාත්‍රා බළගණයේ ඉතිහාස පොත වර්ණවත් වූ අතර එම රණවිරුවා ඇතුළු කණ්ඩායම දැයෙන් සමුගෙන 2018 නොවැම්බර් මස 01 වන දිනට වසර 10ක් සපිරෙයි. විශේෂ යාත්‍රා බළගණයේ ප්‍රධාන සුළු නිලධාරී කේ.ජී. ශාන්ත රණවිරුවාගේ වීරත්වය පිළිබඳව ලියවෙන සටහනකි මේ.

එම සිද්ධියට වසර දහයක් සපිරෙණ මොහොතේ එදා සිද්ධිය ඇසින් දුටු එම නාවික හමුදා භට කණ්ඩායමේ අණභාර නිලධාරියා වශයෙන් කටයුතු කළේ විශේෂ යාත්‍රා බළගණයේ එවකට ලුතිනන් කමාන්ඩර් වත්මන කමාන්ඩර් නිශ්ශංක වික්‍රමසිංහය.

ප්‍රධාන සුළු නිලධාරී කේ.ජී. ශාන්ත රණවිරුවා එදා මරාගෙන මැරෙන කොටි යාත්‍රාවේ සිය ඇරෝ යාත්‍රාව හප්පා පුපුරවා ගනු ලැබුවේ තම සහෝදර නාවිකයන්ගේ දෑස් ඉදිරිපිටදීය. ඒ සියලු නාවිකයන් විස්මයට පත්කරමිනි.

එදා එම සිද්ධියට මුහුණදුන් නාවික සාමාජිකයන්ගේ දිවි බේරා ගැනීමට ස්වකැමැත්තෙන් අභීතව ඉදිරිපත්ව දිවි පුදකළ රණවිරු ප්‍රධාන සුළු නිලධාරී කේ.ජී. ශාන්තගේ එම ක්‍රියාව අදටත් සිහිකරන්නේ ඉමහත් අභිමානයෙනි.

2008 වසරේ අගභාගය වනවිට අවසන් සටනේ තීරණාත්මක මංසන්ධියක් පසුකරමින් පැවැතියේය. යුද්ධයේ අවසානය තීරණාත්මක වීම හේතුවෙන් ත්‍රිවිධ හමුදාව වෙත වගකීම් රැසක් පැවැරී තිබුණි.

ගොඩිබිම සිටින හමුදා සාමාජිකයන්ට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර ඔවුන්ගේ ගමන ආපස්සට හැරවීමට එල්.ටී.ටී.ඊ. ය නොගත් උත්සාහයක් නොමැති තරම්ය.

විජයග්‍රහණයේ සතුට බුක්ති විඳීමට දෑස් දල්වා බලා සිටි රණවිරුවන් ගොඩබිමේ හමුදා සෙබළුන් මෙන්ම මුහුදේ නාවික හමුදාව ද සිය ආරක්ෂක වළලු උපරිමයෙන් තර කර තිබුණි.

සතුරාට නැගී සිටීමට නොහැකිව නාවික හමුදාවේ විරුවෝ රට වට බැඳි රන් වැට තව තවත් ශක්තිමක් කළහ. ඒ වෙනුවෙන් සිය ආරක්ෂක වළලු තර කළහ. ඔවුහූ නාවික හමුදා දැඩි රැකවල් හේතුවෙන් මුහුදින් සිදුවන අවි ජාවාරමට විශාල වැටක් බැඳී තිබුණි. එය ත්රස්තවාදීන්ට එල්ල වූ මරු පහරකි. ඉඩක් ලද කිනම් අවස්ථාවක හෝ නාවික හමුදාව වෙත ප්‍රහාර එල්ල කිරීමට සතුරෝ පිඹුරුපත් සකස් කළහ. සියලු දේ හමුවේ නොසැලෙන නාවික හමුදාව දිවා කාලයේ මෙන්ම රාත්‍රී ද සිය වගකීම් උපරිම ලෙස ඉටුකළහ.

ඒ බිහිසුණු දිනය වූ 2008 නොවැම්බර් මස 01 වැනි දිනට යාන්තමට එළිය වැටෙමින් තිබුණි. ඒ අලුයම 5.40ට පමණය. නාවික හමුදා සාමාජිකයයෝ රැගත් බෝට්ටු කිහිපයක් පුරුදු පරිදි උතුරු මුහුදේ මුර සංචාරයේ නිරත වූහ. නාවික හමුදා රණවිරුවෝ තෙරක් නොපෙනෙන මහ සයුරේ සතුරු යාත්‍රා පැමිණේ ද යන්න ගැන විපරමින් පසුවූහ.

අලුයම 5.45ට පමණ නාවික අනුඛණ්ඩ පේදුරුතුඩුවේ රේඩාර් තීරය මත එල්.ටී.ටී.ඊ. බෝට්ටු සමූහයක් දිස්වන අයුරු දක්නට ලැබුණි. ඒ වෙත්තලකර්නි මුහුදු කලාපයේ සිට නගර්කෝවිල් දෙසට සැකකටයුතු යාත්‍රා පෙළක් දියත් කිරීමකි.

මේ සැකකටයුතු යාත්‍රා පෙළ උතුරු දෙසට ගමන් ගන්නා බවට පේදුරුතුඩුව නාවික අනුඛණ්ඩයේ රේඩාර් මධ්‍යස්ථානය පළමු වරට දැනුවත් වූ පසු ඒ බව එවකට එම අනුඛණ්ඩයේ අණභාර නිලධාරියා වශයෙන් කටයුතු කළ ලුතිනන් කමාන්ඩර් අයි.එච්.ජේ. බුද්ධික (වත්මනයේ ඔහු කමාන්ඩර් නිලයේ සිටින නිලධාරියෙකි) වහාම උතුරු නාවික විධානයේ මෙහෙයුම් මැදිරිය දැනුවත් කළේය. එසේම එම සතුරු යාත්‍රා ක්‍රියාකාරකම් අධිතාක්ෂණික කැමරා පද්ධතියේ පටිගත කිරීමට ඔහු උපදෙස් ලබාදී තිබුණි. මේ අනුව සතුරු ප්රහාරයක පෙර නිමිත්තක් එමගින් පෙන්නුම් කළේය.

මේ අතර එම අධිබලැති කැමරාව ආධාරයෙන් නගර්කොවිල් මුහුදු තීරය දක්වා දියත් වෙමින් තිබූ එම යතුරු යාත්‍රා පෙළ පැහැදිලිව හඳුනා ගත්තේය. ඒ සම්බන්ධයෙන් තවදුරටත් උතුරු නාවික විධානය දැනුම්වත් කළේය. පැවැති උණුසුම් තත්ත්වය නාවික හමුදා මූලස්ථානයේ මෙහෙයුම් මැදිරිවල පණිවිඩ හුමවාරු යන්ත්‍ර දක්වා නොකඩවා ක්‍රියාත්මක වෙමින් පැවැතිණි.

ඒ වනවිට සතුරු යාත්‍රා 10ක් ඇති බවටත් විශාල ප්‍රමාණයේ යාත්‍රා 6ක් හා කුඩා යාත්‍රා 4ක් වශයෙන් එම විද්‍යුත් දෘෂ්‍ය නිරීක්ෂණ පද්ධතිය සහිත අධිතාක්ෂණික කැමරාවේ (EOSS) නිරීක්ෂණය වෙමින් තිබුණි.

එවකට උතුරු නාවික විධානයේ විශේෂ යාත්‍රා බළගණයේ බළගණ භාර නිලධාරියා වශයෙක් කටයුතු කළේ ලුතිනන් කමාන්ඩර් නිශ්ශංක වික්‍රමසිංහ ය. උතුරු නාවික විධානය සතුරු ප්රහාරයක පෙර නිමිත්ත හඳුනා ගැනීමෙන් පසු ඒ සඳහා මුහුණදීමට සූදානම් වන ලෙසට ඔහුට දැනුම් දුන්නේය.

එම නියෝගය ලැබුණු වහාම විශේෂ යාත්‍රා බළගණයට හා ක්ෂණික යාත්‍රා බළගණයට අයත් වෝටර් ජෙට් යාත්‍රා හා ඇරෝ යාත්‍රා 20ක් දියඹට ක්‍රියාත්මක කිරීමට ඔහු විසින් උපදෙස් ලබා දෙන ලදී.

පී 170 වෝටර් ජෙට් යාත්‍රාවේ අණභාර නිලධාරියා වශයෙන් කමාන්ඩර් නිශ්ශංක වික්‍රමසිංහ ගමන් ගත් අතර එම යාත්‍රාව මල්ටි බැරල් රොකට් ලෝන්චර් අවියකින් සමන්විත විය. ඔහුට ඉහත සියලු යාත්‍රාවල අණදෙන නිලධාරියා සහ මෙහෙයුම් නිලධාරියා වශයෙන් කටයුතු කිරීමට අණ ලැබුණේය.

සෙසු පෙළ අණදෙන්නන් වශයෙන් එවකට ලුතිනන් ඊ.ඩී.එස්. දිසානායක (වත්මනයේ ලුතිනන් කමාන්ඩර්), උපලුතිනන් එස්.ජේ. හේවාවසම් (වත්මනයේ ලුතිනන් කමාන්ඩර්) යන නිලධාරීහූ කටයුතු කළහ. නාවික හමුදා සාමාජිකයන් 20ක් සහිතව වෝටර් ජෙට් යාත්‍රා 2ක් ද ඇරෝ යාත්‍රා (සෙඩ්රික්) යාත්‍රා 18ක් සමඟ 72කින් සමන්විත පිරිසක් ගමන් දියත් කළහ.

මේ අතර මුහුදු කොටි බෝට්ටු සමූහය නගර්කොවිල් සිට පේදුරුතුඩුව දෙසට ගමන් කරමින් තිබූ අතර නාවික යාත්‍රාවන් කණ්ඩායම් තුනක් වශයෙන් ගොස් පේදුරුතුඩුවේ සිට නගර්කොවිල් දෙසට මුහුණ දා මුහුණට මුහුණ ගමන් ගත්හ.

මෙසේ සතුරු යාත්‍රා එන ගමන්මග වෙත ගමන් කරමින් තිබූ නාවික හමුදා කණ්ඩායමේ අණභාර නිලධාරී කමාන්ඩර් වික්‍රමසිංහ නිලධාරියා මුලින්ම උපක්රමශීලීව නාවික හමුදා යාත්‍රා හසුරවමින් ඔහු ගමන් ගත් පී 170 වෝටර් ජෙට් යාත්‍රාවේ ඇති අවියෙන් මුලින්ම මුහුදු කොටි බෝට්ටු වෙත මල්ටි බැරල් රොකට් ප්‍රහාර එල්ල කළේය.

නාවික යාත්‍රාවල මිලි මීටර් 14.5, 12.7, එම්.පී.එම්.ජී, ආර්.පී.ජී. වැනි අවි තිබුණ අතර මෙම අවි දැඩි වෙඩි බලයක් සහිත අවි වුව ද සතුරු යාත්‍රා තම වෙඩි බලසීමාවට පැමිණෙන තෙක් ක්‍රියාත්මක කිරීමට අණ ලැබුණේ නැත. නාවික හමුදා යාත්‍රා මුහුදු කොටි බෝට්ටු ආසන්නයට ළඟා වූ අතර වෙඩි බලසීමාවට පැමිණි පසු නාවිකයන් තම අවිවලින් දැවැන්ත ප්‍රහාරයක් කොටි බෝට්ටු වෙත එල්ල කිරීමට පටන් ගත්හ. සතුරු යාත්‍රා ද පෙරළා නාවික යාත්‍රා වෙත ඔවුනගේ වෙඩි බලය උපරිම ලෙස එල්ල කළහ.

ඒ වනවිට එම සටන මුහුණට මුහුණලා සිදුවූ දරුණු සටනක් වූ අතර අණභාර නිලධාරියා ඔහුට අවශ්‍ය පරිදි ඔහු යටතේ ඇති යාත්‍රා පෙළ හැඩයන් වෙනස් කරමින් ඉදිරියෙන් හා පැත්තෙන් කොටි බෝට්ටු වෙත ප්‍රහාර එල්ල කිරීමට අණ දුන්නේය. එම අණ පිළිපදිමින් නාවික සාමාජිකයෝ සතුරු යාත්‍රා වෙත දැවැන්ත ප්‍රහාර එල්ල කළහ.

එම අවස්ථාවේ සතුරු යාත්‍රා ද විශේෂ පෙළ හැඩයක් මවා ගනිමින් නාවික යාත්‍රා වෙත ප්‍රහාරයක් එල්ල කළේය. දෙපිරිස අතර මෙම සටන විනාඩි 20ක පමණ කාලයක් එක දිගට පැවැතිනි.

එක්වරම කොටින්ගේ යාත්‍රා පසුපසට ගමන් කර ටික වේලාවකින් නැවත නාවික යාත්‍රා පෙළ දෙසට පැමිණෙන්නට වූ අතර එම විශාල යාත්‍රා 6 පිටුපසින් අධිබලැති කුඩා යාත්‍රා 4ක් උපක්‍රමශීලී ලෙස හසුරුවන අයුරු අණභාර නිලධාරීගේ සහ සෙසු සාමාජිකයන්ගේ නෙත ගැටුණු අතර ඔවුන් ඒවා මුහුදු කොටින්ගේ මරාගෙන මැරෙන යාත්‍රා බව තහවුරු කරගැනීමට සමත් වී තිබිණි.

ක්ෂණික අණභාර නිලධාරියා විසින් මෙම මරාගෙන මැරෙන සතුරු යාත්‍රා සම්බන්ධයෙන් උතුරු විධානය දැනුම්වත් කළේය. ඉතාමත් පරෙස්සමෙන් කල්පනාකාරීව මෙම සතුරු යාත්‍රා වෙත දැඩි ප්‍රහාර එල්ල කරන ලෙසට උතුරු විධානයේ මෙහෙයුම් මැදිරියෙන් කමාන්ඩර් නිශ්ශංක වික්‍රමසිංහ නිලධාරියාට පෙරළා උපදෙස් ලැබී තිබුණි.

ඒ වනවිට එවකට නාවික හමුදාධිපති (අද්මිරාල් වසන්ත කරන්නාගොඩ) නාවික හමුදා මූලස්ථානයේ මෙහෙයුම් මැදිරියට ද එදින උතුරු නාවික විධානයේ වැඩ බැලූ නියෝජ්‍ය ආඥාපති (රියර් අද්මිරාල් ඒ.ආර්. අමරසිංහ) ඇතුළු උසස් නිලධාරීන් උතුරු මෙහෙයුම් මැදිරියට පැමිණ සටන සඳහා අවශ්‍ය උපදෙස් ලබා දෙමින් තිබුණි.

සතුරන්ගේ උපක්‍රමය වූයේ නාවික යාත්‍රා ඉදිරියට ගෙන්වාගෙන මුහුදු කොටින් විසින් සඟවාගෙන සිටි මරාගෙන මැරෙන යාත්‍රා හතර නාවික හමුදා යාත්‍රා වෙත ගැටීමට සලස්වා විශාල විනාශයක් සිදුකිරීම බව නාවික පිරිසට වැටහී තිබිණි.

මේ අතර නැවත දෙපිරිස අතර ප්‍රහාරය ක්‍රියාත්මක වී තිබූ අතර සතුරන්ගේ විශාල බෝට්ටු 6ට පසුපසින් සඟවාගෙන සිටි මරාගෙන මැරෙන බෝට්ටු 4 ක්ෂණිකවම නාවික හමුදා යාත්‍රා ආසන්නයට ඉතා වේගයෙන් යාත්‍රා කිරීමට සූදානම් වන බව නාවික යාත්‍රා කණ්ඩායමට දක්නට ලැබුණි.

මේ වනවිට මුහුණට මුහුණ සටනේ දී කොටි බෝට්ටු කිහිපයකට දැඩි හානි සිදුව තිබූ අතර නාවික හමුදා යාත්‍රා කිහිපයකට ද සතුරු වෙඩි ප්‍රහාර එල්ල වී තිබුණි. එලෙස ප්‍රහාර එල්ල වුව ද එම අවස්ථාවේ කිසිදු ජීවිත හානියක් හෝ තුවාලයක් සිදු නොවීමට ඔවුහූ වාසනාවත්ත වූහ.

නාවික හමුදා ප්‍රහාර හමුවේ එල්.ටී.ටී.ඊ. ය ද ඔවුන්ගේ උපක්‍රම භවිතා කරමින් තම බෝට්ටු වෙනමම පෙළ හැඩයක් මවාගෙන තිබූ අතර විශාල බෝට්ටු පිටුපස මෙතෙක් වෙලා සඟවාගෙන සිටි ඔවුන්ගේ මරාගෙන මැරෙන සතුරු බෝට්ටු 4 කරළියට රැගෙන ආවේය. ඒවා නාවික හමුදා යාත්‍රා දෙසට වේගයෙන් දියත් කළේය.

ඒ අනුව තම අවි දැඩි වෙඩි ප්‍රහාරයකට සූදානම් කරගෙන සිටි නාවික පිරිස ඉදිරියට පැමිණෙමින් සිටි මරාගෙන මැරෙන බෝට්ටු 4ට දැඩිව ප්‍රහාර එල්ල කළ අතර එම ප්‍රහාරවලින් නාවික හමුදා භටයන්ගේ ඇස් ඉදිරිපිටම මරාගෙන මැරෙන බෝට්ටු තුනක් පිපිරී ගියේ මුළු මුහුදු පළාතම දෙවනත් කරමින් අහස උසට ගිනි ජාලා මවමිනි. මෙම සිදුවීම පේදුරුතුඩුවේ අධිතාක්ෂණික කැමරා පද්ධතියේ මනාව සටහන් වී ඇත.

මේ අතර අණභාර නිලධාරීගේ යාත්‍රාවට වම් පසින් තිබූ පී 164 යාත්‍රාවේ 12.7 අවියෙන් සතුරු යාත්‍රා වෙත දැඩි ප්‍රහාර එල්ල කරමින් තිබුණු අතර එම අවියේ වෙඩික්කරු වූ ඉංජිනේරු කාර්මික එම්.සී. පුෂ්පකුමාර සිය අවියෙන් උපරිම වෙඩි බලයක් සතුරු බෝට්ටු වෙත එල්ල කරමින් සිටියේය. නමුත් එම යාත්‍රාවට වැඩි වේලාවක් එලෙස ප්‍රහාර එල්ල කිරීමට හැකි වූයේ නැත. එයට හේතුව වූයේ 12.7 ගිනි අවිය ක්‍රියාත්මක කළ අවිකරුට වෙඩි වැදීමයි. මෙතෙක් සතුරු යාත්‍රා වෙත දැඩි ප්‍රහාර එල්ල කරමින් තිබූ පී 164 වෝටර් ජෙට් යාත්‍රාවේ අවිකරුගේ අතට වෙඩි වැදීම සහ යාත්‍රාවේ එන්ජිමෙහි ඇතිවූ කාර්මික දෝෂය නිසා යාත්‍රාව අඩපණ වීම එයට හේතු විය.

මෙසේ අඩපණ වී තිබූ යාත්‍රාවේ හැසිරීම ඉතිරි වී තිබූ මරාගෙන මැරෙන සතුරු යාත්‍රාවන්ට හොඳින් නිරීක්ෂණය වන්නට ඇත.

ඉන් උපරිම ඵල නෙළා ගැනීමට ඉදිරිපත් වූ මුහුදු කොටි සමාජිකයන්ගේ අරමුණ වන්නට ඇත්තේ ඉතිරි වූ ඔවුන්ගේ මරාගෙන මැරෙන යාත්‍රාව වෝටර් ජෙට් යාත්‍රාව ඉලක්ක කරගෙන එම යාත්‍රාවේ හප්පා පුපුරවා හැරීමයි.

සියල්ල ඇසිල්ලකින් වෙනස් විය. ඉතිරි වූ මරාගෙන මැරෙන යාත්‍රාව පී 164 වෝටර් ජෙට් යාත්‍රාව ඉලක්ක කරගෙන වේගයෙන් ඉදිරියට ඇදී ආවේය. මරාගෙන මැරෙන බෝට්ටුව වෝටර් ජෙට් යාත්‍රාවට මීටර් 50ක් පමණ ආසන්නයට පැමිණ සිටියේය.

නාවිකයන් එම යාත්‍රාව වෙත කොතෙක් ප්‍රහාර එල්ල කළ ද එම ප්‍රහාර හමුවේ මරාගෙන මැරෙන යාත්‍රාව වෝටර් ජෙට් යාත්‍රාව ඉලක්ක කරගෙනම ඒ ආසන්නයට පැමිණෙමින් සිටියේය.

අණභාර නිලධාරී කමාන්ඩර් නිශ්ශංක වික්‍රමසිංහගේ යාත්‍රාව ආසන්නයේ ප්‍රධාන සුළු නිලධාරී කේ.ජී. ශාන්ත පැදවූ Z 142 යාත්‍රාව තිබිණි. ඔහුට ද මෙම සිද්ධිය හොඳින් නිරීක්ෂණය වන්නට ඇත. වෝටර් ජෙට් යාත්‍රාවට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීමට මුහුදු කොටි යාත්‍රාව ඒ වෙත වේගයෙන් ගමන් ගන්නා අයුරු දුටු ප්‍රධාන සුළු නිලධාරී කේ. ජී. ශාන්ත සතුරු යාත්‍රාව නැවැත්වීමට එම අවස්ථාවේ කිසිදු උපක්‍රමයක් නොමැති බව තේරුම් ගන්නට ඇත.

ඒ අවස්ථාවේ සිදුවීමට යන විශාල විනාශය දෙස බලා සිටිනවාට වඩා එය වැළැක්වීමට නම් තමන් පදවන Z 142 නමැති ඇරෝ යාත්‍රාව ඉදිරියට පදවාගෙන ගොස් සතුරු යාත්‍රාවේ වේගයෙන් ගැටීමට සලස්වා එම ගමන වළක්වා ගැනීම ඔහුගේ අරමුණ වන්නට ඇත.

මරණ බිය යටපත් කරගෙන තම සගයන්ගේ ජීවිත වෙනුවෙන් තම වගකීම නිසි ලෙස වටහා ගත් මේ අභීත රණවිරුවා අවසානයේ ස්වකැමැත්තෙන්ම එම බෝට්ටුව එන මග ඇහිරීමට තීරණය කරන්නට ඇත.

කිසිවකුට කිසිවක් සිතා ගැනීමට නොහැකි පරිදි ප්‍රධාන සුළු නිලධාරී කේ.ජී. ශාන්ත අභීත රණවිරුවා ඔහු පැදවූ Z 142 යාත්‍රාව සිය සගයන් තිදෙනා සමඟ මරාගෙන මැරෙන බෝට්ටුව දෙසට මුහුණට මුහුණලා ඉදිරියට පදවාගෙන ගොස් සතුරු යාත්‍රාව වෝටර් ජෙට් යාත්‍රාව වෙත කඩා වැදීමට පෙර මරාගෙන මැරෙන සතුරු යාත්‍රාවේ මග අවහිර කරමින් ශාන්ත ඔහුගේ යාත්‍රාව සතුරු යාත්‍රාවේ හැප්පීමට සැලැස්වීමත් සමඟම මරාගෙන මැරෙන බෝට්ටුව Z 142 ඇරෝ යාත්‍රාව සමඟම පුපුරා ගියේය.

මෙලෙස කොටි ඉලක්කය පෙනි පෙනී මරණය ආසන්නයේ සිටි වෝටර් ජෙට් යාත්‍රාවේ සහෝදර නාවිකයන් 10 දෙනාගේ දිවි බේරා ගනිමින් විශේෂ යාත්‍රා බළගණයේ අභිමානය විදහාපාමින් ප්‍රධාන සුළු නිලධාරී කේ. ජී. ශාන්ත රණවිරුවා දිවි පිදුවේ තම සගයන් තිදෙනා සමඟිනි.

මේ වනවිට පැයකට ආසන්න කාලයක් සටන ක්‍රියාත්මක වී තිබූ අතර ප්‍රහාරවලින් සතුරු බෝට්ටු 8ක් සම්පූර්ණයෙන්ම විනාශ වී තවත් බෝට්ටු දෙකක් පැමිණි ප්‍රදේශ වෙතම නැවත හරවාගෙන ගොස් තිබුණි.

ප්‍රහාරයෙන් එල්.ටී.ටී.ඊ. මුහුදු කොටි ලුතිනන් කර්නල්වරුන් වශයෙන් හඳුන්වන පදුමන්, කන්නන්, පුලිකුට්ටි ඇතුළු මුහුදු කොටි සාමාජිකයන් 20කට ආසන්න පිරිසක් මියගිය බවට, පසුව ඔවුන්ගේ පණිවිඩ හුමවාරුවලින් තහවුරු වී ඇති අතර සතුරන්ගේ මළ සිරුරු රැසක් මුහුදේ පාවෙමින් තිබෙනු නාවික පිරිසට නිරීක්ෂණය වී තිබුණි.

මෙම සටනේදී නාවික හමුදාවේ සිව්දෙනකු මියගොස් එක් නාවිකයකු තුවාල ලැබීය. යාත්‍රා කිහිපයකට ද හානි සිදුවිය. මෙම සිදුවීමෙන් පසු උතුරු මුහුදේ නගර්කෝවිල් මුහුදු කලාපයේ සිට පේදුරුතුඩුව, කන්කසන්තුරේ මුහුදු තීරයට කිසිදු සතුරු ප්‍රහාරයක් එල්ල කිරීමට මුහුදු කොටි සමාජිකයන්ට අවස්ථාව හිමි නොවිණි.

මේ වකවානුව වනවිට ප්‍රධාන සුළු නිලධාරී කේ.ජී. ශාන්ත රණවිරුවා සහ නායක නැවි එන්.එම්.අයි. නිශාන්ත යන රණවිරුවන් විවාහ වී පියවරුන් වීමේ අභිලාශයෙන් සිටි අතර ඔවුන්ගේ බිරින්දෑවරුන් ප්‍රථම දරු ප්‍රසූති සඳහා සූදානම් වෙමින් සිටියහ.

සියලු ළෙංගතුකම් බැඳීම් පසෙකලා රට, ජාතිය වෙනුවෙන් සහ තම ලෙයින් ඉපදෙන දරුවන් වෙනුවෙන් නිදහස් නිවහල් රටක් උරුම කරදීමට මෙම රණවිරුවෝ දෙදෙනා දිවි පුදකළහ.

ප්‍රධාන සුළු නිලධාරී කේ.ජී. ශාන්ත රණවිරුවාගේ පුතු වන විකුම් අනුහස් කොළඹ රාජකීය විදුහලේ හතරවැනි පංතියේ ඉගෙනුම ලබමින් සිටියි. නායක නැවි එන්.එම්.අයි. නිශාන්තගේ පුත් දිනෙර මධුෂාන් මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර විදුහලේ හතරවැනි පන්තියේ ඉගෙනුම ලබයි.

ප්‍රධාන සුළු නිලධාරී කේ.ජී. ශාන්ත රණවිරුවාගේ බිරිඳ වන ශානිකා රුවිනි මහත්මිය පවසන්නේ සිය පුතු ඇගෙන් නිතර අසන්නේ “අපේ අප්පච්චි යුද්දෙට යැව්වේ ඇයි” ද යන්නයි. ඒ පියාගේ අඩුව පුතුට තදින්ම දැනෙන නිසාවෙන් බව ද ඇය පවසන්නීය. සිය පුතා, පියා සිදුකළ වීර ක්‍රියාව පිළිබඳ නිසි වැටහීමක් නොමැතිකමින් මෙසේ ප්‍රශ්න කරන බවත් සිය පියාගේ වික්‍රමාන්විත ක්‍රියාව නිසි අයුරින් දැනගත් කල තම පුතු පියා පිළිබඳව නිසැකවම ආඩම්බර වනු ඇති බවත් එම ප්රශ්නය කිසි දිනක තමන්ගෙන් යළි නොවිමසනු ඇතැයි ඇය ප්‍රකාශ කළාය.

නායක නැවි එන්.එම්.අයි. නිශාන්තගේ බිරිඳ අයෝමා මහත්මිය කියා සිටින්නේ සිය පුතු නිතරම පවසන්නේ පියාගේ අඩි පාරේ යමින් ඔහු ද නාවික හමුදාවට බැඳෙන බවයි. කෙදිනකවත් සිය ආදරණීය පියා දැක නැති මෙම පුතුන් නාවික හමුදාවට බැඳීමට සිහින දකින්නේ ඒ උදාරතර ලෙයින් අනාගත උරුමක්කරුවකු නාවික හමුදාව වෙත මවමිනි. මෙම සිදුවීම සිදු වී 2018 නොවැම්බර් 1 වැනි දිනට වසර 10ක් සපිරෙන අතර සමරුව අභිමානවත්ව සමරනු ලබයි.

2018 නොවැම්බර් 8 වන දින තම 25 වැනි සැමරුම සමරන විශේෂ යාත්‍රා බළගණය මුහුදේ ආධිපත්‍යය පතුරුවන්නේ කුඩා යාත්‍රා මෙහෙයුම් සංකල්පය හරහාය. ඒ දූපත්වල සිදුවන ත්‍රස්ත ක්‍රියාකාරකම් මැඩලීම වෙනුවෙන් විශේෂ යාත්‍රා බළගණය බිහිවීම නිසාය.

එවකට ලුතිනන් කමාන්ඩර් නිලයේ සිටි අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න (වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී) විදෙස් රටවල ඇති විශේෂ බළකා සම්බන්ධයෙන් අධ්‍යයනය සිදුකර 1993 නොවැම්බර් මස 8 වන දින කරෙයිනගර් නාවික කඳවුරේදී පළමු විශේෂ යාත්‍රා බලගණ කණ්ඩායමේ පුහුණුව ආරම්භ කළේය. එවකට ලුතිනන් කමාන්ඩර් (වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී) අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා මෙහි නියමුවා වන්නේය.

එදා නිලධාරීන් තිදෙනකු සහ නාවිකයන් විසිදෙනකුගෙන් ආරම්භ වූ විශේෂ යාත්‍රා බළගණය 1993 වසරේ සිට කිළාලි කළපුව තම ආධිපත්‍යයට නතු කරගෙන කෙමෙන් කෙමෙන් යුද්ධයේ අවසාන පරිච්ඡේදයේ සුවිශේෂී මෙහෙවරට දායකත්වය දැක්වූහ. යුද්ධ හමුදාව භූමිය අත්පත් කරගන්නා සේම මුහුදේ ආධිපත්‍යය පැතුරුවේ නාවික හමුදාවයි. එයින් ගොඩබිමට ආසන්න වෙරළ තීරයේ සහ කළපු ආශ්රිත ආරක්ෂාව තර කළේ විශේෂ යාත්‍රා බළගණය විසිනි.

විශේෂ යාත්‍රා බළගණය මේ වනවිට ප්‍රතිත්‍රස්ත නැව් පැහැර ගැනීම සහ මුදවා ගැනීමේ (Visit Board Search Seizure - VBSS) ප්රගුණයන් ලෙස ජාතික ආරක්ෂාවට උරදී සිටී. ඔවුන් තුළ ඇති සැබෑ වීරත්වය නිසාම ඇෙමරිකානු එක්සත් ජනපද ආරක්ෂක නිලධාරීන් ඇතුළු රටවල් ගණනාවක විශේෂ හමුදා ඒකක සාමාජිකයන් විශේෂ යාත්‍රා බළගණ පුහුණු පාසලේදී වාර්ෂිකව අසම්මතික යුද උපක්‍රම පිළිබඳව පුහුණුව ලබති.

වසර 25ක කාලය තුළ විශේෂ යාත්‍රා බළගණයේ නිලධාරීන් හා නාවිකයන් 61 දෙනකු රට වෙනුවෙන් දිවි පුදකර ඇත්තේ විවිධ ලෙස දියඹෙන්, ගොඩින් හා ගුවනින් සතුරා සමඟ ඇතිවූ බිහිසුණු සටන් නිසාය. ඒ අතර විශේෂ යාත්‍රා බළගණය දියඹෙන් ගොස් ගොඩබිමේ පිහිටි සතුරන්ගේ මර්මස්ථාන ඉලක්කකර ගත් ජයග්‍රහණ රැසකි. එසේම ශ්‍රී ලංකා යුද හමුදාවේ කමාන්ඩෝ හා විශේෂ බළකාය සමඟ එක්ව සිදුකරන ලද ඒකාබද්ධ සංග්රාමයන් ගණනාවකි. 1996 චුන්ඩිකුලම් මුහුදු තීරයේ සතුරු බළකොටු ඉලක්ක කරගෙන සිදුකරන ලද දැවැන්ත ඒකාබද්ධ “දිරිතර මෙහෙයුම” ඉන් ප්‍රධාන තැනක් ගනී. ඒ විශේෂ යාත්‍රා බළගණය ආරම්භයේ පටන් මොවුන් සමඟ ඇති අන්‍යොන්‍ය පුහුණුව, බැඳීම සහ සහයෝගය සමඟිනි. මේ නිසාම අදටත් ත්‍රිවිධ හමුදාවේ විශේෂ ඒකකයන් සහ පොලිස් විශේෂ කාර්ය බළකාය සමඟ ඒකාබද්ධව විශේෂිත සංග්‍රාමික මෙහෙයුම් පිළිබඳ දැනුම ඔවුනොවුන්ගේ සටන් පාසල් තුළින් ලබාගනු ලබයි.

“විකුමැතියට භාග්‍ය ප්‍රසාදනීය වේ” යන ආදර්ශ පාඨය පෙරදැරි කරමින් වීරත්වයේ සහ පුහුණුවේ පන්නරය ලද විශේෂ යාත්‍රා බළගණය අභිමානවත් ලෙස මෙම 2018 නොවැම්බර් මස 9 වැනි දින සිය 25 වැනි සංවත්සරය සමරනු ඇත.

රට ජාතිය වෙනුවෙන් තම දිවි කැප කළ එම රණවිරුවන් අභිමානයෙන් යුතුව සිහිපත් කරන අතර ඔවුන් වෙත ජාතියේ ප්‍රණාමය හිමි වේ.

විශේෂ ස්තූතිය - නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් චන්දන බණ්ඩාර මහතාට සහ එම ඒකකයට

සටහන - ඉන්දිකා රාමනායක

[QUOTE="araki, post: 23826974, member: 360239"] [b]වීර මෙහෙයුමක කතාව[/b] [B][SIZE=5]පරම වීර විභූෂණයෙන් පුද ලද වීර මෙහෙයුමක කතාව[/SIZE][/B] [SIZE=5] [/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_3355c8b0af.jpg[/IMG][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]නොවැම්බර් මාසය, නොහොත් ඉල් මාසය විරුවන්ගේ මාසය වශයෙන් හැඳින්වේ. එම නිසා විරුවන් පොපි මලින් පිදුම් ලබන්නේ ද ඉල් මාසයේදී ය. ඉල් මාසය නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බළගණයට සුවිශේෂී වේ. එසේ සුවිශේෂී වන්නේ ප්‍රධාන කරුණු දෙකක් මුල් කරගෙනය. [/SIZE] [SIZE=5]2018 නොවැම්බර් මස 08 දිනට යෙදෙන විශේෂ යාත්‍රා බළගණයේ 25 වැනි සංවත්සරය මෙන්ම සහෝදර නාවිකයන් 10 දෙනකුගේ දිවි ආරක්ෂා කරමින් තම දිවි දෙවෙනි කොට සලකා ඔවුන් වෙනුවෙන් දිවි පුදකරමින් කළ උදාර ක්‍රියාව හේතුවෙන් එම බළගණයේ ප්‍රධාන සුළු නිලධාරී කේ.ජී. ශාන්ත රණවිරුවා වීරත්වයේ කිරුළ නොහොත් පරම වීර විභූෂණය (PWV) සම්මානයෙන් පිදුම් ලැබීම නොවැම්බරයේ සිදුවූ එම කරුණු දෙකයි. ඒ බිහිසුණු සිද්ධිය සිදුවී වසර 10ක් ගත වුව ද ප්‍රධාන සුළු නිලධාරී කේ.ජී. ශාන්ත රණවිරුවා සහ ඔහු සමඟ දිවි දුන් සෙසු නාවිකයන් තිදෙනා වසරක් පාසා ඉතාමත් අභිමානයෙන් යුතුව සමරනු ලබයි. [/SIZE] [SIZE=5]2008 නොවැම්බර් මස 01 වැනි දින උතුරු මුහුදේ නගර්කෝවිල් මුහුදු කලාපයේ දී එදා සිදු වූ බිහිසුණු සටනේ දී අණභාර නිලධාරී ඇතුළු නාවික හමුදාවේ නැවියන් 10 දෙනකු සිටි පී 164 වෝටර් ජෙට් යාත්‍රාව ඉලක්ක කරගෙන පැමිණි මරාගෙන මැරෙන අධිබලැති කොටි බෝට්ටුව වෙත එවකට විසිනව වැනි වියේ පසු වූ ප්‍රධාන සුළු නිලධාරී කේ.ජී. ශාන්ත රණවිරුවා අණදුන් Z 142 ඇරෝ (සෙඩ්රික්) යාත්‍රාව ඔහු විසින් වේගයෙන් පදවාගෙන ගොස් මරාගෙන මැරෙන මුහුදු කොටි යාත්‍රාව ඉදිරියෙන් ගැටීමට සලස්වා එය පුපුරවා හැරීමෙන් සිදුකළ ජීවිත පරිත්‍යාගය හේතුවෙන් ප්‍රධාන සුළු නිලධාරී කේ.ජී ශාන්ත රණවිරුවාට පරම වීර විභූෂණය ලැබීමට හේතු කාරණාව වූයේය. [/SIZE] [SIZE=5]නාවික හමුදා නිලධාරියකු වූ ලුතිනන් කමාන්ඩර් (අවි) ජූඩ් ලක්මාල් ද සිල්වා විජේතුංග රණවිරුවා මීට පෙර පරම වීර විභූෂණ පදක්කමින් පිදුම් ලැබූ අතර 1996.03.30 දින චලෙයි ප්‍රදේශයේ දී නාවිකයන් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබූ යාත්‍රා පෙළකට ප්‍රහාර එල්ල කිරීමට පැමිණි මාරාගෙන මැරෙන බෝට්ටු පෙළක් සමඟ තම දිවි දෙවැනි කොට සලකා නාවිකයන්ගේ ජීවිත රැකගැනීමට පී 458 ඩෝරා යත්රාවෙන් සටන් කොට දිවි පිදීම හේතුවෙන් ලුතිනන් කමාන්ඩර් ජූඩ් ලක්මාල් ද සිල්වා විජේතුංග නිලධාරියා පරම වීර විභූෂණ පදක්කමින් පිදුම් ලැබීය. [/SIZE] [SIZE=5]එසේම 2008 නොවැම්බර් මස 01 දින නගර්කෝවිල් මුහුදේ දී වෝටර් ජෙට් යාත්‍රාවක සිටි නාවිකයන් 10 දෙනකු ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන බෝට්ටු ප්‍රහාරයක් එල්ල කිරීමට එල්ටීටීඊ ය ගත් උත්සාහයේ දී ඔවුන්ගේ දිවි බේරා ගැනීම වෙනුවෙන් තම දිවි පුදකළ ප්‍රධාන සුළු නිලධාරී කේ.ජී. ශාන්ත රණවිරුවා ද පරම වීර විභූෂණ පදක්කමින් පිදුම් ලැබීය. [/SIZE] [SIZE=5]නාවික හමුදා ඉතිහාසයේ නිලධාරියකු සහ නාවිකයකු පරම වීර විභූෂණ පදක්කමින් පිදුම් ලැබූ අවස්ථා දෙක මෙය වන අතර ඔවුන් දෙදෙනාගේ නාමය නාවික හමුදා ඉතිහාස පොතේ රන් අකුරෙන් ලියවී ඇත. ප්‍රධාන සුළු නිලධාරී කේ. ජී. ශාන්ත රණවිරුවා සමඟ එදා Z 142 යාත්‍රාවේ ගමන් ගෙන ඔහුත් සමඟම දිවි පිදූ සෙසු නාවිකයන් වන බළ නැවි එන්.එම්.අයි. නිශාන්ත, බළ නැවි එස්. ජයසිංහ හා සාමාන්‍ය නැවි ආර්.එම්.ආර්.එස්. රත්නායක යන රණවිරුවවෝ රණ වික්‍රම පදක්කමින් පිදුම් ලැබූහ. [/SIZE] [SIZE=5]සෙබළෙකුට එම වීරත්වය මරණයකින් පමණක් හිමිවන පරම වීර විභූෂණ පදක්කම, ප්‍රධාන සුළු නිලධාරී කේ.ජී. ශාන්ත ජීවිත පරිත්‍යාගයෙන් පිදුම් ලැබීමෙන් විශේෂ යාත්‍රා බළගණයේ ඉතිහාස පොත වර්ණවත් වූ අතර එම රණවිරුවා ඇතුළු කණ්ඩායම දැයෙන් සමුගෙන 2018 නොවැම්බර් මස 01 වන දිනට වසර 10ක් සපිරෙයි. විශේෂ යාත්‍රා බළගණයේ ප්‍රධාන සුළු නිලධාරී කේ.ජී. ශාන්ත රණවිරුවාගේ වීරත්වය පිළිබඳව ලියවෙන සටහනකි මේ. [/SIZE] [SIZE=5]එම සිද්ධියට වසර දහයක් සපිරෙණ මොහොතේ එදා සිද්ධිය ඇසින් දුටු එම නාවික හමුදා භට කණ්ඩායමේ අණභාර නිලධාරියා වශයෙන් කටයුතු කළේ විශේෂ යාත්‍රා බළගණයේ එවකට ලුතිනන් කමාන්ඩර් වත්මන කමාන්ඩර් නිශ්ශංක වික්‍රමසිංහය. [/SIZE] [SIZE=5]ප්‍රධාන සුළු නිලධාරී කේ.ජී. ශාන්ත රණවිරුවා එදා මරාගෙන මැරෙන කොටි යාත්‍රාවේ සිය ඇරෝ යාත්‍රාව හප්පා පුපුරවා ගනු ලැබුවේ තම සහෝදර නාවිකයන්ගේ දෑස් ඉදිරිපිටදීය. ඒ සියලු නාවිකයන් විස්මයට පත්කරමිනි. එදා එම සිද්ධියට මුහුණදුන් නාවික සාමාජිකයන්ගේ දිවි බේරා ගැනීමට ස්වකැමැත්තෙන් අභීතව ඉදිරිපත්ව දිවි පුදකළ රණවිරු ප්‍රධාන සුළු නිලධාරී කේ.ජී. ශාන්තගේ එම ක්‍රියාව අදටත් සිහිකරන්නේ ඉමහත් අභිමානයෙනි. 2008 වසරේ අගභාගය වනවිට අවසන් සටනේ තීරණාත්මක මංසන්ධියක් පසුකරමින් පැවැතියේය. යුද්ධයේ අවසානය තීරණාත්මක වීම හේතුවෙන් ත්‍රිවිධ හමුදාව වෙත වගකීම් රැසක් පැවැරී තිබුණි. ගොඩිබිම සිටින හමුදා සාමාජිකයන්ට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර ඔවුන්ගේ ගමන ආපස්සට හැරවීමට එල්.ටී.ටී.ඊ. ය නොගත් උත්සාහයක් නොමැති තරම්ය. [/SIZE] [SIZE=5]විජයග්‍රහණයේ සතුට බුක්ති විඳීමට දෑස් දල්වා බලා සිටි රණවිරුවන් ගොඩබිමේ හමුදා සෙබළුන් මෙන්ම මුහුදේ නාවික හමුදාව ද සිය ආරක්ෂක වළලු උපරිමයෙන් තර කර තිබුණි. [/SIZE] [SIZE=5]සතුරාට නැගී සිටීමට නොහැකිව නාවික හමුදාවේ විරුවෝ රට වට බැඳි රන් වැට තව තවත් ශක්තිමක් කළහ. ඒ වෙනුවෙන් සිය ආරක්ෂක වළලු තර කළහ. ඔවුහූ නාවික හමුදා දැඩි රැකවල් හේතුවෙන් මුහුදින් සිදුවන අවි ජාවාරමට විශාල වැටක් බැඳී තිබුණි. එය ත්රස්තවාදීන්ට එල්ල වූ මරු පහරකි. ඉඩක් ලද කිනම් අවස්ථාවක හෝ නාවික හමුදාව වෙත ප්‍රහාර එල්ල කිරීමට සතුරෝ පිඹුරුපත් සකස් කළහ. සියලු දේ හමුවේ නොසැලෙන නාවික හමුදාව දිවා කාලයේ මෙන්ම රාත්‍රී ද සිය වගකීම් උපරිම ලෙස ඉටුකළහ. [/SIZE] [SIZE=5]ඒ බිහිසුණු දිනය වූ 2008 නොවැම්බර් මස 01 වැනි දිනට යාන්තමට එළිය වැටෙමින් තිබුණි. ඒ අලුයම 5.40ට පමණය. නාවික හමුදා සාමාජිකයයෝ රැගත් බෝට්ටු කිහිපයක් පුරුදු පරිදි උතුරු මුහුදේ මුර සංචාරයේ නිරත වූහ. නාවික හමුදා රණවිරුවෝ තෙරක් නොපෙනෙන මහ සයුරේ සතුරු යාත්‍රා පැමිණේ ද යන්න ගැන විපරමින් පසුවූහ. [/SIZE] [SIZE=5]අලුයම 5.45ට පමණ නාවික අනුඛණ්ඩ පේදුරුතුඩුවේ රේඩාර් තීරය මත එල්.ටී.ටී.ඊ. බෝට්ටු සමූහයක් දිස්වන අයුරු දක්නට ලැබුණි. ඒ වෙත්තලකර්නි මුහුදු කලාපයේ සිට නගර්කෝවිල් දෙසට සැකකටයුතු යාත්‍රා පෙළක් දියත් කිරීමකි. [/SIZE] [SIZE=5]මේ සැකකටයුතු යාත්‍රා පෙළ උතුරු දෙසට ගමන් ගන්නා බවට පේදුරුතුඩුව නාවික අනුඛණ්ඩයේ රේඩාර් මධ්‍යස්ථානය පළමු වරට දැනුවත් වූ පසු ඒ බව එවකට එම අනුඛණ්ඩයේ අණභාර නිලධාරියා වශයෙන් කටයුතු කළ ලුතිනන් කමාන්ඩර් අයි.එච්.ජේ. බුද්ධික (වත්මනයේ ඔහු කමාන්ඩර් නිලයේ සිටින නිලධාරියෙකි) වහාම උතුරු නාවික විධානයේ මෙහෙයුම් මැදිරිය දැනුවත් කළේය. එසේම එම සතුරු යාත්‍රා ක්‍රියාකාරකම් අධිතාක්ෂණික කැමරා පද්ධතියේ පටිගත කිරීමට ඔහු උපදෙස් ලබාදී තිබුණි. මේ අනුව සතුරු ප්රහාරයක පෙර නිමිත්තක් එමගින් පෙන්නුම් කළේය. [/SIZE] [SIZE=5]මේ අතර එම අධිබලැති කැමරාව ආධාරයෙන් නගර්කොවිල් මුහුදු තීරය දක්වා දියත් වෙමින් තිබූ එම යතුරු යාත්‍රා පෙළ පැහැදිලිව හඳුනා ගත්තේය. ඒ සම්බන්ධයෙන් තවදුරටත් උතුරු නාවික විධානය දැනුම්වත් කළේය. පැවැති උණුසුම් තත්ත්වය නාවික හමුදා මූලස්ථානයේ මෙහෙයුම් මැදිරිවල පණිවිඩ හුමවාරු යන්ත්‍ර දක්වා නොකඩවා ක්‍රියාත්මක වෙමින් පැවැතිණි. [/SIZE] [SIZE=5]ඒ වනවිට සතුරු යාත්‍රා 10ක් ඇති බවටත් විශාල ප්‍රමාණයේ යාත්‍රා 6ක් හා කුඩා යාත්‍රා 4ක් වශයෙන් එම විද්‍යුත් දෘෂ්‍ය නිරීක්ෂණ පද්ධතිය සහිත අධිතාක්ෂණික කැමරාවේ (EOSS) නිරීක්ෂණය වෙමින් තිබුණි. එවකට උතුරු නාවික විධානයේ විශේෂ යාත්‍රා බළගණයේ බළගණ භාර නිලධාරියා වශයෙක් කටයුතු කළේ ලුතිනන් කමාන්ඩර් නිශ්ශංක වික්‍රමසිංහ ය. උතුරු නාවික විධානය සතුරු ප්රහාරයක පෙර නිමිත්ත හඳුනා ගැනීමෙන් පසු ඒ සඳහා මුහුණදීමට සූදානම් වන ලෙසට ඔහුට දැනුම් දුන්නේය. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_5fbf5a36ee.jpg[/IMG][/SIZE] [SIZE=5]එම නියෝගය ලැබුණු වහාම විශේෂ යාත්‍රා බළගණයට හා ක්ෂණික යාත්‍රා බළගණයට අයත් වෝටර් ජෙට් යාත්‍රා හා ඇරෝ යාත්‍රා 20ක් දියඹට ක්‍රියාත්මක කිරීමට ඔහු විසින් උපදෙස් ලබා දෙන ලදී. පී 170 වෝටර් ජෙට් යාත්‍රාවේ අණභාර නිලධාරියා වශයෙන් කමාන්ඩර් නිශ්ශංක වික්‍රමසිංහ ගමන් ගත් අතර එම යාත්‍රාව මල්ටි බැරල් රොකට් ලෝන්චර් අවියකින් සමන්විත විය. ඔහුට ඉහත සියලු යාත්‍රාවල අණදෙන නිලධාරියා සහ මෙහෙයුම් නිලධාරියා වශයෙන් කටයුතු කිරීමට අණ ලැබුණේය. [/SIZE] [SIZE=5]සෙසු පෙළ අණදෙන්නන් වශයෙන් එවකට ලුතිනන් ඊ.ඩී.එස්. දිසානායක (වත්මනයේ ලුතිනන් කමාන්ඩර්), උපලුතිනන් එස්.ජේ. හේවාවසම් (වත්මනයේ ලුතිනන් කමාන්ඩර්) යන නිලධාරීහූ කටයුතු කළහ. නාවික හමුදා සාමාජිකයන් 20ක් සහිතව වෝටර් ජෙට් යාත්‍රා 2ක් ද ඇරෝ යාත්‍රා (සෙඩ්රික්) යාත්‍රා 18ක් සමඟ 72කින් සමන්විත පිරිසක් ගමන් දියත් කළහ. [/SIZE] [SIZE=5]මේ අතර මුහුදු කොටි බෝට්ටු සමූහය නගර්කොවිල් සිට පේදුරුතුඩුව දෙසට ගමන් කරමින් තිබූ අතර නාවික යාත්‍රාවන් කණ්ඩායම් තුනක් වශයෙන් ගොස් පේදුරුතුඩුවේ සිට නගර්කොවිල් දෙසට මුහුණ දා මුහුණට මුහුණ ගමන් ගත්හ. [/SIZE] [SIZE=5]මෙසේ සතුරු යාත්‍රා එන ගමන්මග වෙත ගමන් කරමින් තිබූ නාවික හමුදා කණ්ඩායමේ අණභාර නිලධාරී කමාන්ඩර් වික්‍රමසිංහ නිලධාරියා මුලින්ම උපක්රමශීලීව නාවික හමුදා යාත්‍රා හසුරවමින් ඔහු ගමන් ගත් පී 170 වෝටර් ජෙට් යාත්‍රාවේ ඇති අවියෙන් මුලින්ම මුහුදු කොටි බෝට්ටු වෙත මල්ටි බැරල් රොකට් ප්‍රහාර එල්ල කළේය. [/SIZE] [SIZE=5]නාවික යාත්‍රාවල මිලි මීටර් 14.5, 12.7, එම්.පී.එම්.ජී, ආර්.පී.ජී. වැනි අවි තිබුණ අතර මෙම අවි දැඩි වෙඩි බලයක් සහිත අවි වුව ද සතුරු යාත්‍රා තම වෙඩි බලසීමාවට පැමිණෙන තෙක් ක්‍රියාත්මක කිරීමට අණ ලැබුණේ නැත. නාවික හමුදා යාත්‍රා මුහුදු කොටි බෝට්ටු ආසන්නයට ළඟා වූ අතර වෙඩි බලසීමාවට පැමිණි පසු නාවිකයන් තම අවිවලින් දැවැන්ත ප්‍රහාරයක් කොටි බෝට්ටු වෙත එල්ල කිරීමට පටන් ගත්හ. සතුරු යාත්‍රා ද පෙරළා නාවික යාත්‍රා වෙත ඔවුනගේ වෙඩි බලය උපරිම ලෙස එල්ල කළහ. [/SIZE] [SIZE=5]ඒ වනවිට එම සටන මුහුණට මුහුණලා සිදුවූ දරුණු සටනක් වූ අතර අණභාර නිලධාරියා ඔහුට අවශ්‍ය පරිදි ඔහු යටතේ ඇති යාත්‍රා පෙළ හැඩයන් වෙනස් කරමින් ඉදිරියෙන් හා පැත්තෙන් කොටි බෝට්ටු වෙත ප්‍රහාර එල්ල කිරීමට අණ දුන්නේය. එම අණ පිළිපදිමින් නාවික සාමාජිකයෝ සතුරු යාත්‍රා වෙත දැවැන්ත ප්‍රහාර එල්ල කළහ. [/SIZE] [SIZE=5]එම අවස්ථාවේ සතුරු යාත්‍රා ද විශේෂ පෙළ හැඩයක් මවා ගනිමින් නාවික යාත්‍රා වෙත ප්‍රහාරයක් එල්ල කළේය. දෙපිරිස අතර මෙම සටන විනාඩි 20ක පමණ කාලයක් එක දිගට පැවැතිනි. [/SIZE] [SIZE=5]එක්වරම කොටින්ගේ යාත්‍රා පසුපසට ගමන් කර ටික වේලාවකින් නැවත නාවික යාත්‍රා පෙළ දෙසට පැමිණෙන්නට වූ අතර එම විශාල යාත්‍රා 6 පිටුපසින් අධිබලැති කුඩා යාත්‍රා 4ක් උපක්‍රමශීලී ලෙස හසුරුවන අයුරු අණභාර නිලධාරීගේ සහ සෙසු සාමාජිකයන්ගේ නෙත ගැටුණු අතර ඔවුන් ඒවා මුහුදු කොටින්ගේ මරාගෙන මැරෙන යාත්‍රා බව තහවුරු කරගැනීමට සමත් වී තිබිණි. [/SIZE] [SIZE=5]ක්ෂණික අණභාර නිලධාරියා විසින් මෙම මරාගෙන මැරෙන සතුරු යාත්‍රා සම්බන්ධයෙන් උතුරු විධානය දැනුම්වත් කළේය. ඉතාමත් පරෙස්සමෙන් කල්පනාකාරීව මෙම සතුරු යාත්‍රා වෙත දැඩි ප්‍රහාර එල්ල කරන ලෙසට උතුරු විධානයේ මෙහෙයුම් මැදිරියෙන් කමාන්ඩර් නිශ්ශංක වික්‍රමසිංහ නිලධාරියාට පෙරළා උපදෙස් ලැබී තිබුණි. [/SIZE] [SIZE=5]ඒ වනවිට එවකට නාවික හමුදාධිපති (අද්මිරාල් වසන්ත කරන්නාගොඩ) නාවික හමුදා මූලස්ථානයේ මෙහෙයුම් මැදිරියට ද එදින උතුරු නාවික විධානයේ වැඩ බැලූ නියෝජ්‍ය ආඥාපති (රියර් අද්මිරාල් ඒ.ආර්. අමරසිංහ) ඇතුළු උසස් නිලධාරීන් උතුරු මෙහෙයුම් මැදිරියට පැමිණ සටන සඳහා අවශ්‍ය උපදෙස් ලබා දෙමින් තිබුණි. [/SIZE] [SIZE=5]සතුරන්ගේ උපක්‍රමය වූයේ නාවික යාත්‍රා ඉදිරියට ගෙන්වාගෙන මුහුදු කොටින් විසින් සඟවාගෙන සිටි මරාගෙන මැරෙන යාත්‍රා හතර නාවික හමුදා යාත්‍රා වෙත ගැටීමට සලස්වා විශාල විනාශයක් සිදුකිරීම බව නාවික පිරිසට වැටහී තිබිණි. [/SIZE] [SIZE=5]මේ අතර නැවත දෙපිරිස අතර ප්‍රහාරය ක්‍රියාත්මක වී තිබූ අතර සතුරන්ගේ විශාල බෝට්ටු 6ට පසුපසින් සඟවාගෙන සිටි මරාගෙන මැරෙන බෝට්ටු 4 ක්ෂණිකවම නාවික හමුදා යාත්‍රා ආසන්නයට ඉතා වේගයෙන් යාත්‍රා කිරීමට සූදානම් වන බව නාවික යාත්‍රා කණ්ඩායමට දක්නට ලැබුණි. [/SIZE] [SIZE=5]මේ වනවිට මුහුණට මුහුණ සටනේ දී කොටි බෝට්ටු කිහිපයකට දැඩි හානි සිදුව තිබූ අතර නාවික හමුදා යාත්‍රා කිහිපයකට ද සතුරු වෙඩි ප්‍රහාර එල්ල වී තිබුණි. එලෙස ප්‍රහාර එල්ල වුව ද එම අවස්ථාවේ කිසිදු ජීවිත හානියක් හෝ තුවාලයක් සිදු නොවීමට ඔවුහූ වාසනාවත්ත වූහ. [/SIZE] [SIZE=5]නාවික හමුදා ප්‍රහාර හමුවේ එල්.ටී.ටී.ඊ. ය ද ඔවුන්ගේ උපක්‍රම භවිතා කරමින් තම බෝට්ටු වෙනමම පෙළ හැඩයක් මවාගෙන තිබූ අතර විශාල බෝට්ටු පිටුපස මෙතෙක් වෙලා සඟවාගෙන සිටි ඔවුන්ගේ මරාගෙන මැරෙන සතුරු බෝට්ටු 4 කරළියට රැගෙන ආවේය. ඒවා නාවික හමුදා යාත්‍රා දෙසට වේගයෙන් දියත් කළේය. [/SIZE] [SIZE=5]ඒ අනුව තම අවි දැඩි වෙඩි ප්‍රහාරයකට සූදානම් කරගෙන සිටි නාවික පිරිස ඉදිරියට පැමිණෙමින් සිටි මරාගෙන මැරෙන බෝට්ටු 4ට දැඩිව ප්‍රහාර එල්ල කළ අතර එම ප්‍රහාරවලින් නාවික හමුදා භටයන්ගේ ඇස් ඉදිරිපිටම මරාගෙන මැරෙන බෝට්ටු තුනක් පිපිරී ගියේ මුළු මුහුදු පළාතම දෙවනත් කරමින් අහස උසට ගිනි ජාලා මවමිනි. මෙම සිදුවීම පේදුරුතුඩුවේ අධිතාක්ෂණික කැමරා පද්ධතියේ මනාව සටහන් වී ඇත. [/SIZE] [SIZE=5]මේ අතර අණභාර නිලධාරීගේ යාත්‍රාවට වම් පසින් තිබූ පී 164 යාත්‍රාවේ 12.7 අවියෙන් සතුරු යාත්‍රා වෙත දැඩි ප්‍රහාර එල්ල කරමින් තිබුණු අතර එම අවියේ වෙඩික්කරු වූ ඉංජිනේරු කාර්මික එම්.සී. පුෂ්පකුමාර සිය අවියෙන් උපරිම වෙඩි බලයක් සතුරු බෝට්ටු වෙත එල්ල කරමින් සිටියේය. නමුත් එම යාත්‍රාවට වැඩි වේලාවක් එලෙස ප්‍රහාර එල්ල කිරීමට හැකි වූයේ නැත. එයට හේතුව වූයේ 12.7 ගිනි අවිය ක්‍රියාත්මක කළ අවිකරුට වෙඩි වැදීමයි. මෙතෙක් සතුරු යාත්‍රා වෙත දැඩි ප්‍රහාර එල්ල කරමින් තිබූ පී 164 වෝටර් ජෙට් යාත්‍රාවේ අවිකරුගේ අතට වෙඩි වැදීම සහ යාත්‍රාවේ එන්ජිමෙහි ඇතිවූ කාර්මික දෝෂය නිසා යාත්‍රාව අඩපණ වීම එයට හේතු විය. [/SIZE] [SIZE=5]මෙසේ අඩපණ වී තිබූ යාත්‍රාවේ හැසිරීම ඉතිරි වී තිබූ මරාගෙන මැරෙන සතුරු යාත්‍රාවන්ට හොඳින් නිරීක්ෂණය වන්නට ඇත. [/SIZE] [SIZE=5]ඉන් උපරිම ඵල නෙළා ගැනීමට ඉදිරිපත් වූ මුහුදු කොටි සමාජිකයන්ගේ අරමුණ වන්නට ඇත්තේ ඉතිරි වූ ඔවුන්ගේ මරාගෙන මැරෙන යාත්‍රාව වෝටර් ජෙට් යාත්‍රාව ඉලක්ක කරගෙන එම යාත්‍රාවේ හප්පා පුපුරවා හැරීමයි. සියල්ල ඇසිල්ලකින් වෙනස් විය. ඉතිරි වූ මරාගෙන මැරෙන යාත්‍රාව පී 164 වෝටර් ජෙට් යාත්‍රාව ඉලක්ක කරගෙන වේගයෙන් ඉදිරියට ඇදී ආවේය. මරාගෙන මැරෙන බෝට්ටුව වෝටර් ජෙට් යාත්‍රාවට මීටර් 50ක් පමණ ආසන්නයට පැමිණ සිටියේය. [/SIZE] [SIZE=5]නාවිකයන් එම යාත්‍රාව වෙත කොතෙක් ප්‍රහාර එල්ල කළ ද එම ප්‍රහාර හමුවේ මරාගෙන මැරෙන යාත්‍රාව වෝටර් ජෙට් යාත්‍රාව ඉලක්ක කරගෙනම ඒ ආසන්නයට පැමිණෙමින් සිටියේය. [/SIZE] [SIZE=5]අණභාර නිලධාරී කමාන්ඩර් නිශ්ශංක වික්‍රමසිංහගේ යාත්‍රාව ආසන්නයේ ප්‍රධාන සුළු නිලධාරී කේ.ජී. ශාන්ත පැදවූ Z 142 යාත්‍රාව තිබිණි. ඔහුට ද මෙම සිද්ධිය හොඳින් නිරීක්ෂණය වන්නට ඇත. වෝටර් ජෙට් යාත්‍රාවට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීමට මුහුදු කොටි යාත්‍රාව ඒ වෙත වේගයෙන් ගමන් ගන්නා අයුරු දුටු ප්‍රධාන සුළු නිලධාරී කේ. ජී. ශාන්ත සතුරු යාත්‍රාව නැවැත්වීමට එම අවස්ථාවේ කිසිදු උපක්‍රමයක් නොමැති බව තේරුම් ගන්නට ඇත. [/SIZE] [SIZE=5]ඒ අවස්ථාවේ සිදුවීමට යන විශාල විනාශය දෙස බලා සිටිනවාට වඩා එය වැළැක්වීමට නම් තමන් පදවන Z 142 නමැති ඇරෝ යාත්‍රාව ඉදිරියට පදවාගෙන ගොස් සතුරු යාත්‍රාවේ වේගයෙන් ගැටීමට සලස්වා එම ගමන වළක්වා ගැනීම ඔහුගේ අරමුණ වන්නට ඇත. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_f58715b2b8.jpg[/IMG][/SIZE] [SIZE=5]මරණ බිය යටපත් කරගෙන තම සගයන්ගේ ජීවිත වෙනුවෙන් තම වගකීම නිසි ලෙස වටහා ගත් මේ අභීත රණවිරුවා අවසානයේ ස්වකැමැත්තෙන්ම එම බෝට්ටුව එන මග ඇහිරීමට තීරණය කරන්නට ඇත. කිසිවකුට කිසිවක් සිතා ගැනීමට නොහැකි පරිදි ප්‍රධාන සුළු නිලධාරී කේ.ජී. ශාන්ත අභීත රණවිරුවා ඔහු පැදවූ Z 142 යාත්‍රාව සිය සගයන් තිදෙනා සමඟ මරාගෙන මැරෙන බෝට්ටුව දෙසට මුහුණට මුහුණලා ඉදිරියට පදවාගෙන ගොස් සතුරු යාත්‍රාව වෝටර් ජෙට් යාත්‍රාව වෙත කඩා වැදීමට පෙර මරාගෙන මැරෙන සතුරු යාත්‍රාවේ මග අවහිර කරමින් ශාන්ත ඔහුගේ යාත්‍රාව සතුරු යාත්‍රාවේ හැප්පීමට සැලැස්වීමත් සමඟම මරාගෙන මැරෙන බෝට්ටුව Z 142 ඇරෝ යාත්‍රාව සමඟම පුපුරා ගියේය. [/SIZE] [SIZE=5]මෙලෙස කොටි ඉලක්කය පෙනි පෙනී මරණය ආසන්නයේ සිටි වෝටර් ජෙට් යාත්‍රාවේ සහෝදර නාවිකයන් 10 දෙනාගේ දිවි බේරා ගනිමින් විශේෂ යාත්‍රා බළගණයේ අභිමානය විදහාපාමින් ප්‍රධාන සුළු නිලධාරී කේ. ජී. ශාන්ත රණවිරුවා දිවි පිදුවේ තම සගයන් තිදෙනා සමඟිනි. [/SIZE] [SIZE=5]මේ වනවිට පැයකට ආසන්න කාලයක් සටන ක්‍රියාත්මක වී තිබූ අතර ප්‍රහාරවලින් සතුරු බෝට්ටු 8ක් සම්පූර්ණයෙන්ම විනාශ වී තවත් බෝට්ටු දෙකක් පැමිණි ප්‍රදේශ වෙතම නැවත හරවාගෙන ගොස් තිබුණි. ප්‍රහාරයෙන් එල්.ටී.ටී.ඊ. මුහුදු කොටි ලුතිනන් කර්නල්වරුන් වශයෙන් හඳුන්වන පදුමන්, කන්නන්, පුලිකුට්ටි ඇතුළු මුහුදු කොටි සාමාජිකයන් 20කට ආසන්න පිරිසක් මියගිය බවට, පසුව ඔවුන්ගේ පණිවිඩ හුමවාරුවලින් තහවුරු වී ඇති අතර සතුරන්ගේ මළ සිරුරු රැසක් මුහුදේ පාවෙමින් තිබෙනු නාවික පිරිසට නිරීක්ෂණය වී තිබුණි. [/SIZE] [SIZE=5]මෙම සටනේදී නාවික හමුදාවේ සිව්දෙනකු මියගොස් එක් නාවිකයකු තුවාල ලැබීය. යාත්‍රා කිහිපයකට ද හානි සිදුවිය. මෙම සිදුවීමෙන් පසු උතුරු මුහුදේ නගර්කෝවිල් මුහුදු කලාපයේ සිට පේදුරුතුඩුව, කන්කසන්තුරේ මුහුදු තීරයට කිසිදු සතුරු ප්‍රහාරයක් එල්ල කිරීමට මුහුදු කොටි සමාජිකයන්ට අවස්ථාව හිමි නොවිණි. [/SIZE] [SIZE=5]මේ වකවානුව වනවිට ප්‍රධාන සුළු නිලධාරී කේ.ජී. ශාන්ත රණවිරුවා සහ නායක නැවි එන්.එම්.අයි. නිශාන්ත යන රණවිරුවන් විවාහ වී පියවරුන් වීමේ අභිලාශයෙන් සිටි අතර ඔවුන්ගේ බිරින්දෑවරුන් ප්‍රථම දරු ප්‍රසූති සඳහා සූදානම් වෙමින් සිටියහ. [/SIZE] [SIZE=5]සියලු ළෙංගතුකම් බැඳීම් පසෙකලා රට, ජාතිය වෙනුවෙන් සහ තම ලෙයින් ඉපදෙන දරුවන් වෙනුවෙන් නිදහස් නිවහල් රටක් උරුම කරදීමට මෙම රණවිරුවෝ දෙදෙනා දිවි පුදකළහ. [/SIZE] [SIZE=5]ප්‍රධාන සුළු නිලධාරී කේ.ජී. ශාන්ත රණවිරුවාගේ පුතු වන විකුම් අනුහස් කොළඹ රාජකීය විදුහලේ හතරවැනි පංතියේ ඉගෙනුම ලබමින් සිටියි. නායක නැවි එන්.එම්.අයි. නිශාන්තගේ පුත් දිනෙර මධුෂාන් මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර විදුහලේ හතරවැනි පන්තියේ ඉගෙනුම ලබයි. [/SIZE] [SIZE=5]ප්‍රධාන සුළු නිලධාරී කේ.ජී. ශාන්ත රණවිරුවාගේ බිරිඳ වන ශානිකා රුවිනි මහත්මිය පවසන්නේ සිය පුතු ඇගෙන් නිතර අසන්නේ “අපේ අප්පච්චි යුද්දෙට යැව්වේ ඇයි” ද යන්නයි. ඒ පියාගේ අඩුව පුතුට තදින්ම දැනෙන නිසාවෙන් බව ද ඇය පවසන්නීය. සිය පුතා, පියා සිදුකළ වීර ක්‍රියාව පිළිබඳ නිසි වැටහීමක් නොමැතිකමින් මෙසේ ප්‍රශ්න කරන බවත් සිය පියාගේ වික්‍රමාන්විත ක්‍රියාව නිසි අයුරින් දැනගත් කල තම පුතු පියා පිළිබඳව නිසැකවම ආඩම්බර වනු ඇති බවත් එම ප්රශ්නය කිසි දිනක තමන්ගෙන් යළි නොවිමසනු ඇතැයි ඇය ප්‍රකාශ කළාය. [/SIZE] [SIZE=5]නායක නැවි එන්.එම්.අයි. නිශාන්තගේ බිරිඳ අයෝමා මහත්මිය කියා සිටින්නේ සිය පුතු නිතරම පවසන්නේ පියාගේ අඩි පාරේ යමින් ඔහු ද නාවික හමුදාවට බැඳෙන බවයි. කෙදිනකවත් සිය ආදරණීය පියා දැක නැති මෙම පුතුන් නාවික හමුදාවට බැඳීමට සිහින දකින්නේ ඒ උදාරතර ලෙයින් අනාගත උරුමක්කරුවකු නාවික හමුදාව වෙත මවමිනි. මෙම සිදුවීම සිදු වී 2018 නොවැම්බර් 1 වැනි දිනට වසර 10ක් සපිරෙන අතර සමරුව අභිමානවත්ව සමරනු ලබයි. [/SIZE] [SIZE=5]2018 නොවැම්බර් 8 වන දින තම 25 වැනි සැමරුම සමරන විශේෂ යාත්‍රා බළගණය මුහුදේ ආධිපත්‍යය පතුරුවන්නේ කුඩා යාත්‍රා මෙහෙයුම් සංකල්පය හරහාය. ඒ දූපත්වල සිදුවන ත්‍රස්ත ක්‍රියාකාරකම් මැඩලීම වෙනුවෙන් විශේෂ යාත්‍රා බළගණය බිහිවීම නිසාය. [/SIZE] [SIZE=5]එවකට ලුතිනන් කමාන්ඩර් නිලයේ සිටි අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න (වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී) විදෙස් රටවල ඇති විශේෂ බළකා සම්බන්ධයෙන් අධ්‍යයනය සිදුකර 1993 නොවැම්බර් මස 8 වන දින කරෙයිනගර් නාවික කඳවුරේදී පළමු විශේෂ යාත්‍රා බලගණ කණ්ඩායමේ පුහුණුව ආරම්භ කළේය. එවකට ලුතිනන් කමාන්ඩර් (වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී) අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා මෙහි නියමුවා වන්නේය. [/SIZE] [SIZE=5]එදා නිලධාරීන් තිදෙනකු සහ නාවිකයන් විසිදෙනකුගෙන් ආරම්භ වූ විශේෂ යාත්‍රා බළගණය 1993 වසරේ සිට කිළාලි කළපුව තම ආධිපත්‍යයට නතු කරගෙන කෙමෙන් කෙමෙන් යුද්ධයේ අවසාන පරිච්ඡේදයේ සුවිශේෂී මෙහෙවරට දායකත්වය දැක්වූහ. යුද්ධ හමුදාව භූමිය අත්පත් කරගන්නා සේම මුහුදේ ආධිපත්‍යය පැතුරුවේ නාවික හමුදාවයි. එයින් ගොඩබිමට ආසන්න වෙරළ තීරයේ සහ කළපු ආශ්රිත ආරක්ෂාව තර කළේ විශේෂ යාත්‍රා බළගණය විසිනි. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_c17920db3e.jpg[/IMG][/SIZE] [SIZE=5]විශේෂ යාත්‍රා බළගණය මේ වනවිට ප්‍රතිත්‍රස්ත නැව් පැහැර ගැනීම සහ මුදවා ගැනීමේ (Visit Board Search Seizure - VBSS) ප්රගුණයන් ලෙස ජාතික ආරක්ෂාවට උරදී සිටී. ඔවුන් තුළ ඇති සැබෑ වීරත්වය නිසාම ඇෙමරිකානු එක්සත් ජනපද ආරක්ෂක නිලධාරීන් ඇතුළු රටවල් ගණනාවක විශේෂ හමුදා ඒකක සාමාජිකයන් විශේෂ යාත්‍රා බළගණ පුහුණු පාසලේදී වාර්ෂිකව අසම්මතික යුද උපක්‍රම පිළිබඳව පුහුණුව ලබති. වසර 25ක කාලය තුළ විශේෂ යාත්‍රා බළගණයේ නිලධාරීන් හා නාවිකයන් 61 දෙනකු රට වෙනුවෙන් දිවි පුදකර ඇත්තේ විවිධ ලෙස දියඹෙන්, ගොඩින් හා ගුවනින් සතුරා සමඟ ඇතිවූ බිහිසුණු සටන් නිසාය. ඒ අතර විශේෂ යාත්‍රා බළගණය දියඹෙන් ගොස් ගොඩබිමේ පිහිටි සතුරන්ගේ මර්මස්ථාන ඉලක්කකර ගත් ජයග්‍රහණ රැසකි. එසේම ශ්‍රී ලංකා යුද හමුදාවේ කමාන්ඩෝ හා විශේෂ බළකාය සමඟ එක්ව සිදුකරන ලද ඒකාබද්ධ සංග්රාමයන් ගණනාවකි. 1996 චුන්ඩිකුලම් මුහුදු තීරයේ සතුරු බළකොටු ඉලක්ක කරගෙන සිදුකරන ලද දැවැන්ත ඒකාබද්ධ “දිරිතර මෙහෙයුම” ඉන් ප්‍රධාන තැනක් ගනී. ඒ විශේෂ යාත්‍රා බළගණය ආරම්භයේ පටන් මොවුන් සමඟ ඇති අන්‍යොන්‍ය පුහුණුව, බැඳීම සහ සහයෝගය සමඟිනි. මේ නිසාම අදටත් ත්‍රිවිධ හමුදාවේ විශේෂ ඒකකයන් සහ පොලිස් විශේෂ කාර්ය බළකාය සමඟ ඒකාබද්ධව විශේෂිත සංග්‍රාමික මෙහෙයුම් පිළිබඳ දැනුම ඔවුනොවුන්ගේ සටන් පාසල් තුළින් ලබාගනු ලබයි. [/SIZE] [SIZE=5]“විකුමැතියට භාග්‍ය ප්‍රසාදනීය වේ” යන ආදර්ශ පාඨය පෙරදැරි කරමින් වීරත්වයේ සහ පුහුණුවේ පන්නරය ලද විශේෂ යාත්‍රා බළගණය අභිමානවත් ලෙස මෙම 2018 නොවැම්බර් මස 9 වැනි දින සිය 25 වැනි සංවත්සරය සමරනු ඇත. [/SIZE] [SIZE=5]රට ජාතිය වෙනුවෙන් තම දිවි කැප කළ එම රණවිරුවන් අභිමානයෙන් යුතුව සිහිපත් කරන අතර ඔවුන් වෙත ජාතියේ ප්‍රණාමය හිමි වේ.[/SIZE] [SIZE=5]විශේෂ ස්තූතිය - නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් චන්දන බණ්ඩාර මහතාට සහ එම ඒකකයට [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [B][SIZE=5]සටහන - ඉන්දිකා රාමනායක [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom