රවී සෙනවිරත්නගේ පත්වීම ගැන මගේ අදහස කිහිප දෙනෙකුම විමසා සිටි අතර මම එය මෙසේ ප්‍රසිද්ධියේ පළ කරමි.
පළමුව රවී සෙනවිරත්නට තනතුරක් ලැබීම ගැන මම සතුටු වෙමි. ඊට හේතුව පසුව සඳහන් කරමි. එහෙත් අමාත්‍යංශ ලේකම් ධුරවලට විශ්‍රාමික නිලධාරීන් පත් කිරීම සම්බන්ධයෙන් පෙර සිටම මා සිටි ස්ථාවරයේ කිසිදු වෙනසක් නැත. අමාත්‍යංශ ලේකම් ධුරයකට පත් කළ යුත්තේ සේවයේ සිටින පරිපාලන නිලධාරියකු බව මම විශ්වාස කරමි.
රවී සෙනවිරත්න යනු මා දන්නා ඉතිහාසයේ චෝදනාවක් නැති නිලධාරියෙකි. මා ඔහුගේ අගය කරන ගුණාංග තුනක් තිබේ. පළමු වැන්න තමන් යටතේ සිටින නිලධාරීන්ට ගැටලු සගත අවස්ථා පැමිණෙද්දී එම ගැටලු පදනම් විරහිත ඒ්වා නම් නිලධාරීන් ආරක්ෂා කිරීමට පෙරමුණ ගැනීමයි. ඊට හොඳම උදාහරණය 2018 දී නිශාන්ත සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ස්ථාන මාරු කළ අවස්ථාවේ දී ඔහු කටයුතු ආකාරයයි. දෙවැන්න නම් ඔහු මූල්‍ය අපරාධ කොට්ඨාසය භාරව පත් කළ වහා එම කොට්ඨාසය ඉදිරිපිට තබා තිබූ බුදුපිළිමය ඉවත් කිරීමයි. එම කොට්ඨාසයට සෑම ආගමකම ජනකොට්ඨාස පැමිණෙන බැවින් කොට්ඨාසය ඇතුළට යද්දීම බුදුපිළිමයක් තැබීම දෙපාර්තමේනතු නියෝග අනුව වැරදි හෙයින් එය එම ස්ථානයෙන් ඉවත් කරන ලෙස ඔහු උපදෙස් දී තිබිණි. තුන්වැන්න නම් තමා යටතේ සිටි ශානි අබේසේකර අත්අඩංගුවට ගත් අවස්ථාවේ සිට ඔහුට ඇප ලැබෙන තුරුම දරුණු මර්දන සමයක වුවද ඔහු කොන්දේසි විරහිතව ශානි වෙනුවෙන් පෙනී සිටීමය. ශානිගේ සෑම උසාවි දිනයකටම ඔහු නොවරදවා පැමිණියේය. ශානිගේ පවුලේ ශුබසාධනය ගැන සොයා බැලීය. ශානි අබේසේකරට උදව් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඔහුගෙන් පළිගැනීමට දේශබන්දු ඇතුළු පිරිස කටයුතු කළේය.
මේ වන විට අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා විසින් රවී සෙනවිරත්න මහතා මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ලෙස පත් කරනු ලැබ තිබේ. දැන් ඔහු හමුවේ ඇති අභියෝගය කුමක්ද?
මහජන ආරක්ෂක අමාත්‍යංශයට ආයතන කිහිපයක් අයත් වේ. ඉන් එක් ප්‍රධාන ආයතනයක් වන්නේ ශ්‍රී ලංකා පොලිසියයි. තවත් ප්‍රධාන ආයතනයක් වන්නේ ආගමන විගමන දෙපාර්තමේන්තුවයි. මෙම ආයතන දෙකම පසුගිය කාලයේ දැඩි කතාබහට ලක්වූ ආයතන දෙකකි.
ආගමන විගමන දෙපාර්තමේන්තුව පසුගිය කාලයේ කතාබහට ලක්වූ හේතු දෙකක් ඇත. එනම් පාස්පෝර්ට් නිකුත් කිරීමට නොහැකිවීමය. අනික නම් වීසා වීසා නිකුත් කිරීම ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව විදේශීය සමාගමකට ලබාදීමය. මීට පෙර අප විසින් ඒ් ගැන දීර්ඝ හෙළිදරව්වක් කළ අතර මෙම ලිපියේ පහලින්ම තිබෙන Link වලින් එම ලිපි වෙත පිවිසිය හැකිය. වීසා නිකුත් කිරීමේ ගනුදෙනුවට එරෙහිව පාර්ශ්ව කිහිපයක් පසුව ශ්‍රේෂ්ඨාධිකරණයට යාමෙන් පසු එම ක්‍රියාවලිය අත්හිටුවා පැරණි ක්‍රමයට වීසා නිකුත් කරන ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කළේය. කෙසේ වෙතත් එම ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය ක්‍රියාත්මක කළේ නැත. එසේම එම ගනුදෙනුව ගැන අපරාධ විමර්ශන ආරම්භ වූයේද නැත.
රවී සෙනවිරත්නට දැන් ඇති අභියෝගය තමා යටතේ වන එක් ආයතනයකට අදාල වීසා ගනුදෙනුව ගැන තමා යටතේ ඇති අනිත් ආයතනය වන පොලිසිය මගින් අපරාධ විමර්ශනයක් සිදු කිරීමය. එසේම දෙවැනි අභියෝගය මෙම ගනුදෙනුවට අදාල කටයුතු අත්හිටුවීම සහ ඊට අදාලව කැබිනට් පත්‍රිකා සකස් කිරීමය. තුන්වැනි අභියෝගය ගනුදෙනුවට සම්බන්ධ ආගමන විගමන නිලධාරීන්ටත්, අමාත්‍යංශ නිලධාරීන්ටත් විනය පියවර ගැනීමේ කටයුතු ආරම්භ කිරීමය. වීසා ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ මහජන ආරක්ෂක හිටපු අමාත්‍ය ටිරාන් අලස් 2010 වසරේ දී ජනතා විමුක්ති පෙරමුණ සමග එකට දේශපාලනය කළ අයකු වන අතර ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ටිරාන් අලස් ගැන අවශ්‍ය ලෙස විවේචනය නොකිරීම ගැන ද ඇතැම් පිරිස් චෝදනා කළහ. දැන් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ලෙස රවී සෙනවිරත්න ටිරාන් අලස්ගේ ගනුදෙනුව ගැන සොයා බලා අවශ්‍ය පියවර ගත යුතුව ඇත. ඔහු මෙම අභියෝගවලට මුහුණ දෙයිද යන්න ගැන අප අවධානයෙන් බලා සිටිය යුතුය.
ඔහුට ශ්‍රී ලංකා පොලිසිය සම්බන්ධයෙන් ඇති ප්‍රධානම අභියෝගය වන්නේ පාස්කු ඉරිදා සිදුවූ ම්ලේච්ඡ ප්‍රහාරයට අදාල විමර්ශන කටයුතු නැවත ආරම්භ කිරීමට අවශ්‍ය පරිමාලනමය උපදෙස් සහ සහයෝගය ලබාදීමය. රවී සෙනවිරත්න යනු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාය. ඔහු පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සෙවූ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ ලබා දුන් සාක්කිය එම කොමිෂන් සභා වෙළුම්වල දෙවැනි වෙළුමේ පිටු 163ක එම සාක්කිය සටහන් කර තිබේ. එම පිටු 163ම මම කියවූයෙමි. ප්‍රහාරයේ අගමුල ගැන ඔහු බොහෝ තොරතුරු එයි තිබේ. ප්‍රහාරයට අදාල විමර්ශන අඩපන වීම ගැන සහ ඔවුන් සොයාගත් තොරතුරු ගැන ඔහු ප්‍රසිද්ධියේ ජනමාධ්‍ය ඔස්සේ කරුණු කියා තිබේ. පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉෂ්ඨ විය යුතු බව ඔහු ප්‍රසිද්ධියේ කියා තිබේ. දැන් යුක්තිය ඉෂ්ඨ කිරීමේ වගලකීමේ ප්‍රධානම කොටසක් ඔහු මතම තිබේ.
පාස්කු ඉරිදා ප්‍රහාරයට යුක්තිය ඉෂ්ඨ කිරීමට වෙනම විමර්ශන කාර්යංශයක් මෙන්ම කොමිසමක් ස්ථාපිත කිරීම කළ යුතු බවට මේ වන විට විවිධ පාර්ශ්ව යෝජනා කර තිබේ. එම යෝජනා ක්‍රියාත්මක කිරීමට අදාල මූලික පියවර ගැනීමේ වගකීම මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ලෙස රවී සෙනවිරත්න වෙත පැටවේ.
එසේම පාස්කු සිදුවීමට අදාලව වගකිව යුතු රාජ්‍ය නිලධාරීන්ට විනය පියවර ගැනීම සම්බන්ධයෙන් ද ඔහුට දැන් වගකීමක් තිබේ.
නිලධාරීන්ට විනය පියවර ගැනීමට අදාලව සමාජය හා සාමයික කේන්ද්‍රය මහජන ආරක්ෂක අමාත්‍යංශයට කළ තොරතුරු ඉල්ලීමකට තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව අප විසින් තොරතුරු කොමිසමට අභියාචනා කළ අවස්ථාවේදී තොරතුරු කොමිසමට නියමිත ක්‍රමවේදය අනුගමනය කිරීමකින් තොරව මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ස්ථාවරයට එකගවීම ගැන අපි අභියාචනාධිකරණයට ගොස් ඇත්තෙමු. එම නඩුව තව නොබෝ දිනකින් නැවත කැඳවීමට නියමිතය. පාස්කු යුක්ති ගැන කතා බහ කළ රවී සෙනවිරත්නට මෙම තොරතුරු අප වෙත හෙලිදරව් කිරීමේ අභියෝගයට ද දැන් මුහුණදීමට සිදුවේ. එසේ නැතිවුවහොත් අධිකරණයට උත්තර බැඳිය යුත්තේ වර්තමාන නම් කළ නිලධාරියා ලෙස ඔහුය.
ඔහු මාලිමාවේ පොලිස් සාමූහිකය නිර්මාණය කිරීමෙන් පසු පාස්කු ප්‍රහාරය වලක්වා නොගත්තා යැයි කියමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් ලවා ඔහු අත්අඩංගුවට ගැනීමේ සැලසුමක් ක්‍රියාත්මක විය. ඔහු ඊට එරෙහිව අධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළේය. එහි එක් වගඋත්තරකරුවකු වන්නේ මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරාය. දැන් එම තනතුර දරන්නේ ඔහුය. මෙම ගැටලු සමග ඔහු ගනුදෙනු කරන ආකාරය කෙසේ වනු ඇත්දැයි බොහෝ දෙනෙක් බලා සිටිති.
ශ්‍රී ලංකා පොලිසියේ වධහිංසාව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය තම නිරීක්ෂණ මීට සති කිහිපයකට පෙර දී නඩු තීන්දුවක සඳහන් කළේය. වධහිංසාව තුරන් කිරීම සම්බන්ධයෙන් අමාත්‍යංශ ලේකම්ටද වගකීමක් ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කර තිබිණි. එසේම ඉදිරියේදී ද වධහිංසාවට අදාල මූලික අයිතිවාසිකම් නඩු පැමිණෙද්දී ඇතැම්විට ප්‍රධානීන්ට එරෙහිව සම්බාදක දැමීමට අධිකරණයට සිදුවනු ඇති බව ද තීන්දුවේ සඳහන් විය. දැන් අමාත්‍යංශ ලේකම්වරයා රවී සෙනවිරත්න නිසා ඔහුට මේ සම්බන්ධයෙන් ද දැන් වගකීමක් තිබේ.
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාටත් වඩා අභියෝග රැසක් රවී සෙනවිරත්න ඉදිරිපිට තිබේ. ඔහු ඒ්වාට කෙසේ මුහුණ දෙනු ඇත්දැයි අපි බලා සිටිමු.
තරිඳු ජයවර්ධන
2024 සැප්තැම්බර් 23 වැනිදා