වූහාන් සිසුන් ලංකාවට ගෙන්වීමට ඉඩ නොදේ

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,057
    35,992
    113
    වොන්ඩර් ලැන්ඩ්
    වූහාන් සිසුන් ලංකාවට ගෙන්වීමට ඉඩ නොදේ

    කොරෝනා වෛරස් ආසාදිතයින් වැඩි වශයෙන්ම සිටින බව පැවසෙන චීනයේ වුහාන්හි සිරවී සිටින ශ්‍රී ලාංකික සිසුන් 30 දෙනා මෙරටට ගෙන්වීමට දැරූ වෑයම තවම අසාර්ථකවී ඇත.
    ජනපති නියමයෙන් ඒ ගැන විධිවිධාන යොදන්නට බලධාරීන් උත්සාහ කළ නමුත් දැනට සියලු කාර්ය නවතා පාළු නගරයක් බවට පත්ව ඇති වුහාන් නගරයේ සිසුන් පිටතට ගෙන ඒමට
    සමත්ව ඇත්තේ ඇමරිකාව ඇතුළු රටවල් කිහිපයක් පමණි.

    කෙසේ වෙතත් චීනයේ කොරෝනා වෛරසය

    සාපේක්ෂව විශාල ලෙස පැතිරී නැති 50 කට අඩු රෝගීන් වාර්තා කර ඇති සිචුආන්හි ශ්‍රී ලාංකික සිසුන් නව වෛරසය නිසා බියට පත්ව සිටින අතර ඔවුන් ගෙන්වා ගැනීමට පසුව බලධාරීන් තීරණය කර තිබේ.

    සිචුආන්හි සරසවි වල අධ්‍යාපනය ලබන 150 ක් පමණ ආපසු ගෙන්වා ගැනීමට විධිවිධාන සලසන්නට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් පරිදි කටයුතු කරන නිලධාරීන් සමත්ව ඇති අතර ඉදිරි පැය 48 තුළ ඔවුන් ලංකාවට පැමිණෙනු ඇත.

    මේ සඳහා ජනාධිපති කාර්යාලය, විදේශ කටයුතු අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, බීජිං නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය එක්ව විශේෂ වැඩපිළිවෙළක් දියත් කර ඇත.
    වූහාන් ප්‍රාන්තයට පිවිසීම හා ඉන් පිටවීම චීන බලධාරින් විසින් දැනට තහනම් කර තිබේ.
    තහනම ඉවත් කළ
    වහාම එහි වෙසෙන සිසුන් ගෙන්වා ගැනීමට සියලු විධිවිධාන සලසා ඇත.
    චිනයේ පුරා විසිර සිටින සියලු සිසුන් හා ශ්‍රී ලාංකිකයන් පිළිබඳ තොරතුරු රැස් කරමින් පවතින බව ද විදේශ සබඳතා අමාත්‍යාංශයේ ලේකම් රවිනාත් අර්යසිංහ මහතා පවසයි.
    තානාපති කාර්යාල නිලධාරීන් සහ ශ්‍රී ලාංකිකයන් අතර සන්නිවේදනය We chat භාවිතයෙන් සිදු කෙරේ.
    චීනයේ සිට ශ්‍රි ලංකාවට එන සියලුම දෙනා ගුවන් තොටුපොළේ සිට නිරෝධායන ක්‍රියාවලියට (Quarantine) ලක් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේය.
     
    • Like
    Reactions: 2osama

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    උන් වසංගතේ පැතිරෙන එක හින්දා නේ එහෙම හිර කරන ඉන්නේ. දැන් ඔහොම ගෙනාවම ලංකාවේ ඉන්න උන්ට ඕක බෝ වෙන්නේ නැද්ද ?:confused: එන උන් ලංකාවේ එක එක පළාත්වල උන්, උන් හැම පළාතටම බෙදිලා ගියාම ඉතින් දවස් 10කින් පස්සේ මෙහෙත් වුවාන් වගේ තියෙයි.


    නැත්තන් ඔය එන අයව කොටු කරලා තියන්න වෙන්නේ :yes:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,663
    72,895
    113
    මාලඹේ
    උන් වසංගතේ පැතිරෙන එක හින්දා නේ එහෙම හිර කරන ඉන්නේ. දැන් ඔහොම ගෙනාවම ලංකාවේ ඉන්න උන්ට ඕක බෝ වෙන්නේ නැද්ද ?:confused: එන උන් ලංකාවේ එක එක පළාත්වල උන්, උන් හැම පළාතටම බෙදිලා ගියාම ඉතින් දවස් 10කින් පස්සේ මෙහෙත් වුවාන් වගේ තියෙයි.


    නැත්තන් ඔය එන අයව කොටු කරලා තියන්න වෙන්නේ :yes:

    චීනයේ සිට ශ්‍රි ලංකාවට එන සියලුම දෙනා ගුවන් තොටුපොළේ සිට නිරෝධායන ක්‍රියාවලියට (Quarantine) ලක් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේය.

    භයවෙන්න දෙයක් නැහැනේ
    හරි ක්‍රමයට තමා රට ඇතුලට ගන්නේ
     
    • Like
    Reactions: hichchiputha

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    භයවෙන්න දෙයක් නැහැනේ
    හරි ක්‍රමයට තමා රට ඇතුලට ගන්නේ




    කල් ගිහින් නේ බන් ලෙඩේ මතු වෙන්නේ ?
     

    karsha

    Junior member
  • Sep 27, 2010
    222
    6
    18
    භයවෙන්න දෙයක් නැහැනේ
    හරි ක්‍රමයට තමා රට ඇතුලට ගන්නේ
    me Sri lanka we? LABBA THAMAI.HORA PASSPORT HADAPU< HORA IDHADAPU> SUNAMI SLLI HORAKAPU< SONHON HADANDA SALLI HORA KAPU RATA BAN MEKA> OYA LAMI OHEMA HITIYADEN> MEHE MIL INNA WA BAN> 30ta godak wadi.
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    83356245_10156914272091705_6206856586061676544_n.jpg



    :sorry::sorry:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    උන් වසංගතේ පැතිරෙන එක හින්දා නේ එහෙම හිර කරන ඉන්නේ. දැන් ඔහොම ගෙනාවම ලංකාවේ ඉන්න උන්ට ඕක බෝ වෙන්නේ නැද්ද ?:confused: එන උන් ලංකාවේ එක එක පළාත්වල උන්, උන් හැම පළාතටම බෙදිලා ගියාම ඉතින් දවස් 10කින් පස්සේ මෙහෙත් වුවාන් වගේ තියෙයි.


    නැත්තන් ඔය එන අයව කොටු කරලා තියන්න වෙන්නේ :yes:

    පවිත්‍රා ඇමුතිතුමී කමිටුවක් දැම්මෙ
    ඒහින්දා බයවෆන්න දෙයක් නෑ යාලුවෙ :yes:
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,779
    6,860
    113
    If your family members in Wuhan what is you comment here??
    ඔයාගේ එහෙම හිටියනම් ඔයාගේ ෆැමිලි එක වෙනුවෙන් රටේ ඉන්න අහිංසක මිනිස්සු ලක්ෂ 200 ගේම ජිවිත අනතුරේ දානවද ?
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    භයවෙන්න දෙයක් නැහැනේ
    හරි ක්‍රමයට තමා රට ඇතුලට ගන්නේ

    උබ හිතනවාද බං ?:confused::confused: මේක ලංකාව බන් :lol::lol::lol:
    ඔන්න උන තියෙනවද කියලා චෙක් කරලා උන නැත්නම් ගෙදර යවයි . හදිස්සියේ වත් උන නැතුව නිකන් හරි සතියක් තියාගන්න හැදුවොත් අම්මලා තාත්තලා පරම්පරාවම ඇවිත් ,උද්ඝෝෂණ කරයි.
    :lol::lol::lol:
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ඔයාගේ එහෙම හිටියනම් ඔයාගේ ෆැමිලි එක වෙනුවෙන් රටේ ඉන්න අහිංසක මිනිස්සු ලක්ෂ 200 ගේම ජිවිත අනතුරේ දානවද ?

    ඔතන ඉන්නේ මන් උනානම් මන් නම් ලංකාවට එන්නේ නෑ , මගේ පවුලේ එකෙක් උනා නම් උටත් එන්න දෙන්නේ නෑ ..
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,057
    35,992
    113
    වොන්ඩර් ලැන්ඩ්
    චීනයේ සිට ව්‍යාප්ත වන කොරෝනා වෛරසය පැතිරීම සම්බන්ධයෙන් අද (27) සවස 3.30 දක්වා චීනයේ මාධ්‍ය වාර්තා කරන තොරතුරු එකතුව පහත පරිදිය.
    චීනයේ අවම වශයෙන් 2,804 ක් හා විදේශයන්හි 59 ක් වෛරසය ආසාදනය වී ඇත.
    චීනයේ පමණක් මරණ වාර්තාවන අතර මියගිය ගණන මේ වනවිට 81 කි. රෝහල්ගතවී සුවය ලද පිරිස 51 කි.මේ අතර 461 ක් බරපතල තත්වයෙන් මරණය අභියස සිටින බවට
    සෞඛ්‍ය අංශ දන්වා ඇත.
    දැනට සිදුකරගෙන යන පර්යේෂණ අනුව මිනිසාගෙන් මිනිසාට සම්ප්‍රේෂණය තහවුරු වි ඇති අතර විශේෂඥ මතයක් ලෙස වෛරසයට විකෘති වීමේ හැකියාව ඇති බව දන්වා ඇත.
    මෙම වසංගත තත්වය නිසා චීනයේ නගර සහ පළාත් 30 ක් පළමු මට්ටමේ හදිසි ප්‍රතිචාරය දියත් කර ඇති අතර හොංකොං රටපුරා හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කළේය.
    අද (27) උදෑසන නව කොරොන වයිරස් රෝගීන් 371 ක් හුබෙයිහි තහවුරු කරන ලද අතර මරණ 24 ක් සිදුවිය.
    බීජිං හි නව කොරොන වයිරස් රෝගීන් 4 දෙනෙකු සනාථ කරන ලද අතර,

    නගරයේ තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව 72 ක් දක්වා ඉහළ ගොස් ඇත.
    නව කොරෝනා වයිරසයේ 5 වැනියා හමුවූ බව ඕස්ට්‍රේලියාව සනාථ කරන ලද්දේ අද උදේය. දකුණු කොරියාව සිය 4 වැනියා අද සොයාගනු ලැබිණි.
    දැනට රෝගීන් 6 ක් වාර්තාවී ඇති මැකාවූ රාජ්‍යයේ කොරෝනා රෝගයට සැකසහිත පිරිස් වෙන්කර තැබීමේ ඉඩකඩ ප්‍රශ්නයට විසදුමක් ලෙස ඔවුනගේ විනෝදාස්වාද කඳවුරු පවත්වන ස්ථානවල තාවකාලික නවාතැන් කාමර යොදාගැනීම අරඹා තිබේ.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් බීජිං නුවරට ගොස් කොරෝනා වයිරස් පැතිරීම පිළිබඳව අද (27) සාකච්ඡා කළේය. මේ අතර චීනයේ වාර්ෂික වසන්ත නිවාඩුව ඊයේ අවසන් වීමට නියමිතව තිබුණද කොරෝනා වයිරස්පැතිර යාමේ නව පියවරක් ලෙස චීනයේ රාජ්‍ය කවුන්සිලයේ මහ කාර්යාලය සඳුදා නිවේදනය කළේ වසන්ත උත්සව නිවාඩු දිනය පෙබරවාරි 2 දක්වා දීර්ඝ කරන බවයි.
    ජනවාරි 28 ට පෙර ටිකට්පත් මිලදී ගත් මගීන්ට කිසිදු ගාස්තුවක් අය නොකර රටපුරා දුම්රිය ප්‍රවේශ පත්‍ර අවලංගු කළ හැකි බව චීනයේ දුම්රිය ක්‍රියාකරු නිවේදනය කළේය.

    මේ අතර වඩාත් කතාබහට ලක්වූ වුහාන් නගරය චීන පුරවැසියන් සඳහා පිටවීම හා ඇතුළුවීම තහනම් කර ඇති අතර මුළුමනින්ම නිවාස අඩස්සියක රටවැසියන් තබා ඇත. මෙම නීතිය ජනවාරි 26 සිට ජනවාරි 30 දක්වා තදින් බලපවත්වන බවට නිවේදනය කර ඇත.
    සඳුදා පැවති මාධ්‍ය හමුවකදී ෂැංහයි නාගරික රජය නිවේදනය කළේ කලාපයේ ව්‍යවසායන්හි කම්කරුවන් පෙබරවාරි 9 වනදා මධ්‍යම රාත්‍රිය වන තෙක් නැවත සේවයට නොපැමිණිය යුතු බවත්, පෙබරවාරි 17 වනදා දක්වා දේශීය පාසල් විවෘත නොකළ යුතු බවත්ය.

    වුහාන් මහජන ආරක්ෂක කාර්යාංශයේ පිටවීමේ හා ප්‍රවේශ පරිපාලන දෙපාර්තමේන්තුව

    මෙම නීතිය අකුරට ක්‍රියාත්මකවීම ගැන සොයා බලයි.
    චීනයේ ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව (එන්ඩීආර්සී) ඉරිදා කියා සිටියේ මධ්‍යම අයවැය යටතේ ආයෝජනය කිරීමෙන් යුවාන් මිලියන 300 ක් (එක්සත් ජනපද ඩොලර් මිලියන 43.25 ක් පමණ) කලාපයේ කොරෝනා වෛරස් පැතිරීම් නැවතීමට සහාය වීම සඳහා මධ්‍යම චීනයේ හුබෙයි පළාතේ වුහාන් නගරයට යවන බවයි.

    වුහාන් හි නව කොරොන වයිරස් රෝගීන් සඳහා විශේෂිත රෝහල් දෙකක් ඉදිකිරීමට ආධාර කිරීම සඳහා මෙම අරමුදල භාවිතා කරනු ඇත - හුඕෂෙන්ෂාන් රෝහල සහ ලයිෂෙන්ෂාන් රෝහල. වැදගත් වෛද්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා ද මෙම අරමුදල යොදා ගැනේ.

    දින 6 කින් ඉතා වේගයෙන් මෙම රෝහල් ඉදිකර නිමකරන්නට සැලසුම් යොදා ඇත.
    චීනයේ ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාව සඳුදා කොරෝනා වයිරස් පැතිරීම වැළැක්වීම සහ පාලනය කිරීම පිළිබඳව මාධ්‍ය හමුවක් පවත්වා තිබේ.
    පිරිස් පාලනය, සංක්‍රමණිකයන් විශේෂයෙන් මධ්‍යම චීනයේ වුහාන් වෙත ගිය අය සොයා ගැනීම, කොරෝනා වෛරස් ආසාදිත රෝගීන් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයින්ගේ කළමනාකරණය , පාරිසරික සනීපාරක්ෂාව වැඩිදියුණු කිරීම සහ මහජන සෞඛ්‍ය අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම ඇතුළු නව ක්‍රියාමාර්ග රාශියක් පිළිබඳව නිලධාරීන් එහිදී සාකච්ඡා පවත්වා ඇත.
    චීන අගමැති ලී කෙකියැන්ග් සඳුදා හුබෙයි පළාතේ වුහාන් වෙත පැමිණියේ නව කොරොනා වයිරස් පැතිරීම වැළැක්වීමට සහ පාලනය කිරීමට ගන්නා උත්සාහයන් පරීක්ෂා කර මග පෙන්වීම සඳහා ය. ඔහු රෝගීන් සහ වෛද්‍ය කාර්ය මණ්ඩලය ද හමුවිය.
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    භයවෙන්න දෙයක් නැහැනේ
    හරි ක්‍රමයට තමා රට ඇතුලට ගන්නේ

    lankawe quarantine redda balapan IDH eke hospital eka negombo hospital eka jalawath na, adan na.
    unge una balala gedara yawai :lol:
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    If your family members in Wuhan what is you comment here??

    we should bring them back but our medical infrastructure and knowledge of medical staff and people is not enough to process them safely into the country.
    and the families will not let to quarantine them for 14+ days. Those who are there should decide whether to come here and kill thousands or stay there and keep heads down until this passes or the government should consult foreign medical officers to safely process them into the country.

    still chinese ppl are roaming around the country and no one has taken any action :nerd:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,275
    113
    Gotland
    Ena plane eka mattala land karala wi dapu hanger eke oya set eka quarantine karala thiyanna ona at least 3-4 weeks. ita passe awlak na.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    චීනයේ සිට ශ්‍රි ලංකාවට එන සියලුම දෙනා ගුවන් තොටුපොළේ සිට නිරෝධායන ක්‍රියාවලියට (Quarantine) ලක් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේය.


    මෙහෙ ගෙනත් Quarantine කරල තියන්න මොලේ පුකට බැහැලද?
     

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Godak China gihin thienne medical students la. Man danna nangi kenekwa ammala China yewwe idam wikunala.



    Lankawe private medical college 1 thibuna nan mehema wenne na neda?