වෙඩින් අරන් දගලන්න ආස නැති අය

rithik_putha

Well-known member
  • Aug 12, 2017
    165
    329
    63
    කොළොම් තොටේ
    යාලුවනේ, මම බැදපු කෙනෙක් නෙමෙයි. මට මේ වෙද්දි කෙල්ලෙක්වත් නෑ.
    මම වැඩිය සමාජ ආශ්‍රය කරන්න කැමති නැති කෙනෙක්. මොකද මම කෙනෙක් එක්ක හිතවත් උනොත්, ඒ කෙනා උදව්වක් ඉල්ලුවොත් උපරිම උදව් කරන ගතියක් තියෙනවා. හිත රිද්දන්න කැමති නෑ. ඉතිං ඒ හින්දම මට හම්බෙන ගොඩක් අය වාසියට විතරක් ලං උන අය. පොඩි කාලේ ඉඳලම හිත් රිදවීම් තමා ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා මම දැන් වෙද්දි ගොඩක්ම තනියම ඉන්න බලන්නේ..

    මම අනිත් අය වගේ කට්ටියට කියලා ලොකුවට දගලල වෙඩින් වලට ආසම නෑ. උපරිම මට ඉන්න ලගම ලග නෑදෑයන් කිහිපදෙනෙකු එක්ක රෙජිස්ටර් වෙලා බදින්න තමා මම කැමති. පාටි වලට ආස නෑ.
    ඒත් ෆොටෝ ගන්න නම් ආසයි. ලොකු ෂූට් නෙමෙයි.

    ඒත් අනේ මන්දා කෙල්ලො ගොඩක් අය ලොකුවට වෙඩින් ගන්න හීන මවන අය.. එහෙම නැති අයත් සමහර විට ඇති..

    එහෙම හිතන කෙනෙක් හම්බුනොත් ගොඩ.
     

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    එහෙම කෙල්ලෝ ඉන්නවා බන්.. මගේ බැජ් එකේ යාළුවෙක් බැන්දේත් ඔහොම.. ගෙදර පෝරුව චාරිත්‍ර ටික කලා.. හොඳම යාළුවෝ 10ට පොඩි කෑමක් දුන්නා.. එච්චරයි.. දැන් දූලා දෙන්නෙක් ඉන්නවා.. සංතෝසෙන් ජීවත් වෙනවා..
     

    rithik_putha

    Well-known member
  • Aug 12, 2017
    165
    329
    63
    කොළොම් තොටේ

    rithik_putha

    Well-known member
  • Aug 12, 2017
    165
    329
    63
    කොළොම් තොටේ
    එහෙම කෙල්ලෝ ඉන්නවා බන්.. මගේ බැජ් එකේ යාළුවෙක් බැන්දේත් ඔහොම.. ගෙදර පෝරුව චාරිත්‍ර ටික කලා.. හොඳම යාළුවෝ 10ට පොඩි කෑමක් දුන්නා.. එච්චරයි.. දැන් දූලා දෙන්නෙක් ඉන්නවා.. සංතෝසෙන් ජීවත් වෙනවා..
    මමත් එහෙම කරන්න තමයි කැමති. ඒත් ඒ වගේ හිතන කෙනෙක් හම්බුනොත් හොදයි. ගොඩක් කෙල්ලෝ ලොකු ලොකුවට අනිත් අයට වඩා කිය කිය වියදම් කරල පේන්න වෙඩින් ගන්න හීන මවන්නේ. පින තමයි අර විදිහට හිතන කෙනෙක් හම්බුනොත්
     

    rithik_putha

    Well-known member
  • Aug 12, 2017
    165
    329
    63
    කොළොම් තොටේ
    මමත් උබ වගේම තමයි. මටත් ඔය කියපු සේරම දේවල් තියෙනවා.
    අපි හිතන විදියට හිතන, අපේ ආසාවන් වලට ලගින් කැමති කෙනෙක් හම්බුනොත් ගොඩ තමා. ඒ වගේ හීතන අය අඩුයි. බහුතරය සමාජෙ උන්ට පේන්න රඟන්න හීන මවන්නේ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,036
    1
    61,172
    113
    Mother Earth
    මම වගේ කෙනෙක්. මාත් යාළුවන්ට උපරිම විදිහට උදව් කරනවා. මට හොඳම යාළුවො 4යි ඉන්නෙ. උන් මට බොක්කෙන්ම. මාත් උන්ට එහෙමයි. ඒත් කපටි එකාව අඳුර ගන්න හොඳ instinct and intellect වෙන්න පුරුදු වෙන්න. කපටි වැඩ කරන්න නෙමෙයි. ඒත් කපටි එකාට වඩා අපි කපටි වෙන්න ඕන. ඒක හදා ගන්න ඕන හැම කෙනෙක්ම.
     

    deadpool84

    Active member
  • Jan 12, 2018
    242
    205
    43
    අවබෝධය, සහ විශ්වාසය තමා වැදගත්. මෙතනදී ගොඩක් කෙල්ලො බලාපොරොත්තු වෙනව ලස්සනට වෙඩින් එකක් ගන්න, එකට අපිට වැරද්දක් කියන්නත් බැහැ ඉතින්. එහෙම නැති අයත් ඉන්නව හැබැයි අඩුයි.