වෙඩින් අරන් දගලන්න ආස නැති අය

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    අපෝ උබේ මහ ගෑනි නම් ලෙසටම එහෙම කරල තියෙන බව පේනවා. 🐶
    මමද දාර පොන්නයෝ පෙට්ටි කතාවක් ඇදලා ගත්තේ. තොගෙ මෑණියෝ අවලමේ ගිහින් දැකපු පුරුද්දට තෝ හිතුවද හැමෝම එහෙමයි කියලා.
     

    Cricket crazy

    Well-known member
  • Nov 5, 2014
    802
    758
    93
    යාලුවනේ, මම බැදපු කෙනෙක් නෙමෙයි. මට මේ වෙද්දි කෙල්ලෙක්වත් නෑ.
    මම වැඩිය සමාජ ආශ්‍රය කරන්න කැමති නැති කෙනෙක්. මොකද මම කෙනෙක් එක්ක හිතවත් උනොත්, ඒ කෙනා උදව්වක් ඉල්ලුවොත් උපරිම උදව් කරන ගතියක් තියෙනවා. හිත රිද්දන්න කැමති නෑ. ඉතිං ඒ හින්දම මට හම්බෙන ගොඩක් අය වාසියට විතරක් ලං උන අය. පොඩි කාලේ ඉඳලම හිත් රිදවීම් තමා ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා මම දැන් වෙද්දි ගොඩක්ම තනියම ඉන්න බලන්නේ..

    මම අනිත් අය වගේ කට්ටියට කියලා ලොකුවට දගලල වෙඩින් වලට ආසම නෑ. උපරිම මට ඉන්න ලගම ලග නෑදෑයන් කිහිපදෙනෙකු එක්ක රෙජිස්ටර් වෙලා බදින්න තමා මම කැමති. පාටි වලට ආස නෑ.
    ඒත් ෆොටෝ ගන්න නම් ආසයි. ලොකු ෂූට් නෙමෙයි.

    ඒත් අනේ මන්දා කෙල්ලො ගොඩක් අය ලොකුවට වෙඩින් ගන්න හීන මවන අය.. එහෙම නැති අයත් සමහර විට ඇති..

    එහෙම හිතන කෙනෙක් හම්බුනොත් ගොඩ.
    Respect karanawa macho ubage thoughts walata, mamath marry karala na machan , eththatama ubage Ada has thama matath thiyenne namuth ada thiyenne mila mudal walata greedy samajayak machan, especially kellonta ona salli.
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    mama bandath mage yaluvo kiyala un dethun denekuta vitharayi invite karanne. adurana bandapu un weddingvalata kalin invite nokarapu ekektavath kiyan na.
     

    TWishwadeepa

    Well-known member
  • Jul 13, 2018
    759
    319
    63
    යාලුවනේ, මම බැදපු කෙනෙක් නෙමෙයි. මට මේ වෙද්දි කෙල්ලෙක්වත් නෑ.
    මම වැඩිය සමාජ ආශ්‍රය කරන්න කැමති නැති කෙනෙක්. මොකද මම කෙනෙක් එක්ක හිතවත් උනොත්, ඒ කෙනා උදව්වක් ඉල්ලුවොත් උපරිම උදව් කරන ගතියක් තියෙනවා. හිත රිද්දන්න කැමති නෑ. ඉතිං ඒ හින්දම මට හම්බෙන ගොඩක් අය වාසියට විතරක් ලං උන අය. පොඩි කාලේ ඉඳලම හිත් රිදවීම් තමා ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා මම දැන් වෙද්දි ගොඩක්ම තනියම ඉන්න බලන්නේ..
    Same here
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,040
    1
    61,177
    113
    Mother Earth
    @Roxxy2K සොරි මම හිත රිදුණ මොනා හරි කිව්ව නම්. උබට විහිළුවක් කලේ.

    "දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ’ති"
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    @Roxxy2K සොරි මම හිත රිදුණ මොනා හරි කිව්ව නම්. උබට විහිළුවක් කලේ.

    "දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ’ති"
    මමත් විහිලුවට බං කිව්වෙ.😛 ඔව්වා ගණන් ගන්න එපා. මගෙනුත් මොකක් හරි හිත් රිදීමක් උනා නම් සමාවෙන්න ඕනෙ.
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,162
    4,935
    113
    මොකද මම කෙනෙක් එක්ක හිතවත් උනොත්, ඒ කෙනා උදව්වක් ඉල්ලුවොත් උපරිම උදව් කරන ගතියක් තියෙනවා. හිත රිද්දන්න කැමති නෑ
    ඒ නිසා මම දැන් වෙද්දි ගොඩක්ම තනියම ඉන්න බලන්නේ..
    same :yes::yes:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,058
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕනමනං සුළුවෙන් ගනිං. කොහොමත් මගුලක් ගත්තා නැතා අන්දලා කරලා වෙඩින් ෆොටෝ ටිකක් ගනින්. මොන මකබාව කරත් අන්තිමට ඉතුරුවෙන්නේ ෆොටෝ ටික විතරයි.
    එක එක ෆකයිලට කන්න බොන්න දීලා කුණු කතා අහලා, හොටෙල් වලට බාර ඔප්පුකරලා අතේ කීය හරි නාස්ති නොකර ඒ ගානින් ඉඩමක් ගනිං. නැත්තං වාහනයක් ගනිං. නැත්තං පොතේ දාල තියාගනින්.
    කෙල්ලට මගුලක් ගන්නම ඕනනං. සල්ලි තියෙන ක්‍රවුඩ් එකක්නං අදුනන්නේ, අඩුගානේ ප්ලේට් එකේ ගානවත් දෙන ජාතියේ මිනිස්සුන්ට ඉන්වයිට් කරපං. එතකොටනං උන් ටික එකතුවෙලා උඹව වියදන්කරලා බන්දලා දුන්නා වගේ ෆීලින් එකක් එයි. :love2:🦊:lol:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,243
    1
    101,078
    113
    34
    Kalutara
    මම යන හැම වෙඩිමකදීම හිතන්නේ ඔය ගැන තමා. ඉරිදා ගිය හෝම් කමින් එකකට. හෝම් කමින් කිව්වට ඉතින් ඒකත් හෝටලේකනේ. රෑක තිබ්බේ අවුට්ඩෝ පාටියක්. ගෙවල් අහල පහල ගෑනු සේරම සාරි පටලවන් ගියා. කිලෝ 100ට එහා මහතා ඇන්ටි කෙනෙක් කන්න ගිහින් පඩියක් පැටලිලා කෑම පිඟානත් එක්ක බිම දඩොස්.. ඒ පළවෙනියා. ජයග්‍රාහි දෙවෙනියා විදිහට මනමාලයාගේ අම්මත් බිම දඩොස්. බීපු අපි කෙලින්,

    මගුල දවසේ කරපුව වීඩියෝ කරලා දෙවෙනි දවසේ ප්‍රොජෙක්ටර් ගහලා හැමෝටම පෙන්නනවා. විලි ලැජ්ජයි. ඒ අස්සේ DJ එක හද්දම චොර. වෙඩින් වලට එන DJ හැත්ත නම් මෙලෝම රහක් නෑ. හරි හමන් DJ එකකට නැටුවේ 2018 sunfest එකේදී විතරයි. සසර කල කිරනවා වෙඩින් කියල ගන්න එව්වා දැක්කම. හෙටත් වෙඩිමක් ගේ ඉස්සරහම ගෙදර. කොහේ තියෙන සල්ලිද බන් ඔව්වට දෙන්න. අනික කොහේ තියෙන ඇඳුම් ද ඔව්වට අඳින්න. ශෝටයි ටීෂර්ට් එකයි ඇඳගෙන යන්න පුළුවන් තත්වේ වෙඩින් සම්ප්‍රදායක් බිහි කරන්න ඕන සිරි ලංකාවට. හෙට වෙඩිමට පොල්ල තියන්නේ බැලුවේ. අඳුරන කොල්ලෙක්වත් නෑනේ යන්න. අනික බොන්නත් නැහැල්ලු.