වෙඩි තිබ්බද වෙඩි වැදුනද

Siyalla dath

Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    වෙඩි තිබ්බද වෙඩි වැදුනද


    71260213_677956199367089_8829456907983912960_n.png

    අධිකරණ වෛද්‍ය විද්‍යාව කියන්නේ නීතිමය කටයුතු වලදී උසාවියයි වෛද්‍ය විද්‍යාවයි නීතියයි එකිනෙකට සම්බන්ද කරන ක්ෂේත්‍රයක්.අපි එදිනෙදා දකින දොස්තරලට වඩා මෙයාල ටිකක් වෙනස්.මොකද මෙයාලා ගාවට එන්නේ ගොඩක් වෙලාවට ලෙඩ්ඩු නෙමේ.මල මිනියක් වෙන්න පුළුවන්,එහෙම නැති නම් ඇටසැකිල්ලක් වෙන්නත් පුළුවන්.ඉතින් තමුන්ට තියන වෛද්‍ය විද්‍යා දැනුම පාවිච්චිකරලා නීතියේ සාධාරණත්වය සොයන හරියටම රහස් පරීක්ෂකයෝ වගේ කට්ටියක් තමයි මෙයාලා.JMO කියන්නෙත් මෙයලම තමා.

    your family doctor කණ්ඩායම තීරණය කළා අධිකරණ වෛද්‍ය ගැටළු කිහිපයක් විසදන ආකාරය ඔයාලට පැහැදිලි කරන්න.

    හිතන්න පුද්ගලයෙක් වැටිලා ඉන්නවා හිසට එල්ල උන වෙඩි පහරක් එක්ක.තුවක්කුවත් ලගම වැටිලා තියනවා නම් සිය දිවි නසා ගැනීමක්ද නැත්තන් මිනීමැරුමක් ද කියල තීරණය කරන්න පොලිසියට ගැටළුවක් ඇති වෙනවා නම් ඒ වගේ වෙලාවට අධිකරණ වෛද්‍ය නිලදාරීන්ගේ උදව් ගන්න සිදු වෙනවා.මේවගේ අවස්ථාවක අධිකරණ වෛද්‍ය නිලදාරියෙක් මේ සිදුවීම විශ්ලේෂණය කරන්නේ කොහොමද කියලා සරලව කියන්නයි යන්නේ අද අපි.

    රහස් පොලිසිය වගේම තමා JMO ටත් සිදුවීම උන ස්ථානයට යන්න ඕනි.අවශ්‍ය සාක්කි සටහන් කරන ගන්නත් ඕනි.
    හිතන්නකෝ අපි හිතවා නම් මෙය සිය දිවි නසා ගැනීමක් කියලා JMO නිලධාරියා තමන්ගේ සාක්කි ගොඩනගා ගන්න විදිය තමයි අපි කියන්න යන්නේ.

    1.මනුස්සයෙක් එක පර සිය දිවි නසා ගන්නේ නැ.එක්කෝ එයා කලින් උත්සහ කරලා තියනවා වෙන්න පුළුවන් මේ වගේ දෙකට.ඒ කියන්නේ සිය දිවි නසා ගන්න ඔය වෙනත් ක්‍රම වගේ( ගගේ පැනීම,කෝච්චියට බෙල්ල තිබීම වගේ)
    අනික ආයුදයක් හොයා ගන්න එකත් අමාරුයි සාමාන්‍ය කෙනෙක්ට ආරක්ෂක අංශ පාතාල වගේ කෙනෙක් නොවෙනවා නම්.මෙයාගේ රස්සාව පරණ තොරතුරු හොයලා බලන්නත් ඕන.ඒ කියන්නේ මොනවා හෝ මානසික පිඩනයකින් ඉන්න කෙනෙක් නම්,මානසික අබාධ තියනවා න,මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා නම් සිය දිවි හානි කරනගන්න අවස්ථාව වැඩි.
    සමහරු තමන්ගේ ඇග කපා ගන්නවා.විශේෂයෙන් අත්කකුල් වගේ තැන.මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි උන ය අතර මේක දකින්න පුළුවන්.එහෙම ය සියදිවි නසා ගන්න අවස්ථාවත් වැඩි.
    අධිකරණ වෛද්‍ය නිලධාරීන් ඔන්න ඔයවගේ දේවල් ගැනත් ලොකු අවධානයක් දෙනවා ස්ථානීය පරික්ෂ වලදී.

    2.වෙඩි පහරේ දරුණුකම.
    වෙඩි තියාගන්න මනුස්සයෙක් කවදාවත් ඔයා ලගින් යන්න ගැවිලා යන්න වෙඩි තියාගන්නේ නැනේ.අනිවාර්යෙන්ම මාරාන්තික පහරක් වෙන්න ඕන.අනික මාරාන්තික වෙඩි පහරවල් එකකට වඩා තියෙන්නත් බෑ.වෙනත් තුවාල තියෙන්නත් පුළුවන්.හැබැයි ඒවා මාරාන්තික වෙන්න නම් බෑ.

    3.හුරු අතින් වෙඩි තිය ගැනීම.මාරාන්තික වෙඩි පහරවල් තියාගන්නේ මිනිස්සු හුරු අතින්.නුහුරු ඇත පාවිච්චි කරන්නේ නැ ඒ වගේ වෙලාවට.

    4.පිස්තෝලය
    ගොඩක් වෙලාවට මල සිරුර ලගම වැටිලා තියෙන්න ඕන.ඇගිලි සලකුණු තියෙන්නත් ඕන.
    හැබැයි මේ දේවල් මිනිමරුවට වෙනස් කරන්නත් පුළුවන්.

    5.වෙඩි තිබ්බේ කොච්චර දුරක ඉදන්ද
    වෙඩි පහරක් එක්ක දුම් වලාවක් එනවා.දුම් කියන්නේ කාබන් අංශු.අධික උෂ්ණත්වයකින් තමයි මේ කාබන් අංශු නිකුත් වෙන්නේ.ලග ඉදන් වෙඩි තියාගත්තොත් කාබන් අංශු වලට හිස්කබල පිච්චෙන්න පුළුවන්.ඒ වගේම හම කළු වෙන්න, TATOO වගේ කාබන් හමේ තැන්පත් වෙන්නත් පුළුවන්.
    සිය දිවි නසා ගැනීමක් කියන්නේ ඉතින් ලග ඉදන් වෙඩි තිය ගැනීමක් නේ.

    6.ස්ථානය
    මිනීමැරුමක් නම් පොර බැදීමක සලකුණු තියෙන්න පුළුවන්.හැබැයි වෙනත් තැනක මරලා ගෙනත් දැම්මොත් ඒ වගේ සලකුණු නම් නැති වෙයි.

    7.කවදාවත් සියදිවි නසා ගන්න කෙනෙක් එකපාරට හිතලා ඒ වගේ දෙයක් කරන්නේ නැ.අනිවාර්යෙන්ම තමුන්ට සමීප කෙනෙක් ට ඒ බව අගවනවා.සමහර විට ලියුමක් ලියල තියනවා වෙන්න පුලුවන්.

    8. මල සිරුර කපලා බැලුවොත් අභ්‍යන්තර පරීක්ෂාවක් කරන්න පුළුවන්.සිරුර ඇතුලේ එක උණ්ඩයකට වඩා හමු උනොත්,නැත්තම් ඇගෙන් උණ්ඩ එකකට වඩා පිටවීමේ ලකුණු ඇතිනම්,මරණය මොලයට අමතරව වෙනත් ඉන්දියකට උන මාරාන්තික හානියක් කියලා තහවුරු උනොත් මිනිමරුමකට තියන අවස්ථාව වැඩි වෙනවා.

    ඔන්න ඔය වගේ දේවල් තමයි තමයි ගොඩක් වෙලාවට පරික්ෂා වෙන්නේ.
    මේ ක්ෂේත්‍රය සාමාන්‍ය වෛද්‍යවරකට වඩා පොලිස් නිලදරියෙක්ටත් සමීපයි කියල මුලින් අපි කිව්වේ අයි කියලා ඔයාලට දැන් තේරෙනවා ඇති.

    ලිපිය හොද නම් SHARE කරන්න.
     
    Last edited:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    සිඩ්නි ස්මිත් මහත්තයාගේ ''අධිකරණ වයිද්‍යය විද්‍යාව '' ගැන ලියපු පොතක් තියෙනවා සිංහලයෙන් පරිවර්තනය කරපු.
    ඒක කියවන්න. සෑහෙන යමක් දැනගන්න පුළුවන්.
    අභය හේවාවසම් ගේ පරිවර්තනයක්.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    සිඩ්නි ස්මිත් මහත්තයාගේ ''අධිකරණ වයිද්‍යය විද්‍යාව '' ගැන ලියපු පොතක් තියෙනවා සිංහලයෙන් පරිවර්තනය කරපු.
    ඒක කියවන්න. සෑහෙන යමක් දැනගන්න පුළුවන්.
    අභය හේවාවසම් ගේ පරිවර්තනයක්.

    U0MipDu.jpg
     
    • Like
    Reactions: bubble butt

    indika250

    Well-known member
  • Mar 23, 2008
    990
    392
    63
    ma wage dawal internet dana aka hoda madi nada.mini marumak adura ganna tiyana awastawa nati wanna puluwan
     
    Last edited: