ඕක Visual Effect Development Team එකකින් කරපු සුපිරි Visual Effect වැඩක්. Animation නෙමෙයි. කට්ටිය වරදවා වටහාගන්නව.
මේක ඇවිල්ල 3D Software එකකින් කරපු Robo Molding Design එකකට live motion capture තාක්ෂණය පාවිච්චි කරල නිර්මාණය කරල තියෙන්නෙ. ගොඩක් Hollywood Film වල මේකෙම වඩාත් Advance Technology එකක් තමයි පාවිච්චි කරන්නෙ. මේක Animation නෙමයි කිව්වෙ 3D software එකක් හරහා Animate කරන එක Artificial වැඩියි. නමුත් මේකෙ ඇත්තම පුද්ගලයෙක් Robo විදිහට රඟපානව. ඒ රඟපෑම 3D Object එකට සම්බන්ධ කරනව අන්තිමට. ඒකයි ඒ Robo ගෙ චලනය, හැසිරීම වඩාත් තාත්විකව පේන්නෙ. අවසානයට නිවැරදිව Lighting පාවිච්චි කරල අදාල පසුතලයට ගැලපෙන විදිහට 3D Object එකේ ආලෝකය ගලපනව ඇත්ත එකක් වගේ පේන්නෙ ඒකයි.