වෙඩි තියවාගෙන කැනඩා පනින්න ගිය උද්දික අත්අඩංගුවට..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    සහකාර පොලිස් අධිකාරීවරයෙකු සමග එක්ව තම මෝටර් රථයට වෙඩි තබා ගැනීමේ සිදුවීමට අදාළව සිදුකරන විමර්ශනවලින් අනතුරුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික පේ‍්‍රමරත්න මහතා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානමින් සිටී.

    වෙඩි තබා ගැනීමේ සිද්ධිය හිටපු මන්ත්‍රීවරයාගේ අනුදැනුම මත සිදුවූවක් බවට දැනට කරන ලද පරීක්‍ෂණවලින් හෙලිව ඇත.


    කුමන්ත්‍රණය කිරීම රජය හා පොලිසිය නොමග යැවීම, රාජ්‍ය අපකීර්තියට පත් කිරීම ඇතුළු චෝදනා ඔහුට එල්ල වෙයි.


    දැනට සිදුකර ඇති විමර්ශනවලදී හෙළි වී ඇත්තේ අනුරාධපුර සහකාර පොලිස් අධිකාරීවරයා හිටපු මන්ත්‍රීවරයාගේ මෝටර් රථයට වෙඩි තැබීම සඳහා පෞද්ගලිකව පැමිණ ඇති බවය.


    සිදුවීමෙන් අනතුරුව වෙඩි තැබීම පිළිබඳව විමර්ශනය සිදුකර ඇත්තේ ද එම පොලිස් අධිකාරීවරයා විසින්ම බවද හෙළි වී ඇත.


    මේ වන විටත් පොලිස් අධිකාරිවරයා තම දරු පවුල සමග මැලේසියාවට පලා ගොස් සිටින අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසියේ සහාය ලබා ගැනීමට නියමිතව තිබේ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,645
    87,012
    113
    ආශ්චර්යමත් රටක
    Canedawen deport karai da

    එහෙම වෙන එක නවත්තන්න තමා මේ නිවුස් එක යවන්න ඇත්තෙ.

    එතකොට ඌට කියන්න පුලුවන් නේ වෙඩි තිව්ව මදිවට දැන් කුමන්ත්‍රණයක් යනව මාව අත්අඩංගුවට අරන් හිරේ දාන්න ඒ නිසා යන්න බෑ ඉහි ඉහි මාව යවන්න එපා ඉහි ඉහි කියලා 🙈
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,897
    17,125
    113
    Kottawa

    වෙඩි තියවාගෙන කැනඩා පනින්න ගිය උද්දික අත්අඩංගුවට != වෙඩි තියවාගෙන කැනඩා පනින්න ගිය උද්දික අත්අඩංගුවට සූදානමින් සිටී. :oo:

     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,467
    100,530
    113

    වෙඩි තියවාගෙන කැනඩා පනින්න ගිය උද්දික අත්අඩංගුවට != වෙඩි තියවාගෙන කැනඩා පනින්න ගිය උද්දික අත්අඩංගුවට සූදානමින් සිටී. :oo:

    නැකතක් හදා ගන්න @Lovtus ගාවට යන ගමන් ඇත්තේ
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    https://elakiri.com/threads/මන්ත්‍ර...න්ත්‍රණයක-පෙරනිමිත්තක්.2122737/#post-29896312

    rajapakhala pennapu ataka nataka wala hetiyata, me kathawa script ekak wennath puluwan


    ජාතික නිදහස් පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න ඊයේ (17) රාත්‍රියේ මෝටර් රථයෙන් තම අනුරාධපුර පෞද්ගලික නිවසට පැමිණෙමින් සිටියදී නාඳුනන තුවක්කුකරුවෙකු විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් තමාගේ මෝටර් රථයට හානි සිදුවූ බවත් තමාට කිසිදු අනතුරක් සිදුව නොමැති බවත් 'අනූනවයෙන් තම දිවි බේරාගත්' බවත් උද්දික ප්‍රේමරත්න පවසා තිබේ.

    මෙම වෙඩි තැබීම ඊයේ රාත්‍රි 10.20ත් 10:30ත් අතර සිදුවන්නට ඇති බව පොලිසිය කියයි.

    මන්ත්‍රීවරයා තම මෝටර් රථයෙන් පෞද්ගලික නිවසට පැමිණ නිවසේ ප්‍රධාන පිවිසුම් ගේට්ටුව අසල රථය නවතා වත්තට ඇතුළු වනවාත් සමඟම මෙම වෙඩි ප්‍රහාරය සිදුව තිබෙන බවත් ඒ මොහොතේ මන්ත්‍රීවරයා රථයෙන් එළියට බැස සිටි බවත් පොලිසිය පවසා ඇත.

    මෙම වෙඩි තැබීම මෝටර් රථයේ පසුපස ආසනයේ සිටි අයෙකු ඉලක්ක කරමින් පිටුපසින් සිදු කර තිබෙන ආකාරයක් දක්නට ලැබෙන අතර පිස්තෝලයකින් එල්ල කළ වෙඩි ප්‍රහාර කිහිපයක්ම තිබෙන ආකාරයක් ද දක්නට ලැබෙන බව පොලිසිය කියයි.

    පුදුමය නම් උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීවරයාගේ නිවසේ ඉදිරිපස ගේට්ටුව ආවරණය වන පරිදි ආරක්ෂිත කැමරා ද්විත්වයක්ම සවි කර තිබූ නමුත් ඒවා ක්‍රියා විරහිත වී පැවතීමයි.

    මන්ත්‍රීවරයා රථයෙන් බැස ගේට්ටුවද විවෘත කර නිවසට යද්දී පිටුපස අසුන ඉලක්ක කරමින් වීදුරුවට වෙඩි තැබීමට වෙඩික්කාරයා පිස්සෙකු විය යුතුය. මෙතෙක් කිසිවෙකු අත් අඩංගුවට ගෙන ද නැත.

    මෙය පැහැදිලිවම නාටකයකි.​

    නමුත් මෙහි ඇති අනතුර නම් මේ නාටකය ඉදිරි මැතිවරණයක් ඉලක්ක කර "නාඳුනන තුවක්කු කරුවා" යන භීෂණය මැවීමේ අරමුණක් මෙහි තිබුනා ද යන්නයි.

    ඊයේ රාත්‍රී අනුරාධපුරයේ මේ 'නාඳුනන තුවක්කුකාර' නාටකය සිදුවන්නේ අද අනුරාධපුරයේ ජාතික ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් සමුළුව පැවැත්වීමට නියමිතව තිබිය දී වීමද විශේෂිත ය. ජානිපෙ යනු ජවිපෙන් කැඩී ගොස් හැදූ පක්ෂයකි.

    කෘතිම භීෂණයක් ඇති කිරීමේ දේශපාලන කුමන්ත්‍රණයක්..​

    පොහොට්ටු යූඇන්පී සහ ඔවුන් සමග අත්වැල් බැඳගෙන සිටින දේශපාලන පඩංගු පක්ෂ ජනතාවගෙන් වේගයෙන් වියෝ වෙමින් තිබෙන බව නොරහසකි. ඒ අතරේ ජාතික ජන බලවේගයේ වේගවත් නැගී ඒමක් තිබෙන බව ද නොරහසකි. සාධාරණ ඡන්දයකින් නම් පොහොට්ටු යූඇන්පී හම්පඩ පක්ෂ වලට කිසිදු ජයග්‍රහණයක් තබා 'ජ' යන්න ආසන්නයටවත් පැමිණිය නොහැකි ය. එවැනි පසුබිමක 'නාඳුනන තුවක්කු කරුවන්' මවා, සමහර විටෙක එකෙකු දෙන්නෙකු බිලි දී වුව කෘතිම භීෂණයක් ඇති කිරීමේ දේශපාලන කුමන්ත්‍රණයක් උද්දික ප්‍රේමරත්නට වෙඩි තැබීමේ නාටකය පසුපස තිබෙන බවට සැක කිරීම සාධාරණ ය.

    ජනතාව වෙනදාට වඩා අවදියෙන් සිටිය යුතු යුගයක් මේ සිද්ධියත් සමග ආරම්භ කළ යුතුය.
     

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    මට මතකයි මේ මනුස්සය හොද කෑම වට්ටෝරු ටිකක් කීවා පාර්ලිමේන්තු කතා වලදි. පේන හැටියට මිනිහ කන දේවල් තමයි කියල තියෙන්නේ.
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha

    වෙඩි තියවාගෙන කැනඩා පනින්න ගිය උද්දික අත්අඩංගුවට != වෙඩි තියවාගෙන කැනඩා පනින්න ගිය උද්දික අත්අඩංගුවට සූදානමින් සිටී. :oo:

    🤭 🤭 🤭පොහොට්ටුවේ පිහිටෙන් හොරා කන හාමුගේ සෙට් එකත් ඔය වගේ තමයි..