වෙඩි_තියමු 2 - Introduction to Gel Blaster rifles

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    වෙඩි_තියමු 2 - Introduction to Gel Blaster rifles

    වෙඩි තියමු කිව්වාට ඉතින් ඇත්ත තුවක්කුවකින් නෙමේ.. ඇත්ත වගේම සෙල්ලම් තුවක්කුවකින්.

    කලින් ත්‍රෙඩ් එකේ දැම්මානේ මොනවද ජෙල් බ්ලාස්ටර් කියන්නේ කියලා..
    ඒ ත්‍රෙඩ් එක මෙතනින් බලන්න පුලුවන්.

    http://www.elakiri.com/forum/showthread.php?p=25273325#post25273325

    හෝ මේ වීඩියෝ එක බලන්න




    අද කියන්න යන්නේ ජෙල් බ්ලාස්ටර්ස් තුවක්කු වලට පාවිච්චි කරන ජෙල් බෝල ගැන

    ඔයාලට මතක ඇති අපි පොඩි දවස්වල තිබුනා පාට පාට බෝල මල් වාස්වල දාලා.. එකේ වෙන්නේ වතුරට පොඩි සීඩ්ස් ටිකක් දැම්මම ඒවා වතුර උරාගෙන ලොකු වෙනවා. ඇත්තටම මේ වගේම බෝල තමා අපි ජෙල් බෝල කියලා ගන්නේ.
    හැබයි හැම එකක්ම මේකට ගැලපෙන්නේ නෑ. මේ තුවක්කු වලට පාවිච්චි කරන ඒවා නියමිත විශාලත්වයෙන් තියෙන්න ඔනේ.. එ කියන්නේ මිලිමීටර් 7-8 අතර වෙන්න ඔනේ. ඉතින් ඒ ප්‍රමාණයට එන්න අඩුම ගානේ පැය 3-4 අතර කාලයක් පිරිසිඳු වතුරේ දාලා තියන්න ඔනේ. බෝල ලොකු උනාට පස්සේ වතුරේ ගිලිලා තියෙන තරමට වතුර දාන්න මතක තියාගන්න. නැතිනම් බෝල වල හරි ප්‍රමාණයට ලොකු වෙන්නේ නෑ. එතකොට තුවක්කුව හරියට වැඩකරන්නේ නෑ.

    1KG-Lot-Gel-Balls-Water-Bead-7-8mm-Crystal-Hardened-Bullet-5-Colors-for-Toy-Gu.jpg_q50.jpg


    MilkyWhite.jpg



    ඒ වගේම මේ බෝල වල බර වෙනස් වෙන එක අනුවත් තුවක්කුවේ ක්‍රියාකාරිත්වය වෙනස් වෙනවා. තුවක්කුව ගන්නකොට හම්බෙන බෝල විනිවිද පේන ඒවා. බර අඩුයි.
    ජෙල්සොෆ්ට් ක්‍රීඩා වලදි දැනට වැඩිපුරම භාවිතා කරනේ මිල්කි වයිට් කියන එක. ඒක සුදුපාට්යි සහ බරින් ටිකක් වැඩියි. තව තැබිලි පාට, නිල් පාට, සහ කොල පාට වලිනුත් ගන්න පුලුවන්. එකකට එකක් පාට වගේම බර අතිනුත් ටික ටික වෙනස් වෙනවා. ඔයාලටම, ඔයාලගේ තුවක්කුවට හරියටම ගැලපෙන එක හොයාගන්න පුලුවන්. බෝල පාට පාට තිබුනට, පේන්ට් බෝල වගේ මේවා පිපුරුවාට පාට විසිරෙන්නේ නෑ. සමහර ඒවා පුපුරන්නේත් නෑ. හැබයි ඉතින් වැදුනම පොඩ්ඩක් රිදෙනවා.

    එහෙනම් අපි ගියා
    ජය වේවා!!
     
    Last edited:
    • Like
    Reactions: tha123

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    අපෝ බන් ඔයිට වඩා හයියෙන් මට කෙළ ගහන්න පුලුවන් ඒම් එකට
    බලපන් ඕකෙන් මහවට වෙඩි තිබ්බොත් කොළඹටනෙ වදින්නෙ