ලැට් රෝසි රැඩිකල් ද
රැඩිකල් පුස්සෝ හෙවත් ඇන්ග්ලෝ ක්‍රිස්තියානි අධිපතිවාදය වෙන්වෙන් සේවය කරන හිඟන වහළුන්.
![]()
ව්‍යාජ නිරාගමිකත්වයක් මවාගෙන බුදුන් වහන්සේට අපහාස කරනුයේ හැංගි හැංගි වෙස් බඳින කතෝලිකයෝ සහ ක්‍රිස්තියානි කාරයෝය. බහුතරයක් ක්‍රිස්තියානි සහ කතෝලික බැතිමතුන් මෙම පිරිස් වලට අනුබල නොදෙන බව විශ්වාසය.
වර්තමාන ව්‍යාජ රැඩිකල් පුස්සන්ගෙන් පෙර ගමන් කරුවන් වුයේ කලෝ ෆොන්සේකා වැන්නවුන්ය. අද මහළු ෆොන්සේකා තමාගේ බැණා වූ රංජන් හරහාද සහ තවත් හිතවතුන් හරහා (චාර්ල්ස් දේවගැති) මෙම ව්‍යාපාරය සිදු කරයි. රන්ජන්, දයාන් සහ චාල්ස් දේවගැති වැන්නවුන් විවිධ මුහුණුවරින් වරෙක දේශපාලනික සටන් පාඨ කියමින් දේශපාලකයින් නොමග යවමින්ද වරෙක ගයමින්, වරෙක පොත් ලියමින්, ගීත රචනා කරමින් වරෙක රඟමින් සිදු කරනුයේ සිංහල බෞද්ධ විරෝධය එලි දැක්වීමය.
වර්තමානයේ සිංහල බෞද්ධ සංස්කෘතියට පහර දීමෙන් පහසුවෙන් තම බඩ සරිකරගත හැකි බව තේරුම් ගත් තරුණ පුස් රැඩිකල්ලු හෙවත් අපිරිසිදුව මුහුණ මොදන්නේ නැති රැවුල කොන්දේ කපන්නේ නැති ගංජා ගහන නරුමයෝ රැලක් බිහිවී ඇත. ඇත්තෙන්ම මේ අපිරිසිඳු බව රැවුල කොන්ඩේ වවාගෙන සිටීම මගින්ම පමණක් ඔහුන් රැඩිකල් සළු පැළඳි අයවලුන් වෙති. එලෙස ව්‍යාජ රැඩිකල් මුහුණක් ආරුඪ කරගෙන කරනුයේ තමන්ගේ බඩ සරිකර ගැනීමට අවශ්‍ය මුදල් සොයාගැනීමට ලෙහෙසිම මාවත වූ සිංහල බෞද්ධ සංස්කෘතියට ගැරහිම නිසාය.
මොහුන් සැබෑ විප්ලව වාදීන් හෝ රැඩිකල්ලු නොවෙති. මොහුන් ගෙන් අති බහුතරය අධ්‍යාපනයක් නොලද සංස්කෘතියෙන් ක්‍රිස්තියානි කතෝලික වූ එහෙත් එය එළිපිට සමාජයේ හෙළි නොකරන පුස්සෝය. මොහුන් තමුන්ගේ උදර පෝෂණය උදෙසාම ලෙහෙසි පහසු මාවතක් තෝරාගෙන ඇත. ඒ සිංහල බෞද්ධ සංස්කෘතියට හැකි සැම අයුරකිනම් පහර ගැසීම සහ හැකිනම් පුළුවන් තරමින් විනාශ කිරීමය. මෙසේ කටයුතු කරන පිරිස් සඳහා අගනා ගෙවීමක් ඩොලර්, පවුම්, ක්‍රෝන වලින්ම සිදු කිරීමට අන්තර්ජාතික යයි කියන නමුත් බලවත් රටවල් කිහිපයකට අවශ්‍යතාවය අනුව කටයුතු කරන සංවිධාන ව්‍යුහයක් රාජ්‍ය නොවන සංවිධාන නමින් ගොඩ නංවා ඇත. සිංහල බෞද්ධ සංස්කෘතියද ඇතුළුව ඇන්ග්ලෝ ක්‍රිස්තියානි සංස්කෘතියට අනුගත නොවන ඒ ඒ රටවල සැම සංස්කෘතියක්ම විනාශ කිරීමට සංවිධිත සංවිධාන ජාලයක් සහ යාන්ත්‍රණයක් සමස්ත ලෝකය පුරාම ක්‍රියාත්මක කර ඇත.
අදාල රටවල තම ක්‍රියාකාරීන් නඩත්තු කිරීමට රාජ්‍ය යාන්ත්‍රනය අක්‍රමණය කොට ඉහලින් වැජබෙන නිලධාරී පැලැන්තියක් ස්ථාපිත කර ඇත. එලෙසම මොහුන්ට ප්රශස්ති ගැයීමට කලා කරුවන් නමින් ඉහලට ඔසවා ඇති පිරිසක්ද ස්ථාපිත කර ඇත. තවද මොහුන්ගේ පුස් වැඩ සඳහා ශාස්ත්‍රීය මුහුණුවරක් දීමට විශ්ව විද්‍යාල තුලද නඩත්තු කරන පිරිසක් වෙති. ඇත්තටම මේ සියලු කණ්ඩායම එකිනෙකා මත රඳා පවතිමින් සහ යැපෙමින් අදාල රටේ මුලික සංස්කෘතිය පළමුව විනාශ කිරීම සිදු කරයි. ඒ සඳහා අනෙකුත් ජන්වර්ගද උපයෝගී කරගනී. පළමු අරමුණ ලඟා කරගත් පසු අස්ථාවර වන සමස්ථ පද්ධතියම විනාශ කර දමා තම ඇන්ග්ලෝ ක්‍රිස්තියානි සංස්කෘතිය ස්ථාපිත කිරීම මේ නව යත්විජිත වාදීන්ගේ අරමුනයි.
බ්‍රසීලය වැනි දකුණු ඇමරිකානු රටවල මිනුසුන්ගෙන් පික් පොකට් ගහන කණ්ඩායම් ඇත. ඔහුන් කණඩායම් වශයෙන් ගොස් එක් අයකු පික් පොකට් ගහන අතර තමාගේ සගයාව ආරක්ෂා කරගැනීමට ඉතා සුක්ෂම රංගනයක යෙදේ.
එලෙසම වර්තමාන සිංහල බෞද්ධ සංස්කෘතියට පහර ගසන්නෝ එකම කණ්ඩායමකි. එම කණ්ඩායමේ සමාජිකයින් විවිධ සමාජ දේශපාලන සංස්කෘතික ආයතන වල බලය උපක්රමිකව ලබාගෙන ආධිපත්‍යක් ගොඩ නගා ගෙන ඇත. එක් අයෙක් කරනු ලබන ක්‍රියාවක් (උදාහරණ: ඉහත ආකාරයේ බුදුන් වහන්සේට අපහාස කොට ලියන ලද ලියන ලද පහත් පෙලේ පොතක්) අරක්ෂා කිරීමට, උත්කර්ෂයට නැංවීමට මොහුන් වගා බලා ගනී. මොහුන්ම තම සගයාව රැඩිකල් පොරක් කර ඉහලින් වර්ණනනා කරති. එලෙස තම කණඩායමේ එකිනෙකාව ඔසවා තැබීමට තමන්ගේ ස්වාමියන්ගේ න්‍යාය පත්‍රයට අනුව වරින් වර කටයුතු කරති.
මොහුන් සැබවින්ම බුද්ධිමතුන් හෝ නිදහස් මතධාරී දැනුම සොයා යන්නවුන් නොවෙති. මොහුන් සියල්ලට ඇත්තේ සිංහල බෞද්ධ සංස්කෘතිය සමග වයිරයකි.
මේ අයෙකුවත් සර්ව බලධාරී දෙවියන් වහන්සේ විවේචනය නොකරති. සර්ව බලධාරී දෙවියන්ට පළමු පාස්කු දින තම අනුගාමිකයන් තමන්ගේ නිවෙස්වල දොර ඉදිරිපිට ලේ සලකුණක් නොතැබූ වානම් සර්ව බලධාරී දෙවියන් රස්තියාදු නොවී මුළු ඊජිප්තුවේම විනාශ වෙන්න තිබුණු බව මතක් වෙන්නේ නැහැ. සර්වබලධාරී දෙවියන් රස්තියාදු නොගහා සියළු දේ විනාශකරන දෙවියෙක්ද? එවන් කරුණු ගැන විවේචනයක් මේ නිරාගමිකයන්ට නැත. ඔහුන්ගේ එකම ඉලක්කය සිංහල බෞද්ධ සංස්කෘතියයි.
"The First Passover - Exodus 12:13
…12
On that night I will pass through the land of Egypt and strike down every firstborn male, both man and beast, and I will execute judgment against all the gods of Egypt. I am the LORD.
13
The blood on the houses where you are staying will distinguish them; when I see the blood, I will pass over you. No plague will fall on you to destroy you when I strike the land of Egypt."
ඇත්තෙන්ම පාස්කු දිනය ලෙස සිංහලට පරිවර්තනය වී ඇත්තේ මෙම මෙම Passover නම් දිනයයි. පළමු තෙස්තමේන්තුවට අනුව හීබ්රු වරුන් Pesah නමින්ද ග්‍රීක සහ ලතින් භාෂා වලින් Pascha ලෙස හැදින්වුයේද මෙම පාස්කු දිනයයි. පසුව නව තෙස්තමෙනුතුවේ මෙම Passover දිනය ජෙසුස්වහන්සේගේ මරණින් මතු උත්ථාන වූවායි කියන දිනයට සම්බන්ද කරන ලදී.
මේ කිසිදෙයක් නොදන්නා, දැන සිටියත් විවේචනය කිරීමට බිය එහෙත් පණ්ඩිතමානිව සිංහල බෞද්ධ සංස්කෘතිය ට ගරහන මොහුන් සියල්ලෝම පුස්සෝ වෙති.
මේ පුස්සන්ව ඇන්ග්ලෝ ක්‍රිස්තියානි ආධිපත්‍ය විසින් නඩත්තු කරති. විවිධ සම්මාන උපහාර ඇගයීම් සහ අනෙකුත් බඩ වඩා ගැනීමට අවශ්‍ය වරදාන ලබාදීමෙනි.
ඇන්ග්ලෝ ක්‍රිස්තියානි අධිපතිවාදයේ අරමුණ අනෙකුත් සියලුම සංස්කෘතීන් ගර්හාවට උපහාසයට භාජනය කොට ඒවා විනාශ කිරීමට හැකි සැම කාරයක්ම කිරීම මගින් තම ඇන්ග්ලෝ ක්‍රිස්තියානි සංස්කෘතිය තවදුරටත් ආරක්ෂා කරගැනීමය.
ඉහත රැඩිකල් පුස්සෝ ඇන්ග්ලෝ ක්‍රිස්තියානි අධිපතිවාදය වෙන්වෙන් සේවය කරන හිඟන වහළුන්ය.
ඇත්තෙන්ම මේ රටේ පවතින සියළු ගැටලුවලට මුල ඇන්ග්ලෝ ක්‍රිස්තියානි අධිපතිවාදය විසින් සිංහලයන් සහ ඔහුන්ගේ සංස්කෘතිය සමග අනෙකුත් ජනවර්ග වලට සහජීවනයක් අවභෝධයක් ගොඩනැගීමට ඉඩ නොදී එකිනෙකා වෙන්කර දුරස්කර තැබීමට ගන්නා උත්සහයයි.
ඇන්ග්ලෝ ක්‍රිස්තියානි චෙල්වනකම් ගෙන් ඇරඹි එහි දේශපාලනික කාර්යය භාරය LTTE සංවිධානයට පැවරී තිබුණු අතර එය තීරණාත්මකව විනාශ කිරීමෙන් අනතුරුව MA සුමන්තිරන් නමැති සැබෑ ඇන්ග්ලෝ ක්‍රිස්තියානි ලබ්දිකයා සහ උපතින් සහ පැවැත්මෙන් ඇන්ග්ලෝ ක්‍රිස්තියානි ලබ්දිකයෙක් වන නමුත් බලය වෙනුවෙන් ව්‍යාජව බෞද්ධ වී ඇති රනිල් වික්‍රමසිංහ නැමති සිංහල බෞද්ධයන්ගේ සැබෑ සතුරා විසින් දේශපාලන නායකත්වය දෙමින් සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ කිරීම හරහා සිංහල සහ හින්දු දෙමළ බහුතරයකගේ අයිතිවාසිකම් පාගා දමමින් බටහිරයන්ගේ සහ ඉන්දියානුවන්ගේ ආධිපත්‍ය ආරක්ෂා කරගනිමින් සිටී.
රුවන් දිසානායක

නාම පුවරුවල සිංහල නම්වලට උතුරු මහ ඇමැතිට ජුවල් නගී - යාපනයේ නාගදීපයක් නැතිලු
යාපනයේ සියලුම මංමාවත් හා ගම්වල නම් නාම පුවරු වල යෙදීමේදී දෙමළ නම් දෙමළෙන් ඇති ආකාරයට දෙමළ භාෂාවට ප්‍රමුඛත්වය ලබා දෙමින් ප්‍රදර්ශනය කළ යුතු බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් යාපනයේ සියලුම නිලධාරීන්ට දැනුම් දී තිබේ.
යාපනයේ පළාත් පාලන ආයතන නිලධාරීන් පිරිසක් සමග 18 දා යාපනයේදී පැවති සාකච්ඡාවකදී ප්‍රධාන අමාත්‍යවරයා මේ බව දැනුම් දී තිබේ.
බෞද්ධ භික්ෂුන් වහන්සේගේ හා ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ වුවමනාවක් මත යාපනය ඇතුළු උතුරේ බොහෝ ගම්වල නම් නාමපුවරු වල යෙදීමේදී දෙමළ නම් සිංහලට පරිවර්තනය කොට යොදා ඇතත් එය විශාල වරදක් බවද ප්‍රධාන අමාත්‍යවරයා පවසා ඇත.
මේ සඳහා උදාහරණ ගණනාවක් දී ඇති ප්‍රධාන අමාත්‍යවරයා යාපනයේ නාගදීපයක් නැති බවත් ඇත්තේ නයිනතීව් පමණක් බවත් නිලධාරීන්ට පෙන්වා දී තිබේ. නාගදීපයට යන පාර සම්බන්ධයෙන් යාපනයේ එක් ස්ථානයක සවිකොට ඇති නාම පුවරුව (ඡායාරූපයේ ඇති) සම්පූර්ණයෙන්ම වැරදි බවද ප්‍රධාන අමාත්‍යවරයා පවසා ඇත.
වහාම මෙම නාමපුවරු නම් කිරීම ඉතා ඉක්මනින් සිදු කරන ලෙස උපදෙස් දී ඇති ප්‍රධාන අමාත්‍යවරයා නාමපුවරු වල නම් යෙදීමේදී උතුරේ වැඩි ජනගහනයක් දෙමළ නිසා මුලින්ම ඒ නම් දෙමළ භාෂාවෙන්ද, විදේශීය සංචාරකයින් මේ පළාත්වලට පැමිණෙන නිසා දෙවනුවට ඉංග්‍රීසි භාෂාවෙන්ද තුන්වෙනුව සිංහලෙන්ද නාමපුවරු ලකුණු කරන මෙන් දැනුම් දී තිබේ



රෝසිගේ නිල කාමරයේ තිබූ ඓතිහාසික බුදු රුව අතුරුදන්
කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියගේ නිල කාමරයේ තිබී ඉවත් කරන ලද ඓතිහාසික ලෝහමය බුද්ධ ප්‍රතිමා වහන්සේ අතුරුදන්ව ඇති බව කොළඹ මහ නගර සභාවේ ආරංචි මාර්ග පවසයි.
රෝසි සේනානායක මහත්මිය නගරාධිපති ධුරයට පත්වීමෙන් පසු නිල කාමරයේ තිබූ පැරණි බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉවත් කර ඇතැයි පෙරේදා (19 දා) අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වූ උත්සවයකදී ඕමල්පේ සෝභිත හිමියෝ පැවසූහ. කොළඹ මහ නගර සභාවේ තිබූ බුද්ධ ප්‍රතිමා වහන්සේ නැවත එම ස්ථානයේ තැන්පත් කළ බව රෝසි සේනානායක මහත්මිය තමාට එම අවස්ථාවේම දුරකථනයෙන් දැනුම් දුන් බව අගමැතිවරයා එහිදී සිය කතාවේදී කියා සිටියේය.
එහෙත් ඊයේ (20 දා) පෙරවරුව වන විටත් නගරාධිපති නිල කාමරයෙන් ඉවත් කළ බුද්ධ ප්‍රතිමා වහන්සේ සොයා ගැනීමට නොහැකිව සිටියදී ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය අංශය ඒ පිළිබඳව සොයා බැලීමට පැමිණ ඇත. එම අවස්ථාවේ නගරාධිපතිනිය කලබල වී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නිල කාමරයේ තැන්පත් කර තිබූ බුද්ධ ප්‍රතිමා වහන්සේ නගරාධිපති නිල කාමරයේ තැන්පත් කර ජනාධිපති කාර්යාලය නොමග යෑවූ බව කොළඹ නගර සභා සේවකයෝ zදිවයිනZට පැවසූහ.
රෝසි සේනානායක මහත්මිය විසින් සිය නිල කාමරයේ දැනට තැන්පත් කර තිබෙන සුදු පැහැති බුද්ධ ප්‍රතිමා වහන්සේගේ සහ පැරණි බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ඡායාරූප සස\ බැලුවහොත් එය වටහා ගැනීමට අපහසු නොවන බවද ඔවුහු කියති.
ඓතිහාසික වටිනාකමක් ඇති බුද්ධ ප්‍රතිමා වහන්සේ වසර 50 කට අධික කලක සිට නගරාධිපති නිල කාමරයේ තැන්පත් කර තිබී ඇත. එම කාලය තුළ සිරිසේන කුරේ, හුසේන් මොහොමඩ්, රත්නසිරි රාජපක්ෂ, කේ. ගනේෂලිංගම්, කරු ජයසූරිය, ඕමාර් කාමිල්, ප්‍රසන්න ගුණවර්ධන, උමේස් ඉමිටියාස්, ඒ. ඡේ. එම්. මුසම්මිල් යන මහත්වරුන් නගරාධිපතිවරුන් ලෙස කටයුතු කළ ද ඒ කිසිවකුත් මෙම ප්‍රතිමා වහන්සේ ඉවත් කිරීමට හෝ වෙනස් කිරීමට කටයුතු නොකළ බව සේවකයෝ පවසති.


ජෙප්පෝ වර්ග
==============
වාමාංශික ජෙප්පො
~~~~~~~~~~~~~~
මොවුන් විජේවීර ගේ උත්තේජනයෙන් ජෙප්පන් වුවන් ය...ජනතා විමුක්ති පෙරමුණේ පන්ති පහට සහභාගී වී ඇත. රුසියානු පොතපත සහ මාක්ස් ගේ පොත පත කියවා ඇත. නිර්දන පන්තිය, පන්ති පීඩනය ආදී වචන බහුලව භාවිත කළෝය. 71,89 කැරළි සඳහා සක්‍රීයව දායක වී සමාජවාදය නිෂ්ඵල දෙයක් බව වටහාගෙන දැන් පිනක් දහමක් කරගෙන ජීවත් වේ. සමහරෙක් ඉඳහිට ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් ක්‍රියාකලාපය ද විවේචනය කරයි. මොවුන් දැනට ඉතිරිව ඇත්තේ ඉතාම ස්වල්පයකි.
මුස්පේන්තු ජෙප්පො
~~~~~~~~~~~~~~
උපතින්ම අවලස්සන හෝ විකෘති වී ඉපදීම නිසා සමාජයේ අවධානයක් නොලබයි...ඒ නිසාම සමාජ ජාලයේ ෆේක් ප්‍රොෆයිල් සාදාගෙන කාට හෝ කුණුහරුපයෙන් බැන ඉන් ලැබෙන සතුට ආහාරයට ගෙන ජීවත්වන ප්‍රේත කොට්ඨාසයකි.
හිඟන ජෙප්පො
~~~~~~~~~~~
මොවුන් නුවර කලාවියේ හෝ වන්නි හත්පත්තුවේ දරිද්‍රතාවය කරපින්නාගෙන උපන් ජෙප්පන්ය..සුළු අධ්‍යාපනය ඇති අය මෙන්ම කලා උපාධි ඇත්තවුන් ද මොවුන් අතර සිටී..ඔවුන් දුප්පත් වී ඇත්තේ සමාජ අසාධාරණය නිසා යැයි සිතයි...යමක්හමක් ඇති අයට වෛර කරයි...අපිට නැත්නම් අනෙක් එවුන්ට ද නැති විය යුතු යයි සිතයි..එම පරපීඩක මානසිකත්වය පෙරදැරිව නවක වදය නිර්මාණය කළේ මොවුන් ය...මානසික රෝගීන් පිරිසකි.
පුක් පඬි ජෙප්පො
~~~~~~~~~~~~
මොවුන් කම්බි ඇණයේ සිට සර්වඥතා ඥානය දක්වා සියල්ල දනී. එදිනෙදා ජීවිතයේ වතුර කේතලයක් උණුකර ගැනීමට තරම්වත් හැකියාවක් නොමැති වුවද ඉන්නේ විශ්වයේ හතර මායිම අතැඹුලක් සේ දන්නා පරිදිය... තර්ක කරන විට එකම ප්රශ්නය නැවත නැවත අසයි..තර්ක කර හිරවුන විට ලෙල්ලමේ ගැහැණුන් මෙන් කුණුහරුප කියමින් තැන තැන යයි.
භීතිකා ජෙප්පො
~~~~~~~~~~~~
මොවුන්ට ඇත්තේ රාජපක්ෂ භීතිකාවය... පෘතුවිය සූර්යා වටා භ්‍රමණය වන්නේ රාජපක්ෂ පවුලේ වරදක් නිසා යයි සිතයි...තම බිරිඳට දරුවෙක් ලැබුණ ද, ශබ්දයෙන් වාතයක් පිටවුව ද එයට රාජපක්ෂලා ගේ සම්බන්ධයක් ඇතැයි සිතයි...මොවුන් උදෑසන අවධි වූ පසු මෙන්ම රාත්‍රී නින්දට යෑමට පෙර " මහින්ද හොරා" යනුවෙන් තුන්වරක් මතුරයි.
UNP ජෙප්පො
~~~~~~~~~
බහුතරයක් සිටින්නේ මොවුන් ය...ස්වාධීන මත දරනවා යයි සිතයි..හරි දේට හරි කියනවා මෙන්ම වැරදි දේට වැරදියි කියනවා යැයි උජාරුවෙන් කියයි...ඡන්දය දින උදෑසන තම ප්‍රවේණිගත හුරුව නිසා අසරණ සතා යැයි සිතා අලියාට කතිරය ගසා හීන් සීරුවේ ගෙදර විත් නැවතත් ජෙප්පෙකු වෙයි...ජනතා විමුක්ති පෙරමුණ රඟන තරමට ඡන්ද ලබා නොගන්නට ප්‍රධාන හේතුව මොවුන්ය.
ළාමක ජෙප්පො
~~~~~~~~~~~
90 දශකයේ හා ඉන්පසු ඉපදුන ජෙප්පන් ය...සමාජවාදය ගැන හෝ මාක්ස් එංගල්ස් වැන්නවුන් ගැන අසා නැත...රුසියානු විප්ලවය කියුබානු විප්ලවය චිත්‍රපටි යැයි සිතයි...මොවුන් ගේ ශාස්තෘවරයා අනුර කුමාර දිසානායක ය..ඔහු පරම සත්‍ය දේශනා කරන බව සිතා ඔහුගේ කතා ඇතුලත් වීඩියෝ පට තැන තැන අලවයි...පාන් කාලක් කන්නට තරම් ඇඟේ මස් නොමැතිවුව ද ප්‍රසිද්ධ ස්ථාන වල ද්වන්ධ සටන් සඳහා ඇරයුම් කරයි.
වහල් ජෙප්පො
~~~~~~~~~~
අනෙකුත් පාක්ෂිකයන්ට වහලුන් යැයි නිතර කියයි..තම පක්ෂය චන්ද්‍රිකාට, මහින්දට, සරත් ෆොන්සේකාට, යහපාලනයට පෝස්ටර් ගැසූ වහලුන් බව අමතක කර මහින්ද පාක්ෂිකයන්ට මැදමුලනේ වහලුන් යයි උජාරුවෙන් කියයි...එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ වැඩිපුර හිත රිදවීමට අකමැති නිසා ඔවුන් මෙම වචනය ඔවුන් වෙනුවෙන් භාවිත කරන්නේ ඉතාමත් කලාතුරකිනි.
ඩිමෙන්ෂියා ජෙප්පො
~~~~~~~~~~~~~~
මොවුන්ට 71,89 වර්ෂ මතක නැත...මොවුන්ගේ මතකය ආරම්භ වන්නේ කරුණා අම්මාන්ගේ දළදා මාලිගා ප්‍රහාරයත් සමග ය...තජුඩීන්, ලසන්ත වික්‍රමතුංග හොඳින් මතක ඇත...රිචඩ් ද සොයිසා, ප්‍රේමකීර්ති ද අල්විස් මතක නැත...කුමාර් ගුණරත්නම් කොහෙත්ම මතක නැත...ජනතා විමුක්ති පෙරමුණ අතීත වැරදි නිවැරදි කරගත් පරමාදර්ශී පක්ෂයක් යැයි සිතයි... විමල් වීරවංශ ගේ කතා අසා ලේ කෝප කරවාගෙන පසුව මුලගින්නෙන් පීඩා විඳිමින් කල් යවයි.
උනුත් එකයි මුනුත් එකයි ජෙප්පො
~~~~~~~~~~~~~~~~~~~~~~~
අහසින් වැටුන ඕපපාතික පිරිසකි...පසුගිය අවුරුදු 70ට ලබාගත් සංවර්ධනය මෙය දැයි අසයි...ණය කන්දරාව ගැන නිතරම කතා කළද ඔවුන් රටට කළ විනාශය ගැන මුණිවත රකී..සිස්ටම් චේන්ජ් එකක් අවශ්‍ය බව නිතරම කියයි...එහෙත් පක්ෂයේ සිස්ටම් එකවත් චේන්ජ් කරගත නොහැකිව දුක් විඳී.
නිරාගමික ජෙප්පො
~~~~~~~~~~~~~
මේ දිනවල පඳුරකට ගැසූ විට මොවුන් විස්සක් පමණ විසි වේ..නිරාගමික යැයි කීවද බෞද්ධ විරෝධී පමණකි...හාමුදුරුවරුන්ට කහ කඩයින් යැයි නිතර අමතයි...පෙරහරේ යන අලි ඇතුන් ගැන අමුතු කරුණාවක් ඇත..මල් පූජා කරන විට මී මැස්සන් ගැන දුක් වේ...කවුරුන් හෝ බුද්ධ පූජාවක් කළ විට තම සාක්කුවෙන් වැය වන්නේ යයි සිතයි...එවිට පමණක් මන්දපෝෂිත දරුවන් මතක් වේ.අහිංසක බෞද්ධයන්ට ශුන්‍යතා දහම, සතර සතිපට්ඨානය, විදර්ශනා වඩන ක්‍රම ගැන උගන්වන්නට සැරසෙයි...බුදුන් වහන්සේ ගේ නම විකුණාගෙන කන්නට ලියු කසිකබල් පොත් කරේ තියන් රස්තියාදු වෙයි...මොවුන් නිරාගමිකයන්ට ද අපහාසයකි.
ඉහත සඳහන් ලක්ෂණ එකක් හෝ ඊට වැඩි ගණනක් එක් පුද්ගලයෙකු ළඟ තිබිය හැකිය...ඔබ දන්නා වෙනත් වර්ගයේ ජෙප්පන් සිටීනම් කමෙන්ට් වශයෙන් යොදන්න...නැතිනම් අටපට්ටමට කියන්න.
==================
සොනාල ගුණවර්ධන

මුලු බුකියම පිටසක්වල ජීවීන් ආක්‍රමණය කළ පෘතුවියේ වෙස් ගෙන ඇත. එනම් මෙතෙක් කල් අප අතරම, අපිද නොදැන ජීවත් වෙමින් සමාජයෙන් සැඟවී සිටි "අමුතු ජීවින්" පිරිසක් කල එළි බැසීම හේතුවෙනි.
බුකිවාසීන් මෙම "අමුතු ජීවින්" හදුන්වන්නේ 'රැඩිකල්ලු' ලෙසය. ඇතැමෙක් 'කාලකන්නි' 'අපතයො' වැනි නම් වලින්ද මේ ජීවින් හදුන්වා තිබෙනු දැක ගත හැකිය.
ජීවිතේ මුල්ම වරට "රැඩිකලයෙක්" දුටු බොහෝ බුකිවාසීන් අන්ද මන්ද වී සිටින නිසා මා පසුගිය දින කිහිපයේ රැඩිකලුන් අධ්‍යනය කරමින් කාලය ගත කළේය.. එහිදි රැඩිකලුන් පිළිබද ඔබ මවිත කරවන, ඔබට වැදගත් විය හැකි බොහෝ තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි විය..
හඳුනා ගැනීම!
රැඩිකලයෙක් හඳුනා වෙන් කරගැනීම එතරම් අපහසු ක්‍රියාවක් නොවේ.. එය විද්‍යාගාරයක ලිට්මස් පරීක්ෂණයකට නොගොස් සරලව සිදු කර ගත හැකිය.
බුකියේ ඡායාරූපයකින් පවා රැඩිකලයෙක් පහසුවෙන් වෙන් කර හඳුනාගැනීමට හැක.
අපිලිවෙලට වැවුනු කොන්ඩය, රැවුල, ඉරුනු ඇඳුම් රැඩිකලයන්ට ආවේනික සංකේතය. ඊට අමතව බීර විදුරුවක්, ගංජා සුරුට්ටුවක් අතෙහි රුවා සිටිනවා නම් ඒ රැඩිකලයෙක් වීමේ ඉඩ ඉතා වැඩිය.
සැබෑ ජීවිතයේදී රැඩිකලයෙක් හඳුනා ගැනීම තරමක් අපහසුය. ඒ සාමාන්‍ය සමාජයේදී රැඩිකලයන් සිය අන්‍යයතාවය පෙන්වීමට එතරම් ප්‍රිය නොකීරිම නිසාය.
කුලෑටි ගතිය, සමාජයෙන් කොන් වී සිටිම හා අසලින් ගිය විට උරුලෑවෙක් සිහිගන්වන දුඟද රැඩිකලයෙක් සාමාන්‍ය ජීවිතයේදී හඳුනා ගත හැකි ලක්ෂණ ය.
සිතුම් පැතුම්!
රැඩිකලයන් සාමාන්‍ය මිනිසුන්ට වඩා වෙනස් චින්තනයක් සහිත ජීවින් පිරිසක් යැයි පෙන්වීමට ඔවුන් නිරතුරුවම උත්සාහ කරති.. සාමාන්‍ය මිනිසුන්ට වඩා දාර්ශනික ස්වරූපයක් ආරෝපනය කරගැනීමට රැඩිකලයන් ඉතා ප්‍රිය කරයි.
සරල උදාහරනයක් ලෙස ඔබව හදුන්වා දෙන්න යැයි අසනා ඉතාම සරල පැනයට පවා රැඩිකලුන් සතුව ඇත්තේ අතිශය සංකීර්ණ පිළිතුරකි..
උක්ත සරල ප්‍රශ්නයට
"මං ආසයි මාව 'ඇඩවර්ටයිසින්කාරයෙක්' විදියට හඳුන්වලා දෙන්න. මම සරල දේවල් අස්සේ ලොකු දෙවල් යටි පෙළක් විදියට ගොඩනගනවා. ඒක හෙජමොනියට අවුල් වීම මේ සිස්ටම් එකේ වරදක්" වැනි කුණුහරුප පිළිතුරක රැඩිකලුන්ගෙන් ඔබට ලැබෙනු ඇති.
දර්ශනය!
රැඩිකලුන්ට අනුව ඔවුන්ට සාමාන්‍ය මිනිසුන්ට වඩා උසස් දැක්මක්, බුද්ධියක් පවතී. එම නිසාම තමන්ගේ රසවින්දනය සාමාන්‍ය මිනිසුන්ට වඩා ඉතා ඉහළ යැයි රැඩිකලුන් කියති.
ඔවුන්න්ගේ නිර්මාණශීලිත්වය කොතරම්ද යත් ඕනෑම රෙද්දක් කලාත්මකව සහ දාර්ශනිකව දැකීමේ කුප්ප හැකියාවක් රැඩිකලුන්ට ඇත.
වරක් අප ගමේ සිටි එකම රැඩිකලයා වූ අබිලිංට මේ උසස් රසවින්දනය නිසා අපූරු අකරතැබ්බයකට මුහුණ දීමට සිදුවිය.
අබිලිං ප්‍රේම කෙරුවේ ගමේම සුන්දර තරුණිය වු කුසුමාටය.
එහෙත් නෝංජල් පෙනුමකින් යුත් අබිලිංට කොතරම් උත්සාහ කළද කුසුමාගේ හිත දිනා ගැනීමට නොහැකි වීම එතරම් මවිත වීමට කරුණක්ද නොවේ. දිනක් පිට ගමකින් කුසුමාගේ නිවසට පැමිණි කඩවසම් තරුණයෙකු නිසා ඇයගේ පිටගම්කාර පෙම්වතා පිළිබඳව ගමම දැන ගත්තේය.
සිත් බිඳීමත්, තමන් පණ මෙන් ආදරය කරනා කුසුමා තවකෙකුට හිමි වීමත් අබිලිංට දැඩි සිත් වේදනාවක් විය. ආදරයේ නාමයෙන් මීළගට සිදු කළ යුතු දේ ඔහු දැන සිටියේය.
පසුදිනට හිරු පහන් වූයේ මුලු ගමම එකම කලබගෑනියකිනි. කුසුමා පිළිබඳ අමු කෙබර ලියා ගම පුරාම කැළෑ පත්තර අලවා තිබීම ඊට හේතුවයි. සුදු පත්තරයේ කහ පැහැති වර්ණ ගැන්වූ පසුබිමක රතු අකුරින් ලියූ කැළෑ පත්තර දුටු විට එය කාගේ වැඩක් දැයි සිතා ගැනීම කුසුමාගේ සහෝදරයන්ට අපහසු නොවීය..
මුලු ගමම සමග පොලු මුගුරුද රැගෙන මිනිත්තුවක් හෝ පමා නොවී ඔවුන් අබිලිංගේ නිවසට යන්නේ ඒ නිසාය..
ගමේ දාමරිකයා ලෙස ප්‍රසිද්ධ කුසුමාගේ බාල සොහොයුරා නිවස තුලට ගොස් බෙල්ලෙන්ම අල්ලා අබිලිං පිරිස ඉදිරියට ගෙන ආවේය..
කුසුමාගේ වැඩිමහල් සොහොයුරා සංසුන් ය. අහිංසකයෙකුට තඩි බෑම කිසිදින අනුමත නොකරන ඔහු පිරිස ඉදිරියේ අබිලිංගෙන් ප්‍රශ්න කිරීම ඇරඹිය..
"උබද අපේ නංගිට කැළෑ පත්තර ගැහුවේ?"
"ඔව්"
සිය පා ඇගිලි තුඩු වලින් පොලව හාර හාරා බිම බලා සිටි අබිලිං කෙදුරුවේය.
"ඇයි උබ එහෙම කලේ?" කෝපය පිට වෙන රත්වූ දෑසින් යුත් කුසුමාගේ වැඩිමහල් සොහොයුරාගෙන් තවත් ප්රශ්නයකි.
පිරිස දෙස බැල්මක් හෙලු අබිලිං උගුර පාදා පෙර සිට සුදානම් කර ගත් කොලය අතට ගෙන එය දෙස බලා සිය කතාව ඇරඹිය..
"ඒ කැළෑ පත්තරය මගේ නිර්මාණයක්. ඒකෙන් කුසුමට අපහාස වෙලා නම් විවාදයකට එන්න. මෙහෙම ගෝත්‍රිකයො වගේ පොලු අරන් ගහගන්න එන්නේ නැතුව. නිර්මාණ කරන එක කලාකරුවගේ වැඩක්. නිර්මාණ වාරණය මහා ගෝත්‍රික සමාජ ලක්ෂණයක්. කලාව වාරණය කරන මේ ගෝත්‍රික පසූගාමි ගම කොහොම දියුණු ...." අබිලිංට කියන්නට හැකිවුයේ එපමණය. ඉන්පසුව සිදුවූ දේ විස්තර කිරීමට අවැසි නොවේ.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ සෙසු රැඩිකලයන්ටත් ලගදීම "අබිලිං"ට සිදුවූ දේ සිදුවන බව නම් විස්වාසය.
