වෙන වෙනම කෑවම ගුණ එකට කෑවම අගුණ කෑම

nishi_gurl

Member
Jun 12, 2018
924
193
0
වෙන වෙනම කෑවම ගුණ එකට කෑවම අගුණ කෑම

වෙන වෙනම කෑවම ගුණ එකට කෑවම අගුණ කෑම

attachment.php


ආහාර (food) ජලය නොමැතිව කිසිවෙකුටත් නොහැකි බව අප සැවොම දන්නා කරුණකි. මිනිස් ජිවිතයේ පැවැත්මට ආහාර (food) අත්‍යාවශ්‍ය වේ. එහෙත් ඒ අහාර (food) නිසාම රෝගිවෙන, අවස්ථා ද අප අසා ඇත. එසේ වන්නේ සමහර නොගැලපෙන, අගුණ, ආහාර ගැනීමෙනි. මාළු, මස් ආහාරයට ගත වේලට මුදවපු කිරි (curd) නොගත යුත්තේ ඒ නිසාය. සමහර ආහාර වර්ග නිසා ජිවිත හානි සිදු නොවුනද රෝගාබාධ ඇති වීමට හේතුවේ. නිවසේ ආහාර පිළියෙළ කරන ගෘහණියට, මවට පමණක් නොව පොදුවේ සෑම දෙනාටම මෙවන් කරුණු දැනගැනීම වැදගත්.


ආහාර ( food ) අහිතකර වන්නේ කෙසේද?
(food) ආහාර අපේ ශරීරයට අහිතකර වන අවස්ථා කිහිපයකි. එනම් තමන් ජිවත් වන දේශය අනුව. තවද මාත්‍රාව අනුව නොගැළපෙන, නැත්නම් විරුද්ධ වන ආහාර (food)ගැනීම. ඊට අමතරව දිරවිමෙන් පසු ඇතිවන ප්‍රතිඵල වලට විරුද්ධ වෙන ආහාර. සහ ඒවා ගන්නා වෙලාව අනුව අහිතකර වෙන්න පුළුවන්.



නොගැළපෙන ආහාර ( food ) නිසා ඇතිවන අපහසුතා
එකිනෙකට විරුද්ධ ආහාර ගැනීමෙන් සිරුරට ඇතිවන අයහපත මෙසේයි.

සිරුරේ ලේ දුෂණය වී සම මතුපිට බිබිළි, කැසීම් සහිත පලු ඇති වීම.

උදරයේ පිරුණු බව සහිත අපහසුතා.

උදර දාහය ( උෂ්ණය ).

වමනය.

ආහාර මාර්ග පද්ධතිය ආශ්‍රිත අපහසුතා.

හෘද ප්‍රදේශය ආශිතව තද කරන්නා වැනි වේදනාව.

හිසරදය.

සිරුරේ ඉදිමුම.

ලේ හිඟ කම.

මනසේ ක්‍රියාකාරිත්වය අවුල් සහගත බව.

ප්‍රජනන ධාතු කොටස් වල සිදුවන විකෘතිතා නිසා මඳ සරු බව.

එම නිසා මෙවැනි එකිනෙකට වෙනස්වන ආහාර පිළිබඳව මනා අවබෝධයක් තිබීම වැදගත් ය. එකිනෙකට විරුද්ධ ආහාර පිළිබඳව ආයුර්වේදයේ සඳහන් වෙන්නේ මෙසේය. එනම් කිරි හා මාළු හෝ මස් එකවර ආහාරයට නොගත යුතු බවයි.මාළු ව්‍යංජනය ගුණයෙන් උෂ්ණ වන අතර කිරි ශිත ගුණයෙන් යුතුවේ. එබැවින් එම නොගැලපීම නිසා සිරුරේ කුෂ්ට රෝග හට ගනු ඇත.



food



ගුණදායක ආහාර ( food ) වන පළතුරු අගුණ වෙන හැටි

දියර කිරි සමඟ එකවර ඉදුණු කෙසල්, කොමඩු වැනි ආහාර ගැනීම සුදුසු නොවේ. ඇඹුල්රස ආහාරද ගැනීම සුදුසුනොවේ. කිරි පානය කිරීමෙන් අනතුරුව බිත්තර ආහාරයට ගැනීම සුදුසු නැත. පාන් සමඟ බිත්තර ආහාරයට ගන්නේ නම් කිරි පානය සුදුසු නැත. එවිට සේම අමාරුව හදෙනු ඇත. තවද අජිරණය ද සෑදේ.

කෙසෙල් හා කිරි එකවර ආහාරයට ගැනීම. මෙය සිරුරේ සෙම් සෙම් දෝෂය ඉහල ගොස් සෙම් රෝග ඇතිවේ. තවද සිරුර තරබාරු වේ. දිගටම මේ තත්වය පැවතීම දියවැඩියාවට ද හේතු වේ. හතිය සහ හිසරදයට හේතු වන්නේ කිරි සමඟ කොමඩු ආහාරයට ගැනීමය. කිරි සහ ඇඹුල් රස පලතුරු ආහාරයට ගැනීමෙන් සිරුරේ සෙම ඇති වී දිරවීම නිසියාකාරව සිදු නොවේ. එම නිසා වමනය, හිසරදය පමණක් නොව කුෂ්ට රෝග සැදීමට ද හේතු වේ.

කිරි ආශ්‍රිත නිෂ්පාදනයන් වන යෝගට් වැනි දේ සමඟ ඉහත ආහාර ගැනීමට සුදුසු නැත. ඊට අමතරව චීස් එක විට ආහාරයට ගැනීමද නුසුදුසුය. එම ආහාර වෙන වෙනම ගත විට ඉතාම ගුණදායක වුවත් එකිනෙකට විරුද්ධ ලෙස ක්‍රියාකර ශරීරයට අහිතකර තත්වයන් ඇති කරයි.

කිරි සමඟ පැලවෙන මුං ඇට වලින් සාදන ආහාර ද එකවර එකවර ලබා ගැනීම සුදුසු නැත. එයට හේතුව වන්නේ ඒ අහාර අජීර්ණය වීමයි. මේ නිසා උදරයේ පිරුණු බව සහිත අපහසුතාවයක් හට ගනී. මල දියර ලෙස වරින් වර පිට වීම ද සිදු විය හැකියි.

ඇඹුල් රස සමඟ කොල්ලු ද ආහාරයට ගැනීම සුදුසු නැත. අඹ මාළුව සහ කොල්ලු හොද්ද එකවර ලබා ගැනීම ඊට එක් උදාහරණයකි. මේ නිසා සිරුරේ පිත වැඩි වී ලේ ( රක්තය ) දුෂණය වේ.

උඳු සහ උක් හකුරු කිරි වැනි ද්‍රව්‍ය ද එකවර ආහාරයට සුදුසු නැත. ඒවා දිරවීමට බොහෝ වේලා ගත වන අතර සිරුරේ පවතින සියුම් මාර්ග ආශ්‍රිතව දියර ස්වභාවය ඉහල ගොස් අවහිර වේ. සිරුරේ බර බව, ඉදිමුම් සහිත බව ඇති වීමට හේතුවකි.



Source:http://thewoman.lk/food-is-what-we-all-need/
 

Attachments

  • food thewoman.lk 3.jpg
    food thewoman.lk 3.jpg
    59.5 KB · Views: 89
  • Like
Reactions: sarinda100