වෙබ් අඩවියක අතීතයට යා හැකිය! Elakiri.com

Jan 13, 2011
96
7
0
වෙබ් අඩවියක අතීතයට යා හැකිය! Elakiri.com

wayback.gif

කාලයාත්‍රා ගැන ගොඩක් දෙනෙක් හීන මවනවනෙ. හැබැයි මේ එහෙම ම දෙයක් නෙවෙයි. දැනට පවතින හෝ නොපවතින වෙබ් අඩවියක් අතීතයේදි තිබුණු design එකෙන් ම බලන්න පුළුවන් ක්‍රමයක් ගැනයි. ඇත්තට ම කියනවනං Archived Web Sites.
web.archive.org යන අඩවිය මේ සඳහා පහසුකම් සපයන්නකි. එමගින් අපට අවැසි වෙබ් ලිපිනයක් ලබා දුන් කල්හි එම වෙබ් අඩවියට අයත් Archives පිළිබඳ පිරික්සා බලා අතීතයේ සිට මේ දක්වා වූ වෙළුම් සමූහයක් ලබාදෙයි. අඩවි නිර්මාපකයන් එය Way Back Machine ලෙස හඳුන්වා දී තිබේ.
උදාහරණයක් ලෙස ඔබට http://www.elakiri.com හි ‍ඓතිහාසික පිටුවක් නැරඹීමට අවශ්‍ය නම් දී ඇති පෙළ කොටුවේ (Text box) එම ලිපිනය ඇතුලත් කර මා අතීතයට ගෙනයන්න (Take me back) බොත්තම ක්ලික් කරන්න. ඒ සැණින් එම අඩවියේ ආරම්භයේ සිට මේ දක්වා පැවතුණු ආකාරය අඩංගු දින නාමාවලියක් දිග හැරෙනු ඇත. අදාල දිනය ක්ලික් කිරීමෙන් ඔබට අතීතයට පිවිසිය හැකි ය.
2004 jun 0 වනවිට Elakiri තිබුණු ආකාරය පහත සබැඳියෙන් දැකබලාගත හැක.


http://web.archive.org/web/20041202211800/http://www.elakiri.com/


7 members
1 post


:):):P:):):P:):)