වෙබ් අඩවියෙන් ජාතිවාදී ආගම්වාදී ගැටුම් ව
වෙබ් අඩවියෙන් ජාතිවාදී ආගම්වාදී ගැටුම් වැඩි කරන අයට නීතිය තදින්ම
- දැඩි පියවර ගන්නැයි ආරක්ෂක ලේකම් ගෝඨාභය ආරක්ෂක අංශවලට කියයි
- ගැටුම් නිමවූ පසුවත් වෙබ් මගින් යළි කලබල ඇති කරන වෑයමක්
- මෙවැනි ක්‍රියා මඩින්න ගන්නා උත්සාහය කැඩීමට යෑම කනගාටුදායකයි
මහින්ද අලුත්ගෙදර, රක්ෂණ ශ්‍රියන්ත
සමාජ වෙබ් අඩවි භාවිත කරමින් ජාතිවාදී හා ආගම්වාදී ගැටුම් වර්ධනය වන ආකාරයෙන් ප්‍රචාර ගෙන යන පුද්ගලයන්ට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට ආරක්ෂක අංශ වෙත දැනුම් දෙයි.
පොදුවේ ජාතීන් අතර අසමඟිය ඇතිවන අයුරින් ක්‍රියාකරන කුමන පුද්ගලයකු හෝ කණ්ඩායමකට එරෙහිව පියවර ගන්නා ලෙස ද ඒ මහතා ආරක්ෂක අංශ වෙත දැනුම් දී තිබේ. ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි එම ක්‍රියාවන්වල නියැලෙන පුද්ගලයන්ට එරෙහිව නිසිලෙස නීතිය ක්‍රියාත්මක කරන ලෙසට ආරක්ෂක ලේකම් ගෝඨාභය රජපක්ෂ මහතා විසින් ආරක්ෂක නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබේ.
පසුගිය කාලය තුළ ඇති වු ආගම්වාදි ගැටුම් මැඩපැවැත්වීමෙන් අනතුරුව ඇතැම් සමාජ වෙබ් අඩවි හරහා එවැනි ගැටුම් යළි ඇති කරවීම සඳහා ඇතැම් පුද්ගලයින් උත්සහ දරමින් සිටින අතර ඒ හේතුවෙන් මෙවැනි පියවරක් ගැනීමට ආරක්ෂක ලේකම්වරයා තීරණයකර ඇත.
මෙවැනි ක්‍රියා වළක්වා ගැනීම සඳහා රජය ඇතුළු ආගමික නායකයින් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් කටයුතු කරමින් සිටියදි සමාජ වෙබ් අඩවි හරහා එවැනි ගැටුම් යළි ඇති කිරිමට උත්සහ දැරීම ඉතා කණගාටුවට කරුණක් බවද රජය පෙන්වා දෙයි. මේ හේතුවෙන් සමාජයේ මතවාද මෙන්ම විසංවාදද ඇති වු අතර එම ක්‍රියාවන් පාලනය කිරීමට හැකියාවක් ලැබී නොමැති බව සමාජයේ වැඩිදෙනා අතර කතාබහට ලක්ව තිබේ.