...:: වෙබ් කැමරාවෙන් ඔත්තු බලන්න ::...

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ...:: වෙබ් කැමරාවෙන් ඔත්තු බලන්න ::...

    - ඔත්තු බලන කැමරා සේවාව (Spy Cam) - කැම්ස්ටර් -

    Cammster.png



    කැමරාවක් කියන්නේ හොඳ ආරක්ෂක උපාංගයක්. විශේෂයෙන්ම යම් තැනක සිදුවන දෙයක් පටිගත කිරීමේ හැකියාව වගේම පරිගණකය වැනි අධි-තාක්ෂණික උපාංගයක් සමග සම්බන්ධ කර නිර්මාණාත්මකව භාවිතා කල හැකි වීමත් කැමරා ආරක්ෂණ පද්ධති බිහිවීමට හොඳ උත්තේජනයක් සපයනවා. ඔබේ පරිගණකයට සම්බන්ධිත වෙබ් කැමරාවක් තිබේ නම් ඔබ දැනටමත් පරිගණක ගත කැමරා අත්දැකීමක් ලබා ඇතුවාට සැකයක් නෑ. මේ කියන්නට යන්නේ ඔබේ වෙබ් කැමරාව ප්‍රයෝජනවත් ආකාරයට යොදාගෙන ඔත්තු බැලීමේ උපාංගයක් ලෙස, නොඑසේ නම් ආරක්ෂණ පද්ධතියක් ලෙස පරිගණකය හා වෙබ් කැමරාව යොදාගන්නා ආකාරයක් ගැනයි.

    ප්‍රථමයෙන්ම ඔබේ වෙබ් කැමරාව පරිගණකය හා නිසිලෙස සම්බන්ධ වී ඇත්දැයි සොයා බලන්න. ඔබට දර්ශණ ලබා ගත යුතු ප්‍රදේශයට කැමරාව එල්ල කර තබන්න. දැන් අදාල වෙබ් අඩවියට පිවිසෙන්න. මේ සේවාව ලබාදෙන්නේ Cammster නම් වෙබ් සේවාව මගින්. මේ ලින්ක් එකෙන් ඔබටත් මේ වෙතට ප්‍රවේශ විය හැකියි. එවිට මේ ආකාරයේ තිරයක් ඔබට දැකගත හැකියි.


    fzZs.jpeg



    දැන් මේ තිරයෙන් "Protect Now" යන බොත්තම ක්ලික් කර සේවාව සඳහා පිවිසෙන්න. ඉන්පසු පහත ආකාරයේ තිරයක් ලැබේවි.



    cam02.png



    මෙහිදී ඔබේ කැම්ස්ටර් ගිණුම සාදා ගත යුතුයි. ඔබේ ඊ-මේල් ලිපිනය හා කැම්ස්ටර් ගිණුම සඳහා මුරපදයක් යොදා "I'm agree with terms" සලකුණු කර Register බොත්තම ඔබන්න. එවිට ඔබේ ගිණුමට පිවිසිය හැකි සබැඳියක් (Link) ඔබ ඉහත ලබාදුන් ඊ-මේල් ලිපිනයට ලැබෙනු ඇත. ඔබේ ඊ-මේල් ගිණුමට පිවිස කැම්ස්ටර් වෙතින් ලැබී ඇති අදාල පණිවුඩය විවෘත කර එහි ඇති සබැඳිය ඔස්සේ නැවතත් කැම්ස්ටර් වෙත පිවිසෙන්න.


    cam+03.png



    එවිට මෙහි දැක්වෙන ආකාරයේ තිරයක් ලැඛෙන අතර Run Cammster now ලබාදෙන්න. දැන් ඔබව ප්‍රධාන තිරය වෙත රැගෙන යයි. මෙහි ඉහළ දකුණු කෙලවරේ ඇති Change webcam මගින් ඔබේ පරිගණකයේ වෙබ් කැමරා කීපයක් ඇත්නම් අවශ්‍ය කැමරාව තෝරා දිය හැකියි.


    cam04.png



    කැම්ස්ටර් වෙබ් සේවාවේ ඇති විශේෂම ලක්ෂණය නම් ඔබ මෙය ක්‍රියාත්මක කර තැබූ විට කැමරාව ඉදිරියෙන් ඇති දර්ශණයේ යම් චලනයක් සිදුවුව හොත් (Motion Detection) එය ග්‍රහණය කරගෙන සයිරන් නාදයක් නිකුත් කිරීමයි. එමෙන්ම ඊට අදාල රූප රාමුවේ ඊ-මේල් පණිවුඩයක්ද ඔබේ ගිණුමට එවනු ලබයි. මෙම සේවාව වෙත මුදලක් ගෙවීම මගින් SMS පණිවුඩයක්ද ලබා ගත හැකියි. මේ චලන සංවේදීතාවය අවශ්‍ය පරිදි සකසා ගන්නටත් හැකියාව ලබාදී තිබේ.


    cam05.png



    මෙහි Play Siren යන තේරීම ඉවත් කිරීමෙන් නාදයක් නිකුත්වීම නැවැත්විය හැකියි.

    ඔබටත් වෙබ් කැමරාවක් හා අන්තර්ජාල සම්බන්ධතාවයක් ඇත්නම් මේ කැම්ස්ටර් මුරකරුවාගෙන් සේවය ලබාගන්නට පුළුවන්...

    :):):)

    Source:
    Code:
    http://chathucn.blogspot.com



     
    • Like
    Reactions: MR.BILLA

    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,712
    1,512
    113
    නියම වැඩක්!
    එත් ප්‍රශ්නේ PC එක දිගටම on කරලා තියන්න වෙන එකයි! :baffled: