වෙලෙ සුදාට මරන දඩුවම...?

Alu kurulla

Well-known member
  • Sep 7, 2015
    466
    299
    63
    වෙලෙ සුදාට මරන දඩුවම...?

    වෙලෙ සුදාට ඔන්න මරන දඩුවම දුන්නලු....
    දැන් වෙලේ සුදා තනියම රට ගිහින්,
    තනියම කුඩු හොයාගෙන,
    තනියම කුඩු ලන්කාවට ගෙනල්ල,
    කුඩු පෙට්ටියක් ඔලුව උඩ තියාගෙන,
    කුඩු කුඩූ.... කිය කියා........
    තනියම බිස්නස් එක කරන්න ඇති නේද....................
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    umbala ohoma kiwwata bun kohomada oopu karanne

    wele suda kiyanawa da mu tamai genna kiwe kiyala

    ea kiwwat saakshi ko oopu kranna

    nattal seeya wage tamai bun mekat

    nattala seeyawa hamoma dannawa habai nattal seeya kiyla kenek na oppu karanna
     

    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    umbala ohoma kiwwata bun kohomada oopu karanne

    wele suda kiyanawa da mu tamai genna kiwe kiyala

    ea kiwwat saakshi ko oopu kranna

    nattal seeya wage tamai bun mekat

    nattala seeyawa hamoma dannawa habai nattal seeya kiyla kenek na oppu karanna

    why not? santa claus is your parents :baffled:
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    පටුවට හිතන්න එපා. මෙහෙම හරි නීතිය ක්‍රියාත්මක වෙන එකට සතුටු වෙන්න ඕනේ.
     

    Alu kurulla

    Well-known member
  • Sep 7, 2015
    466
    299
    63
    පටුවට හිතන්න එපා. මෙහෙම හරි නීතිය ක්‍රියාත්මක වෙන එකට සතුටු වෙන්න ඕනේ.
    ඉස්සො ,කූනිස්සො, හාල්මැස්සො නැතුව හුරුල්ලෙක්ව කොටු කළ එකත් මදැයි, මෝරු තල්මස්සු නැතුව ඇති දැන් ලන්කාවෙ.....
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    'වෙලේ සුදා පෝරකයට යවා' මරණයට වැළඳගත් පොලිස් නිලධාරියාගේ කතාව


    ඉකුත් 2008 වසරේදී පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ දක්‍ෂ නිලධාරීහු කණ්‌ඩායමක්‌ ගල්කිස්‌ස අධිකරණයේ නඩුවකට පෙනී සිටීමට පැමිණි අවස්‌ථාවක වෙලේ සුදා කොටු කර ගැනීමට සමත් වූහ. ඒ ද නිකම්ම නොව ඒ මොහොතේ සුදා සන්තකයේ තිබූ කුඩු ග්‍රෑම් 85 ක්‌ද සමගිනි.

    එකී අත්අඩංගුවට ගැනීම සිදු වන විට වෙලේ සුදා කුඩු ජාවාරමෙන් උපයා ගත් මුදලින් ප්‍රකෝටිපතියකු බවටද පත්ව සිටියේය. ඒ කෙසේ වෙතත් අවසානයේ පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යාංශයට රැගෙන ආ සුදාගෙන් ප්‍රශ්න කරන්නට පොලිසිය කටයුතු කළේය.

    මෙහිදී සුදාගේ කුඩු ජාවාරමේ වපසරිය වටහා ගැනීම සඳහා පොලිසිය එක්‌ උපක්‍රමයක්‌ යොදන්නට විය. ඒ විවිධ ප්‍රදේශවලින් අත්අඩංගුවට ගත් මත් කුඩු ගෙන සුදාට පෙන්වා ඒවා තමන් බෙදා හරින කුඩු දැයි හඳුනා ගන්නා ලෙස ඔහුට පැවසීමය.

    පොලිසිය එසේ කටයුතු කිරීමත් සමග තමන්ගේ කුඩු හඳුනා ගැනීම සඳහා පොලිස්‌ නිලධාරින් මත්කුඩු පෙන්වන විට ඇඟිල්ලක්‌ තබා ඉන් බිඳක්‌ තවරා ගන්නා සුදා එය දිව ගා බලා තමන් බෙදා හරින කුඩු හඳුනා ගන්නට වූවේ පොලිසියද පුදුමයට පත් කරමිනි.

    වෙලේ සුදාගේ මත් කුඩු ජාවාරමේදී තවත් කැපී පෙනෙන විශේෂිත ලක්‍ෂණයක්‌ද විය. ඒ කිසිදු කුඩු ජාවාරම්කරුවකු නොකරන පරිදි වෙළෙඳ ලකුණක්‌ සහිතව තමන්ගේ මත් කුඩු පැකට්‌ රට පුරා බෙදාහැරීමට ඔහු කටයුතු කිරීමය.

    පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අත්අඩංගුවට පත්වීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කළ සුදා රක්‍ෂිත බන්ධනාගාරගත කෙරිණි. එහෙත් ඉකුත් 2011 වසරේ මැදභාගය වන විට අධිකරණ ඇප මත හේ නිදහස ලැබීය. ඔහු සියල්ලන්ගේ ඇස්‌ වසා ඩුබායි රටට පැන ගොස්‌ සිය ජාවාරම ජාත්‍යන්තර වශයෙන් අරඹනුයේ එතැන් සිටය.

    ඩුබායිහි රැඳී සිටියදී කලකට පසු පාකිස්‌තානයට සංක්‍රමණය වන ඔහු ඉකුත් ජනවාරි මාසයේදී පාකිස්‌තාන් පොලිසියට කොටුවී මෙරටට භාර දෙනුයේ එරට රැඳී සිටිමින් කුඩු ජාවාරමේ යෙදෙන අතරතුර ය.

    මෙසේ ශ්‍රී ලංකාවට රැගෙන ඒමෙන් පසු ඉකුත් 2008 වසරේදී පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් මත්කුඩු ග්‍රෑම් 85 ක්‌ සමග ඔහුව අත්අඩංගුවට ගෙන පවරා තිබූ නඩුවේ විභාගයට අනුව ඊයේ (14 වැනිදා) වෙලේ සුදාට කොළඹ මහාධිකරණය මගින් මරණීය දණ්‌ඩනය නියම කරන ලැබිණි. මෙහිද විශේෂත්වයක්‌ ඇත. ජාත්‍යන්තර මත් කුඩු ජාවාරම්කරුවකු වූ වෙලේ සුදා මත්කුඩු සමග අත්අඩංගුවට ගෙන සාක්‍ෂි සහිතව පවරා තිබූ ඉතිහාසයේ එකම නඩුව එය වීමය. එකී කාර්යය කරනු ලැබුවේ පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස්‌ පරීක්‍ෂක රංගජීව ඇතුළු නිලධාරීන් පිරිසකි.

    මෙම නඩු විභාගයේදී සිදුවූ සුවිශේෂී සිදුවීම්ද රැසක්‌ම විය. ඉන් වැදගත්ම සිදුවීම වූයේ ප්‍රධාන සාක්‍ෂිකරුවන් වූ නිර්භීත පොලිස්‌ නිලධාරින් තිදෙනකු තම ආත්මයන් පාවා නොදී ඇති වූ ජීවිත අවදානමද නොසළකා රට වෙනුවෙන් යුතුකම් ඉටු කිරීමට පියවර ගැනීමය.

    වෙලේ සුදාට එරෙහිව විභාග වූ නඩුවේ ප්‍රධාන සාක්‍ෂිකරුවා වූයේ පොලිස්‌ පරීක්‍ෂක රංගජීව මහතාය. ඔහුගේ සාක්‍ෂිය තහවුරු කරමින් දෙවැනි සාක්‍ෂිකරු ලෙස අධිකරණය ඉදිරියේ පෙනී සිටියේ උප පොලිස්‌ පරීක්‍ෂක විඡේසිංහ මහතාය.

    හේ 2008 වසරේදී වෙලේ සුදා අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමේ සිටියෙකි. නමුත් එකී අත්අඩංගුවට ගැනීමත් සමග එවකට පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ සේවය කළ උප පොලිස්‌ පරීක්‍ෂක විඡේසිංහට මිරිහාන පොලිසියට හදිසි ස්‌ථාන මාරුවක්‌ ලැබිණ. මෙකී ස්‌ථාන මාරුව පිළිබඳ එකල පොලිසියේ සිටි බලධාරින් පසුව කීවේ අත්වැරදීමකින් එය සිදු වූ බවකි.

    නමුත් විඡේසිංහ මහතා අදටත් රාජකාරි කරනුයේ මිරිහාන පොලිසියේය. ඔහු මෙකී නඩු විභාගයට සාක්‍ෂි දීම සඳහා එහි සිට අධිකරණයට පැමිණ තිබිණි. 2008 දී වෙලේ සුදා අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු සන්තකයේ තිබී හසු වූ මත් කුඩු ග්‍රෑම් 85 එදා සීල් තබා රජයේ රස පරීක්‍ෂකවරයා වෙත යවනු ලැබුවේ උප පොලිස්‌ පරීක්‍ෂක සමරකෝන් නමැති නිලධාරියෙකි.

    වෙලේ සුදා මෙරටට රැගෙන ඒමෙන් පසු මෙකී නඩුව යළි ඇරඹෙද්දී උප පොලිස්‌ පරීක්‍ෂක සමරකෝන් මහතා සිටියේ දරුණු අක්‌මා පිළිකාවකට ගොදුරුව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමිනි. සුදාට එරෙහිව නඩුවේදී ඔහුගේ සාක්‍ෂිය ඉතා වැදගත් බව අධිකරණයේ තීරණය විය.

    නමුත් ඔහු සිටියේ රෝගය නිසා අසාධ්‍යවය. එහෙත් රට වෙනුවෙන් තිබූ කැක්‌කුම නිසාම සමරකෝන් මහතා සහෝදර පොලිස්‌ නිලධාරින්ගේ වාරුවෙන් පැමිණ මහාධිකරණය හමුවේ තමන්ගේ සාක්‍ෂිය ලබා දුන්නේය. දැඩි ආයාසයකින් යුතුව දෙදිනක්‌ එසේ සාක්‍ෂි දුන් සමරකෝන් මහතා ඉන් පස්‌ දිනකට පසු රෝගය හමුවේ ජීවිතයෙන් සමු ගෙන ගියේය.
    (under the courtesy of nethfm news web)
     
    Last edited:

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    neetiya kriyathmaka venne podi ekata vitharai ban
    ehema vela vadak na.

    වෙලේ සුදා කියන්නේ පොඩි එකෙක් වෙන්නේ කොහොමද?යකෝ ඌ කුඩු රජෙක්.හැම රෙද්දටම දේශපාලනය ගාවගෙන මේ වගේ වැරදි කාරයෝ නිදහස් කරන්න කියලද උබලා කියන්නේ?
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    වෙලේ සුදා කියන්නේ පොඩි එකෙක් වෙන්නේ කොහොමද?යකෝ ඌ කුඩු රජෙක්.හැම රෙද්දටම දේශපාලනය ගාවගෙන මේ වගේ වැරදි කාරයෝ නිදහස් කරන්න කියලද උබලා කියන්නේ?

    atta machan umbe katawa

    me wage ewunta daduwam denakota anik podi ewun business karana baya wenawa

    etakota kudu raja lata minisu hoya ganna nati wenawa buisness nawatinawa
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,402
    6,226
    113
    බීස්කට් කුඩු බීස්කට් කුඩු බීස්කට් කුඩු බීස්කට් කුඩු බීස්කට් කුඩු බීස්කට් කුඩු.