වෙලේ සුදාගෙන් සල්ලි ගත්තු නිළියන්ද මේ?

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    'වෙලේ සුදාට නිළියන් සම්බන්ධ නැහැ'









    a968d988da3b5623e52a9338e2760928_L.jpg

    'වෙලේ සුදාට නිළියන් සම්බන්ධ නැහැ'

    14 April 2015




    :P:P:rolleyes::rolleyes::rofl::rofl::baffled::baffled::oo::oo::eek::eek::sorry::sorry::confused::confused::P:P



    inShare​

    කුප්‍රකට මත්කුඩු ජාවාරම්කරුවෙකු වන සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා සමග සම්බන්ධතා පැවැත්වූ බවට මේ දිනවල අන්තර්ජාලයේ වෙබ් අඩවිවල සහ සමාජජාල වෙබ් අඩවිවල පළවන නිළියන්ගෙන් නම් සහ තොරතුරු මුළුමනින්ම සාවද්‍ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා අවධාරණය කර සිටියි.

    මේ සම්බන්ධයෙන් විමසා සිටි අවස්ථාවේ ඔහු පැවසුවේ, තමා විසින් පැවසූ බව දක්වමින් වෙබ් අඩවිවල දක්වා ඇති තොරතුරු පදනම් විරහිත බවයි.


    ජනප්‍රිය නිළියන් කිහිප දෙනෙකුගේ හා ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගේ නම් සහිතව, වෙබ් අඩවි සහ සමාජ ජාල වෙබ් අඩවිවල මේ සම්බන්ධයෙන් වාර්තා පලවී ඇත.


    සෙමිණී පිළිතුරු දෙයි :


    මේ සම්බන්ධයෙන් 'ශ්‍රී ලංකා මිරර්' වෙත අදහස් දැක්වූ ජනප්‍රිය රංගන ශිල්පිනි සෙමිණී ඉද්දමල්ගොඩ මහත්මිය කියා සිටියේ, වෙලේ සුදා නැමැත්තා සමග සම්බන්ධතා පැවැත්වූ බවට තමාගේ නම ද ඇඳා ගනිමින් සමහර වෙබ් අඩවිවල පලවී ඇති වාර්තා මුළුමනින්ම පදනම් විරහිත බවයි. තමා එවැන්නකු සමග කිසිඳු දිනෙක කතාබහ කර හෝ නොමැති බව ඇය අවධාරණය කළාය.


    '' නිලියන් සමග සම්බන්ධතා පැවැත්වූ වගක් වෙලේ සුදා කිසිඳු අවස්ථාවක ප්‍රකාශකර නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැහැදිලිව කියා තිබියදීත්, සමහර වෙබ් අඩවිවල හා සමාජ ජාල වෙබ් අඩවි වල ඒ සම්බන්ධයෙන් අසත්‍ය වාර්තා පලවෙනවා. අදහස් ප්‍රකාශ කිරීමට ඇති නිදහසේ නාමයෙන් සිදුකෙරෙන මෙවැනි මඩ ගැසීම් ඉතාමත් පිළිකුල් සහගතයි. වෙලේ සුදා ගේ සිද්ධියට මගේ නම ඇඳා ගෙන පලවී ඇති වාර්තා නිසා මම බලවත් අපහසුතාවයට පත්වෙලා ඉන්නේ. සැමියා විතරක් නෙමෙයි පාසල් යන දරුවා පවා බලවත් කම්පනයකට පත්වෙලා. මේවගේ පුවත් සහගහන අපරාධයක්. මේ ගැන මාධ්‍ය වල අවධානය යොමුවිය යුතුයි'' යයි පැවසු සෙමිනි මහත්මිය, මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන බවද සඳහන් කළාය.


    මෙම මඩ පුවත් පිටුපස ක්ෂේත්‍රයේම සමහර ඉරිසියාකාර කුහක පිරිස් සිටිය හැකි බවටද ඇය සැක පහල කරයි.

    ලෝචනාත් හඬා වැටේ :

    ජනප්‍රිය නිළියක වන ලෝචනා ඉමාෂි ද වෙලේ සුදා සමඟ සම්බන්ධතා පැවැත්වූ බවට සමහර සමාජ වෙබ් අඩවි වල වාර්තා පළකර ඇත.
    ඒ සම්බන්ධයෙන් 'ශ්‍රී ලංකා මිරර්' වෙත අදහස් දැක්වූ ඇය හඬා වැටෙමින් කියා සිටියේ, තමා වෙලේ සුදා නමැත්තකු සමග හෝ වෙනත් කිසිඳු කුඩු ජාවාරම්කරුවකු සමග කතාබස් කර හෝ නොමැති බවයි.


    තමා ළඟදි විවාහවීමට නියමිත බවත්, මෙම මඩ ප්‍රචාරවලින් දැඩි අපහසුතාවයකට පත්ව සිටින බවත් ඇය සඳහන් කළාය.
    තමාට අධි සුඛෝපබෝගී වාහනයක් ඇතැයි ද එම මඩ වෙබ් අඩවිවල පලවී ඇතත්, තමාට ඇත්තේ මාසිකව කුලියට ලබාගත් සාමාන්‍ය වාහනයක් බවද ඇය කියා සිටියාය.


    පෞද්ගලික ජීවිතය අමු අමුවේ විනාශ කරන මෙවැනි පුවත් පාලනය කිරීමට නිසි ක්‍රමවේදයක් නොතිබීම බලවත් අපරාධයක් බවද ඇය වැඩිදුරටත් කියා සිටියාය.