වෙලේ සුදාගේ සමීපතමයෙක් නිදොස්කොට නිදහස්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    අධිකරණයට අසත්‍ය දිව්රුම් පෙත්සමක් ඉදිරිපත් කළ බව වැටලීම කළ පොලිස් නිලධාරියා පිළිගැනීම හේතූවෙන් හෙරොයින් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රමුඛ පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘වෙලේ සුදා’ගේ සමීප සගයකු බව කියන පුද්ගයකු කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා අද (18) නිදොස් කොට නිදහස් කළේය”

    අත්අඩංගුවට ගත් හෙරොයින් කිරා බැලු ආකාරය පිළිබඳ විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ප්‍රදීප් ජයකොඩි මහතාගේ හරස් ප්‍රශ්න වලදී තමා මහෙස්ත්‍රාත් අධිකරණයට අසත්‍ය දිව්රුම් පෙත්සමක් ඉදිරිපත් කළ බව වැටලීම කළ පොලිස් නිලධාරියා පිළිගැනීම නිසා විිත්ති වාචක නොකැඳවාම විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට විනිසුරුවරයා තීරණය කළේය”

    විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නැතැයි සඳහන් කරමින් මෙලෙස නිදොස් කොට නිදහස් කරන ලද්දේ ප්‍රමුඛ පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘වෙලේ සුදා’ගේ සමීීප සගයකු බව කියන ඉනෝම මිිදුලංග නමැත්තාය”
    2011 ජනවාරීී 22 වැනිදා හෝ ඊට ආසන්න දිනයක දෙහිවල නැදිමාල ප්‍රදේශයේදී හෙරොයින් ග්රෑම් 4 .64ක් ළඟ තබාගැනීම සහ ජාවාරම් කිරීම යටතේ නීතීතිවරයා විසින් නඩු පවරා තිබිණී”
     
    • Haha
    Reactions: Ozone4 and hariuda