විසිව ගොස් දුටු ගැමුණු පාළන උදාවී ඇත නැවුම් වෙස ඟක්
පහළ වී මහ රජුන් වෙසතුරු එනු පෙනේ සිත් නිවුනු යුග යක්
ජහ මනේ පැතු පැතුම් ඉටු කොට දෙනු මැනේ දිණුමකට අග යක්
මුලා කරමින් දනන් බොරු වෙන් නොහැක කිසි දින දකිණු නිව නක්
මාතු පාදං කියා මව්ගේ බෙල්ල පිහි පා රින් කැ පේවා
පීතු පාදං නැමද ඔළු කටු උදළු තල පහ රින් බි ඳේවා
සෑම පෝයම සිල් අරං ගඳ පඩින් පන් සල් බිම් පි රේවා
මෛත්‍රී භා වනා අව සන දෙමළු මරණට පෙල ගැ සේවා
තම්බි පල මැද පෙර දිග බලාලා මේ බුදුන් ගේ දේශ යයි
තම්බි පල මැද පෙර දිග බලාලා මේ බුදුන් ගේ දේශ යයි
නොමැත වෙන කිසි වකුට මෙහි ඉඩ මේක සිහළේ බූමි යයි
අවුල ගත හොත් දැඩිව එන්නේ අපේ ජාතික ආල යයි
පිරිත් කැටි කොට පොවා එන්නේ සංඝ රත්නේ සාප යයි
සෑම තැන ඇති තොරණ් එලියෙන් අපේ මව්බිම එලිය වේවා
කෑම ඇත බොල සෑම තැනකම පුදා දන් සල් කුස පි රේවා
පිරිත් කැටි කොට පොවා එන්නේ සංඝ රත්නේ සාප යයි
සෑම තැන ඇති තොරණ් එලියෙන් අපේ මව්බිම එලිය වේවා
කෑම ඇත බොල සෑම තැනකම පුදා දන් සල් කුස පි රේවා
පෑම ඇති තග පොඩි එකා හට ජාති ආලේ චුතම වේවා
නෑම ඇති අපේ නාන සාරේ මොළේ වෙසඟේ පහළ වේවා
"නිසැක ධාතුම" සොයා වැඳලා අතින් කීයක් හරි දිය ල්ලා
"නිසැක ධාතුම" සොයා වැඳලා අතින් කීයක් හරි දිය ල්ලා
ධාතු වඳිනට පෝලිමේ ගොස් ධාතු පහ කර නොම ගනි ල්ලා
පුකට හිරටම අඳින කලිසම් දෙස බලා පිලිකුල් වඩ ල්ලා
පොලොසියේ පත බැටන් පොලු පුක ටම වඩින්නට පෙර දුව ල්ලා
තොරණ් ගහපිය කූඩූ බැඳපිය මූණූ දාගෙන මෙහෙ වරෙ ල්ලා
තොරණ් ගහපිය කූඩූ බැඳපිය මූණූ දාගෙන මෙහෙ වරෙ ල්ලා
බලුබ් දමපිය දනට දීපිය කොඩිත් ඇද පීකර් දම ල්ලා
ඩෙනිම් ගහපිය කැප් දමාපිය ස්කිනී ගහගෙන මොඩ් වෙය ල්ලා
පාරේ නටපිය දෙකක් දාගෙන ප්‍රීතී වෙසඟක් ඇත ඇවි ල්ලා
දෙරණ පාළන මැති දනන්ගේ අන්ධ වූ නෙත් විවර වේවා
දෙරණ පාළන මැති දනන්ගේ අන්ධ වූ නෙත් විවර වේවා
බයිල ගසනා පඬිවරුන්ගේ මොට්ට මොලයට නුවණ ඒවා
මෝහයෙන් දන මුළා කරණා හොර සඟුන් දෙවියෝ ර කීවා
දන්න අයටත් නොදත් අයටත් ප්‍රීතී වෙසඟේ සෙත්ම වේවා
-o()o-
http://maathalan.blogspot.com