වෙසක් මහා පැට්ටරෝල් දන්සල

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    වෙසක් මහා පැට්ටරෝල් දන්සල

    ලංකාවේ ප්‍රථමවතාවට පැට්ටරෝල් (පෙට්‍රල්) දන්සලක්

    වෙසක් පොහොය නිමිත්තෙන් විවිධ ආකාරයේ දන්සැල් මේ වන විටත් සංවිධාන වෙමින් පවතිනවා. ඒ අතරතුරේ වෙනස්ම ආකාරයේ දන්සැලක් කොටිකාවත්ත ප්‍රදේශයේ පැවැත්වීමට සූදානම් බව අප වෙත වාර්තා වේ. ඒ ලංකාවේ ප්‍රථම වතාවට සංවිධානය කෙරෙන මහා පෙට්‍රල් දන්සලකි.



    10433263_1005133942851008_8278940992859088166_n.jpg


    ස්ටන්ට් මේනියා සහ ඩෙස්ටිනි DJ's ආයතන මගින් සංවිධානය කරනු ලබන මෙම දන්සැලෙන් මේ වන විට පෙට්‍රල් ලීටර් 500ක් යතුරු පැදි සඳහා පමණක් නොමිලේ බෙදාදීමට සැලසුම් කොට තිබේ. ඒ අනුව එක් අයෙකුට අවම වශයෙන් පෙට්‍රල් ලීටරයක් හෝ ලබාදීම ඔවුන්ගේ අරමුණයි. මෙම දන්සල වෙසක් පෝදා කොටිකාවත්ත හොණ්ඩා ශාඛාවේදී අදියර තුනකින් පැවැත්වීමට නියමිතයි. ඒ සවස 5 සිට 7 දක්වාත් රාත්‍රී 9 සිට 10 දක්වාත් සහ රාත්‍රී 11 සිට අලුයම 1 දක්වාත්ය.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    වෙනසකටත් එක්ක එල දැන්ටම කස්ටිය
    සෙට් වෙලා ඇති එහෙනම් :D
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    වෙනසකටත් එක්ක එල දැන්ටම කස්ටිය
    සෙට් වෙලා ඇති එහෙනම් :D

    මෙදාපාර වෙසක් එකට දන්සල් ගොඩක් අඩුයි වගේද මන්ද
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඔය දන්සලත් ඇමතියෙක් ඕපන් කලොත් උගේ ඉලව්වට පෙට්‍රැල් ටික ගහපු ගමන් දන්සල ඉවර වෙයි..