වෙසක් විනාශ කල සිoහල බෞද්ධ අන්තවාදීන්

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,797
    113
    එතකොට උබ බුදු හාමුදුරුවෝ කොහොම කිව්වත් චිවරදරිය අපහාස කළේ හාමුදුරුවන්ගේ සීලය මැනලද? හාමුදුරුවෝ සහ ගමේ මිනිස්සු විරුද්ධ වුනාම වෙසක් කූඩු පිච්චුවේ හදපු එවුන්මයි. හැබැයි හාමුදුරුවෝ චීවර දාරියා වුණා. ගමේ මිනිස්සු අන්තවාදීන් වුණා. අනේ උඹේ logic.

    ස්වාමීන් වහන්සේ කෙනෙක් තියා ගිහියෙක් වත් නොකළ යුතු දෙයක් කරපු චීවරයක් පොරව ගත්ත කෙනෙකුට චීවරදාරියා කියන එක ඇරෙන්න වෙන ගැළපෙන වචනයක් නෑ. හරි ස්වාමීන් වහන්සේ කෙනෙක් නම් ආගම් භේදයක් නැතුව කරපු වැඩේ අගය කරනවා මිසක් බුදු පිළිමයක් ළඟ තියාගත්ත මිනිහෙක් අල්ලගත්ත සවුදි ආගමික පොලිස්කාරයෙක් වගේ හැසිරෙන්නේ නෑ.


    පැහැදිළි කළා. ඉවසීමෙන් කියවල බලපන්.

    කළා නම් අදාල පෝස්ට් එක කෝට් කරන්නකො.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,797
    113


    බෞද්ධ ධර්මයට - සිංහල ජාතියට නිග්‍රහ කිරීම ජීවිතය කරගත්ත නොමිනිස්සුට මොනවා කිව්වත් උන්ට තේරෙන්නේ නැහැ.

    ඔය දෙකට මම නිග්‍රහ කරපු පෝස්ට් එකක් කෝට් කරන්න බලන්න.
     

    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    ඔතන මෙහෙම දෙයක් තියෙනවා සහෝදර වරැනි. වෙසක් කූඩුවක් කියන්නේ තේරැමක් සහිතව කරන නිර්මාණයක් මිසක් හුදෙක් සැරසිල්ලක්ම නොවෙයි. සැරසිල්ලක අදහසින් පමණක ඕක කලානම් ඔබලා ඔය කියන දේ හරි. නමුත් මේක වෙසක් කූඩුවක්. එහෙනම් ඒක සැරසිල්ලක අර්ථයෙන්ම කරන දෙයක් නෙමෙයි. අපි අටපට්ටමක් ගත්තොත් ඒකේ ලොකු තේරැමක් තියෙනවා. පැති හතරෙන් චතුරාර්ය සත්‍යයත් කුඩා කොටු අටෙන් අටලෝ දහමත් රැලි වලින් නිමක් නොවු මේ සංසාරයත් පෙන්නුම් කරනවා. ඒකයි ඒක සැරසිල්ලක්ම නොවන්නේ.
     

    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    මේ සිද්දිය ඇරුනම මම දැක්ක ධර්ම චක්රේ එක්ක කුරුසේත් ගහපු වෙසක් කුඩු ගොඩක් තිබුන. :yes:

    කතෝලිකයෙක් විදියට මට ඇත්තටම ආඩම්බරයි අපිට බෞද්ධ පරිසරයක ඉන්න ලැබිච්ච එක ගැන. :) මොකද ඒ තරම් තවත් ආගමකට ගරු කරන්න පුළුවන්, තවත් විශ්වාසයකට අයත් මිනිස්සුන්ගේ දුක තේරෙන, මොන දේ උනත් ඒ මිනිස්සු එක්ක ඉන්නවයි කියන්න සංකේතවත් කරන්න තමන්ගේ ආගම, දර්ශනය විවුර්ත කරන්න පුළුවන් බෞද්දයෙක්ටම විතරයි. :yes: :D මන් කවදාවත් දැකල නැහැ කතෝලික festival එකක වෙන ආගමක සංකේත. :(

    මේ දේවල් වලින් වෙසක් උත්සවයේ අනන්‍යතාවය අඩු වෙන්න ඇති, එත් එහි අර්ථය මුළු රටම දැක්කා. :yes::yes::yes: