වෙළෙඳපොළ තුළ මේ දිනවල උද්ගතව ඇති පොල් හිඟයත් සමග පොල් මිල පවතින්නේ ඉතා ඉහළ අගයකය.
ඒ අනුව මේ වනවිට වෙළෙඳපොළේ පොල් ගෙඩියක මිල රුපියල් 200 සීමාව දක්වා ඉහළ නැග තිබේ.
පාරිභෝගික ජනතාව පවසන්නේ සහල් මෙන්ම පොල් හිඟයක්ද වෙළෙඳපොළේ පවතින බවය.
එවන් පසුබිමක ජනතාව වැඩි වශයෙන් පරිභෝජනය කරන නාඩු, කැකුළු සහල්වලද හිඟයක් පවතී.
එමෙන්ම එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය පෙන්වාදෙන්නේ සිල්ලර සහල් අලෙවිය සඳහා රජය පනවා ඇති පාලන මිලද ඉක්මවා සහල් තොග මිල ඉහළගොස් ඇති බවය.
මේ අතර ලොකු ලූනු ආනයන බදු සංශෝධනය කිරිමට වෙළඳ අමාත්‍යංශය තීරණය කර තිබේ.
ඒ අනුව ආනයනික ලොකු ලූනු සඳහා පැවති රුපියල් 30ක් වූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 10ක් දක්වා අඩුකිරීමටත් ආනයනික අර්තාපල් සඳහා මෙතෙක් පැවති රුපියල් 60ක් වූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද එලෙසම පවත්වාගැනීමටත් තීරණය කෙරුණි.
වෙළෙඳපොළෙහි ලොකු ලූනු මිල ඉහළයමින් පවතිද්දී, කාලගුණ තත්ත්වය සහ එළැඹෙන උත්සව සමය මුල්කරගනිමින් තවදුරටත් මෙම භාණ්ඩ මිල ඉහළයාම වළක්වා ගැනීම සඳහා දෙසැම්බර් මස 31 දක්වා මෙම නව බදු සංශෝධනය ක්‍රියාත්මක බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය සඳහන් කළේය.
@Walter White menna පොල් හිඟයක්
@2osama mehe waren පොල් nahallu
mata baninna epa, mawa NPP eken ain karalu