වෙළේ සුදා, සිද්ධික්‌ හා සුසෙයි යළි වැඩ අල්&#35

monson

Well-known member
  • May 7, 2007
    25,789
    28,966
    113
    වෙළේ සුදා, සිද්ධික්‌ හා සුසෙයි යළි වැඩ අල්&#35

    කුඩු ජාවාරම ජයටම; වෙළේ සුදා, සිද්ධික්‌ හා සුසෙයි යළි වැඩ අල්ලති

    සමන් ගමගේ

    කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට රැගෙන එමින් සිටි මත්ද්රව්ය ජාවාරම්කරුවකු අභිරහස් ලෙස පලා යැමේ සිද්ධියත් සමඟ වෙළේ සුදා, මොහොමඩ් සිද්ධික් සහ සුසෙයි යන රට හෙල්ලූ මත්කුඩු ජාවාරම්කරුවන් යළිත් ප්රබල ලෙස කුඩු ජාවාරම අරඹා ඇතැයි බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී තිබේ.
    වෙළේ සුදා, සිද්ධික් හා සුසෙයිගේ ගෝලයකු වන සුනිල් ශාන්ත නමැති පැනගිය කුඩු ජාවාරම්කරු ඊයේ (23 වැනිදා) වනතුරුත් සුඟව සිටින තැනකින් අත්අඩංගුවට ගැනීමට විමර්ශන කණ්ඩායම්වලට නොහැකිව තිබිණි.

    හෙරොයින් කිලෝ ග්රෑම් දෙකක් සමඟ පොලිසියට හසුවී කෑගල්ල බන්ධනාගාරයේ රඳවා සිටි පලා ගිය සැකකරු කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත රැගෙන ඒමේදී විශේෂ ආරක්ෂාවක් නොමැතිව ගෙන ඒමද මේ වන විට විශාල අභිරහසක් වී තිබෙන බව බන්ධනාගාර නිලධාරියෙක් පැවසීය.
    මෙම සැකකරු පලා යැම චිකාගෝ මෙහෙයුමක් සේ බන්ධනාගාර බස් රථයකින් පැමිණ සිදු කළ බවට මාධ්ය වාර්තා පළ වුවද සිදුවන්නට ඇත්තේ එවැන්නක් නොවන බව ඉහත බන්ධනාගාර නිලධාරියා සඳහන් කළේය.

    බන්ධනාගාරයෙන් පලා ගිය මත්කුඩු ජාවාරම්කරු අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද පරීක්ෂණ ආරම්භ කර ඇත. මෙවන් බරපතළ සිද්ධියක් සිදුව තිබියදීත් මෙම සැකකරු කෑගල්ල බන්ධනාගාරයේ සිට කොළඹට රැගෙන ආ නිලධාරීන් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පරීක්ෂණයක් සිදුව නොමැති බව බන්ධනාගාර අභ්යන්තර ආරංචිමාර්ග පවසයි.


    - http://divaina.com/daily/index.php/pradeshiya-puwath/20238-2018-11-23-14-16-28
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,789
    28,966
    113
    ! ! බොරු පච ත්‍රෙඩ්, monson unp පච news

    යකෝ මේ මහා දේශප්‍රේමී මාධ්‍යවේදී දිවයිනේ සමන් ගමගේ ලියපු news එකක්! :lol: