වෝල්ට් ඩිස්නි සේවක කප්පාදුවක්

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    Walt_Disney_Animation_Studios_logo.svg



    වෝල්ට් ඩිස්නි "Walt Disney" චිත්‍රපට නිෂ්පාදන ආයතනයේ Pixar Animation Studios හි සේවය කරමින් සිට ප්‍රධාන පෙළේ විධායක නිලධාරීන් දෙදෙනෙකු ඇතුළුව සේවකයින් 75 දෙනෙකු සේවාවෙන් ඉවත් කිරීමට එම ආයතනය තීරණය කර තිබේ.

    විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ "Lightyear" නැමැති චිත්‍රපටයෙන් බලාපොරොත්තු වූ බොක්ස් ඔෆිස් වාර්තා සිහිනය බොඳව යාමත් සමග මෙම සේවක කප්පාදුව සිදුකර ඇති බවය.

    මෙලෙස ඉවත් කර ඇත්තේ "Lightyear" චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා සහ එහි නිෂ්පාදකවරයාය ඇතුළු 75 දෙනෙකුය.

    Angus MacLane නැමැති අධ්‍යක්ෂකවරයා "Walt Disney" චිත්‍රපට ආයතනය විසින් නිර්මාණය කළ "Toy Story 4" සහ "Coco" යන චිත්‍රපට සඳහා ද දායකත්වය ලබා දුන් අතර වසර 26ක් පුරා එම ආයතනයේ සේවය කළ නිලධාරියෙකු බව සඳහන් වෙයි.

    Galyn Susman නැමැති නිෂ්පාදකවරයා ද "Toy Story" චිත්‍රපටයේ සිටම එම කතා මාලාවේ කටයුතු කර ඇති අතර ඔහු 1995 සිට මෙම ආයතනයේ සේවය කර තිබේ.

    කෙසේ වෙතත් මීට පෙර දිනයකදී Walt Disney ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිවරයා වන බොබ් අයිගර් (Bob Iger) පවසා ඇත්තේ ආයතනයේ පිරිවැය ඩොලර් බිලියන 5.5ක් කප්පාදු කිරීමට අවශ්‍ය වන බැවින් ඒ සඳහා සේවකයින් 7,000ක් ඉවත් කිරීමට සිදුවන බවය..

    https://www.reuters.com/business/walt-disneys-pixar-animation-eliminates-75-positions-2023-06-03/
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,029
    153,114
    113
    Woke මගුල් තදටම ප්‍රමෝට් කරන්නෙ මුන් තමයි. හොලිවුඩ්වල තියෙන මකබෑවිලම යන්න ඕන ෆිල්ම් ස්ටූඩියෝ එක ඕක. Creativity එකට තැනක් නැති මිනිස්සුන්ගෙ nostalgia එක පාවිච්චි කරලා Sequels, Remake වලින් සල්ලි කදු ගණන් හොයන මෙලෝ රහක් නැති ස්ටූඩියෝ එක. F**k you Bob iger & Kathleen Kennedy. 🖕🖕🖕

    1128-Untitled-Design-2.jpg

    MV5BOTQ4OTM5NzA0MF5BMl5BanBnXkFtZTcwMzE3MjA0Nw@@._V1_.jpg
    archerfilmfestival-web-img_4330_-_h_2017.jpg
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    ඔන්න ඔය නිසයි කියන්නේ කිසිම ආයතනයකට පුප දීගෙන වැඩ කරන්න එපා කියලා. හැම වෙලාවෙම ප්‍රොෆෙෂනල් විදියට වැඩේ කරපන්. උබේ ටාස්ක් එකට අදාලවජොබ් එක කරපන්. පුප දීගෙන කොච්චර නැටුවත්, පොඩ්ඩ බැරි වෙච්ච ගමන් උබලව එලියට දානවා. ඒ නිසා අදාළ දේ විතරක් කරලා, ජොබ් එක වෙනුවෙන් ජීවිතේම කැප කරන්නෙ නැතුව ආතල් එකේ ජීවත් වෙයල්ලා.
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    Angus MacLane නැමැති අධ්‍යක්ෂකවරයා "Walt Disney" චිත්‍රපට ආයතනය විසින් නිර්මාණය කළ "Toy Story 4" සහ "Coco" යන චිත්‍රපට සඳහා ද දායකත්වය ලබා දුන් අතර වසර 26ක් පුරා එම ආයතනයේ සේවය කළ නිලධාරියෙකු බව සඳහන් වෙයි.

    Galyn Susman නැමැති නිෂ්පාදකවරයා ද "Toy Story" චිත්‍රපටයේ සිටම එම කතා මාලාවේ කටයුතු කර ඇති අතර ඔහු 1995 සිට මෙම ආයතනයේ සේවය කර තිබේ.

    :dull::(
     
    • Like
    Reactions: NRTG

    Similar threads