වේදනාවට බොන සමහර පෙති නිසා ගැස්ට්‍රයිටිස
වේදනාවට බොන සමහර පෙති නිසා ගැස්ට්‍රයිටිස් හැදෙන්න පුළුවන්
දවස් ගණනාවක ඉඳල මගෙ බඩේ දැවැල්ලක් තියෙනවා. ගැස්ට්‍රයිටිස් වාගේ. මොනවා කරන්නද කියල මට තේරෙන්නේ නෑ. හරිම වේදනයි.” මේ අද බොහෝ අවස්ථාවල බොහෝ ස්ථානවල අසන්නට ලැබෙන කතාවකි.
ගැස්ට්‍රයිටිස් රෝගය අද සමාජයේ ඒ තරමට ම බහුලය. බොහෝ දෙනෙක් මෙම රෝගය පිළිබඳව වැඩි සැලකිල්ලක් නොදැක්වූව ද එය බොහෝ දරුණු සංකූලතා ඇති කිරීමට සමත් රෝගයකි. එබැවින් ගැස්ට්‍රයිටිස් රෝගය පිළිබඳව නිවැරදි දැනුමක් ලබා තිබීම වැදගත් ය.
ආමාශයේ ඇතිවන ප්‍රදාහ තත්ත්වයක් ගැස්ට්‍රයිටිස් ලෙස හඳුන්වන බව පැහැදිලි ය. ආමාශයට අමතරව ගලනාලයේ ද ග්රහනියේ ද එම ප්‍රදාහ තත්ත්වය ඇතිවීමේ හැකියාව ඇත. ආමාශයේ ගලනාලය සහ ග්රහනියේ ඇතිවන ප්‍රදාහ තත්ත්වයන් එකිනෙකට යම් දුරකට වෙනස් වුවද සාමාන්‍ය මහජනතාව එම අවස්ථා තුනේදීම ඇතිවන රෝගී තත්ත්වය හඳුන්වනු ලබන්නේ ‘ගැස්ට්‍රයිටිස්’ ලෙස ය.
මෙම ප්‍රදාහ තත්ත්වය ආමාශයේ පමණක් පවතී නම් එය gastritis ලෙස ද ගලනාලය පමණක් පවතී නම් එය gastro oesophagatis ලෙස ද ග්රහනිය පමණක් පවතී නම් gastro duodeuitis ලෙස ද, එම ස්ථාන තුනේ ම පවතී නම් Oesophago gastro duodeuitis ලෙස ද හඳුන්වනු ලැබේ. සාමාන්‍ය ජනතාව ඉහත අවස්ථා හතර හඳුන්වන්නේ ගැස්ට්‍රයිටිස් රෝගය ලෙස ය.
ගැස්ට්‍රයිටිස් රෝගයේ රෝග ලක්ෂණ ලෙස උදර කොටසේ දැවිල්ලක් ඇතිවීම, අධික ලෙස කුසගින්න ඇතිවීම, උදරය මිරිකනවා සේ දැනීම, පපුව ආශ්‍රිතව දැවිල්ලක් ඇතිවීම, පපුව සිරකරන්නා සේ දැනීම වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කෙරේ. බොහෝ විට පපුව සිරකරන්නා සේ දැනීම සමඟ පපුවේ දැවිල්ලක් ඇතිවන්නේ oesophagatis නම් රෝග තත්ත්වයේදී ය.
එහිදී ආමාශයික යුෂ සහ පිත ඉහළට ගමන් කර ගලනාලය කෙළවර සිරවිය හැකි ය. එවිට ගලනාලයේ කෙළවර පේෂි අධික ලෙස සංකෝචනය වේ. බොහෝ විට පපුව සිරකරනවාසේ දැනෙන්නේ මෙම අවස්ථාවේදීය. මෙවැනි රෝග ලක්ෂණයක් පහළ වූ විට ඇතැමුන් හෘදයාබාධයක් දැයි බියට පත් වේ. එසේ ම හෘදයාබාධයකදී ඉහත රෝග ලක්ෂණ මතු වූ විට ගැස්ට්‍රයිටිස් රෝගය යැයි කියා වැඩි සැලකිල්ලක් නොදැක්වීමටද ඉඩ ඇත.
ආමාශය ආශ්‍රිතව ඇතිවන ගැස්ට්‍රයිටිස් රෝග තත්ත්වයේදී ආහාර ගැනීමෙන් අනතුරුව රෝගය වැඩි විය හැකි ය. මේ හේතුව නිසා මෙවැනි රෝගීන් ආහාර ගැනීමට බියක් දැක්විය හැකි ය. එම හේතුව නිසා ශරීරය කෘෂ විය හැකි ය.
ග්රහනිය ආශ්‍රිතව ඇතිවන ගැස්ට්‍රයිටිස් රෝග තත්ත්වයේදී බොහෝ විට ආහාර ගත්විට වේදනාව අඩුවේ. එබැවින් ග්රහනියේ තුවාල ඇති පුද්ගලයන් අනවශ්‍ය ලෙස ආහාර ගැනීම නිසා ඔවුන් ගේ ශරීරය ස්ථුල වේ. එවැනි ලක්ෂණවලින් ද ගැස්ට්‍රයිටිස් රෝගයේ ස්වභාවය දළ වශයෙන් හඳුනා ගැනීමේ හැකියාව ඇත. ගැස්ට්‍රයිටිස් රෝගයේ නියම ස්වභාවය පැහැදිලි ලෙස ම හඳුනාගත හැකි වන්නේ ‘එන්ඩස් කොපි’ Endoscopy පරීක්ෂාවකට රෝගියා භාජනය කිරීමෙනි.
ගලනාලය ආශ්‍රිතව ගැස්ට්‍රයිටිස් රෝගය ඇති වූ විට පෙන්නුම් කරන ප්‍රධාන ම රෝග ලක්ෂණය වන්නේ ආහාර උගුරට ඒම ය. එය සිදුවන්නේ ආමාශයත් ගලනාලයත් අතර පවතින කපාටය (පිණ්ඩකය) ඉහිල් වූ විට ය. එම කපාටය තිබෙන්නේ ආමාශය ඇති ආහාර ඉහළට ඒම වැළැක්වීම සඳහා ය. ආමාශය තුළ වැඩිපුර ඇසිඩ් ශ්රාවයවීම, චොක්ලට් වර්ග ‘මයිට්’ වර්ග මේදය අධික ආහාර වැඩිපුර ආහාරයට ගැනීම මෙන් ම තවත් හේතූන් ගණනාවක් නිසාම ගලනාලය සහ ආමාශය අතර තිබෙන කපාටය ඉහිල් වේ.
ශරීරය ස්ථුලවීම ද මෙම කපාටය ඉහිල් වීමට තවත් එක් හේතුවකි. ඒ; ඔවුන්ගේ ශරීරය තුළ පවතින පීඩනය සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි නිසා ය. මෙම කපාටය ඉහිල් වූ විට ආමාශයේ ඇති පිත, ගලනාලයට ගලන නාලයේ දැවිල්ල ඇති කරයි. මෙම රෝගී තත්ත්වය හඳුන්වන්නේ reflux oesophagatis ලෙස.
අපගේ ගලනාලය ඉහළට එන්නේ මහාප්‍රාචීරය තුළිනි. ඇතැම් විට එම ස්ථානයේ මහාප්රාචීරයේ කුඩා සිදුරක් ඇතිවිය හැකි ය. එවිට මහාප්රාචීරයේ එම සිදුර හරහා ආමාශය ඉහළට ගමන් කිරීමට ඉඩ ඇත.
මෙම රෝගී තත්ත්වය Hiatus heruia ලෙස හඳුන්වනු ලැබේ. මෙවැනි රෝගීන් නිදාගෙන සිටින විට කපාටයෙන් ඉහළට ආහාර ගමන් කරයි. උගුරට ඒමත් සිදුවේ.
එවැනි රෝගීන්ට නිදාගන්නා විට හිස එසවන සේ කොට්ටා තැබීමට අතීතයේදී උපදෙස් ලැබිණි. එය නොගැලපෙන බව දැන් හෙළි වී ඇත. එහිදී වඩාත් සුදුසු වන්නේ ඇෙඳ් හිස තබන පැත්ත ඉහළට එසවෙන සේ ඇදේ එම පැත්ත ඉහළට එසවීම ය. ඒ සඳහා ඇඳේ එම කකුල් දෙකට කොට කැබලි දෙකක් තැබිය හැකි ය. මෙහිදී වෛද්‍යවරු රෝගියාට ලබාදෙන තවත් උපදෙසක් වන්නේ දකුණු ඇලයට හැරී නිදාගන්නා ලෙස ය. එයට හේතුව ආමාශය වම් පැත්තේ පිහිටා තිබීම ය. දකුණු ඇලයට හැරී නිදාගත් විට ආමාශය ඉක්මනින් හිස් වේ. එවිට උගුරට ඒමත් සිදුවිය නොහැකි ය.
ගැස්ට්‍රයිටිස් රෝගය බැක්ටීරියා ආසාදනයක් නිසා ද ඇතිවේ. ඒ Helicobacter pylori නම් බැක්ටීරියා මගිනි. එම බැක්ටීරියාව ශරීර ගත වන්නේ අපි පිරිසුදු ආහාර ගැනීම මගිනි. අපගේ ආමාශයෙන් ශ්‍රාවය වන හයිඩ්‍රෝ ක්ලෝන් අම්ලයට ක්ෂය රෝග විෂ බීජය පවා විනාශ කළ හැකි වුවද ගැස්ට්‍රයිටිස් රෝගය ඇති කරන විෂබීජය විනාශ කළ නොහැකි ය. එන්ඩස්කොපි පරීක්ෂාවක් මගින් මෙම බැක්ටීරියාව පැතිරී ඇති ප්‍රදේශය පැහැදිලි ලෙස ම හඳුනා ගත හැකි ය. ප්‍රතිජීවක ඖෂධ මගින් එම බැක්ටීරියාව විනාශ කළ හැකි වන අතර එසේ ප්‍රතිකාර නොකළහොත් ජීවිත කාලය පුරාම එම බැක්ටීරියාව අපගේ ශරීරයේ ජීවත් වනු ඇත. ගැස්ට්‍රයිටිස් රෝගය නිසා ආමාශයේ ඇතිවන තුවාල පිළිකා බවට පත්වන බවට ඇතැමුන් අතර මතයක් ඇත. එය සාවද්‍ය මතයකි.
කැක්කුම් සඳහා නියම කරන NSAID කාණ්ඩයට අයත් අයිබුප්රොපේන්, ඩික්ලොපැනක් වැනි ඖෂධ ගැනීම නිසාද ආමාශය සීරී ගැස්ට්‍රයිටිස් රෝගය ඇතිවීමට ඉඩ ඇත. මානසික ආතතිය ද ගැස්ට්‍රයිටිස් රෝගයට හේතුවන තවත් සාධකයක් බව පෙනී ගොස් ඇත. මානසික ආතතියෙන් පෙළෙන විට ආමාශය තුළට අසාමාන්‍ය ආකාරයට හයිඩ්රො ක්ලෝරික් අම්ලය ශ්‍රාවය වේ. එයද ගැස්ට්‍රයිටිස් රෝගයට ඇතිවීමට හේතුවකි. මේදය අධික ආහාර නිතර ගැනීම ගැස්ට්‍රයිටිස් රෝගයට අතවැනීමකි.
ගැස්ට්‍රයිටිස් රෝගයේ අවස්ථාවන් කීපයක් ම ඇති බව පෙනේ. පළමුවැනි අවස්ථාව සියුම් ලෙස වේදනාවක් දැනෙන අවස්ථාවය. මෙම අවස්ථාවේදී එන්ඩස්කොපි පරීක්ෂාවක් කළ විට කිසිදු ගැටලුවක් නැති බව පෙනීමට ඉඩ ඇත. එහෙත් මයික්‍රොස්කෝප් උපකරණයක් මගින් රෝගය හඳුනාගත හැකිවනු ඇත. මෙම රෝගයේදී ආමාශය සීරී ඇති අවස්ථාව වැනි තත්ත්වයක් ද ඇත. මෙම සීරීම්වලට නිසි ප්‍රතිකාර නොලැබුණහොත් ඒවා ආමාශයික තුවාල බවට පත්වේ. කලක් ගතවූ විට එම තුවාල පුපුරා අධික ලෙස රුධිරය වහනය විය හැකිය.
මෙම තුවාල සුව වන විට ආමාශයේ ග්‍රහනියට යන මාර්ගය හැකිළී එහි අවහිරතා ඇතිවේ. ග්රස්ට්රයිටිස් රෝගයේදී ආමාශයේ සුළු වශයෙන් රුධිරය වහනය වී මළපහ කළු පැහැ ගැන්වීමට හැකියාව ඇත. එසේම වමනයට ඒම, කෑම අරුචි, කෘෂ වීම සිදුවේ.
කොළඹ ජාතික රෝහලේ
ආමාශයික සහ ආන්ත්රික රෝග පිළිබඳ
විශේෂඥ ශල්‍ය වෛද්‍ය
රනිල් ජයසේන
ගැස්ට්‍රයිටිස් රෝගය සඳහා ඉතාම සාර්ථක ලෙස අද ප්‍රතිකාර කළ හැකිය. ඉහතින් දැක්වූවාක් මෙන් එන්ඩස්කොපි පරීක්ෂාවකින් රෝගයේ ස්වභාවය වෛද්‍යවරයාට හඳුනාගත හැකිය. එබැවින් ඉතා සාර්ථක ලෙස ප්‍රතිකාර කිරීමේ හැකියාව අද ඇත. ප්‍රතිකාර ලෙස ප්‍රධාන වශයෙන්ම Helicobacter pylori බැක්ටීරියාව විනාශ කිරීමට ප්‍රතිජීවක ඖෂධ ලබාදෙයි. එසේම ආමාශයේ ආම්ලිකතාවය උදාසීන කිරීමට ඩයිජින්, මැග්නීසියම්, හයිඩ්රොක්සයිඩ්, ඇලුමිනියම් හයිඩ්රොක්සයිඩ් වැනි භාෂ්මික ද්‍රව්‍ය භාවිතා කරන අතර ඇසිඩ් නිපදවන සෛල අවහිර කරන Omeprazole වැනි ඖෂධයන් ද යොදා ගැනේ.
ආමාශයික වන වර්ධනය වී ඇත්නම්, ඒ සඳහා ශල්‍යකර්ම කිරීමටද ඇතැම්විට සිදුවිය හැකිය. එසේම Hitus hernia තත්ත්වය තදබල ලෙස ඇත්නම්, ආමාශය පහළට ඇද එය නැවත උරස් කුහරය තුළට ගමන් කිරීමට නොහැකිවන අයුරින් ශල්‍යකර්මයක් කිරීමට සිදුවේ. මෙවැනි ප්‍රතිකාර මඟින් ද රෝගය සුව කිරීමට නොහැකි නම්, ඇසිඩ් ශ්‍රාවය වීමට උපකාරි වන ස්නායුව කපා දැමීමට සිදුවේ.
බොහෝ දෙනෙක් ඩයිජින් පෙති නිතර ගැනීමට පුරුදු වී සිටිති. එහි අහිතකර ප්‍රතිඵලයක් වන්නේ මලබද්ධය ඇතිවීමය. ගැස්ට්‍රයිටිස් රෝගය සඳහා නියම කරනු ලබන Omeprazole වැනි ඖෂධ ගැනීමට වඩාත් සුදුසුම වේලාව වන්නේ උදෑසන අවදි වූ විගසය; ආමාශය හිස්ව තිබෙන වේලාවය. ඖෂධ සමඟ ජලය පානය කර පැයකට පමණ පසුව ආහාර ගැනීම සුදුසුය.
ගැස්ට්‍රයිටිස් රෝගයෙන් පෙළෙන පුද්ගලයින් යෝගට් සහ මීකිරි ආහාරයට ගැනීම පිළිබඳව සමාජයේ විවිධ මතයන් ඇත. මෙහිදී යෝගට් කෑම ගැටලුවක් නැති වුණද මීකිරි කෑමෙන් වැළකී සිටීම වඩාත් සුදුසුය. ඒ පමණට වඩා මීකිරි කෑමට බොහෝ දෙනෙක් ඇති කැමැත්තය. යෝගට් ආහාරය ගන්නා විට ශ්‍රී ලංකාවේ නිපදවන යෝගට් ආහාරයට ගැනීම වඩාත් සුදුසුය.
ගැස්ට්‍රයිටිස් රෝගයෙන් පෙළෙන උදවිය ආම්ලික ස්වභාවය අධික අන්නාසි වැනි ආහාර වලින් කලක් වැළකී සිටීම ඉතා සුදුසුය. ඇතැමෙකුට ගැස්ට්‍රයිටිස් රෝගය ඇති වන්නේ ඉස්සන් කකුළුවන් දැල්ලන් වැනි ආහාර ද්‍රව්‍ය අසාත්මික වීම නිසාය. එම ආහාර හඳුනා ගැනීම ඉතා වැදගත්ය. එම ආහාර වලින් වැළකී සිටීමෙන් මෙම රෝගයෙන් වැළකී සිටිය හැකිය. එසේම අප ගන්නා ආහාර මුඛයේදී හොඳින් විකා ගිලීම ද ඉතා වැදගත්ය. ආහාර හොඳින් නොවිකා ගිල්ලවිට එම ආහාර ජීර්ණය කිරීම සඳහා වැඩි වැඩ කොටසක් කිරීමට ආමාශයට සිදුවේ. එවිට වැඩි ඇසිඩ් ප්‍රමාණයක් ආමාශයේ එක් රැස්වේ. එය ගැස්ට්‍රයිටිස් රෝගයට මූලිකම හේතුවකි. පලතුරු කෑම නිතර ජලය පානය ගැස්ට්‍රයිටිස් රෝගයෙන් මිදී සිටීමට ඉතා වැදගත්ය.
ආමාශයට නිතරම ඇසිඩ් ශ්‍රාවය වේ. එම ඇසිඩ් තනුක කිරීමට නිතර නිතර ජලය පානය ඉතාම වැදගත්ය. එසේ නැතිව එකවර වැඩි ජල ප්‍රමාණයක් පානය කර අද දවසට ම ඇතිවෙන්න වතුර බිව්වා යැයි සිතීම අනුවණ කමකි. කෑම ගත් විගස ජලය පානය කිරීම නුසුදුසු අතර වඩාත් සුදුසු වන්නේ ආහාර ගෙන පැයකට පමණ පසුව ජලය පානය කිරීමය.
පිරිසුදු ආහාර ගැනීම, ආහාර ගැනීමට වේලාවක් වෙන් කර තබා ගැනීම, ඉතා හොඳින් සහ විකා කෑම ගැනීම, දිනකට ජලය ලීටර් 2 1/2 – 3 ප්‍රමාණයක් දවස පුරාම පානය කිරීම, චොකලට් කොකෝවා වැනි ආහාර සහ මිරිස් දැමූ තෙම්පරාදු කළ ආහාර අඩුවෙන් ගැනීම, රාත්රියේදී ආහාර ගෙන පැය 3 කට පමණ පසුව නින්දට යාම, හිර ඇඳුම් ඇඳීමෙන් වැළකී සැහැල්ලු ඇඳුම් ඇඳීම වැනි ක්‍රම අනුගමනය කිරීමෙන් ගැස්ට්‍රයිටිස් රෝගයෙන් වැළකී සිටිය හැකි අතර රෝගය හටගෙන ඇත්නම් එය සුවපත් කර ගැනීමට ද හැකියාව ඇත.