වයඹ පළාතටම සහල් සැපයීමට හැකි වී මෝලක් හිමි කොබෙයිගනේ (කුරුණෑගල ) සමුපකාර සමිතියේ නිරීක්ෂණ චාරිකාවකට පැමිණෙන ලෙස වෛද්‍ය එම්.පී වික්‍රමසිංහ මහතා මා හට ආරාධනා කළේය. සමුපකාරය සම්බන්ධව මා විසින් කරන පර්යේෂනයේ කොටසක් හැටියට මෙම සංචාරය සංවිධානය විය. වෛද්‍ය වික්‍රමසිංහ මහතා 2023 ජනවාරි 30 වන දින පැවති සමුපකාර නිළවරණයෙන් ජාතික ජනබලවේගය (NPP) නියෝජනය කරමින් තේරී පත්වූ කොබෙයිගනේ සමුපකාර සමතියේ අධ්යක්ෂ මණ්ඩලයේ සභාපති වරයා ය. එහි උප සභාපති හැටියට කටයුතු කරන්නේ ආනන්ද පණ්ඩිත මහතායි. එම අධ්යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් සියල්ල වෘත්තිකයන් වීම විශේෂත්වයකි.
මාගේ සහාය පර්යේෂන කණ්ඩායමත් සමග නිරීක්ෂණ චාරිකාව සඳහා මුලින්ම කොබෙයිගනේ සමුපකාර මූලස්ථානය වෙත ගිය අතර එහිදී අපිට ඉතා විධිමත් ඉදිරිපත් කිරීමක් (Presentation) සිදු කරමින් සභාපති වරයා විසින් නව අධ්යක්ෂ මණ්ඩලයේ ඉදිරි ව්‍යාපාර සැලැස්ම (Business Plan) පිළිබඳ දීර්ඝ පැහැදිලි කිරීමක් කළේ ය.
නව අධ්යක්ෂ මණ්ඩලයේ බලාපොරොත්තුව සමුපකාරය සඳහාම සකස් වූ වෙළෙඳ සන්නාමයක් (Brand) යටතේ ආරම්භයක් හැටියට කුරුණෑගල දිස්ත්‍රික්කයේ සමුපකාර සමිති සඳහා ඇසුරුම් කළ සහ නොකළ (Packeted & Bulk) සැපැයීමටත් මැදි කාලීන සැලැස්මට අනුව වයඹ පළාතේම සමුපකාර සඳහා සැකසූ සහල් සැපැයීම සහ දිගුකාලීන වැඩපිළිවෙළ අනුව අවට පළාත් වලට සහල් තොග සැපයිය හැකි මට්ටමට එය වසර දෙකක් තුල සංවර්ධනය කිරීමටයි. මේ හරහා ආරම්භයේ නව රැකියා 40-60 අතර ප්‍රමාණයක් නිර්මාණය කිරීමට ඔවුන් බලාපොරොත්තු වන අතර දිස්ත්‍රික්කයේ ගොවියන් ගේ වී සාධාරණ මිලකට මිල දී ගෙන ගබඩා කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සැලැසුම් කරමින් සිටී.
මේ දිනවල වෙළෙඳපොළේ සහල් හිඟයක් නිර්මාණය වී ඇත. රජය පාලන මිලක් නියම කළ ද පොලොන්නරුවේ මහාපරිමාන මෝල් කරුවන් හතර දෙනා නැවත වරක් ආණ්ඩුවේ ගැසට්ටුව පයිසයකට වත් ගණන් නොගෙන වෙළෙඳපොළට සැපැයෙන සහල් තොග සීමා කොට මිල ඉහළ දැමීමට අවශ්‍ය වටපිටාව සකස් කරමින් සිටී. රජය මේ වන විටත් සහල් මෙට්ට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට වෙළෙඳ අමාත්‍යාංශයට අනුමැතිය ලබා දී ඇත. එහෙත් කිලෝග්‍රෑමයක් රුපියල් 80-90 ට මිල දී ගත් පසුගිය කන්න දෙකක වී තොග මෝල් හිමියන් සහ තොග රැස්කරන්නන් සන්තකයේ මේ වන විටත් ගබඩා වල ඇත. ප්රශ්නය තිබෙන්නේ රජයට මෙම මොල් හිමියන්ගේ තර්ජනයට මුහුණ දීමට තරම් ශක්තියක් නැති කමය .
ලංකාවේ වෙළෙඳ අමාත්‍යාංශය පසුගිය වසරේ මියැන්මාර් රජය සමග සහල් මිල දී ගැනීම සඳහා ගිවිසුම් අත්සන් කොට ඇත . මියැන්මාර් රජය වෙනත් රටවලට සහල් මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 340-350 ත් අතර මිලදී ගන්නා විට ලංකාවේ බලධාරීන් ඩොලර් 440-450 ත් අතර මිලකට ගැනීමට කැමත්ත පල කළ බව මියැන්මාර් රජය ප්‍රකාශ කරයි. ඔවුන් කියන අන්දමට ලංකාවේ රජයට සහල් අලෙවිය ඉතා ලාභදායී වගේම පහසු බවත් ලංකාවේ බලධාරීන් වෙනත් රටවල මෙන් සහල් වල ගුණාත්මකභාවය පිළිබඳ විමසීම් නොකරන බවත් ඔවුන් ප්‍රකාශ කර ඇත. මෙය ලංකාවේ අපිට නම් පුදුමයක් නැත. ලංකාවේ සියළු කටයුතු සිදුවන්නේ අතයට ගණුදෙනුවක් සහිතව ය. මෙවැනි දූෂිත ගනුදෙනු වලට තවත් ඉඩ දිය යුතු ද? මෙම ගණුදෙනුව පිළිබඳ වැඩි විස්තර සඳහා;
https://indepthnews.net/rice-exports-to-sri-lanka-good-business-for-myanmar/
https://www.themorning.lk/articles/220155
නව අධ්යක්ෂ මණ්ඩලය භාර ගන්නා විට රුපියල් මිලියන 3.9 ක මූල්‍ය පාඩුවක් තිබූ සමිතිය පසුගිය සැප්තැම්බර් මාසයේ මිලියන 2.2 ලාභයක් උපයා ඇත. ඔවුන් බලය ලබා ගන්නා විට අක්‍රීය මට්ටමින් වසා තිබුණු සියළු වෙළෙඳසැල් නැවත ආරම්භ කොට ඇත. සමුපකාර ශාඛා 17 ක් සහ ඉන්ධන අලෙවි සැලක් මේ වන විට ක්‍රියාත්මක වෙයි. ඊට අමතරව සාමාජික සුබසාධනය සඳහා අවමංගල්‍ය සේවයක්ද ඔවුන් ක්‍රියාත්මක කරයි. නව සමුපකාර වෙළඳසැල් කිහිපයක් 2024 වසර තුල විවෘත කිරීමටද සැලැසුම් කොට තිබෙන බව ව්‍යාපාරික සැලැස්මේ දක්වා තිබුණි. මීට අමතරව , සමුපකාර පද්ධතිය පරිගණක ගත කිරීමටද අවශ්‍ය මූලික සාකච්ඡා ආරම්භ කොට තිබෙන බව සභාපති වරයා මා සමග පැවසීම සතුටට හේතු විය. තාක්ෂණය හරහා දූෂණය , වංචාව අවම කිරීමට අමතරව මෙහෙයුම් කටයුතු කාර්යකෂම කිරීමටද හැකිය.
මාගේ සහාය පර්යේෂන කණ්ඩායමත් සමග නිරීක්ෂණ චාරිකාව සඳහා මුලින්ම කොබෙයිගනේ සමුපකාර මූලස්ථානය වෙත ගිය අතර එහිදී අපිට ඉතා විධිමත් ඉදිරිපත් කිරීමක් (Presentation) සිදු කරමින් සභාපති වරයා විසින් නව අධ්යක්ෂ මණ්ඩලයේ ඉදිරි ව්‍යාපාර සැලැස්ම (Business Plan) පිළිබඳ දීර්ඝ පැහැදිලි කිරීමක් කළේ ය.
හඳුනාගෙන තිබූ එක් ව්‍යාපාරික අවස්ථාවක්..
කොබෙයිගනේ සමුකාරය හඳුනාගෙන තිබූ එක් ව්‍යාපාරික අවස්ථාවක් වූයේ රුපියල් දෙකෝටි තිස් ලක්ෂයක් වියදම් කොට 2012 මහින්ද රාජපක්ෂ රජයේ වෙළෙඳ ඇමැතිව සිටි ජොන්සන්ටන් ෆනෑන්ඩුගේ මැදිහත් වීමෙන් බලයේ සිටි පොහොට්ටු පක්ෂයේ සමුපකාර අධ්යක්ෂ මණ්ඩලය ආරම්භ කොට අතර මග අතහැර දමා ඇති මහා පරිමාන සහල් සැකසුම් මධ්‍යස්ථානය සංවර්ධනය කොට ක්‍රියාත්මක කිරීමයි.නව අධ්යක්ෂ මණ්ඩලයේ බලාපොරොත්තුව සමුපකාරය සඳහාම සකස් වූ වෙළෙඳ සන්නාමයක් (Brand) යටතේ ආරම්භයක් හැටියට කුරුණෑගල දිස්ත්‍රික්කයේ සමුපකාර සමිති සඳහා ඇසුරුම් කළ සහ නොකළ (Packeted & Bulk) සැපැයීමටත් මැදි කාලීන සැලැස්මට අනුව වයඹ පළාතේම සමුපකාර සඳහා සැකසූ සහල් සැපැයීම සහ දිගුකාලීන වැඩපිළිවෙළ අනුව අවට පළාත් වලට සහල් තොග සැපයිය හැකි මට්ටමට එය වසර දෙකක් තුල සංවර්ධනය කිරීමටයි. මේ හරහා ආරම්භයේ නව රැකියා 40-60 අතර ප්‍රමාණයක් නිර්මාණය කිරීමට ඔවුන් බලාපොරොත්තු වන අතර දිස්ත්‍රික්කයේ ගොවියන් ගේ වී සාධාරණ මිලකට මිල දී ගෙන ගබඩා කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සැලැසුම් කරමින් සිටී.
හිටපු සාමාන්‍යාධිකාරි දැන් හිරේ..
පෙර සිටි අධ්යක්ෂ මණ්ඩලය මෙම වී මෝල ඉදිකිරීම සඳහා මුලින්ම රුපියල් ලක්ෂ 30 ක්ද, 2020 දි රුපියල් කෝටියක් සහ 2022 තවත් රුපියල් කෝටියක් ඇතුළුව රුපියල් දෙකෝටි 30 ලක්ෂයක් සමුපකාර දෙපාර්තමේන්තුවෙන් ණයක් හැටියට ලබා ගෙන ඇත. එහෙත්, භාගෙට ඉදිකොට ඇති ගොඩනැගිලි කිහිපයක් හැරෙන්නට ඔවුන් 2023 බලයෙන් පහවෙන තුරු ඇඹරූ වී ඇටයක් හෝ වෙළෙඳපොළට සැපයූ හාල් ඇටයක් නැත. මෝල සඳහා ගෙනා යන්ත්‍ර සූත්‍ර අදටත් වරායෙන් ගෙනා අයුරින්ම පෙට්ටි වල බහා ඇත. සමහර යන්ත්‍ර මලකඩ කා තිබෙන අයුරු අපට දැක ගන්නට ලැබුණි. මේ වන විටත් හිටපු සාමාන්‍යාධිකාරි වරයා දූෂණ චෝදනාවකට රහස් පොලීසියෙන් අත් අඩංගුවට ගෙන උසාවියෙන් රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇත.මේ දිනවල වෙළෙඳපොළේ සහල් හිඟයක් නිර්මාණය වී ඇත. රජය පාලන මිලක් නියම කළ ද පොලොන්නරුවේ මහාපරිමාන මෝල් කරුවන් හතර දෙනා නැවත වරක් ආණ්ඩුවේ ගැසට්ටුව පයිසයකට වත් ගණන් නොගෙන වෙළෙඳපොළට සැපැයෙන සහල් තොග සීමා කොට මිල ඉහළ දැමීමට අවශ්‍ය වටපිටාව සකස් කරමින් සිටී. රජය මේ වන විටත් සහල් මෙට්ට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට වෙළෙඳ අමාත්‍යාංශයට අනුමැතිය ලබා දී ඇත. එහෙත් කිලෝග්‍රෑමයක් රුපියල් 80-90 ට මිල දී ගත් පසුගිය කන්න දෙකක වී තොග මෝල් හිමියන් සහ තොග රැස්කරන්නන් සන්තකයේ මේ වන විටත් ගබඩා වල ඇත. ප්රශ්නය තිබෙන්නේ රජයට මෙම මොල් හිමියන්ගේ තර්ජනයට මුහුණ දීමට තරම් ශක්තියක් නැති කමය .
රජයට සහල් මොල් හිමියන් දණ ගස්වන්න වුවමනාවක් නෑ..
කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර පසුගිය දා හම්බන්තොට ප්‍රදේශයේ පැවති රැස්වීමකදී ගොවියන් ඉදිරියේ ප්‍රකාශ කලේ කෘෂිකර්ම අමාත්‍යාංශයට රුපියල් බිලියන 20 ක් තිබෙන්නේ නම් ලංකාවේ මහාපරිමාන මෝල් හිමියන් දන ගැස්විය හැකි බවය. එහෙත්, සහල් මෙට්‍රික් ටොන් 800,000ක් ආනයනය කිරීම සඳහා 2022 දී අමෙරිකානු ඩොලර් මිලියන 400 ක් වැය කොට ඇත. ඩොලරය රුපියල් 330 ක් වුව හොත් සහල් තොගයේ රුපියල් වටිනාකම බිලියන 264 ක් පමණ වනු ඇත. 2023 වසර සඳහා සහල් මෙට්‍රික් ටොන් 100,000 ආනයනය කිරීමට පසුගිය දා කැබිනට් අනුමැතිය ලැබුණු බව වෙළෙඳ ඇමැති මාධ්‍යට ප්‍රකාශ කරනවා දුටිමි. එසේ නම් ප්රශ්නය තිබෙන්නේ කොතැනද කියා ඔබට අවබෝධ කර ගත හැක. සහල් ආනයන වියදම දැනගැනීමට; https://www.themorning.lk/articles/80zcUPcxQwUyyOXRgjrUලංකාවේ වෙළෙඳ අමාත්‍යාංශය පසුගිය වසරේ මියැන්මාර් රජය සමග සහල් මිල දී ගැනීම සඳහා ගිවිසුම් අත්සන් කොට ඇත . මියැන්මාර් රජය වෙනත් රටවලට සහල් මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 340-350 ත් අතර මිලදී ගන්නා විට ලංකාවේ බලධාරීන් ඩොලර් 440-450 ත් අතර මිලකට ගැනීමට කැමත්ත පල කළ බව මියැන්මාර් රජය ප්‍රකාශ කරයි. ඔවුන් කියන අන්දමට ලංකාවේ රජයට සහල් අලෙවිය ඉතා ලාභදායී වගේම පහසු බවත් ලංකාවේ බලධාරීන් වෙනත් රටවල මෙන් සහල් වල ගුණාත්මකභාවය පිළිබඳ විමසීම් නොකරන බවත් ඔවුන් ප්‍රකාශ කර ඇත. මෙය ලංකාවේ අපිට නම් පුදුමයක් නැත. ලංකාවේ සියළු කටයුතු සිදුවන්නේ අතයට ගණුදෙනුවක් සහිතව ය. මෙවැනි දූෂිත ගනුදෙනු වලට තවත් ඉඩ දිය යුතු ද? මෙම ගණුදෙනුව පිළිබඳ වැඩි විස්තර සඳහා;
https://indepthnews.net/rice-exports-to-sri-lanka-good-business-for-myanmar/
රජය කරන්නේ කණපිට..
මහාපරිමාන මෝල් හිමියන් හතර දෙනා සහල් වෙළෙඳපොළ පංගුවෙන් 30% -35% ත් අතර ප්‍රමාණයක් පාලනය කරති. ඉතිරි 70% තිබෙන්නේ කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සතුවයි. රජය කළ යුතුව තිබෙන්නේ කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන් ශක්තිමත් කොට වෙළෙඳපොළ කතිපයාධිකාරය (oligapoly) බිඳීමයි. එහෙත් මෙම පාලකයන්ට අවශ්‍ය කතිපයාධිකාරයන් තව තවත් ශක්තිමත් කොට පෝෂණය කිරීම යි. කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් 1000 කට ආසන්නව රටේ ක්‍රියාත්මකව තිබුණි. ඉන් මේ වන විට 750 කට වඩා වසා දමා හෝ පරණ යකඩ වලට විකුණා දමා ඇත. මේ දිනවල ණය නොගෙවීම හේතුවෙන් බැංකු විසින් පරාටේ නීතිය අනුව බොහෝ වී මෝල් අත්පත් කරගනිමින් සිටී. නව ලිබරල්වාදී ආර්ථික ක්රමයක අවසන් ප්‍රතිඵලය එයයි. වී මෝල් අර්බුදය පිළිබඳ වැඩි විස්තර සඳහා;https://www.themorning.lk/articles/220155
වෛද්‍ය සභාපතිවරයාගේ තවත්ත බිස්නස් ප්ලෑන් එකක්..
කොබෙයිගනේ සමුපකාර අධ්යක්ෂ මණ්ඩල සභාපති වරයා ඉදිරිපත් කළ ව්‍යාපාරික සැලැස්මට අනුව තවත් එක් ව්‍යාපෘතියක් වන්නේ ප්‍රදේශයේ කෘෂිකර්මයේ නියුතු ගොවියන් සඳහා අවශ්‍ය පොහොර , කෘෂි ආම්පන්න, කෘමිනාශක සහ අනෙකුත් රසායනික ද්‍රව්‍ය අලෙවි සැලක් (One Stop Shop) ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවකි. කෘෂි නිෂ්පාදන මිල දී ගැනීම සඳහා යාන්ත්රනයක් සකස් කිරීම , ප්‍රදේශයේ කුකුල් ගොවි සමිති සමග ඒකාබද්ධ යාන්ත්රනයක් හරහා අවශ්‍ය කුකුල් ආහාර (Chicken Feed) සහ අනෙකුත් ඖෂධ යනාදිය සැපැයීම , සමූපකාර ජාලය හරහා ගොවියන්ගේ බිත්තර හා මස් නිෂ්පාදන මිල දී ගැණීම සහ අලෙවිය යනාදි වැඩසටහන් ද ඇතුළත් විය.නව අධ්යක්ෂ මණ්ඩලය භාර ගන්නා විට රුපියල් මිලියන 3.9 ක මූල්‍ය පාඩුවක් තිබූ සමිතිය පසුගිය සැප්තැම්බර් මාසයේ මිලියන 2.2 ලාභයක් උපයා ඇත. ඔවුන් බලය ලබා ගන්නා විට අක්‍රීය මට්ටමින් වසා තිබුණු සියළු වෙළෙඳසැල් නැවත ආරම්භ කොට ඇත. සමුපකාර ශාඛා 17 ක් සහ ඉන්ධන අලෙවි සැලක් මේ වන විට ක්‍රියාත්මක වෙයි. ඊට අමතරව සාමාජික සුබසාධනය සඳහා අවමංගල්‍ය සේවයක්ද ඔවුන් ක්‍රියාත්මක කරයි. නව සමුපකාර වෙළඳසැල් කිහිපයක් 2024 වසර තුල විවෘත කිරීමටද සැලැසුම් කොට තිබෙන බව ව්‍යාපාරික සැලැස්මේ දක්වා තිබුණි. මීට අමතරව , සමුපකාර පද්ධතිය පරිගණක ගත කිරීමටද අවශ්‍ය මූලික සාකච්ඡා ආරම්භ කොට තිබෙන බව සභාපති වරයා මා සමග පැවසීම සතුටට හේතු විය. තාක්ෂණය හරහා දූෂණය , වංචාව අවම කිරීමට අමතරව මෙහෙයුම් කටයුතු කාර්යකෂම කිරීමටද හැකිය.