වෛද්‍යවරිය දුෂණය කල සැකකරු අත්අඩංගුවට.. පෙරේදා හිරෙන් නිදහස් අයෙක්..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට ලිංගික අතවර කිරීමේ සිදුවීමේ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

    ගල්නෑව පොලිසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

    අත්අඩංගුවට ගත් සැකකරු ප්‍රශ්න කිරීමෙන් අනතුරුවා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

    වෛද්‍යවරියගෙන් සොරා ගත් ජංගම දුරකථනය ඔස්සේ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.


    මෙම පුද්ගලයා මත්ද්‍රව්‍ය සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිට නිදහස් වී පැමිණි ඇත්තේ සිද්ධියට පෙර දිනයි.


    නිලංක මධුරංග රත්නායක (බංටි) නම් මොහු ඩී 03, ඇලපාර. ගල්නෑව ලිපිනයේ පදිංචි කරුවෙක් වන අතර හමුදාවෙන් පලා ගිය අයෙක්ද වෙයි.
     
    • Like
    Reactions: Cypress

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    කලබල නැතුව හිටපන්

    පොලීසියෙන් කැලෑ වල ඉන්න උනුත් අරගෙන ඇවිත් සිද්ධාලේප ගාලා පාපොච්චාරණ ලියාගන්න රටක් මේ 😆
     
    • Haha
    Reactions: SLK_sri and Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ඕකව ඇල්ලුවට වැඩක් නෑ. දඩයක් ගහලා එලියට දානවා කැරියව. 🤮
     
    • Haha
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    වෛද්‍යවරියව දූෂණය කළ සැකකරු ගැන සියල්ල හෙළිවෙයි

    වෛද්‍යවරියව දූෂණය කළ සැකකරු ගැන සියල්ල හෙළිවෙයි​

    March 12, 2025 10:33 am






    අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් ලෙස පුහුණු වන වෛද්‍යවරියක සිය නිල නිවාසය තුළදී දූෂණය කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ අනන්‍යතාවය මේ වනවිට තහවුරු වී තිබේ.
    කිරිබණ්ඩලාගේ නිලන්ත මධුරංග රත්නායක නොහොත් කිරිබණ්ඩලාගේ නිලන්ත මධුර රත්නායක වන සැකකරු ගල්නෑව, නවනගරය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
    අදාළ සැකකරු වෙනත් නඩුවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිට නිදහස ලබා පැමිණි අයෙක් බවද වාර්තා වේ.
    34 හැවිරිදි අදාළ සැකකරු චීවරධාරියෙකු ලෙස ද සිට ඇතැයි ද හෙළිව තිබේ.
    යුද හමුදා සේවයෙන් පළා ගොස් සිට ඇති අතර සැකකරුව ගල්නෑව විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
    අදාළ සැකකරු වෛද්‍යවරියව දූෂණය කිරීමෙන් අනතුරුව ඇයේ දුරකථන දෙකෙන් එකක් රැගෙන පළා ගොස් තිබූ අතර, එනෙක් දුරකථනයෙන් නැතිවූ දුරකථනය තිබෙන ස්ථානය පිළිබඳ ලද සංඥා අනුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකර ඇත.
    එහිදී අවුකන දුම්රිය පොළ ආසන්නයෙන් දුරකථන සංඥා නැවතී තිබීම හේතුවෙන් පොලීසිය විසින් එම ප්‍රදේශයේ සෝදිසි මෙහෙමුම් තිව්‍ර කර ඇත.
    එහිදී අදාළ සැකකරු ගල්නෑව, එළබදුගම ප්‍රදේශයේ සැඟව සිටිය දී ගල්නෑව පොලීසියේ විශේෂ කණ්ඩායමක් විසින් සොයාගැනීමට සමත්ව තිබේ.
    අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් ලෙස පුහුණු වන 32 හැවිරිදි වෛද්‍යවරියක පෙරේදා (10) රාත්‍රියේ සුපුරුදු පරිදි පොරොත්තු රාජකාරී සඳහා එම රෝහලේ සේවයට වාර්තාකර තිබුණි.
    සිය පොරොත්තු රාජකාරී අවසන් කළ අදාළ වෛද්‍යවරිය රාත්‍රී 7ට පමණ රෝහලේ සිට ඊට ඉදිරිපසින් පිහිටි විශේෂඥ වෛද්‍ය නිලධාරීන් පමණක් පදිංචි වී සිටින නිල නිවාසය දක්වා ගමන්කර තිබේ.
    එහිදී වෛද්‍යවරිය සිය නිල නිවසට ඇතුළුවන අවස්ථාවේ පසුපසින් පැමිණි කිසියම් පුද්ගලයෙකු එක්වරම පිහියක් ගෙලට තබා ඇය බියගන්වා ඇති බව වාර්තා වේ.
    අනතුරුව, වෛද්‍යවරියට කෑ ගැසීමට නොහැකි අයුරින් තදින් මුඛය බැඳ, ඇය විසින්ම නිල නිවසේ දොර විවෘත කරවාගත් අදාළ පුද්ගලයා, වෛද්‍යවරිය රැගෙන නිවස තුළට ඇතුළු වී කිසිවෙකුටත් ශබ්දය නොඇසෙන සේ දොර වසා දමා තිබේ.
    එහිදී සැකකරු අදාළ වෛද්‍යවරියගේ දෑත් බැඳ, දෑස් වසා, කෘෘර ලෙස දූෂණයට ලක්කර ඇති බව මේ වනවිට සිදුකළ පරීක්ෂණයෙන් හෙළිවී ඇත.
    අනතුරුව සැකකාර පුද්ගලයා පළා ගොස් ඇත්තේ වෛද්‍යවරියගේ ජංගම දුරකථනය ද පැහැරගෙනය.
    සිද්ධියෙන් සුළු වේලාවකට පසු වෛද්‍යවරිය යළිත් රෝහල් වාට්ටුවට පැමිණ එහි දුරකථනයකින් සිය පියා අමතා තමන් මුහුණදුන් සිදුවීම දැනුම්දී ඇති බව වාර්තා වුණි.
    සැකකරුව අත්අඩංගුවට පත්වූ අවස්ථාවේ ගත් ඡායාරූපයක් පහතින් දැක්වේ.
    1741758757-Untitled-3.jpg

     
    • Like
    Reactions: kingcapton