වෛද්‍යවරිය රිමාන්ඩ් භාරයට

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
වෛද්‍යවරිය රිමාන්ඩ් භාරයට

වෛද්‍යවරිය රිමාන්ඩ් භාරයට පත් කළ අත්තනගල්ල වැඩ බලන මහෙස්ත්‍රාත් ධුරයෙන් ඉවතට

වෛද්‍යවරියක් පැද වූ මෝටර් රථයක ගැටීමෙන් මෝටර් බයිසිකල් ධාවකයෙකු සුළු තුවාල ලැබුවේ යැයි වෛද්‍යවරිය රිමාන්ඩ් භාරයට පත් කිරීමේ නියෝගය දුන් අත්තනගල්ල වැඩ බලන මහෙස්ත්‍රාත් පූර්ණා සේනාරත්න මහත්මියට එම ධූරයේ යෙදීම තහනම් කළ ශ්‍රේෂ්ඨාධිකරණය වෛද්‍යවරිය අධිකරණයට ඉදිරිපත් කර ඇප ලබා දීමට විරෝධය පළ කළ නිට්ටඹුව පොලිසියේ රථ වාහන අංශ‍යේ ස්ථානාධිපති සුසන්ත සහ කොස්තාපල් ආනන්ද යන අයගේ වැඩ තහනම් කරන ලෙස පොලිස්පතිවරයාට නි‍යම කළේය.

මෙම නිලධාරීන් දෙදෙනාට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වන ලෙසද නියම විය.

අනතුර සම්බන්ධයෙන් පොලිසියේ දී සමථයකට පත් වී තිබිය දී අනතුර වන අවස්ථාවේ දී බයිසිකලයේ පසුපස ගමන් ගත් කාන්තාවගේ සොහොයුරෙකු යැයි කියන නීතීඥවරයකුගේ බලපෑම මත ඉහත පොලිස් නිලධාරීන් දෙදෙනා තමන් හදිසියේම අධිකරණයට ඉදිරිපත් කර තමන් කැමති පරිදි නීතීඥ සහයක් ලබා ගැනීමට ඉඩ නොතබා වැඩ බලන මහෙස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කර රිමාන්ඩ් භාරයට පත් කිරීමෙන් පසු දින තුනක් රිමාන්ඩ් භාරයේ සිටීමට සිදු වූ බව සඳහන් කරමින් වතුපි‍ටිවල රෝහලේ සේවය කරන වෛද්‍ය මල්ලිකා ගුණරත්න මහත්මිය අග විනිසුරු මොහාන් පීරිස් මහතා වෙත එවා තිබූ පැමිණිල්ලක් අග විනිසුරුවරයා ,ඊවා වනසුන්දර සහ සරත් ද ආබෲ යන විනිශ්චය මණ්ඩලය විසින් විභාග කිරීමෙන් පසු මෙම නියෝගය සිදු කෙරිණි.

වෛද්‍යරියට හෝ ඇයගේ පවුලේ අයට බලපෑම් කර තිබුණොත් පොලිස් නිලධාරීන් දෙදෙනා රිමාන්ඩ් භාරයට පත් කරන බව අග විනිසුරුවරයා ඔවුනට දැඩි ලෙස අවවාද කරමින් පැවසීය.

ජූලි 18 දා වෛද්‍යවරිය සිය නිවසේ සිට රෝහලට යාම සඳහා වාහනය පාරට දමන අවස්ථාවේ දී මෙම අනතුර සිදු වී ඇති බවත් තුවාලකරු රෝහලට ගෙන ගොස් අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට කටයුතු යොදා නිට්ටඹුව පොලිසියට ගොස් කට උත්තරයක් ලබා දුන් බවත් වෛද්‍යවරිය අග විනිසුරුවරයා වෙත එවා තිබූ පැමිණිල්ලේ සඳහන්ය.

අනතුර සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කිරීම අනවශ්‍ය බවත් සමථයකට පත් වන ලෙසත් පොලිසියෙන් තමාට පැවසු බවත් බයිසිකලය සාදා දෙන ලෙස තුවාලකරු ඉල්ලා සිටි බවත් පවසන පැමිණිල්ල එසේ තිබිය දී නැවතත් තමාට පොලිසියට එන ලෙස දන්වා ත්‍රී විලරයක නංවා ගෙන අධිකරණයට රැගෙන ගිය බවත් ඒ සඳහා කාන්තා පොලිස් නිලධාරිණියක සහභාගි කර නොගත් බවත් වැඩි දුරටත් සඳහන් කරයි.

නීතීඥවරයකු පැමිණ ප්‍රශ්නගත තත්තවයක් ඇති කළ බැවින් තමන් එසේ අධිකරණයට ඉදිරිපත් කරන බව නිලධාරීන් දෙදෙනා තමන්ට පැවසූ බව සඳහන් කරන පැමිණිලිකාරිය තමන්ගේ සැමියා පැමිණෙන තෙක් කාලය ලබා දෙන කළ ඉල්ලීම නොසළකා හැරිය බවත් සඳහන් කරන්නීය.

අධිකරණයේ සිටි නීතීඥවරයකු පැමිණ නීතීඥ සහයක් අවශ්‍ය දැයි තමන්ගෙන් විමසූ බවත් අවශ්‍ය යැයි තමන් පැවසූ විට නීතීඥවරයකු පෙන්වා සි‍ටි අතර එම නීතීඥවරයා තමන් සමඟ කිසිවක් සාකච්ඡා ‍නොකළ බවත් පවසන වෛද්‍යවරිය තමන්ගේ එකඟත්වයක්‍ නොමැතිව තුවාලකරුට රුපියල් 35000ක් ගෙවීමට කැමති බව එම නීතීඥවරයා අධිකරණයට දැනුම් දුන් බවත් පවසන්නීය.

තමන්ට ඇප ලබා දීමට පොලිසිය විරුද්ධ වූ බවත් වැඩ බලන මහෙස්ත්‍රාත්වරිය 21 දක්වා තමන් රිමාන්ඩ් භාරයට පත් කිරීමෙන් පසුව වැලිකඩ බන්ධනාගාරයට ගෙන ගිය බවත් පවසන්නීය. පසුව තම සැමියා සහකාර පොලිස් අධිකාරි බලගල්ල මහතා හමූ වී කරුණු දැක්වීමෙන් පසුව මෝසමක් මගින් තමන්ට ඇප ලබා දුන් බවත් තුවාලකරු 20 වැනි දින රෝහලෙන් පිට වී ගිය බවත් සඳහන් කරන්නීය.

මෙම සිද්ධිය නිසා තමන් සහ තම පවුලේ අය අවමානයට ලක් වූ බව පවසන වෛද්‍යවරිය අපක්ෂපාති විභාගයක් පවත්වා ඔප්පු වුවහොත් අදාළ අයට විනය පියවර ගන්නා ලෙසත් අග විනිසුරුවරයාගෙන් ඉල්ලා තිබිණි. පැමිණිලිකාරිය වෙනුවෙන් නීතිඥ හිමාලි කුලරත්න මෙනවිය පෙනී සිටියාය.



ශිරෝමි අබයසිංහ
Dinamina_Print.jpg
 

kkroxc

Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    traffic laws anthiymay lankawe me wage punchi anathurak wunath remand karanne minimarapu kudu gahana darunu ganaye aparada karayo ekka. Rs 500ka dade gewala enakam court cell ekata danawa usawiye cash counter eke pora lunch gihin hitiyoth soryma thama
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මාර රටක් නේ මේක..චාන්ස් එකක් ලැබුණ හැටියේ තියෙන තැනකට අනින්න බලං ඉන්නේ..අවු.2කට කලින් මම වාහනේ පාරට දානකොට(90%)ක් පාරට දාල තිබුණේ..තිබුණ පොඩි ගැප් එකෙන් ට්‍රේල් බයික් කාරයෙක් රිංගන්න ගියා.වාහනේ ABS තිබුණ නිසා මං නවත්ත ගත්තත් ඌට බැරි උනා ඌ ආපු ඒමට ගහපු බ්‍රේක් එකට බිමදිගේ ගිහින් ලයිට් කණුවකට දශමයක් තියලා නැවතුනා
    (තව සුට්ටෙන් ඔළුව සවලෙන් ගන්න වෙන්නේ..) මං වාහනේ තිබුණ විදියටම තියල බැහැල ගිහින් පොරව බැලුවා මූ නැඟිටල ඇවිල්ලා මාත් එක්ක ගේම.වාහනේ වැදිලත් නෑ..ඌ වැ‍ටුණට මං මොනව කරන්නද..වටේ උනුත් බයික් කාරයගේ පැත්ත.ඔක්කොටම එහා බයික් එක පැදපු එකා මෙහේ කප්පන් එකතු කරන ප්‍රසිද්ධ හිරේ ගිය දැන් ඇමතියෙක් උන එකෙක්ගේ ඩ්‍රයිවරය.අන්තිමට 3,000ක් උට දීලා මං ගෙදර ආවා,මොකද පොලිසියට ගියත් මට සාධාරණයක් වෙයි කියල ශුවර් එකක් තිබුණේ නෑ..

    සීන් එකට ඉස්සෙල්ල මං ඔය පාරේ එනකොට ඉඩ තිබුණොන් මනුස්සයෙක්ව දාන් ඇවිත් බස් හෝල්ට් එක ගාවින් ඇරලනවා.ඒ සීන් එකෙන් පස්සේ ඉඳන් ආයේ මොකා හිටියත් මං දාන් යන්නේ නෑ..

    අපි දොස්තරල නෙමෙයි.අපිට උනා නම් තාමත් ඇතුලේ ඉඳී..:dull::dull::dull: