Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වෛද්යවරු හොඳ || නරක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කරාපිටියේ හිතහොඳ දොස්තර

බැටරියක ආලෝක ධාරාවකින් බයිපාස් සැත්කම කළ කරාපිටියේ හිතහොඳ දොස්තර

ඒ 2015 08 08 දා හිමිදිරියයි. කරාපිටිය රෝහලේ හෘද හා උරස් ශල්ය වෛද්ය ඒකකය වෙනදා මෙන් රෝගීනගේ හිත සුව සඳහා ක්රියාත්මක වෙමින් තිබිණ. මොර සූරන මහ ධාරානිපාත වර්ෂාවක් ගාල්ල හා කරාපිටිය හබරාදුව මතු නොව මාතර පුරවරයට ද වේගයෙන් ඇදහැලෙන්නට විය. දිවයිනේ වෙනත් ප්රදේශ ද මේ මහ වැස්සෙන් තෙතබරිත වී ගිය බව පසුව දැනගන්නට ලැබිණ. විටින් විට අහසේ නැගුණු රිදී එළි හා ගොරබිරම් හඩ සමග බක් මහ අකුණු දස අත නැගෙන්නට වීය. රෝහල අසල ට්රාන්ස්ෆෝමරය ද රෝහලේ ජෙනරේටර් ද මේ අකුණු පහරින් මුළුමනින්ම අක්රීය විය. හෙණ හඩ නගන අකුණු ශල්ය වෛද්ය ඒකකය ඉස්මත්තේ ද පුපුරන්නට වීය.කීර්තිමත් හෘද හා උරස් ශල්ය වෛද්ය නාමල් ගමගේ මහතා එදා උදෑසන වැඩ ආරම්භ කළේ පාන්දර 3 ට පමණය. ඒ වන විටත් එතුමා හෘද රෝගියකු වෙනුවෙන් මහත් කැපවීමක් කරමින් සිටියේය. රෝගියා මුස්ලිම් ජාතික මහතෙකි. අවුරුදු 55 ක් පමණ වයසය. ඔහුගේ උරහිස පලා දෙපැත්තට වන්නට කපා තිබුණු මොහොතක විදුලිය විසන්ධි වී ශල්ය වෛද්ය ඒකකය ද අඳුරේ ගිලුණේය. ඒත් හීපොක්රටීස් ප්රතිඥාව අනුව නියම ජීවකයා තමා වෙත ආ රෝගියා අත්හරින්නේ නැත. මිනීමරුවකු වුව පොලීසියටවත් තමා සන්තකයේ සිටි රෝගියා ගෙන යන්නට ඉඩ නොදුන් ඇතැම් ජීවකයන් පිළිබඳ පුවත් මම අසා ඇත්තෙමි.

වෛද්ය නාමල් ගමගේ බැටරියක දුබල ආලෝකය ඇසුරු කැර රෝගියාගේ උරහිස මැස්ම පටන් ගත්තේය. ඒ වන විට කරන්නට තිබුණේ ද ඒ ටික පමණය. විදුලි එළියෙන් කරන කාර්යභාරයටත් වඩා පරිස්සමින් වසර 16 ක ක අත්දැකීම් හා පරිචය ඇසුරුකොට එතුමා සාර්ථකව ශල්යකර්මය නිමා කළේය. මෙය ලෝක වාර්තාවක් බව අප දන්නා වුවත් වෛද්ය නාමල්ට එය ගණනක් නැතිය. ඒ නිසා එතුමා ඉන් උදම් නොවේ.

"ඒක ඒ තරම් දෙයක් නෙවෙයි. හදිසි අවස්ථාවක ක්රියා කරන්න මා පුරුදු වෙලා ඉන්නවා. ඔය වෙලාව වෙනකොට ඔපරේෂන් එකේ ගොඩක් කරලා ඉවරයි. කරන්න තිබුණෙ දෙකට කපා පැලු උරහිස නැවත මැසීමයි. අකුණක් වැදිලා ට්රාන්ස්පෝමර් හා ජෙනරේටර් දෙකම පිච්චිලා ගියා. රෝහල අඳුරේ ගිලුණා. මං බයිෆාස් සැත්කම නැවැත්තුවෙ නෑ. එහෙම වුණානම් අනතුරුදායකයි. එදා උදේ 3 ට විතර වැඩ පටන් ගත්තේ. මේ සිද්ධිය වෙනකොට උදේ 5.45 ට විතර ඇති. මං සීරුවට පුංචි බැටරියක ආලෝක ධාරාවකින් මැස්ම කළා. රෝගියා දැන් සුවෙන් ඉන්නවා." වෛද්යතුමා මට එසේ කීවේ එය ඉතා සුළු සිද්ධියක් ලෙස සලකමිනි.

එහෙත් අපට එය බරපතළ පාඩමකි. චැනල් කරමින් අතිවිශාල මුදල් නියම කරන ඔපරේෂන්වලට තම හත්මුතු පරම්පරාවක් හම්බ කළ සල්ලි ඉල්ලන ඉන්ෂුවරන්ස් එක ඉවරනම් තම පෞද්ගලික රෝහලින් ලෙඩා රජයේ රෝහලට ගෙන යන්නට නියම කරන, ඔපරේෂන් කරන අතර වෙනත් බහුවිධ කාරණාවලට හිත යොමු කරන ඇතැම් ජීවක පරම්පරාවක් සිටින මේ රටේ එතුමා අපට පරමාදර්ශයකි. හිපොක්රටිස් නියමය රකින සැබෑ වෛද්යවරයෙකි.ශල්ය වෛද්ය නාමල් ගමගේ ගැන මම අතිශයෝක්ති වර්ණනයක් නොකරමි. ප්රායෝගික ලෝකයෙන්ම එතුමා වීර්යවන්ත සැබෑ මානවවාදියකු බවට ඕනෑතරම් නිදර්ශන රෝගීන් අතරින්ම සොයා ගත හැක්කේය. එතුමා 98 වසරේ සිට 2015 මේ දක්වා ජීවිත 12,000 ක් ශල්ය වෛද්යකර්ම සිදුකැර සුවකළ ජීවකයෙකි. පුරා අවුරුදු 16 ක් හරිහැටි නින්දක් පවා නොලබා රජයේ වැටුපට කටයුතු කරන්නෙකි. පොරොත්තු ලේඛනයේ සිටින සුවහසක් ලෙඩුන් වෙනුවෙන් කඳුළක් හලන එකම වෛද්යවරයා බව මම දනිමි. එනිසා මුල් කාලයේ ඔහුට කිසිඳු ඉඩක් විශ්රාමයක් නොලැබුණේය.

එහෙත් දැන්නම් ඔහු සමග මහන්සිව කටයුතු කරන තවත් වෛද්යවරු දෙදෙනෙක් කරාපිටිය හෘද හා උරස් ශල්ය ඒකකයේ සිටිති. මුල් කාලේ යාපනයෙන්, ත්රිකුණාමලයෙන්, කොළඹින් මතු නොව මහනුවරින් ද ලෙඩ්ඩු මෙහි ගෙන ආහ. ඒ මෙහි ඔපරේෂන් කටයුතුවල වේගවත්කම හා පරිස්සම නිසාය. පෞද්ගලික රෝහලක ලක්ෂ ගණනකට ඔපරේෂන් කිරීමට වඩා තම මවගේ අභිප්රාය අනුව අහිංසක දුප්පතුනට සේවය කිරීම මේ වෛද්යවරයාගේ පැතුමය. මේ සිදුවීමත් එක්කම එතුමන්ගේ අතීත කතාව ස්මරණය කිරීම වැදගත්ය. 2010 වසරේදී සිළුමිණ ජාතික පුවත්පතට මා ලියූ ‘මගේ අම්මා’ නම් හෘදයාංගම ලිපි සරණියේදී මෙතුමන් ගැන කියැවුණු කොටසක් නැවත ලියමි.

"දුප්පතුනට සේවය කරන්ට මට උගැන්නුවෙ මගේ අම්මා. මං වෛද්ය විද්යාලයයට ඇතුළුවන කාලෙත් මගේ අම්මාගේ අතේ මැණික් කටුවේ ඇදයක් තිබුණා. ඒ ඇදය කෙසේ හෝ හරිගස්සන්ට ඕනෑ කියලා හිතලා මං ප්රාර්ථනා කළා. මට ශල්ය වෛද්යවරයෙක් වෙන්ට ලැබේවා` යි කියලා. අම්මත් ඒ පැතුමෙන් හිටියෙ. මගේ ජීවිතේ බොහෝ පිරිසක් අම්මලා පුංචි දරුවන් මං ඔපරේෂන් කරලා සුව කරපු අවස්ථා තිබුණා. තිඛෙනවා. එහෙත් මගේ වෛද්ය ජීවිතයේ මා වඩාත්ම සතුටු වෙච්ච දවස මගේ අම්මාගේ අත ඔපරේෂන් කරලා අර පුංචි කාලෙ දුටු ඇදය හරිගැස්සු දවසයි."

ඇයි`මේ ලෙඩා හෙණ ගහන වැස්සේ කළුවරේ ඔපරේෂන් කරලා ගලවාගත්ත එක ගැන සතුටු නැද්ද? මම ඇසුවෙමි. මොකෝ නැත්තෙ, මම හරිම සතුටුයි. ඒත් වෛද්යවරයෙක් වශයෙන් ඒක මගේ රාජකාරිය. මේක ඒ අතරින් එක අවස්ථාවක් විතරයි.

ඔබතුමා වඩාත්ම සසල වූ දවස් ඇද්ද?

අපේ වෛද්ය කර්මයන්ගේ ප්රතිඵල නැතිව ලෙඩ්ඩු මැරුණාම අපට හිතට කරදරයි. කනගාටුයි. පුංචි දරුවන් ගැන අහිංසක දුප්පත් වයසක අම්මලා ගැන ඔබ අහනවා. ඒ වගේ වෙච්ච අවස්ථා නැති තරම්. ඒත් පොරොත්තු ලේඛනය දිග වැඩියි. 1000 ක් විතර ලෙඩ්ඩු ඉන්නවා දවසකට ඔපරේෂන් 10 ක් කරන්ඩ බෑ. සමහර දිනට මා කියනවා අහවල් දවසෙ අහවල් ලෙඩාව ඔපරේෂන් එකට එන්ඩ කියලා ඒ ලිපිනයට ලියුම් යවන්ඩ. දුරකථන ඇමතුමක් දෙන්ට කියලා. සමහර විටක එහෙම ඔපරේෂන් එකට ගන්ඩ සූදානම් වුණු ඇතැම් අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්, දුවෙක්, පුතෙක් පොරොත්තු ලේඛනය අනුව ගෙන්වන්ඩ ගියාම ඒ ඥාතින් මා හමුවෙලා කියනවා ඩොක්ටර් අම්මා මැරිලා දැන් තුන් මාසෙත් ඉවරයි කියලා. අන්න` ඒ වෙලාවට මගේ හිත හුගාක් සසල වෙලා තියෙනවා. මේ අම්මා මිය ගියේ අපේ අඩුපාඩුකමක් නිසා නොවුණත්, ඒකට අපත් සම්මාදම් වුණා ද කියලත් හිතෙනවා. එහෙම අපට ඇති පහසුකම්වලට මේ එන ලෙඩ්ඩු ප්රමාණයට ඔක්කොම ඔපරේෂන් කරගන්ඩ බෑ. ඒකට කාලයක් යනවා.

මේ දොස්තර සංවේදිය. අවංකය. අවංක මිනිසාගේ කැමැත්ත මිලදී ගැනීමට මුළුමහත් විශ්වයම අපොහොසත් යැයි වරක් නීග්රෝ ජාතිකයන්ගේ අසහාය නායක මාටින් ලුතර් කිං කීවේය. මේ ජීවකයා සල්ලිවලට ගන්නට බහුවිධ පෞද්ගලික වෛද්ය ව්යාපාරවලට බැරිය. ඔහු අහිංසක ජනතාව වෙනුවෙන්ම කැපවී හිඳී. එතුමාගේ අවංකකම ගැන දොරමඩලාව, අමාදහර වැනි වැඩසටහන්වලදී පේරාදෙණිය සරසවියේ සිංහල අධ්යයන අංශයේ ජ්යෙෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් මහතා නිතර කතා කරයි.

යම් හෙයකින් අඳුරේ කටයුතු කරන්නට බැරියැයි ශල්ය වෛද්යවරයා කීවානම් එය කෙතරම් බරපතළ ඛේදවාචකයක්දැයි මම ඔඛෙන් අසමි. ජාතීන් අතර සංහිඳියාව ද සුරකින මුස්ලිම් මහතකුගේ ජිවිතය වෙනුවෙන් තම රාජකාරිය අකුරට ඉටුකළ මේ වෛද්යවරයාට ජාතියේ ප්රණාමය හිමිවිය යුතුය.

1998 සිට 2015 වනවිට හදවත් සැත්කම් 12,000 කට වැඩි ප්රමාණයක් සිදුකොට ඇති විශේෂඥ වෛද්ය නාමල් ගමගේ (2014) සිදුකොට ඇති හෘද සැත්කම් සංඛ්යාව 579 කි.රෝගීන් විසින් වෛද්ය ගමගේ හඳුන්වනු ලබන්නේ 'පුදුම දොස්තර' යන ගෞරව නාමයෙන්.

වෛද්ය නාමල් ගමගේ වෛද්ය නිවාසයේ සිට අරුණැල්ලේම පිබිද බයිසිකලයක් පදිමින් තම කුඹුරට ගියේය. අද එතුමා පදිංචිව සිටින්නේ ද ඒ කුඹුරු යාය අද්දරමය. කෘමිනාශක පොහොර යොදා සතුන් මරනවාට විරුද්ධ මේ වෛද්යවරයා කාබනික පොහොර යොදා ගනිමින් වී බුසල් 12 ක වපසරියකින් යුතු අක්කර 6 ක කුඹුරක්, කුඹුරට බැස අස්වද්දන්නෙකි. ඊට ගැමියෝ ද උදව් උපකාර කරති.

ඒ අනුව ලංකාවේ එකම දොස්තර ගොවියා ද නාමල් ගමගේ මහතා විය යුතුය. පැහෙන කිරි වැදෙන වී කරල් තම කුඹුරේ නැළවෙන කාලයට සකලයන් හඹා යන (කුරුල්ලන් එළවා දමන) මේ දොස්තර ගොවියා ජීවිතය ද නිවැරැදිවම හඹා යන්නෙකි.

1998 වන විටත් ලංකාවේ හදවත් සැත්කම් සිදු කරන ලද්දේ කොළඹ පමණි.කොළඹින් පිට පළාත්වල ඊට සුදුසුකම් නැතැයි පොදු පිළිගැනීම විය.ඒ මතය බිඳ දමමින් දැඩි දුෂ්කරතා මැද වෛද්ය නාමල් ගමගේ විසින් ගාල්ල කරාපිටිය රෝහලේ අනෙකුත් සැත්කම් සිදු කරන ශල්යාගාරයක හදවත් සැත්කම් ආරම්භ කළේය.එය සාර්ථක විය.තමන්ගේ සාර්ථකත්වය පෙන්වූ ඔහු දිගින් දිගටම කරාපිටියට හදවත් සැත්කම් සඳහා වෙනම ඒකකයක් ලබා දෙන ලෙස ඉල්ලීම් කළේය.ඔහු ඇතුළු කාර්ය මණ්ඩලයේ ධෛර්යවත් අරගලය ජය ගනිමින් 2003 වසරේදී නව හෘද ශල්ය ඒකකය විවෘත කෙරිණි.ඉන් පසුව දිනකට හදවත් සැත්කම් 4, 5 බැගින් මාසයකට සැත්කම් 60ක් 70ක් පමණ වෛද්ය නාමල් ගමගේ ප්රධාන කණ්ඩායම සිදු කළේය.දිනපතා සැත්කම් ආරම්භ කරන ලද්දේ අලූයම තුනට පමණය.මේ ආකාරයට වසරකට සිදු කරන ලද සැත්කම් ප්රමාණය 700ක් පමණ විය.

ලංකාවේ හදවත් සැත්කම් සිදු කරන කොළඹ, නුවර, කුරුණෑගල ආදී අනෙක් සියලූම ශල්යාගාරවල දිගු පොරොත්තු ලේඛන තිබේ.( 2017 මාර්තු වන විට මහනුවර ශික්ෂණ රෝහලේ හෘද සැත්කම් පොරොත්තු ලේඛනය පන්දහස ඉක්මවා ඇත.සතියකට කෙරෙනුයේ සැත්කම් තුනක් පමණි.)

අලුත් හදවත් රෝගියකුගේ සැත්කම සඳහා දින ලැබෙන්නේ වසරකට හෝ ඊට වැඩි කාලයකට පසුවයි.මේ නිසා ඉඩකඩම් විකුණා හෝ මුදල් සපයා ගත හැකි අය පෞද්ගලික අංශයේ රෝහල්වලින් රුපියල් ලක්ෂ 10 සිට 20 පමණ දක්වා මුදලක් ගෙවා සැත්කම් කර ගනියි.ඒ හැකියාව නොමැති,නියමිත දිනය එන තෙක් කල් අල්ලා සිටිය නොහැකි රෝගීන්ට සිදු වන්නේ මිය යාමටය.එය ලංකාවේ සාමාන්ය තත්වයයි.එසේ තිබියදී කරාපිටිය රෝහලේ හදවත් සැත්කම් රෝගීන්ගේ පොරොත්තු ලේඛනය 2008 වසරේදී අවසන් විය.එතැන් පටන් රෝගියකු සඳහා සැත්කමක් කළ යුතු යැයි නිගමනය කළ දිනයේ සිට මසක කාලයක් තුළ සැත්කම සිදු කරනු ලැබීය.එය මුළුමනින්ම වෛද්ය නාමල් ගමගේ ප්රමුඛ කාර්ය මණ්ඩලයේ ජයග්රහණයකි.මේ නිසා මිය යාමට ඉරණම් කෙටී සිටි රෝගීන් දහස් ගණනකට ජීවත් වීමට වරම් ලැබිණි.

"අපේ වෛද්ය කර්මයන්ගේ ප්රතිඵල නැතිව ලෙඩ්ඩු මැරුණාම අපට හිතට කරදරයි. කනගාටුයි.පුංචි දරුවන් ගැන අහිංසක දුප්පත් වයසක අම්මලා ගැන ඔබ අහනවා.ඒ වගේ වෙච්ච අවස්ථා නැති තරම්.ඒත් පොරොත්තු ලේඛනය දිග වැඩියි.1000 ක් විතර ලෙඩ්ඩු ඉන්නවා.දවසකට ඔපරේෂන් 10 ක් කරන්ඩ බෑ.සමහර දිනට මා කියනවා අහවල් දවසෙ අහවල් ලෙඩාව ඔපරේෂන් එකට එන්ඩ කියලා ඒ ලිපිනයට ලියුම් යවන්ඩ.දුරකථන ඇමතුමක් දෙන්ට කියලා.සමහර විටක එහෙම ඔපරේෂන් එකට ගන්ඩ සූදානම් වුණු ඇතැම් අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්, දුවෙක්, පුතෙක් පොරොත්තු ලේඛනය අනුව ගෙන්වන්ඩ ගියාම ඒ ඥාතින් මා හමුවෙලා කියනවා 'ඩොක්ටර් අම්මා මැරිලා දැන් තුන් මාසෙත් ඉවරයි' කියලා.අන්න` ඒ වෙලාවට මගේ හිත හුගාක් සසල වෙලා තියෙනවා.මේ අම්මා මිය ගියේ අපේ අඩුපාඩුකමක් නිසා නොවුණත්,ඒකට අපත් සම්මාදම් වුණා ද කියලත් හිතෙනවා.එහෙම අපට ඇති පහසුකම්වලට මේ එන ලෙඩ්ඩු ප්රමාණයට ඔක්කොම ඔපරේෂන්කරගන්ඩ බෑ.ඒකට කාලයක් යනවා."

උපාලි සමරසිංහ - http://www.silumina.lk/

http://sansaranee.blogspot.com/2017/03/blog-post_13.html?spref=fb

[QUOTE="sanjaya22, post: 21337091, member: 440978"] [b]කරාපිටියේ හිතහොඳ දොස්තර[/b] [SIZE="3"]බැටරියක ආලෝක ධාරාවකින් බයිපාස් සැත්කම කළ කරාපිටියේ හිතහොඳ දොස්තර ඒ 2015 08 08 දා හිමිදිරියයි. කරාපිටිය රෝහලේ හෘද හා උරස් ශල්ය වෛද්ය ඒකකය වෙනදා මෙන් රෝගීනගේ හිත සුව සඳහා ක්රියාත්මක වෙමින් තිබිණ. මොර සූරන මහ ධාරානිපාත වර්ෂාවක් ගාල්ල හා කරාපිටිය හබරාදුව මතු නොව මාතර පුරවරයට ද වේගයෙන් ඇදහැලෙන්නට විය. දිවයිනේ වෙනත් ප්රදේශ ද මේ මහ වැස්සෙන් තෙතබරිත වී ගිය බව පසුව දැනගන්නට ලැබිණ. විටින් විට අහසේ නැගුණු රිදී එළි හා ගොරබිරම් හඩ සමග බක් මහ අකුණු දස අත නැගෙන්නට වීය. රෝහල අසල ට්රාන්ස්ෆෝමරය ද රෝහලේ ජෙනරේටර් ද මේ අකුණු පහරින් මුළුමනින්ම අක්රීය විය. හෙණ හඩ නගන අකුණු ශල්ය වෛද්ය ඒකකය ඉස්මත්තේ ද පුපුරන්නට වීය.කීර්තිමත් හෘද හා උරස් ශල්ය වෛද්ය නාමල් ගමගේ මහතා එදා උදෑසන වැඩ ආරම්භ කළේ පාන්දර 3 ට පමණය. ඒ වන විටත් එතුමා හෘද රෝගියකු වෙනුවෙන් මහත් කැපවීමක් කරමින් සිටියේය. රෝගියා මුස්ලිම් ජාතික මහතෙකි. අවුරුදු 55 ක් පමණ වයසය. ඔහුගේ උරහිස පලා දෙපැත්තට වන්නට කපා තිබුණු මොහොතක විදුලිය විසන්ධි වී ශල්ය වෛද්ය ඒකකය ද අඳුරේ ගිලුණේය. ඒත් හීපොක්රටීස් ප්රතිඥාව අනුව නියම ජීවකයා තමා වෙත ආ රෝගියා අත්හරින්නේ නැත. මිනීමරුවකු වුව පොලීසියටවත් තමා සන්තකයේ සිටි රෝගියා ගෙන යන්නට ඉඩ නොදුන් ඇතැම් ජීවකයන් පිළිබඳ පුවත් මම අසා ඇත්තෙමි. වෛද්ය නාමල් ගමගේ බැටරියක දුබල ආලෝකය ඇසුරු කැර රෝගියාගේ උරහිස මැස්ම පටන් ගත්තේය. ඒ වන විට කරන්නට තිබුණේ ද ඒ ටික පමණය. විදුලි එළියෙන් කරන කාර්යභාරයටත් වඩා පරිස්සමින් වසර 16 ක ක අත්දැකීම් හා පරිචය ඇසුරුකොට එතුමා සාර්ථකව ශල්යකර්මය නිමා කළේය. මෙය ලෝක වාර්තාවක් බව අප දන්නා වුවත් වෛද්ය නාමල්ට එය ගණනක් නැතිය. ඒ නිසා එතුමා ඉන් උදම් නොවේ. "ඒක ඒ තරම් දෙයක් නෙවෙයි. හදිසි අවස්ථාවක ක්රියා කරන්න මා පුරුදු වෙලා ඉන්නවා. ඔය වෙලාව වෙනකොට ඔපරේෂන් එකේ ගොඩක් කරලා ඉවරයි. කරන්න තිබුණෙ දෙකට කපා පැලු උරහිස නැවත මැසීමයි. අකුණක් වැදිලා ට්රාන්ස්පෝමර් හා ජෙනරේටර් දෙකම පිච්චිලා ගියා. රෝහල අඳුරේ ගිලුණා. මං බයිෆාස් සැත්කම නැවැත්තුවෙ නෑ. එහෙම වුණානම් අනතුරුදායකයි. එදා උදේ 3 ට විතර වැඩ පටන් ගත්තේ. මේ සිද්ධිය වෙනකොට උදේ 5.45 ට විතර ඇති. මං සීරුවට පුංචි බැටරියක ආලෝක ධාරාවකින් මැස්ම කළා. රෝගියා දැන් සුවෙන් ඉන්නවා." වෛද්යතුමා මට එසේ කීවේ එය ඉතා සුළු සිද්ධියක් ලෙස සලකමිනි. එහෙත් අපට එය බරපතළ පාඩමකි. චැනල් කරමින් අතිවිශාල මුදල් නියම කරන ඔපරේෂන්වලට තම හත්මුතු පරම්පරාවක් හම්බ කළ සල්ලි ඉල්ලන ඉන්ෂුවරන්ස් එක ඉවරනම් තම පෞද්ගලික රෝහලින් ලෙඩා රජයේ රෝහලට ගෙන යන්නට නියම කරන, ඔපරේෂන් කරන අතර වෙනත් බහුවිධ කාරණාවලට හිත යොමු කරන ඇතැම් ජීවක පරම්පරාවක් සිටින මේ රටේ එතුමා අපට පරමාදර්ශයකි. හිපොක්රටිස් නියමය රකින සැබෑ වෛද්යවරයෙකි.ශල්ය වෛද්ය නාමල් ගමගේ ගැන මම අතිශයෝක්ති වර්ණනයක් නොකරමි. ප්රායෝගික ලෝකයෙන්ම එතුමා වීර්යවන්ත සැබෑ මානවවාදියකු බවට ඕනෑතරම් නිදර්ශන රෝගීන් අතරින්ම සොයා ගත හැක්කේය. එතුමා 98 වසරේ සිට 2015 මේ දක්වා ජීවිත 12,000 ක් ශල්ය වෛද්යකර්ම සිදුකැර සුවකළ ජීවකයෙකි. පුරා අවුරුදු 16 ක් හරිහැටි නින්දක් පවා නොලබා රජයේ වැටුපට කටයුතු කරන්නෙකි. පොරොත්තු ලේඛනයේ සිටින සුවහසක් ලෙඩුන් වෙනුවෙන් කඳුළක් හලන එකම වෛද්යවරයා බව මම දනිමි. එනිසා මුල් කාලයේ ඔහුට කිසිඳු ඉඩක් විශ්රාමයක් නොලැබුණේය. එහෙත් දැන්නම් ඔහු සමග මහන්සිව කටයුතු කරන තවත් වෛද්යවරු දෙදෙනෙක් කරාපිටිය හෘද හා උරස් ශල්ය ඒකකයේ සිටිති. මුල් කාලේ යාපනයෙන්, ත්රිකුණාමලයෙන්, කොළඹින් මතු නොව මහනුවරින් ද ලෙඩ්ඩු මෙහි ගෙන ආහ. ඒ මෙහි ඔපරේෂන් කටයුතුවල වේගවත්කම හා පරිස්සම නිසාය. පෞද්ගලික රෝහලක ලක්ෂ ගණනකට ඔපරේෂන් කිරීමට වඩා තම මවගේ අභිප්රාය අනුව අහිංසක දුප්පතුනට සේවය කිරීම මේ වෛද්යවරයාගේ පැතුමය. මේ සිදුවීමත් එක්කම එතුමන්ගේ අතීත කතාව ස්මරණය කිරීම වැදගත්ය. 2010 වසරේදී සිළුමිණ ජාතික පුවත්පතට මා ලියූ ‘මගේ අම්මා’ නම් හෘදයාංගම ලිපි සරණියේදී මෙතුමන් ගැන කියැවුණු කොටසක් නැවත ලියමි. "දුප්පතුනට සේවය කරන්ට මට උගැන්නුවෙ මගේ අම්මා. මං වෛද්ය විද්යාලයයට ඇතුළුවන කාලෙත් මගේ අම්මාගේ අතේ මැණික් කටුවේ ඇදයක් තිබුණා. ඒ ඇදය කෙසේ හෝ හරිගස්සන්ට ඕනෑ කියලා හිතලා මං ප්රාර්ථනා කළා. මට ශල්ය වෛද්යවරයෙක් වෙන්ට ලැබේවා` යි කියලා. අම්මත් ඒ පැතුමෙන් හිටියෙ. මගේ ජීවිතේ බොහෝ පිරිසක් අම්මලා පුංචි දරුවන් මං ඔපරේෂන් කරලා සුව කරපු අවස්ථා තිබුණා. තිඛෙනවා. එහෙත් මගේ වෛද්ය ජීවිතයේ මා වඩාත්ම සතුටු වෙච්ච දවස මගේ අම්මාගේ අත ඔපරේෂන් කරලා අර පුංචි කාලෙ දුටු ඇදය හරිගැස්සු දවසයි." ඇයි`මේ ලෙඩා හෙණ ගහන වැස්සේ කළුවරේ ඔපරේෂන් කරලා ගලවාගත්ත එක ගැන සතුටු නැද්ද? මම ඇසුවෙමි. මොකෝ නැත්තෙ, මම හරිම සතුටුයි. ඒත් වෛද්යවරයෙක් වශයෙන් ඒක මගේ රාජකාරිය. මේක ඒ අතරින් එක අවස්ථාවක් විතරයි. [B]ඔබතුමා වඩාත්ම සසල වූ දවස් ඇද්ද?[/B] අපේ වෛද්ය කර්මයන්ගේ ප්රතිඵල නැතිව ලෙඩ්ඩු මැරුණාම අපට හිතට කරදරයි. කනගාටුයි. පුංචි දරුවන් ගැන අහිංසක දුප්පත් වයසක අම්මලා ගැන ඔබ අහනවා. ඒ වගේ වෙච්ච අවස්ථා නැති තරම්. ඒත් පොරොත්තු ලේඛනය දිග වැඩියි. 1000 ක් විතර ලෙඩ්ඩු ඉන්නවා දවසකට ඔපරේෂන් 10 ක් කරන්ඩ බෑ. සමහර දිනට මා කියනවා අහවල් දවසෙ අහවල් ලෙඩාව ඔපරේෂන් එකට එන්ඩ කියලා ඒ ලිපිනයට ලියුම් යවන්ඩ. දුරකථන ඇමතුමක් දෙන්ට කියලා. සමහර විටක එහෙම ඔපරේෂන් එකට ගන්ඩ සූදානම් වුණු ඇතැම් අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්, දුවෙක්, පුතෙක් පොරොත්තු ලේඛනය අනුව ගෙන්වන්ඩ ගියාම ඒ ඥාතින් මා හමුවෙලා කියනවා ඩොක්ටර් අම්මා මැරිලා දැන් තුන් මාසෙත් ඉවරයි කියලා. අන්න` ඒ වෙලාවට මගේ හිත හුගාක් සසල වෙලා තියෙනවා. මේ අම්මා මිය ගියේ අපේ අඩුපාඩුකමක් නිසා නොවුණත්, ඒකට අපත් සම්මාදම් වුණා ද කියලත් හිතෙනවා. එහෙම අපට ඇති පහසුකම්වලට මේ එන ලෙඩ්ඩු ප්රමාණයට ඔක්කොම ඔපරේෂන් කරගන්ඩ බෑ. ඒකට කාලයක් යනවා. මේ දොස්තර සංවේදිය. අවංකය. අවංක මිනිසාගේ කැමැත්ත මිලදී ගැනීමට මුළුමහත් විශ්වයම අපොහොසත් යැයි වරක් නීග්රෝ ජාතිකයන්ගේ අසහාය නායක මාටින් ලුතර් කිං කීවේය. මේ ජීවකයා සල්ලිවලට ගන්නට බහුවිධ පෞද්ගලික වෛද්ය ව්යාපාරවලට බැරිය. ඔහු අහිංසක ජනතාව වෙනුවෙන්ම කැපවී හිඳී. එතුමාගේ අවංකකම ගැන දොරමඩලාව, අමාදහර වැනි වැඩසටහන්වලදී පේරාදෙණිය සරසවියේ සිංහල අධ්යයන අංශයේ ජ්යෙෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් මහතා නිතර කතා කරයි. යම් හෙයකින් අඳුරේ කටයුතු කරන්නට බැරියැයි ශල්ය වෛද්යවරයා කීවානම් එය කෙතරම් බරපතළ ඛේදවාචකයක්දැයි මම ඔඛෙන් අසමි. ජාතීන් අතර සංහිඳියාව ද සුරකින මුස්ලිම් මහතකුගේ ජිවිතය වෙනුවෙන් තම රාජකාරිය අකුරට ඉටුකළ මේ වෛද්යවරයාට ජාතියේ ප්රණාමය හිමිවිය යුතුය. 1998 සිට 2015 වනවිට හදවත් සැත්කම් 12,000 කට වැඩි ප්රමාණයක් සිදුකොට ඇති විශේෂඥ වෛද්ය නාමල් ගමගේ (2014) සිදුකොට ඇති හෘද සැත්කම් සංඛ්යාව 579 කි.රෝගීන් විසින් වෛද්ය ගමගේ හඳුන්වනු ලබන්නේ 'පුදුම දොස්තර' යන ගෞරව නාමයෙන්. වෛද්ය නාමල් ගමගේ වෛද්ය නිවාසයේ සිට අරුණැල්ලේම පිබිද බයිසිකලයක් පදිමින් තම කුඹුරට ගියේය. අද එතුමා පදිංචිව සිටින්නේ ද ඒ කුඹුරු යාය අද්දරමය. කෘමිනාශක පොහොර යොදා සතුන් මරනවාට විරුද්ධ මේ වෛද්යවරයා කාබනික පොහොර යොදා ගනිමින් වී බුසල් 12 ක වපසරියකින් යුතු අක්කර 6 ක කුඹුරක්, කුඹුරට බැස අස්වද්දන්නෙකි. ඊට ගැමියෝ ද උදව් උපකාර කරති. ඒ අනුව ලංකාවේ එකම දොස්තර ගොවියා ද නාමල් ගමගේ මහතා විය යුතුය. පැහෙන කිරි වැදෙන වී කරල් තම කුඹුරේ නැළවෙන කාලයට සකලයන් හඹා යන (කුරුල්ලන් එළවා දමන) මේ දොස්තර ගොවියා ජීවිතය ද නිවැරැදිවම හඹා යන්නෙකි. 1998 වන විටත් ලංකාවේ හදවත් සැත්කම් සිදු කරන ලද්දේ කොළඹ පමණි.කොළඹින් පිට පළාත්වල ඊට සුදුසුකම් නැතැයි පොදු පිළිගැනීම විය.ඒ මතය බිඳ දමමින් දැඩි දුෂ්කරතා මැද වෛද්ය නාමල් ගමගේ විසින් ගාල්ල කරාපිටිය රෝහලේ අනෙකුත් සැත්කම් සිදු කරන ශල්යාගාරයක හදවත් සැත්කම් ආරම්භ කළේය.එය සාර්ථක විය.තමන්ගේ සාර්ථකත්වය පෙන්වූ ඔහු දිගින් දිගටම කරාපිටියට හදවත් සැත්කම් සඳහා වෙනම ඒකකයක් ලබා දෙන ලෙස ඉල්ලීම් කළේය.ඔහු ඇතුළු කාර්ය මණ්ඩලයේ ධෛර්යවත් අරගලය ජය ගනිමින් 2003 වසරේදී නව හෘද ශල්ය ඒකකය විවෘත කෙරිණි.ඉන් පසුව දිනකට හදවත් සැත්කම් 4, 5 බැගින් මාසයකට සැත්කම් 60ක් 70ක් පමණ වෛද්ය නාමල් ගමගේ ප්රධාන කණ්ඩායම සිදු කළේය.දිනපතා සැත්කම් ආරම්භ කරන ලද්දේ අලූයම තුනට පමණය.මේ ආකාරයට වසරකට සිදු කරන ලද සැත්කම් ප්රමාණය 700ක් පමණ විය. ලංකාවේ හදවත් සැත්කම් සිදු කරන කොළඹ, නුවර, කුරුණෑගල ආදී අනෙක් සියලූම ශල්යාගාරවල දිගු පොරොත්තු ලේඛන තිබේ.( 2017 මාර්තු වන විට මහනුවර ශික්ෂණ රෝහලේ හෘද සැත්කම් පොරොත්තු ලේඛනය පන්දහස ඉක්මවා ඇත.සතියකට කෙරෙනුයේ සැත්කම් තුනක් පමණි.) අලුත් හදවත් රෝගියකුගේ සැත්කම සඳහා දින ලැබෙන්නේ වසරකට හෝ ඊට වැඩි කාලයකට පසුවයි.මේ නිසා ඉඩකඩම් විකුණා හෝ මුදල් සපයා ගත හැකි අය පෞද්ගලික අංශයේ රෝහල්වලින් රුපියල් ලක්ෂ 10 සිට 20 පමණ දක්වා මුදලක් ගෙවා සැත්කම් කර ගනියි.ඒ හැකියාව නොමැති,නියමිත දිනය එන තෙක් කල් අල්ලා සිටිය නොහැකි රෝගීන්ට සිදු වන්නේ මිය යාමටය.එය ලංකාවේ සාමාන්ය තත්වයයි.එසේ තිබියදී කරාපිටිය රෝහලේ හදවත් සැත්කම් රෝගීන්ගේ පොරොත්තු ලේඛනය 2008 වසරේදී අවසන් විය.එතැන් පටන් රෝගියකු සඳහා සැත්කමක් කළ යුතු යැයි නිගමනය කළ දිනයේ සිට මසක කාලයක් තුළ සැත්කම සිදු කරනු ලැබීය.එය මුළුමනින්ම වෛද්ය නාමල් ගමගේ ප්රමුඛ කාර්ය මණ්ඩලයේ ජයග්රහණයකි.මේ නිසා මිය යාමට ඉරණම් කෙටී සිටි රෝගීන් දහස් ගණනකට ජීවත් වීමට වරම් ලැබිණි. "අපේ වෛද්ය කර්මයන්ගේ ප්රතිඵල නැතිව ලෙඩ්ඩු මැරුණාම අපට හිතට කරදරයි. කනගාටුයි.පුංචි දරුවන් ගැන අහිංසක දුප්පත් වයසක අම්මලා ගැන ඔබ අහනවා.ඒ වගේ වෙච්ච අවස්ථා නැති තරම්.ඒත් පොරොත්තු ලේඛනය දිග වැඩියි.1000 ක් විතර ලෙඩ්ඩු ඉන්නවා.දවසකට ඔපරේෂන් 10 ක් කරන්ඩ බෑ.සමහර දිනට මා කියනවා අහවල් දවසෙ අහවල් ලෙඩාව ඔපරේෂන් එකට එන්ඩ කියලා ඒ ලිපිනයට ලියුම් යවන්ඩ.දුරකථන ඇමතුමක් දෙන්ට කියලා.සමහර විටක එහෙම ඔපරේෂන් එකට ගන්ඩ සූදානම් වුණු ඇතැම් අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්, දුවෙක්, පුතෙක් පොරොත්තු ලේඛනය අනුව ගෙන්වන්ඩ ගියාම ඒ ඥාතින් මා හමුවෙලා කියනවා 'ඩොක්ටර් අම්මා මැරිලා දැන් තුන් මාසෙත් ඉවරයි' කියලා.අන්න` ඒ වෙලාවට මගේ හිත හුගාක් සසල වෙලා තියෙනවා.මේ අම්මා මිය ගියේ අපේ අඩුපාඩුකමක් නිසා නොවුණත්,ඒකට අපත් සම්මාදම් වුණා ද කියලත් හිතෙනවා.එහෙම අපට ඇති පහසුකම්වලට මේ එන ලෙඩ්ඩු ප්රමාණයට ඔක්කොම ඔපරේෂන්කරගන්ඩ බෑ.ඒකට කාලයක් යනවා." [/SIZE] උපාලි සමරසිංහ - [url]http://www.silumina.lk/[/url] [url]http://sansaranee.blogspot.com/2017/03/blog-post_13.html?spref=fb[/url] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom