වෛද්‍ය ජයරුවන් බණ්ඩාර අධ්‍යක්ෂ ධූරයෙන් ඉවත් කෙරේ

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    ලේකම් යුධ හමුදා වෙද Consultant Radiologist සංජීව මුණසිංහ පත් කලේ රජයේ නිළදාරීන් නොමැති බැවින් ( MOH ලේකම් පට්ටම ට ඩොකෙක් ම වෙන්න ඕනේ නෑ,

    ධම්මික පෙරේරා ප්‍රවාහන ලේක්ම් වුණා ඉස්සර without Qualifications, only 3 months studied NDT )

    සහ රජයේ වෙද සේවයේ Qualified Administration ඩොක්ලා නැති බැවින්.
     

    lahiru504

    Well-known member
  • May 13, 2012
    677
    406
    63
    gampaha
    Dr. Anil does not retire, he is the Secretary to Ministry of Environment.

    ලංකාවේ ලොකුම දොස්තර ව පරිසරය අමාත්යංශයේ ලේකම් කිරීම ඉතාම සුභ දායකයි තොපි වගේ මරි මෝල් "කාගෙ වුනත් ගුණ දරුවන්ට" 😂
    අනිල් ජාසිංහ කියන්නේ ලංකාවේ ලොකු ම දොස්තර නෙමේ පුතා.. දැනුවත් වෙලා කතා කරන්න
     
    • Haha
    Reactions: Brandy2020

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    අනිල් ජාසිංහ කියන්නේ ලංකාවේ ලොකු ම දොස්තර නෙමේ පුතා.. දැනුවත් වෙලා කතා කරන්න


    Director General of Health Services වලට උඩින් ඉන්නේ කව්ද? රජයේ ඉහළම ඩොක්ටර් එයා තමයි. ඉස්කෝලේ නිවාඩු වුණාට ආතල් දෙන්න එපා පුතා.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    හැබෑටම උන්දැව අමතක වෙලානෙ තිබුනෙ
    ඌ ලග නෑද්ද දන්නේ නෑ කොරොනා වලට බෙහෙතක්. ඌ ඉතින් හෙන ලොකු ලොකු ගේම් දීපු පොරක් නේ
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,369
    9,172
    113
    Around the world
    120699520_133203265158965_3875644172590417955_n.jpg
     

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    එකෙක්ට ප්‍රසිද්ද වෙන්න දෙන්නේ නැහැ අවලම් හැත්ත...මාරු කරනවා..මුන් පුදුම බයයි මිනිහෙක් උඩට එද්දී
    :yes:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,878
    113
    මාලඹේ
    ආයෙත් JVP එකට කොරෝනා රචනා ලියන්න වෙන කාලේ. අම්මෝ කරුමයක මහත 🤣🤣🤣🤣
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ආයෙත් JVP එකට කොරෝනා රචනා ලියන්න වෙන කාලේ. අම්මෝ කරුමයක මහත 🤣🤣🤣🤣
    ඇයි ස' කොරෝනා පරාජය කරා, රට බේරගත්ත කියලා බයියන්ට සින්දු කවි ලියන්න වෙන කාලේ. අම්මෝ කරුමයක මහත 🤣🤣🤣🤣


    ඌ ලග නෑද්ද දන්නේ නෑ කොරොනා වලට බෙහෙතක්. ඌ ඉතින් හෙන ලොකු ලොකු ගේම් දීපු පොරක් නේ
    මයිනගෙ රාජකීය වෙදා නේද :lol:
     

    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63
    මේ වෙද්දීම දහස් ගානක් මැරිලා ඉන්න තිබ්බ රටක, පාලනය වෙලා ලස්සනට යද්දී එක පාර ආයෙම ක්ලස්ටර් එකක් ආව ගමන් නිකං ලෝකේ විනාස උනා වගේ සමහරුන්ගේ කතාව.
    උඹලගේ සජිත් මොහමඩ් විරුවා හිටිය නම් කොරෝනා මධ්‍යස්තානේ වෙන්නේ අකුරණ. හකීම් ගෙන් එක කෝල් එකයි එහෙනං අර ඉස්සෙල්ලම සැරේ. කොරෝනා මර්දනේට යවන්නෙත් මොහමඩ් ලා. මෙලහට දාහට වඩා මැරිලා එහෙනං.

    hutto man kiwe doctor ta, anith eka man sajith hondai kiwe kawadda? meka anduwe waraddak kiyane ba. gon pakayek wage katha kerane epa
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,212
    113
    PCR Test වල comiss අවුලක් වගේ

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් PCR පරීක්ෂණ සිදු කිරීම හෑල්ලු කරන්නේ නම්, සේවයෙන් ඉවත් වීම හැර වෙනත් විකල්පයක් නොමැත..!
    -රජයේ වෛද්‍ය රසායානාගාර විද්‍යාඥ සංගමය අනතුරු අඟවයි

    (ලංකා ඊ නිව්ස් -2020.ඔක්.05, ‍ප.ව.11.00) කොරෝනා දෙවන රැල්ලක් ලංකාවේ දැවැන්ත ලෙස නැග එද්දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයාගේ අමනොඥ තීරණයක් හේතුවෙන්, පීසීආර් පරීක්ෂණ සිදුකරන රජයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයෝ සිය සේවා වලින් ඉවත්වීමේ තත්ත්වයක් උද්ගතව තිබේ. ඒ සම්බන්ධයෙන් අනතුරු අඟවා රජයේ වෛද්‍ය රසායානාගාර විද්‍යාඥ සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය එම් එස් මුණසිංහ වෙත යවන ලද ලිපියක් මෙහි දැක්වේ.

    වෛද්‍ය එච් එස් මුණසිංහ මහතා
    ලේකම්
    සෞඛ්‍ය අමාත්‍යාංශය
    “සුවසිරිපාය”
    කොළඹ 10

    GeneXpert යන්ත්‍ර භාවිතාකර COVID-19 පරීක්ෂණ සිදු කිරීම
    උක්ත මැයෙන් 2020.08.29 දිනැති නිකුත් කරන ලද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ අංක NITCCD/Lab/GeneX/2020 දරණ ලිපිය හා බැඳේ,

    ඒ අනූව GeneXpert යන්ත්‍ර මඟින් PCR පරීක්ෂණ සිදු කළ හැකි බව මුල සිටම අප සංගමය විසින් පෙන්වා දුන් අතර ඊට අදාල වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ නිළධාරීන් සපයා දිය හැකි බවද මගේ අංක SLAGMLT/Gen/2020 (08), (19), (22), (24), (34) හා (38) දරණ 2020.03.13, 2020.04.19, 2020.04.30, 2020.05.06, 2020.06.11 හා 2020.06.20 දිනැති ලිපි මඟින් පෙන්වා දෙන ලදී. නමුත් සමහර ක්ෂුද්‍රජීවී විශේෂඥ වෛද්‍යවරුන්ගේ උපදෙස් හේතුවෙන් එම යන්ත්‍ර භාවිතා නොකර සිටීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කළ නමුත් ඒ සඳහා වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ නිළධාරීන්ගේ හිඟයක් කිසි විටකත් ඇති වූයේ නැත.

    නමුත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ උක්ත ලිපිය මඟින් PCR පරීක්ෂණ සිදු කිරීම සඳහා වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ නිළධාරීන් නොවන කාර්යය මණ්ඩලය යෙදවීමට නියෝග ලබා දී ඇති අතර එය වෙනත් යටි අරමුණක් ඉටු කරවා ගැනීම සඳහා ලෝක වසංගත තත්වය අනිසි ලෙස භාවිතා කිරීමක් ලෙස අප විශ්වාස කරමු.මෙම තීරණය ගැනීම සඳහා පොළඹවන ලද පාර්ශ්වය කවුරුන්ද යන වග පිළිබඳවද අප සංගමයට තොරතුරු වාර්තා වී ඇති නමුත් වසංගත තත්වය හමුවේ වෘත්තීන් අතර සාමුහිකත්වය ආරක්ෂා කර ගත යුතු නිසා අනවශ්‍ය ගැටළු මතු නොවන ආකාරයෙන් කටයුතු කිරීමට අප සැම විටම උත්සාහ ගනිමු.

    කෙසේ නමුත් අපගේ ඉල්ලීමට ඇහුම්කන් නොදෙමින් බලහත්කාරී ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පිටත රසායනාගාර වෙත PCR පරීක්ෂණ යොමු කරමින් COVID-19 වසංගතය පාලනය කිරීමට අදාල කීර්තිමත් තත්වයට අනවශ්‍ය කළු පැල්ලමක් සටහන් කර ගත් බව සිහිපත් කර සිටිමු. එසේම මෙම අවස්ථාවේදීද තම තමන්ගේ වෘත්තීන්ට අදාල කූඨ උවමනාවන් මුදුන් පමුණුවා ගැනීම සඳහාත් මෙම තීරණය මඟින් එවන්ම ගැටළුකාරී තත්වයක් ඇති කිරීමට කිසියම් පාර්ශ්වයක් උත්සහ ගනිමින් සිටින බව ඔබගේ දැඩි අවධානයට ලක් කරමු.

    එසේම උක්ත ලිපිය මඟින් වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ නොවන වෘත්තිකයන් හට PCR පරීක්ෂණ සිදු කළ හැකි බවට ලබා දී ඇති නියෝගය අහෝසි නොකරන්නේ නම් හෝ ඒ සඳහා සුදුසුකම් නොමැති විවධ පුද්ගලයින් යොදවා PCR පරීක්ෂණ වාර්තාවක ඇති වගකීම් සහගත බව දියකර හරින්නට උත්සහ කරන්නේ නම් PCR පරීක්ෂණ සිදු කිරීමේ සියළුම රාජකාරී වලින් අප වෘත්තිකයන් සියළු දෙනා ඉවත් කර ගන්නා බවත්, වැරදි වාර්තා නිකුත් කිරීමේ අපකීර්තිමත් රසායනාගාර සේවාවක කොටස් කරුවන් වීමට නොහැකි බැවින් එම තීරණය වෙත යොමු වීමට අප වෘත්තිකයන් හට බල කෙරී ඇති බවද ඉතා ඕනෑ කමින් පෙන්වා දෙමු.

    එමෙන්ම මේ පිළිබඳව කඩිනම් සාකච්ඡාවක් ලබා නොදෙන්නේ නම් දින 7 ක් ඇතුලත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර ඇති බවද කණගාටුවෙන් දැනුම් දෙමු.

    ස්තුතියි

    මෙයට, විශ්වාසී

    රවී කුමුදේශ්
    සභාපති - රජයේ වෛද්‍ය රසායානාගාර විද්‍යාඥ සංගමය
    පිටපත්:

    1. අතිගරු ජනාධිපතිතුමා
    2. ගරු අග්‍රාමාත්‍යතුමා
    3. ගරු සෞඛ්‍ය අමාත්‍යතුමිය
    4. අතිරේක ලේකම් (පාලන) II
    5. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමා
    6. නියොජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පාලන) III
    7. නියොජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (රසායනාගාර සේවා)
     
    • Like
    Reactions: D_Mad