වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ, ධූරයෙන් ඉවතට

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    (RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 06 පෙරවරු 11.59ට)

    වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ, වෛද්‍ය ජයරුවන් බණ්ඩාර, ඔක්තෝම්බර් 05 දිනැති ලිපියකින් ධූරයෙන් ඉවත් කර තිබෙනවා.

    සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්, මේජර් ජෙනරාල්, විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ විසින් එම ඉවත් කිරීම සිදුකර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

    ඒ අනුව, වෛද්‍ය ජයරුවන් බණ්ඩාර, වෛද්‍ය පර්යේෂණ ආයතනයේම නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පත්කර ඇති අතර එම ආයතනයේම නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කළ වෛද්‍ය ප්‍රභාත් අමරසිංහ එහි අධ්‍යක්ෂ ධූරයට පත්කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග වාර්තා කරයි.

    වෛද්‍ය ජයරුවන් බණ්ඩාර, අධ්‍යක්ෂධූරයේ කටයුතු කර ඇත්තේ වැඩ බැලීමේ පදනම මත බව පැවසෙන අතර ඔහු කලින් දැරූ ධූරය වෙතම නැවත අනියුක්ත කිරීම සිදුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි. ඒ අනුව, ගුවන් තොටුපළ පරිශ්‍රයේ පිහිටුවා ඇති පර්යේෂණාගාර බාරව කටයුතු කිරීම වෛද්‍ය ජයරුවන් බණ්ඩාර වෙත පවරා ඇතැයි ද වාර්තා වේ.

    වෛද්‍ය ජයරුවන් බණ්ඩාර බොහෝ කාලයක සිට ජනමාධ්‍ය ඔස්සේ ජනතාව දැනුවත් කිරීමේ කටයුතු සිදුකළ වෛද්‍යවරයෙකි. එසේම කොරෝනා වසංගතය පැමිණි අවස්ථාවේ සිට ම ඒ සම්බන්ධයෙන් නිරන්තරයෙන් ජනතාව දැනුවත් කිරීමේ කටයුතු ද වෛද්‍ය ජයරුවන් බණ්ඩාර විසින් සිදුකරමින් සිටි අතර හදිසි මාරුවට නිශ්චිත හේතුව කුමක් ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.
     
    • Haha
    Reactions: ryandok

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,217
    18,863
    113
    අදාල නෑනේ
    120700405_404239597644070_4558348790207704432_n.jpg
     
    • Haha
    Reactions: RandomGuy

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,098
    1
    58,439
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඌ කිව්වනෙ සමාජය තුල කොරෝනා තිබිල තියෙනව කියල. හොඳ වැඩේ හැබැයි දොස්තරලට හරියන්න හමුදාකාරයෙක්ව දාල තියෙනව පාලනයට.
     

    nikz_01

    Active member
  • Apr 12, 2017
    197
    178
    43
    ඌ කිව්වනෙ සමාජය තුල කොරෝනා තිබිල තියෙනව කියල. හොඳ වැඩේ හැබැයි දොස්තරලට හරියන්න හමුදාකාරයෙක්ව දාල තියෙනව පාලනයට.
    Meka thama case eka. Kata waraddagatta