වෛද්‍ය මාෆියා සබඳකම්

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,635
    13,346
    113
    වෛද්‍ය මාෆියා සබඳකම්

    පී.ජී.අයි.එම් හෙවත් Postgraduate Institute of Medicine අායතනය ගැන වෛද්‍යවරයෙක් කතා කරයි

    පී.ජී.අයි.එම් හෙවත් Postgraduate Institute of Medicine අායතනය ලංකාවේ වෛද්‍යවරුන් ගේ විශේෂඥතාවයන් සාක්‍ෂාත් කර ගැනීම සඳහා විභාග පවත්වන ආයතනය වෙයි. වෛද්‍ය විශේෂඥයෙකු වීම සඳහා මේ ආයතනය මගින් පවත් වන විභාග වලට මුහුණ දී පසුව එංගලන්තය , ඔස්ට්‍රේලියාව , නවසීලන්තය වැනි විදේශ රටකට ගොස් වැඩිදුර පුහුණුව ලැබිය යුතුය​. ඉන් පසුව ඔහු හෝ ඇය​. අදාල ශාස්ත්‍රාලයේ සාමාජිකයෙකු බවට පත් වෙයි.

    පී.ජී.අයි.එම් අායතනය ගෞරව සහිත බහුමානයෙන් සැලකිය යුතු ආයතනයකි. බොහෝ කාලයක් පුරා ලංකාවේ විශේෂඥ වෛද්‍යවරු බිහි කිරීමට ක්‍රියා කල මණ්ඩලයකි. මේ ආයතනයට සුවිශේෂ සම්ප්‍රදායන් චිරාත් කාලයක් පුරා පැවතගෙන එයි. එහි සේවය කරන සාමාජිකයන් අපක්‍ෂපාතීව අවංකව සේවය කිරීමට බැඳී සිටිති.

    පී.ජී.අයි.එම් අායතනය ගැන ලිවීම හෝ එහි කටයුතු විවේචනය කිරීම සියතින් ගෙල සිඳ ගැනීමක් ලෙස බොහෝ වෛද්‍යවරු සලකති. එසේම පී.ජී.අයි.එම් අායතනය සමග නඩු කියූ අතලොස්සක් වූ වෛද්‍යවරු අවසානයේදී කුණු කූඩයට විසිවී ගියහ​. මේ ආයතනය ඉතා ශක්තිමත් ජාලයකි. වෘත්තීමය වශයෙන් සහ දේශපාලනමය වශයෙන් බලපෑම් කල හැකි ආයතනයකි. එම නිසා පී.ජී.අයි.එම් අායතනය ගැන විවේචනය කිරීම කළු ගලේ ඔළුව ගසා ගැනීමකි.

    මුදවපු විගස කිරි මිදෙන්නේ නැතුවාක් මෙන් පී.ජී.අයි.එම් අායතනය විවේචනය කරන වෛද්‍යවරුන්ට බඩු එන්නේ තැපෑලෙන් අනපේක්‍ෂිතවය​. නමුත් පැස්ටර්නාක් කිව්වාක් මෙන් තමන් දන්නා සත්‍ය කතා කරන මුග්ධයෝ සෑම යුගයකම සිටිති. මමද එවැනි මුග්ධයෙක්මි. එම නිසා වසර 16 ආසන්න කාලයක් ලංකාවේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල කාලයේ පී.ජී.අයි.එම් අායතනය ගැන මා විසින් අද්දුටු සිද්ධීන් මෙන්ම මගේ සමහරක් වෛද්‍ය මිතුරන් ලැබූ අත්දැකීම්ද සටහන් කරමි.

    මේ නිසා සමහර වෛද්‍යවරු මා සමග අමනාප වීමටද ඉඩ තිබේ. එසේම සමහරු මාව දඩයම් කිරීමටද ඉඩ තිබේ. මෙහි භයානක කම මම දනිමි. එහෙත් සත්‍ය කවදා හෝ පැවසිය යුතුය​. මම මේ සෙල්ලම් කරන්නේ ගින්නත් සමගය. ඉදිරි කාලයේ මා පිලිස්සී යාමට ,අපවාද වලට ,කොන් කිරීම් වලට මුහුණ දීමට නියමිතය​. එහෙත් මම පුද්ගලිකව කිසිවෙකු සමග අමනාප නැත​. මම පෙන්වා දෙන්නේ ලංකාවේ උගත් වෘත්තිකයන් සමහරක් අතර පවතින මාෆියා සබඳකම් මෙන්ම ඔවුන් සමහර විසින් කරන අකටයුතුකම් ය​. අනාගත වෛද්‍යවරුන් ගේ අභිවෘද්ධිය මෙන්ම ඔවුනට සාධාරණය ඉටු කිරීම සඳහා මම මේ හෙළි කිරීම් කරමි.
    පී.ජී.අයි.එම් අායතනය ගැන යම් අදහසක් මට ලැබෙන්නේ 1995 වසරේදීය​. ඒ කාලයේ මාතලේ රෝහලේ පී.එම්. සී හෙවත් රාගම පුද්ගලික විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ඉන්ටර්න්වරියක් සිටියාය​. ඇයගේ ඉංග්‍රීසි භාෂා දැණුම මෙන්ම වෛද්‍ය විද්‍යා දැණුම විශිෂ්ඨ වූවාය​. ඇය අංකුර විශේෂඥ වෛද්‍යවරියක් බව සියල්ලන්ටම වැටහුණි.

    මේ නවක වෛද්‍යවරියට Pediatrics හෙවත් ළමා රෝග පිලිබඳව විශේෂඥතාව ලබා ගැනීමට අවශ්‍යතාව තිබුන නමුදු ඒ කාලයේදී Pediatrics විශය විශේෂඥතා විභාගයට පෙනී සිටීම සඳහා සීමාවාසික නොහොත් ඉන්ටර්න් කාලයේ Pediatrics කර තිබිය යුතු බවට කැකිල්ලේ නීතියක් එකල පනවා තිබුණි. මේ නිසා අපගේ කතා නායිකාවට තමන්ට ප්‍රිය වූ විශය හැදෑරීමට ඉඩ ලැබුනේ නැත​. මින් කලකිරීමට පත් වූ ඇය රජයේ සේවයන් අස්වී ඇමරිකා එක්සත් ජනපදය බලා ගියාය​. අති දක්‍ෂ වෛද්‍යවරියක් අපගේ සෞඛ්‍යය සේවය / පී.ජී.අයි.එම් අායතනය විසින් පළවා හැරියේ එසේය​. නමුත් ඇය පීඑම්සී එකේ ඉගෙන ගත් සිසුවියක් නිසා කිසිවෙකු සංවේදී වූයේ නැත​.

    ඉන් වසර කිහිපයකට පසුව මෙම කැකිල්ලේ නීතිය තවමත් තිබේද කියා මම සොයා බැළුවෙමි. එහිදී මට පේරාදෙනිය රෝහලේ වෛද්‍යවරයෙකු අපූරු කතාවක් කීවේය​. පී.ජී.අයි.එම් අායතනයේ Pediatrics අංශයේ සිටි එක් බලවත් ළමා රෝග පිලිබඳව විශේෂඥ වෛද්‍යවරියකගේ ඥාති දියණියට Pediatrics කිරීමට අවශ්‍යව තිබිණි. එහෙත් ඇය තම සීමාවාසික සමයේ Pediatrics කර නොතිබිණි. නමුත් උභය කුළ පරිශුද්ධතාවය නිසා ඥාති දියණිය වෙනුවෙන් මේ කැකිල්ලේ නීතිය ඉවත් කෙරුණි.

    උභය කුළ පරිශුද්ධතාවය පිලිබඳව මට තවත් නිදසුනක් මතක් වෙයි. මාතලේ රෝහලේ සිටි එක් වෛද්‍යවරයෙකු සීමාවාසික කාලයෙන් පසුව දඹුල්ල රෝහලට ගියේය​. ඔහුගේ බාප්පා මධ්‍යම ප්‍රදේශයේ ශික්‍ෂණ රෝහලක විශේෂඥ වෛද්‍යවරයෙකු මෙන්ම පී.ජී.අයි.එම් අායතනයේ බලවත් පුද්ගලයෙකු වූයේය​. මෙම නවක වෛද්‍යවරයා පශ්චාත් සීමාවාසික පත්වීම ගෙන දඹුල්ල රෝහලට යන විට මගේ මිතුරෙකු වූ පේරාදෙනිය වෛද්‍ය පීඨයේ මොහාන් මට අමුතු කතාවක් කීවේය​. මේ වෛද්‍යවරයා පශ්චාත් සීමාවාසික පත්වීමට දඹුල්ල රෝහලට ගියද ඔහු එහි මාස 6 වඩා නොසිටින බවත් ඉතා කෙටි කාලයකින් තම බාප්පා සිටින රෝහලේ ඔහුගේ අංශයේ වෛද්‍ය පුරප්පාඩුවකට එන බවත් ඉන් පසු බාප්පා විශේෂඥතාවය දරණ විශය හදාරා පී.ජී.අයි.එම් එකෙන් විභාග පාස් වී ඔහු බාප්පා ගේ තැනට එන බව අණාවැකි කීවේය​. එම අණාවැකිය එලෙසටම ඉටු විය​. එහෙත් උභය කුළ පරිශුද්ධතාවය නොතිබූ වෛද්‍ය මොහාන් සාමාන්‍ය වෛද්‍යවරයෙකු වී කුරුණෑගල ප්‍රදේශයේ තම පුද්ගලික ඩිස්පැන්සරිය දමාගෙන ජීවත් වෙයි.

    1998 කාලයේ පමණ මීගමුව රෝහලේ විශේෂඥ ළමා වෛද්‍ය වින්සන්ට් පෙරේරා මහතාගේ වාට්ටුවේ තරුණ වෛද්‍යවරියක් වූවාය​. ඇය පවුල් වෛද්‍ය ඩිප්ලෝමාව ( Diploma in family Medicine) හැදෑරීමට උත්සුක වූවාය​. අප තරුණ වෛද්‍යවරු සේවා මුරයෙන් පසු මීගමුව බීච් කලාපයේ රස්තියාදු වෙමින් මුහුදේ පිහිනමින් සිටින විට ඇය වාට්ටුවට වී අධ්‍යනයේ යෙදුනාය​. ඉතා මහන්සිවී වැඩ කලද ඇයට පවුල් වෛද්‍ය ඩිප්ලෝමාව සමත් වීමට නොහැකි විය​. පසු කාලයක පවුල් වෛද්‍ය ඩිප්ලෝමා විභාගය කල සමහර අපේක්‍ෂකයන් ගේ ලකුණු වෙනස් කොට තමන් ගේ හිතවතුන් පාස් කර බවට චෝදනා ප්‍රසිද්ධියේ ආවේය​. එවිට මට මේ වෛද්‍යවරිය මතක් විය​.

    උතුරු කොලඹ ශික්‍ෂණ රෝහලේ ශල්‍ය වෛද්‍ය විශේෂඥ ඩී.ඩබ් වීරසූරිය මහතා යටතේ සිටි ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරියෙකු මට මතක් වේ. මම ඔහු සමග වැඩ කොට තිබුණි. ශල්‍ය වෛද්‍ය විද්‍යාවට ඔහු දක්‍ෂයෙකි. හොඳ වැඩකාරයෙකි. සම්භවය පී.එම්.සී හෙවත් රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේය​. ලංකාවේ පී.ජී.අයි.එම් අායතනයේ කැපිලි කෙටිලි වලට බිය නිසා ඔහු කෙලින්ම එංගලන්තයට ගොස් ශල්‍ය වෛද්‍ය විද්‍යාව එංගලන්තයේ හදාරා ශල්‍ය වෛද්‍ය විභාගය සමත් විය​.

    ඔහු එංගලන්තයේ ශල්‍ය වෛද්‍ය විභාගය සමත් වී ලංකාවට ආවද පී.ජී.අයි.එම් අායතනය ඔහුව ශල්‍ය වෛද්‍ය විශේෂඥයෙකු ලෙස පිලි ගත්තේ නැත​. හේතුව ඔහු ලංකාවේ පී.ජී.අයි.එම් අායතනය පවත්වන MS විභාගය කර නොතිබීම නිසාය​. කෝරලේ මහත්තයා මග හැර ඒජන්ත මහත්තයා හමු වූ විට කෝරලේ මහත්තයා කෝප ගනී. එසේම පී.ජී.අයි.එම් අායතනය මේ වෛද්‍යවරයා සමග උරණ විය​. ඔහු ලංකාවේ MS විභාගය කිහිප වතාවක් කරද ඔහුව අසමත් කරන ලදි. එංගලන්තයේ ශල්‍ය වෛද්‍ය විභාගය සමත් වීමට හැකියාව තිබූ මොහුට ලංකාවේ MS විභාගය සමත් වීමට නොහැකි වීම මවිතය ගෙන දුන්නේය​.

    මෙයාකාරයෙන්ම කෝරලේ මහත්තයා මග හැර ඒජන්ත මහත්තයා හමු වූ නොහොත් පී.ජී.අයි.එම් අායතනය යටතේ MS විභාගය නොකොට කෙලින්ම එංගලන්තයට ගොස් එංගලන්තයේ ශල්‍ය වෛද්‍ය විද්‍යා විභාගය සමත් වූ වෛද්‍ය රංජන සෙනෙවිරත්න මහතා යලි ලංකාවට පැමිණි විට ඔහුටද මහත් වටයක් යන්නට සිදු විය​. යුද්දය කාලයේ ශල්‍ය වෛද්‍ය අංශයේ පලාලි වැනි රෝහල් වල වැඩ කරමින් ජාතික සේවාවක් කල රණවිරු සේවා (RSP) පදක්කම්ලාභී වෛද්‍ය රංජන සෙනෙවිරත්න පී.ජී.අයි.එම් ගිලටීනයෙන් බේරුනේ අනූ නවයෙනි.

    උතුරු කොලඹ ශික්‍ෂණ රෝහලේ සේවය කල කාලයේදී මා මිතුරු වෛද්‍ය පද්මරාජ් පී.ජී.අයි.එම් විභාගයකට සූදානම් විය​. මේ නිසා මම අතිරේක සේවා මුර කරමින් ඔහුට පාඩම් කිරීමට උදව් කලෙමි. පද්මරාජ් ගේ පී.ජී.අයි.එම් විභාගයට දින දෙකකට පමණ පෙර මම රෝහලේ කන්සල්ටන්ට් ලොවුන්ජ් එකට ගියේ ශල්‍ය වෛද්‍ය විශේෂඥ රනිල් ප්‍රනාන්දු මහතා හමු වීමටය​.

    මම එම ස්ථානයේ සිටින විට එක්තරා විශේෂඥ වෛද්‍යවරියක් ආවාය​. ඇය පී.ජී.අයි.එම් එකේ බලවත් තැනැත්තියකි. මා එතන සිටි බවට කිසිම තැකීමක් නොකල ඈ තම ජංගම දුරකථනය ක්‍රියාත්මක කොට යම් කෙනෙකුට කතා කලාය​. ඇයගේ කට හඞ ඝෝෂා සහිත විය​. ඇය කතා කලේ පී.ජී.අයි.එම් එකේ වෛද්‍ය පද්මරාජ් වාඩිවීමට නියමිත විභාගය පිලිබඳව බව අවට සිටි සැම දෙනාට ඇසුනි. එහෙත් එහි වගක් ඇයට නොවීය​.

    ඇය වෛද්‍ය පද්මරාජ් සහ තවත් වෛද්‍යවරියක් ( මේ තැනැත්තිය රුහුණ වෛද්‍ය පීඨයේය​. තරමක් ගෝරියට බරය​. ඇය වෙනත් විශේෂඥ වෛද්‍යවරියක් සමග කොක්කක් ද දාගෙන තිබුණි) ගැන කියමින් ඔවුන් ගේ වැඩ අසතුටුදායක බව කීවාය, එසේම ඇයගේ සිත් ගත් වෙනත් වෙනත් වෛද්‍යවරියක් පාරට්ටු කලාය​.

    මේ විභාගය රෙස්ලිං මෙන් ජය පරාජිතයන් කලින්ම වෙන් කරගෙන තිබෙන බව මට වැටහුණි. වෛද්‍ය පද්මරාජ්ට බඩු බනිස් ය​. (හඳ පෙන්වන විට පූර්ණ චන්ද්‍රයා දෙස නොව ඇඟිල්ල දෙස බලන බම්මන්නන් මම විශේෂඥ වෛද්‍යවරියකගේ දුරකථනයට හොරෙන් සවන් දුන්නා කියා චෝදනා කරනු නිසැකය​. බම්මන්නනි මම දුරකථනයට හොරෙන් සවන් දුන්නේ නැත​. ඇය මා ඉදිරියේ මාව තැකීමකට නොගෙන​ උස් කටහඞින් කල සංවාදය මගේ සවනට වැටුණා පමණි)

    මම වාට්ටුවට යන විට පද්මරාජ් ඉතා උනන්දුවෙන් පාඩම් කරමින් සිටියි. එහෙත් හෙට අනිද්දා පවත්වන විභාගයෙන් පද්මරාජ් ෆේල්‍ ය​. මම ඔහුට කිසිවක් නොකීවෙමි. මේ සිදුවීම සිදු වී වසර 16 පමණ ගතවී තිබේ. මම තවමත් ඔහුට මේ සිද්ධිය කියා නැත​.

    යාපනය වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලැබූ පද්මරජ් විභාගයට ගොස් මහත් සතුටින් ආවේය​. ඔහු විභාගයට හොඳින් පිලිතුරු දුන් බව මට කීවේය​. එහෙත් ඔහුගේ ඉරණම මම දැනගෙන සිටියෙමි. සති කීපයකට පසුව ප්‍රතිඑල ආවේය​. අනුමාන කල පරිද්දෙන් පද්මරාජ් සහ විශේෂඥ වෛද්‍යවරියක් සමග කොක්ක දාගෙන තිබූ වෛද්‍යවරිය අසමත්ව තිබුණු අතර දුරකථනයෙන් රෙකමදාරු කල වෛද්‍යවරිය සමත්ව තිබුනාය​.

    පී.ජී.අයි.එම් විභාගයෙන් අසමත් වීමෙන් පසු පද්මරාජ් යළි විභාග කිරීමට උනන්දු නොවීය​. ඔහු එක්සත් ජනපදයට ගියේය​. පී.ජී.අයි.එම් විභාගයෙන් අසමත් වූ නමුත් ඇමරිකාවේදී ඔහු United States Medical Licensing Examination (USMLE ) හෙවත් ඇමරිකාවේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කිරීමට කල යුතු විභාගය ඉහලින්ම සමත් විය​. දැන් ඔහු ඇමරිකාවේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරයි. ඉතා අසීරු විභාගයක් වූ USMLE සමත් වීමේ හැකියාව තිබූ වෛද්‍ය පද්මරාජ් ප්‍රාථමික පී.ජී.අයි.එම් විභාගයෙන් අසමත් වූ අයුරු පුදුමාකාරය​.

    විදේශ උපාධිධාරී වෛද්‍යවරු පී.ජී.අයි.එම් ආයතනයට බියය​. ඔවුන් විභාග වලදී තම සම්භවය සැඟවීමට වෙර දරති. සමහර විට විභාග වලදී සම්භවය එළියට ආවහොත් එය ධනාත්මක නම් වන්නේ නැත​. මේ අතිරේක උදළු කඩුළු උඩින් පැන පී.ජී.අයි.එම් විභාග වලින් සමත් වී විශේෂඥ වෛද්‍යවරු වූ සෝවියට් දේශයේ වෛද්‍ය පීඨයන්හි ඉගෙනුම ලැබූ වෛද්‍ය කීත් චැප්මන් , වෛද්‍ය වික්ටර් මෙන්ඩිස් , වෛද්‍ය අජිත් තෙන්නකෝන් , වෛද්‍ය නිල්මිණි විජේසූරිය එක්තරා ආකාරයකට විරුවන් වෙති.

    මීට වසර කීපයකට පෙර විශේෂඥ මනෝ වෛද්‍ය වරුන් ගේ හිඟය නිසා මනෝ වෛද්‍ය ඩිප්ලෝමාවක් ආරම්භ කෙරුණි. මෙම මනෝ වෛද්‍ය ඩිප්ලෝමාව කරන ලද සමහර දක්‍ෂයන් අසමත් වූ බවත් අස්පට් ජොකියන් ජයග්‍රහණය කල බවත් වරක් වෛද්‍ය ක්වින්ටස් මට පුත්තලම රෝහලේදී කීවේය​. එවිට මට මතක් වූයේ පවුල් වෛද්‍ය ඩිප්ලෝමා විභාගයේදී සමහර අපේක්‍ෂකයන්ට සිදුවූ අසාධාරණයන්ය​. මේ හැර පී.ජී.අයි.එම් ආයතනය විසින් සමත් කරන ලද එක් වෛද්‍යවරියක් විදේශ පුහුණුව සඳහා නවසීලන්තයට හෝ ඔස්ට්‍රේලියාවට ගිය මුත් ඇයට විදේශ පුහුණුව සාර්ථකව නිම කිරීමට නොහැකි වූවාය​. ඇය කාලයක් පුත්තලම දිස්තික්කයේ මනෝ වෛද්‍යවරියක ලෙසද සේවය කොට තිබුණාය​.

    පී.ජී.අයි.එම් ආයතනය විසින් සමත් කරන ලද හලාවත රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍යවරයා ලෙස තමන්ව හඳුන්වාගත් පුද්ගලයා පිලිබඳව යමක් මෙහිදී සටහන් කල යුතුය​. ඔහු තුල මනෝ විද්‍යාව , මනෝ චිකිත්සනය ගැන තිබෙන ඌන දැණුම සලකා බැලූ විට ඔහු මෙම පී.ජී.අයි.එම් විභාග සමත් වූයේ කවර ප්‍රාතිහාර්‍යකින් ද කියා මට සිතුණි. මේ මහතා සමග මට කිසිදු පුද්ගලික තරහක් නැත​, ඔහු යහපත් මිනිසෙකු මෙන්ම හොඳ වෛද්‍යවරයෙකු බව ඔහුව දන්නෝ පවසති. එහෙත් ගුණ යහපත්කම සහ විජානනය යනු දෙකකි. එය පටලවා ගත යුතු නොවේ.

    2002 වසරේදී කොලඹ ඉන්ටර්කොන් හෝටලයේ වෛද්‍ය සම්මන්ත්‍රණයක් තිබූ අතර එක් වෛද්‍ය ජ්‍යෙෂ්ඨ රෙජිස්ටාර්වරයෙක් කෙටි දේශනයක් කලේය. ව්‍යාකරණ දෝශ සහිතව ඔහු කතා කල ඉංග්‍රීසි ඇසූ බොහෝ දෙනෙකුට නැගුණු ප්‍රශ්නය වූයේ මෙවැනි ඉංග්‍රීසි ඌණ දැණුමක් සහිතව මොහු පී.ජී.අයි.එම් ආයතනයේ විභාග සමත් වූයේ කෙසේද කියාය​. මේ පුද්ගලයා වෛද්‍ය විද්‍යාව රුසියන් , චීන හෝ ස්පාඤ්ඤ භාෂාවෙන් වෛද්‍ය විද්‍යාව හදාරා තිබුනේ නම් යම් සමාවක් දීමට ඉඩක් තිබුනේය​. නමුත් ඔහු වෛද්‍ය විද්‍යාව දේශීය වෛද්‍ය පීඨයක ඉංගිරිස් භාෂාවෙන් හදාරා තිබුණු බව පසුව දැන ගන්නට ලැබුනේය​.

    පී.ජී.අයි.එම් ආයතනයේ නීති ගරුක කිසිදු අසාධාරණ ක්‍රියාවන් නොකරන වෛද්‍ය විශේෂඥවරු සිටිති ඔවුන් සාධාරණ ලෙස විභාග පවත්වමින් දක්‍ෂ වෛද්‍යවරු තෝරාගෙන ඔවුන්ට විශේෂඥ පුහුණුව ලබා දෙති. අප ඔවුන්ට ණය ගැතිය​. එහෙත් නීත්‍යාණුකූල මුදල් අතර හොර සල්ලි තිබෙන්නාක් මෙන් මේ ආයතන වල හොරු අතලොස්සක් සිටිති. මොවුන් නිරාවරණය කිරීම කාලීන අවශ්‍යතාවයකි.

    වෛද්‍ය රුවන් එම් ජයතුංග

    උපුටා ගැනීමකි http://transyl2014.blogspot.com/2017/01/postgraduate-institute-of-medicine.html
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඕවා ඉතින් වෛද්‍යවරුන්ම ඇතිකරගත් ආයතනනේ.අට පාස් අපිට ඕවට කථාකරන්න බෑ

    එහෙම කියල බෑ අපි බේත් ගන්නේ මෙහෙම හිවල්ලුන්ගෙන් නේද?
     
    lasantha79

    Active member
  • Jun 20, 2008
    127
    96
    28
    Colombo

    PGIM එක සම්බන්දයෙන් ඔබ ඉදිරිපත් කර ඇති බොහෝ තොරතුරු වැරදි හෝ ද්වේශ සහගත ලෙස ඉදිරිපත් කර ඇත.

    1. PGIM එක සමග නඩු කියා දිනපු දොස්තරලා ඕන තරම් ඇත. මා දන්නා අක්ෂි ශල්‍ය වයිද්යවරයකු නඩු කිහිපයක් කියා සියල්ලම ජය ගත්තේය. ඔහුගේ ගමනට කිසි බාදාවක් නොවූ අතර ඔහු සියලු විබාග ඉහලින් සමත් විය.
    2. යම් කිසි වයිද්‍ය ක්ෂේත්‍රයක පශ්චාත් උපාදිය කිරීමේදී එම අංශයේ සීමාවාසික පුහුණුව හෝ එසේ නැත්නම් මාස හයක් මා දන්නා තරමින් ON CALL කල යුතුය. එහි කිසිදු වැරද්දක් නැත. කිසිම් මූලික දැනුමක් හෝ අත්දැකීමක් නැතුව ඔබ ජෙය්ෂ්ට වයිද්යවරයකු (REGISTRAR) ලෙස වැඩ කරන්නේ කෙසේද?
    3. කාමරයට වී පොත් ගුල්ලෙකු වගේ පාඩම් කර පලියට විබාග සමත් වෙන්නේ නැත. කිසිම මහන්සියක් නොගෙන විබාග ඉහලින්ම සමත් වන මීටර ඕන තරම් ඇත.

    4. එංගලන්තයේ ශල්‍ය විද්‍යා විබාගය යනුවෙන් ඔබ කියන්නේ MRCS ගැන විය යුතුය. එංගලන්තයේ වූ පලියට හැම විබාගයම හරි ලොකු වන හීනමානයක් ඔබට ඇත. MRCS කල පලියට විශේෂඥ වයිද්‍ය වරයකු වෙන්නේ නැත. ඒ සදහා එම විබාගය සමත් වී දිගු කාලයක් අත් දැකීම් ගත යුතුය. MS යනුවෙන් ලංකාවේ පවත් වන විබාගය පශ්චාත් උපාදියකි.එය PHD එකකට සමාන කල හැක. එය ලබා ගැනීමට රෙජිස්ට්‍රාර් සහ ජෙය්ෂ්ට රෙජිස්ට්‍රාර් ලෙස වසර කිහිපයක් සේවය කර අත්දැකීම් ලබා ගත යුතුය.. MRCS යනු ඩිප්ලෝමාවකට සමාන කල හැකි විබාගයකි. එය විශේෂඥ විද්‍යා වරයකු වීමේ පළමු පියවර වින අවසාන පියවර නොවේ.

    5. යුද්දය කාලේ වැඩ කිරීම හෝ RSP ලැබීම විශේෂඥ විද්‍යා වරයකු වීමට සුදුසු කමක් නොවේ.

    6. ඔබ කියනා ලෙස USMLE හෝ අනෙක් PLAB ,AMC යන යම්කිසි රටකට වයිද්‍ය වෘත්තියට ඇතුල් වීමේ විබාග ලංකාවේ දොස්තරලාට අමාරු නැත. බහුතරයක් සමත් වේ.

    7. රුසියාවේ හෝ වෙනත් රටක ඉගෙන ගෙන පශ්චාත් උපාදි සමත් වූ දොස්තරලා ඕන තරම් ඇත.

    8. PGIM යනු ඉංග්‍රීසි බාශාව සම්බන්ද උපාදි පිරිනමන තැනක් නොවේ. ඈත ගම් පළාත් වලින් ඉංග්‍රීසි අකුරක් වත් නොදන්නා ඉතා දක්ෂ දරුවන් තවමත් වයිද්‍ය විද්‍යාලවලට ඇතුල් වේ. ඔවුන් කෙසේ හෝ ඉංග්‍රීසියෙන් දේශන පැවැත්වීම දක්වා තම දැනුම වර්දනය කර ගනිතී . ඉංග්‍රීසි කතා කරන්න බැරි නම් විදේශ පුහුණුව සදහා අනිවාර්යවන IELTS වල 8.0 ගැනීම නොහැකි වන අතර විශේඥ වයිද්යවරයකු වීමට නොහැකි වේ.

    ඔබගේ ලිපියේ සදහන් වන අනිත් ඒවා ඇහින් දැක්කාස් සහ කනින් ඇහුවාස් ආකාරයේ ඕපදූප වේ. අපි ඒවා විශ්වාස කල යුතුද? ඔබ බොහෝ දුරටපශ්චාත් උපාදියක් කිරීමට ගොස් අසමත් වී එලොවටත් මෙලොවටත් නැතිව ඉන්නා ක්රෝනියෙකු විය හැක. අසාදාරනයක් වුනා නම් නහයෙන් අඩන්නේ නැතුව ගෑණු වගේ ඕපාදූප කියවන්නේ නැතුව මානව හිමිකම් නඩුවක් දාන්න.