Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වෛද්ය වැඩ වර්ජන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සායනික පුහුණුව හෝමාගම රෝහලෙන් දෙන්න හදද්දි ඒකට විරුද්ධ වුණේ වෛද්ය සංගමය.ඒ නිසා තමයි රෝහලක් හැදුවේ.මෙන්න නෙවිල් ප්රනාන්දු මව්බිමට දුන්නු සම්මුඛ සාකච්ඡාව.

“කවුද මේ නෙවිල් ප්රනාන්දු. ඉස්පිරිතාලේ බදු දුන්නද - ණය ගෙව්වද?” • දොස්තර නෙවිල්ගෙන් Mawbima ප්රශ්න කරයි.

••• Interview by Bharatha Prabhashana Thennakoon

නෙවිල් ප්රනාන්දු. 1931 ඉපදුණු නෙවිල් ප්රනාන්දුට දැන් වයස 86යි. හැබැයි එයා හැප්පෙන්නේ අවුරුදු විස්සේ විසි පහේ කොල්ලොත් එක්ක. වයසින් තිස් හතලිස් ගණන් වල ඉන්න බලසම්පන්න වෛද්යවරු ඇතුළු සංවිධානත් එක්ක. මොකද්ද මේ ජවය. කවුද මේ නෙවිල්. අපි හම්බුණා.

1. පොඩි කාලේ ගෙවුණේ කොහොමද?

අපේ තාත්තා රජයේ සේවකයෙක්. ඒ නිසා අවුරුදු දොළහට ඉස්කෝල දහතුනක ඉගෙන ගත්තා. පානදුරේ ශ්රී සුමංගල විද්යාලයේ, අම්බලන්ගොඩ වගේම මහනුවර ධර්මරාජෙත් ටික කාලයක් ඉගෙන ගත්තා. ඊට පස්සේ කොළඹ ආනන්ද විද්යාලයෙන් ලංකා විශ්වවිද්යාලයේ වෛද්ය පීඨයට ඇතුළත් වුණා. 1957 දි වෛද්යවරයෙක් හැටියට පිටවුණා.

ඊට පස්සේ වෛද්යවරයෙක් හැටියට වැඩ කළා. දේශපාලනයට සම්බන්ධ වුණා. ව්යවසායකයෙක් හැටියට විවිධ ක්ෂේත්ර වලට යොමු වුණා.

2. නෙවිල් ප්රනාන්දු කියන්නේ ඒ කාලේ ප්රයිවට් ප්රැක්ටිස් එකේ ප්රසිද්ධ වෛද්යවරයෙක්?

ඒ කාලේ මම තමයි ඒ පළාතේම හිටපු ප්රයිවට් ප්රැක්ටිස් කරපු ලාබාලම වෛද්යවරයා. 1959 ඉ`දලා අවුරුදු විස්සක් මම පානදුරේ මගේ ක්ලිනික් එකේ වැඩ කළා. ඒ කාලේ මගේ ගාස්තුව රුපියල් දෙකයි ශත පණහයි.

3. එතනින් පස්සේ?

හැත්තෑ ගණන් වල මට ආරාධනා කළා එක්සත් ජාතික පක්ෂයත් එක්ක සම්බන්ධ වෙන්න. මම පානදුරේ සංවිධායක වුණා. ඒ කාලේ පානදුරේ කියන්නේ වාමාංශික ආසනයක්. පානදුරේ සංවිධායක හැටියට හිටියේ ලෙස්ලි ගුණවර්ධන. 77 ඡන්දෙදි වාමාංශික අපේක්ෂක ලෙස්ලි ගුණවර්ධනව වැඩි ඡන්ද දහදාහකින් පරද්දලා මම පානදුරේ මන්ත්රී වුණා.

4. වාමාංශික ආසනයක් වුණු පානදුරේ අනිත් පැත්ත පෙරළුවේ කොහොමද?

ඕනම රෑක ඕන වෙලාවක කවුරු හරි ඇවිත් කීවොත් ප්රතිකාරයක් කියලා සල්ලි හම්බුණත් නැතත් මම ගියා. සමහර තැන් වලට ගිහිං වැඩ ඉවර වුණාම කියනවා සල්ලි නෑ කියලා. මම හිස් අතින්ම ආපහු එනවා. මම අවංකවම මිනිස්සුන්ට සේවය කළා. වෛද්යවරයෙක් හැටියට මට ලොකු කීර්තියක් තිබුණා. ඉතිං මම ඡන්දෙට ආපුහාම රතු පාටට තිබුණු පානදුරේ කොළ පාට වුණා.

5. ඡන්දෙට කීයක් වියදං කළාද?

මට මුළු ඡන්දෙටම වියදම් වුණේ රුපියල් විසි පන්දාහයි. මුළු කැන්වසින් එකම ගියේ ඩීසල් බැරල් හතරකින්. මගේ වාහන දෙකකින් මම මුළු ආසනේ පුරාම ගියා. ඒ හැමෝටම වගේ නම කියලා කතා කරන්න පුළුවන් දැන හැ`දුනුම්කමක් මට තිබුණා. පෝස්ටර් කටවුට් ගහලා ඒ කාලේ ඡන්ද දිනන්න බෑ. මිනිස්සුත් එක්ක වැඩ කරන්න ඕනේ. ආසනේ මන්ත්රී ආසනේට වැඩ කළේ නැත්නම් ඊළ`ග ඡන්දෙදි ජනතාව උත්තර දෙනවා.

6. 77 මන්ත්රී වුණාට මන්ත්රීකම වැඩි කාලයක් කරන්න වුණේ නෑ නේද?

77 අපි බලයට ආවේ ධර්මිෂ්ට සමාජයක් හදනවා කියලානේ. ඒත් ටික කාලයක් යනකොට ඒ පොරොන්දු ඉශ්ඨ නොවෙනකොට වෙන වෙන පාරවල් වල යනකොට මම පාර්ලිමේන්තුවේ රණ්ඩු කළා. ඥානම්ට සාරි ගේන්න දුන්නු පර්මිට් එකට කලිසම් රෙදි ගෙනාවම ලොකු දඩයක් ගැහුවා. ආණ්ඩුව මැදිහත් වෙලා ඒවා නිදහස් කළාට පස්සේ මම ඒක ප්රශ්න කළා. ඊට පස්සේ හිටපු ලීගල් ඩ්රාෆ්ට්මන්ව තනතුරෙන් ඉවත් කරන එකට විරුද්ධව මම කතා කළා.

ඊට පස්සේ මැතිණිගේ ප්රජා අයිතිය අහෝසි කරන යෝජනාව ඉදිරිපත් වුණා. ඒ වෙලාවේත් මම විරුද්ධ වුණා. ආණ්ඩු පක්ෂ රැස්වීමේ තිබුණු ඡන්ද විමසීමේදි මම ඡන්දය නොදී හිටියා. මගේ ල`ග හිටපු මන්ත්රීතුමා මගේ අතට තට්ටු කරලා කීවා අත උස්සන්න කියලා. මම මගේ අත ගසා දැම්මා. ජනාධිපති ඡේආර් ජයවර්ධන ඒක දැක්කා. එයා දැනගත්තා මම හරියන මිනිහෙක් නෙවෙයි කියලා.

ඊට පස්සේ එක එක අවවාද කළා. පණිවිඩ එව්වා. මාව අවනත කරගන්න උත්සාහ කළා.

7. එතකොට මන්ත්රීකම අත්හරින්නේ?

අච්චුවේලි වල ගුවන්හමුදා භටයෝ කීප දෙනෙක් ඝාතනය වෙලා කොළඹ ගෙනාවා. මම ඒ වෙලාවේ පානදුරේ රැස්වීමක් තියලා කීවා zඡේආර්ට මේක කරන්න බැරිනම් පුළුවන් කෙනෙකුට දීලා යන්නZ කියලා. මගේ කතාව පත්තරවල ගියා. මේක ගියා zසවුදි අරාබියාZ කියලා පත්තරේක. එතකොට ජනාධිපති ජයවර්ධන හිටියේ සවුදියේ.

ලංකාවට ආපු ගමං කෘත්යාධිකාරී මණ්ඩලය රැස් කරලා මාව පක්ෂෙන් අයින් කළා. මට උසාවි යනවද නැත්නම් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවවකට මුහුණ දෙනවද කියන දෙකෙන් එකක් තෝරා ගන්න වුණා. මම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව තෝරා ගත්තා. ඊට පස්සේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් දැම්මා. ඒකෙන් පස්සේ ඡන්ද විමසීමක් තියන්න තීරණය කළා මට විරුද්ධව.

ජනාධිපති ජයවර්ධනගේ හයෙන් පහේ බලයක් එක්ක ඊට එරෙහිව පාර්ලිමේන්තුව ඇතුලේ ඡන්ද විමසීමකට මුහුණ දෙනවා කියන්නේ විහි`ථවක්. ඒ නිසා ඡන්දය ආරම්භ වෙනකොට මම මගේ ඉල්ලා අස්වීම භාර දීලා ගෙදර ගියා.

8. ඉතිං ඔබ ජේආර් ජයවර්ධන ගැන නොදන්නවා වෙන්න බෑනේ?

මම විතරක් නෙවෙයි හැමෝම දන්නවා ඡේආර් ජයවර්ධන ගැන...

9. එතනින් දේශපාලනේ නතර කළාද?

ඊට පස්සේ මැතිණි මට ආරාධනා කළා ශ්රී ලංකා නිදහස් පක්ෂයට එන්න කියලා. මම ශ්රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ වෙලා ඒකේ උප ලේකම්වරයෙක් වුණා. මගෙත් එක්ක හිටපු අනිත් උප ලේකම් තමයි මහින්ද රාජපක්ෂ. 94 වෙනකල් ශ්රී ලංකා එකේ හිටියා.

10. ජේආර් සහ සිරිමාවෝ කියන නායකයින් දෙන්නා එක්කම ඔබ වැඩ කළා. කවුද වඩාත් සිත්ගත් නායකයා?

මැතිණි. උණුවෙන හිතක් තිබුණ කෙනෙක්. හැමෝටම කන්දීලා හැමෝගෙම දේවල් වලට අවස්ථාවක් දෙනවා.

11. අපි නෙවිල් ප්රනාන්දු කියන ව්යවසායකයා ගැන කතා කළොත්, ඔබ වෛද්යවරයෙක් හැටියට වැඩ කරනකොටම ව්යාපාර වලටත් අත ගැහුවද?

මම මුළින්ම කළේ දේපළ වෙළ`දාම්. ඉඩම් අරගෙන ගෙවල් හදලා විකුණුවා. ඒකෙන් හම්බුණු ලාභ වලින් ලක්ෂ නවය හමාරකට ඛෙන්තොට පටන් ගත්තා තරු පංතියේ සංචාරක හෝටලයක්. අක්කර පහක තිබුණු කාමර 31ක හෝටලයක්.

ඒක දියුණු වීගෙන එනකොට ඒක ලක්ෂ පහළවකට විකුණලා පොල් වත්තක් ගත්තා. හෝටලේ කොටස් අයිතිකාරයින්ට රුපියල් දහයේ කොටසකට රුපියල් පහළව ගාණේ ගෙව්වා. අක්කර හැත්තෑ පහක වත්ත 1972 ගෙනාපු උපරිම ඉඩම් අයිති නීතියෙන් මට අක්කර පණහක් ඉතිරි වෙලා ඉතුරු විසි පහ ආණ්ඩුවට ගත්තා. ඊට පස්සේ මම ඒක විකුණුවා.

ඊට පස්සේ අසූ ගණන් වල අක්කර විසිතුනක ඉඩමක මම පෝසිලීන් ෆැක්ටරියක් පටන් ගත්තා. හැම තැනම තිබුණේ වෙන වෙනම වැඩ කරන පෝසිලීන් ෆැක්ටරි. මම පටන්ගත්තා එකම තැනක හැම දේම කරන එකක්. ඒකේ පළවෙනි පෝසිලීන් තොගය එක්ස්පෝර්ට් කරාට පස්සේ මගේ කොටස මගේ හවුල්කාරයාට විකුණුවා. මම පටන් ගත්තා ඇඩ්වර්ටයිසින්, ප්රින්ටින් කරන්න පු`ථවන් සියලූම පහසුකම් තියන මුද්රණාලයක්. දැන් ඒකේ ශාඛා කීපයක් ලෝකේ රටවල් කීපයක තියනවා.

ඒ වෙනකොට කඩා වැටිලා තිබුණු ආශා සෙන්ට්රල් රෝහල මම ගත්තා. ඒක මම දියුණු කළා. 1998 දි පටන් ගත්ත ආශා සෙන්ට්රල් එක මිලියන එක්දාස් හයසීයකට විකුණලා සයිටම් එක පටන් ගත්තා.

12. ඇයි ව්යාපාර හද හද විකුණන්නේ?

මම කැමතියි අලුත් අභියෝග භාරගන්න.

13. ඔබ ජීවිතේ එක එක වෙලාවේ මහ අමුතු විදිහට දේවල් අත්හැරීම් කරලා තියනවා?

ඔව්. පටන් ගන්නවා. දියුණු කරනවා. අත්හරිනවා. තව පියවරක් ඉස්සරහට තියනවා. මගේ ජීවිත කාලේ ගොඩක් දේවල් කරන්න පු`ථවන් වුණේ ඒක නිසා. එකම දෙයක් අල්ලගෙන හිටියානම් මේ කිසි දෙයක් කරන්න වෙන්නෑ. කාට වුණත් ඒක පොදුයි. ඉස්සරහට ගියේ බදාගෙන හිටපු මිනිස්සු නෙවෙයි, අත්හැරපු මිනිස්සු.

14. ලංකාවේ හා හා පුරා කියලා පටන් ගත්ත පුද්ගලික වෛද්ය විද්යාලයත් අන්තිමේට රජයට ගත්තා. එහෙම තියෙද්දිත් ඇයි ඒ වගේ එකකටම අත ගැහුවේ?

මගේ පවුලේ ඉන්නවා දොස්තරලා පහළවක් විතර. තව ඉංජිනේරුවෝ පහක් හයක්. ඒ හැමෝම ඉගෙන ගත්ත අය. අපේ දෙමව්පියෝ අපිට හො`දට ඉගැන්නුවා. ඉතිං මට ඕන වුණා අපි ලබා ගත්ත අධ්යාපනය තව කෙනෙකුට දෙන්න. මට එහෙම උවමනාවක් තියනකොට තමයි විශ්වා වර්ණපාල ඇමතිතුමා ආරාධනා කළේ ලංකාවේ ව්යවසායකයින්ට පුද්ගලික අධ්යාපන ආයතන පටන් ගන්න එන්න කියලා.

15. සයිටම් කියන්නේ සල්ලි ගරන උපාධි කඩයක් නේද?

දැනටත් සයිටම් එකේ ඉගෙන ගන්න ළමයින්ගෙන් සීයට තිහක් ඉන්නේ ශිෂ්යත්වලාභීන්. මේ වෙනකොට මම දීලා තියනවා මිලියන 550ක් වටිනා ශිෂ්යත්ව. ඉගෙන ගන්න කැමති දක්ෂ ළමයින්ට ඒ උවමනාව ඉශ්ඨ කරගන්න උදව් කරනවා. මට සල්ලි වැඩක් නෑ. ආශා සෙන්ට්රල් එක විකුණලා ඒ මිලියන 1600 බැංකු පොතක දැම්මාත් මට හො`දට ජීවත් වෙන්න පුළුවන්. මගේ දරුවෝ, මුණුපුරෝ මිණිබිරියෝ හො`දට ඉගෙන ගත්ත අය. ඒ අයට මේ සයිටම් එකෙන් සල්ලි හොයගෙන ජීවත් වෙන්න උවමනා නෑ.

16. සයිටම් එකට දැන් මොකද වෙන්නේ?

මේ වෙනකොට වෛද්ය උපාධිදාරීන් අනූවක් විතර පිට වෙලා තියනවා. ඊට අමතරව ඉංජිනේරු උපාධිදාරීන් හාරසීයක් පමණ පිටවුණා. ලෝකේ පුරා එයාලා දැන් වැඩ කරනවා. තවත් ළමයි ඉගෙන ගන්නවා. එයාලාත් උපාධිදාරීන් හැටියට පිටවෙයි.

අද වෙනකොට සයිටම් කියන්නේ ඉතාම ශක්තිමත් විශ්වවිද්යාලයක්. මගේ රෝහල ප්රදානය කිරීමේ උත්සවයේ දී ගරු සෞඛ්ය ඇමතිතුමා යෝජනා කළා වෛද්ය පීඨයට ළමයි දෙසීයක් ගන්න අවශ්ය වැඩ කටයුතු කරන්න කියලා. ඊට පස්සේ පන්සීයක් දක්වා වැඩි කරන්න අවශ්ය පියවර ගන්න කියලා එතුමා කීවා. මම බලාපොරොත්තුවෙනවා ඇමතිතුමා යෝජනා කරපු ඉලක්කයට යන්න. ක්රමයෙන් සිසුන් සංඛ්යාව පන්සීය දක්වා වැඩි කරන්න. පළවෙනි අදියර විදිහට වෛද්ය පීඨයට සිසුන් දෙසීයක් සහ ඉංජිනේරු පීඨයට සිසුන් දෙසීයක් බදවාගෙන ඔවුන්ට හො`ද අධ්යාපනයක් ලබා දෙන්න මම සැලසුම් කරගෙන යනවා.

17. ඇයි තමන්ගේ සල්ලි වලින් හදපු රෝහල රජයට දුන්නේ?

මම කීවා මම ඒක පරිත්යාග කරන්නම් කියලා.

මම ඔය රෝහල පටන් ගත්තේ අපේ ළමයින්ට හෝමාගම රෝහලේදි සායනික පුහුණුව දෙන්න රජයේ වෛද්යවරු විරුද්ධ වෙලා එළවාගත්තට පස්සේ. ඒ ළමයින්ට ඉගෙන ගන්න තැනක් ඕනේ. තව ගොඩක් අයට සේවයක් කරන්න පුළුවන්. මම ඉංජිනේරු පීඨය පටන්ගන්න හිතාගෙන පටන්ගත්ත ගොඩනැගිල්ල රෝහලක් කළා.

ලංකාවේ ලොකුම පුද්ගලික රෝහල තමයි ඇ`දන් 1002ක් තියන නෙවිල් ප්රනාන්දු ශික්ෂණ රෝහල. සාමාන්ය වාට්ටු, නවීන පහසුකම් වලින් සමන්විත කාමර, රසායනාගාර, ශල්යාගාර වගේ හැම දේකින්ම අංගසම්පූර් රෝහලක්.

18. ඒ කියන්නේ අහම්බයක් වගේ ජීවිතේ පළවෙනි වතාවට අලූත් රෝහලකුත් හැදුවා?

මම මුළින්ම රෝහලක් හැදුවේ 77 පානදුරේ. කේතුමතී කාන්තා රෝහල. හැබැයි, දැන් සති කීපෙකට කළිං මම පානදුරේ යනකොට ඒ රෝහලේ මට විරුද්ධවම කලූ කොඩි උස්සලා බැනර් එල්ලලා. මම එතන හිටපු අයට ඉතිහාසේ කියලා දීලා ඒවා ගලවලා දාලා ආවා.

කොළඹින් පිට අදටත් තියන එකම කාන්තා රෝහල. අදටත් ලංකාවේ තියන ඉහළම පහසුකම් සහිත රෝහලක් ඒක. ඒ ගොඩනැගිලි රජයට ප්රදානය කරලා තිබුණට වැඩක් අරගෙන තිබුණේ නෑ. මම කීවා මම මන්ත්රී වුණාම මේ ගොඩනැගිල්ලේ පූර්ණ පහසුකම් සහිත මාතෘ රෝහලක් හදනවා කියලා. ඉතිං මම ඒ ඡන්ද පොරොන්දුව අනුව ඒ රෝහල හැදුවා. ඒ වෙලාවේ සමහරු යෝජනා කළා ඒ රෝහලට මගේ නම දාන්න කියලා. මම කීවා අනුන්ගේ දේපල වල, අනුන්ගේ සල්ලි වලින් හදපු රෝහල් වලට මගේ නම දාන්නේ නෑ- ඒත් කවදා හරි මගේ සල්ලි වලින් හදපු රෝහලකට මගේ නම දානවා කියලා. මම මගේ වියකමින් හදපු රෝහලට නෙවිල් ප්රනාන්දු ශික්ෂණ රෝහල කියලා නම දැම්මේ ඒ නිසා.

19. දැන් ගොඩක් අය ප්රශ්න කරනවා නෙවිල් ප්රනාන්දු ශික්ෂණ රෝහල වෙනුවෙන් ගත්ත ණය ගෙවන්නේ කවුද කියන එක. ?

මම. සම්පූර්ණයෙන්ම මගේ ණය ගෙවන්නේ මම. මම ණය ගන්න බැංකුවට ගිය වෙලාවේ බැංකුව මගෙන් ඇහුවා, මගෙන් පස්සේ කවුද මේ වැඩ කරන්නේ කියලා. මගේ මිනිබිරීට ඒ හැම දේකම වගකීම පවරලා තියෙන්නේ. අපි ගත්ත හැම සතයක්ම වෙලාවට ගෙවලා ඉවර කරනවා.

20. රෝහලයි සයිටම් ප්රශ්නෙයි කියන්නේ දෙකක්. දැන් සයිටම් එකට මොකද වෙන්නේ?

සයිටම් එක ඉස්සරහට යනවා. රෝහල තමයි සායනික පුහුණුවට හැදුවේ. රෝහලයි සයිටම් එකයි කියන්නේ එකිනෙකට බැ`දුණු එකක්. සයිටම් එකට තමයි රෝහල අයිති වෙලා තිබුණේ. රෝහල රජයට පැවරුවට පස්සේ, රෝගීන් වැඩි වෙනවා. අද සල්ලි ගෙවන රෝහලක් නිසා රෝගීන් එනවා අඩුයි. රජයේ රෝහලක් හැටියට නොමිලේ සේවය සපයනකොට ගොඩක් රෝගීන්ට නොමිලේ ප්රතිකාර ලබන්න පුළුවන්. ඒක නිදහස් සෞඛ්යයටත් විශාල ශක්තියක්.

ඒ වගේම, අධිවේගී මාර්ග පද්ධතිය දියුණු වෙනකොට අධිවේගී මාර්ගවලින් කොළඹට එන ගිලන්රථ වලට පුළුවන් විනාඩි කීපයකින් මගේ රෝහලට එන්න. දැන් තියන විදිහට කොළඹට යන්න වැඩි වෙලාවක් යනවා. මේ රෝහලෙන් ඒ ප්රශ්නේ විසෙ`දනවා. ඒ නිසා රජය බලාපොරොත්තු වෙන්නේ ඒ අරමුණු මුල් කරගෙන මේ රෝහලක් හැටියට පවත්වාගෙන යන්න.

21. රෝහල රජයට පවරා දීමට එකග වුණා කියන්නේ, ඔබ ටිකක් බය වෙලා අඩියක් පස්සට ගත්තා නෙවෙයිද?

නෑ. මම කවදාවත් අඩියක් පස්සට තියලා නෑ. මම අඩියක් ඉස්සරහට තිබ්බා. මම මේ දුන්නේ ධානයක්. අපේ පවුල්වල අවුරුදු සිය ගාණක් තිස්සේ ධාන දීලා තියනවා. අපි ධානයක් දුන්නට පස්සේ දුක් වෙන්නේ පසු තැවෙන්නේ නෑ. සන්තෝස වෙනවා. ඒ නිසා මම මේ ලොකූ ධානේ දීලා ගොඩක් සතුටු වෙනවා.

22. සයිටම් කියන්නේ වෛද්ය විද්යාලයක් විතරක් නෙවෙයි. ඔබ හිතන්නේ ඇයි මේ වෛද්ය උපාධියට විතරක් විරෝධතා?

ඒක තමයි රජයේ වෛද්ය නිළධාරීන්ගේ සංගමයේ තියන කුහකකම. එයාලා බයයි වෛද්යවරු වැඩි වැඩියෙන් වෛද්ය වෘත්තියට ඇවිත් එයාලගේ ප්රයිවට් ප්රැක්ටිස් එකට පාර වදියි කියලා. ඒක නොකියා වෙන එක එක හේතු කියනවා.

23. ඔබ ඉගෙන ගත්ත පාසලක් වුණු මහනුවර ධර්මරාජෙම ආදි ශිෂ්යයෙක් තමයි අන්තරේ මෙහෙයවන ලහිරු වීරසේකරත්...?

ඒක හරි අපූරුයි. එක එක්කෙනාගේ දේශපාලන වැඩ වලට ඒ ළමයි උසිගන්නලා තියෙන්නේ.

(ලහිරුලාට කදුළුගෑස් ගහන පොලීසියභාර පූජිත ජයසුන්දර මහත්තයාත් වගේම බන්ධනාගාරේ ලොක්කෝ කීප දෙනෙක්මත් ඒ ඉස්කෝලෙම ආදිශිෂ්යයෝ තමයි. ඒක හරි අපූරුයි තමයි)

24. ලංකාවේ අධ්යාපන ක්රමය ගැන මොකද්ද අදහස?

අපිට මහ විශාල කර්මාන්ත පටන් ගන්න, නිෂ්පාදන සිදු කරන්න සම්පත් නෑ. තියන සීමිත සම්පත් වලින් ගොඩක් දේවල් කරන්න බෑ. එහෙමනම් අපි කරන්න ඕනේ මොලේ විකුණන එක. අපේ ළමයින්ට දැනුම දීලා, ඒ වෙනුවෙන් ආයෝජනය කරලා ඒ දැනුමෙන් අපිට පුළුවන් රට දියුණු කරන්න. මේකට පුද්ගලික අංශය, රජය වගේම පුද්ගලික-රාජ්ය මැදිහත්වීමෙන් දේවල් කරන්න ඕනේ.

25. දැන් ඉතිං ඊළ`ගට මොකද්ද කරන්නේ?

තව අලුත් වැඩක් පටන් ගන්නවා. ඒක දැන්ම කියන්න කාලේ වැඩියි. බාගයක් ප්ලෑන් කරලා තියෙන්නේ. ඉතුරු බාගේ මගේ හිතේ තියනවා. ඒකත් කොහොම හරි කරනවා.

26. සාමාන්යයෙන් මිනිස්සු අවුරුදු 55-60 වෙනකොට විශ්රාම යනවා. දැන් ඔබට වයස 86ක්?

එහෙම හිතන නිසාම තමයි මේ රටවල් පස්සට යන්නේ. අලුතෙන් දේවල් හිතන්නැතුව ඉන්නකොට මොළේ මලකඩ කනවා. මොන අභියෝග ආවත්, මම ජීවිතේ අවසන් මොහොත වෙනකල්ම අලූත් දේවල් කරනවා.

[QUOTE="ncbrando, post: 21992022, member: 498330"] සායනික පුහුණුව හෝමාගම රෝහලෙන් දෙන්න හදද්දි ඒකට විරුද්ධ වුණේ වෛද්ය සංගමය.ඒ නිසා තමයි රෝහලක් හැදුවේ.මෙන්න නෙවිල් ප්රනාන්දු මව්බිමට දුන්නු සම්මුඛ සාකච්ඡාව. “කවුද මේ නෙවිල් ප්රනාන්දු. ඉස්පිරිතාලේ බදු දුන්නද - ණය ගෙව්වද?” • දොස්තර නෙවිල්ගෙන් Mawbima ප්රශ්න කරයි. ••• Interview by Bharatha Prabhashana Thennakoon නෙවිල් ප්රනාන්දු. 1931 ඉපදුණු නෙවිල් ප්රනාන්දුට දැන් වයස 86යි. හැබැයි එයා හැප්පෙන්නේ අවුරුදු විස්සේ විසි පහේ කොල්ලොත් එක්ක. වයසින් තිස් හතලිස් ගණන් වල ඉන්න බලසම්පන්න වෛද්යවරු ඇතුළු සංවිධානත් එක්ක. මොකද්ද මේ ජවය. කවුද මේ නෙවිල්. අපි හම්බුණා. 1. පොඩි කාලේ ගෙවුණේ කොහොමද? අපේ තාත්තා රජයේ සේවකයෙක්. ඒ නිසා අවුරුදු දොළහට ඉස්කෝල දහතුනක ඉගෙන ගත්තා. පානදුරේ ශ්රී සුමංගල විද්යාලයේ, අම්බලන්ගොඩ වගේම මහනුවර ධර්මරාජෙත් ටික කාලයක් ඉගෙන ගත්තා. ඊට පස්සේ කොළඹ ආනන්ද විද්යාලයෙන් ලංකා විශ්වවිද්යාලයේ වෛද්ය පීඨයට ඇතුළත් වුණා. 1957 දි වෛද්යවරයෙක් හැටියට පිටවුණා. ඊට පස්සේ වෛද්යවරයෙක් හැටියට වැඩ කළා. දේශපාලනයට සම්බන්ධ වුණා. ව්යවසායකයෙක් හැටියට විවිධ ක්ෂේත්ර වලට යොමු වුණා. 2. නෙවිල් ප්රනාන්දු කියන්නේ ඒ කාලේ ප්රයිවට් ප්රැක්ටිස් එකේ ප්රසිද්ධ වෛද්යවරයෙක්? ඒ කාලේ මම තමයි ඒ පළාතේම හිටපු ප්රයිවට් ප්රැක්ටිස් කරපු ලාබාලම වෛද්යවරයා. 1959 ඉ`දලා අවුරුදු විස්සක් මම පානදුරේ මගේ ක්ලිනික් එකේ වැඩ කළා. ඒ කාලේ මගේ ගාස්තුව රුපියල් දෙකයි ශත පණහයි. 3. එතනින් පස්සේ? හැත්තෑ ගණන් වල මට ආරාධනා කළා එක්සත් ජාතික පක්ෂයත් එක්ක සම්බන්ධ වෙන්න. මම පානදුරේ සංවිධායක වුණා. ඒ කාලේ පානදුරේ කියන්නේ වාමාංශික ආසනයක්. පානදුරේ සංවිධායක හැටියට හිටියේ ලෙස්ලි ගුණවර්ධන. 77 ඡන්දෙදි වාමාංශික අපේක්ෂක ලෙස්ලි ගුණවර්ධනව වැඩි ඡන්ද දහදාහකින් පරද්දලා මම පානදුරේ මන්ත්රී වුණා. 4. වාමාංශික ආසනයක් වුණු පානදුරේ අනිත් පැත්ත පෙරළුවේ කොහොමද? ඕනම රෑක ඕන වෙලාවක කවුරු හරි ඇවිත් කීවොත් ප්රතිකාරයක් කියලා සල්ලි හම්බුණත් නැතත් මම ගියා. සමහර තැන් වලට ගිහිං වැඩ ඉවර වුණාම කියනවා සල්ලි නෑ කියලා. මම හිස් අතින්ම ආපහු එනවා. මම අවංකවම මිනිස්සුන්ට සේවය කළා. වෛද්යවරයෙක් හැටියට මට ලොකු කීර්තියක් තිබුණා. ඉතිං මම ඡන්දෙට ආපුහාම රතු පාටට තිබුණු පානදුරේ කොළ පාට වුණා. 5. ඡන්දෙට කීයක් වියදං කළාද? මට මුළු ඡන්දෙටම වියදම් වුණේ රුපියල් විසි පන්දාහයි. මුළු කැන්වසින් එකම ගියේ ඩීසල් බැරල් හතරකින්. මගේ වාහන දෙකකින් මම මුළු ආසනේ පුරාම ගියා. ඒ හැමෝටම වගේ නම කියලා කතා කරන්න පුළුවන් දැන හැ`දුනුම්කමක් මට තිබුණා. පෝස්ටර් කටවුට් ගහලා ඒ කාලේ ඡන්ද දිනන්න බෑ. මිනිස්සුත් එක්ක වැඩ කරන්න ඕනේ. ආසනේ මන්ත්රී ආසනේට වැඩ කළේ නැත්නම් ඊළ`ග ඡන්දෙදි ජනතාව උත්තර දෙනවා. 6. 77 මන්ත්රී වුණාට මන්ත්රීකම වැඩි කාලයක් කරන්න වුණේ නෑ නේද? 77 අපි බලයට ආවේ ධර්මිෂ්ට සමාජයක් හදනවා කියලානේ. ඒත් ටික කාලයක් යනකොට ඒ පොරොන්දු ඉශ්ඨ නොවෙනකොට වෙන වෙන පාරවල් වල යනකොට මම පාර්ලිමේන්තුවේ රණ්ඩු කළා. ඥානම්ට සාරි ගේන්න දුන්නු පර්මිට් එකට කලිසම් රෙදි ගෙනාවම ලොකු දඩයක් ගැහුවා. ආණ්ඩුව මැදිහත් වෙලා ඒවා නිදහස් කළාට පස්සේ මම ඒක ප්රශ්න කළා. ඊට පස්සේ හිටපු ලීගල් ඩ්රාෆ්ට්මන්ව තනතුරෙන් ඉවත් කරන එකට විරුද්ධව මම කතා කළා. ඊට පස්සේ මැතිණිගේ ප්රජා අයිතිය අහෝසි කරන යෝජනාව ඉදිරිපත් වුණා. ඒ වෙලාවේත් මම විරුද්ධ වුණා. ආණ්ඩු පක්ෂ රැස්වීමේ තිබුණු ඡන්ද විමසීමේදි මම ඡන්දය නොදී හිටියා. මගේ ල`ග හිටපු මන්ත්රීතුමා මගේ අතට තට්ටු කරලා කීවා අත උස්සන්න කියලා. මම මගේ අත ගසා දැම්මා. ජනාධිපති ඡේආර් ජයවර්ධන ඒක දැක්කා. එයා දැනගත්තා මම හරියන මිනිහෙක් නෙවෙයි කියලා. ඊට පස්සේ එක එක අවවාද කළා. පණිවිඩ එව්වා. මාව අවනත කරගන්න උත්සාහ කළා. 7. එතකොට මන්ත්රීකම අත්හරින්නේ? අච්චුවේලි වල ගුවන්හමුදා භටයෝ කීප දෙනෙක් ඝාතනය වෙලා කොළඹ ගෙනාවා. මම ඒ වෙලාවේ පානදුරේ රැස්වීමක් තියලා කීවා zඡේආර්ට මේක කරන්න බැරිනම් පුළුවන් කෙනෙකුට දීලා යන්නZ කියලා. මගේ කතාව පත්තරවල ගියා. මේක ගියා zසවුදි අරාබියාZ කියලා පත්තරේක. එතකොට ජනාධිපති ජයවර්ධන හිටියේ සවුදියේ. ලංකාවට ආපු ගමං කෘත්යාධිකාරී මණ්ඩලය රැස් කරලා මාව පක්ෂෙන් අයින් කළා. මට උසාවි යනවද නැත්නම් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවවකට මුහුණ දෙනවද කියන දෙකෙන් එකක් තෝරා ගන්න වුණා. මම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව තෝරා ගත්තා. ඊට පස්සේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් දැම්මා. ඒකෙන් පස්සේ ඡන්ද විමසීමක් තියන්න තීරණය කළා මට විරුද්ධව. ජනාධිපති ජයවර්ධනගේ හයෙන් පහේ බලයක් එක්ක ඊට එරෙහිව පාර්ලිමේන්තුව ඇතුලේ ඡන්ද විමසීමකට මුහුණ දෙනවා කියන්නේ විහි`ථවක්. ඒ නිසා ඡන්දය ආරම්භ වෙනකොට මම මගේ ඉල්ලා අස්වීම භාර දීලා ගෙදර ගියා. 8. ඉතිං ඔබ ජේආර් ජයවර්ධන ගැන නොදන්නවා වෙන්න බෑනේ? මම විතරක් නෙවෙයි හැමෝම දන්නවා ඡේආර් ජයවර්ධන ගැන... 9. එතනින් දේශපාලනේ නතර කළාද? ඊට පස්සේ මැතිණි මට ආරාධනා කළා ශ්රී ලංකා නිදහස් පක්ෂයට එන්න කියලා. මම ශ්රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ වෙලා ඒකේ උප ලේකම්වරයෙක් වුණා. මගෙත් එක්ක හිටපු අනිත් උප ලේකම් තමයි මහින්ද රාජපක්ෂ. 94 වෙනකල් ශ්රී ලංකා එකේ හිටියා. 10. ජේආර් සහ සිරිමාවෝ කියන නායකයින් දෙන්නා එක්කම ඔබ වැඩ කළා. කවුද වඩාත් සිත්ගත් නායකයා? මැතිණි. උණුවෙන හිතක් තිබුණ කෙනෙක්. හැමෝටම කන්දීලා හැමෝගෙම දේවල් වලට අවස්ථාවක් දෙනවා. 11. අපි නෙවිල් ප්රනාන්දු කියන ව්යවසායකයා ගැන කතා කළොත්, ඔබ වෛද්යවරයෙක් හැටියට වැඩ කරනකොටම ව්යාපාර වලටත් අත ගැහුවද? මම මුළින්ම කළේ දේපළ වෙළ`දාම්. ඉඩම් අරගෙන ගෙවල් හදලා විකුණුවා. ඒකෙන් හම්බුණු ලාභ වලින් ලක්ෂ නවය හමාරකට ඛෙන්තොට පටන් ගත්තා තරු පංතියේ සංචාරක හෝටලයක්. අක්කර පහක තිබුණු කාමර 31ක හෝටලයක්. ඒක දියුණු වීගෙන එනකොට ඒක ලක්ෂ පහළවකට විකුණලා පොල් වත්තක් ගත්තා. හෝටලේ කොටස් අයිතිකාරයින්ට රුපියල් දහයේ කොටසකට රුපියල් පහළව ගාණේ ගෙව්වා. අක්කර හැත්තෑ පහක වත්ත 1972 ගෙනාපු උපරිම ඉඩම් අයිති නීතියෙන් මට අක්කර පණහක් ඉතිරි වෙලා ඉතුරු විසි පහ ආණ්ඩුවට ගත්තා. ඊට පස්සේ මම ඒක විකුණුවා. ඊට පස්සේ අසූ ගණන් වල අක්කර විසිතුනක ඉඩමක මම පෝසිලීන් ෆැක්ටරියක් පටන් ගත්තා. හැම තැනම තිබුණේ වෙන වෙනම වැඩ කරන පෝසිලීන් ෆැක්ටරි. මම පටන්ගත්තා එකම තැනක හැම දේම කරන එකක්. ඒකේ පළවෙනි පෝසිලීන් තොගය එක්ස්පෝර්ට් කරාට පස්සේ මගේ කොටස මගේ හවුල්කාරයාට විකුණුවා. මම පටන් ගත්තා ඇඩ්වර්ටයිසින්, ප්රින්ටින් කරන්න පු`ථවන් සියලූම පහසුකම් තියන මුද්රණාලයක්. දැන් ඒකේ ශාඛා කීපයක් ලෝකේ රටවල් කීපයක තියනවා. ඒ වෙනකොට කඩා වැටිලා තිබුණු ආශා සෙන්ට්රල් රෝහල මම ගත්තා. ඒක මම දියුණු කළා. 1998 දි පටන් ගත්ත ආශා සෙන්ට්රල් එක මිලියන එක්දාස් හයසීයකට විකුණලා සයිටම් එක පටන් ගත්තා. 12. ඇයි ව්යාපාර හද හද විකුණන්නේ? මම කැමතියි අලුත් අභියෝග භාරගන්න. 13. ඔබ ජීවිතේ එක එක වෙලාවේ මහ අමුතු විදිහට දේවල් අත්හැරීම් කරලා තියනවා? ඔව්. පටන් ගන්නවා. දියුණු කරනවා. අත්හරිනවා. තව පියවරක් ඉස්සරහට තියනවා. මගේ ජීවිත කාලේ ගොඩක් දේවල් කරන්න පු`ථවන් වුණේ ඒක නිසා. එකම දෙයක් අල්ලගෙන හිටියානම් මේ කිසි දෙයක් කරන්න වෙන්නෑ. කාට වුණත් ඒක පොදුයි. ඉස්සරහට ගියේ බදාගෙන හිටපු මිනිස්සු නෙවෙයි, අත්හැරපු මිනිස්සු. 14. ලංකාවේ හා හා පුරා කියලා පටන් ගත්ත පුද්ගලික වෛද්ය විද්යාලයත් අන්තිමේට රජයට ගත්තා. එහෙම තියෙද්දිත් ඇයි ඒ වගේ එකකටම අත ගැහුවේ? මගේ පවුලේ ඉන්නවා දොස්තරලා පහළවක් විතර. තව ඉංජිනේරුවෝ පහක් හයක්. ඒ හැමෝම ඉගෙන ගත්ත අය. අපේ දෙමව්පියෝ අපිට හො`දට ඉගැන්නුවා. ඉතිං මට ඕන වුණා අපි ලබා ගත්ත අධ්යාපනය තව කෙනෙකුට දෙන්න. මට එහෙම උවමනාවක් තියනකොට තමයි විශ්වා වර්ණපාල ඇමතිතුමා ආරාධනා කළේ ලංකාවේ ව්යවසායකයින්ට පුද්ගලික අධ්යාපන ආයතන පටන් ගන්න එන්න කියලා. 15. සයිටම් කියන්නේ සල්ලි ගරන උපාධි කඩයක් නේද? දැනටත් සයිටම් එකේ ඉගෙන ගන්න ළමයින්ගෙන් සීයට තිහක් ඉන්නේ ශිෂ්යත්වලාභීන්. මේ වෙනකොට මම දීලා තියනවා මිලියන 550ක් වටිනා ශිෂ්යත්ව. ඉගෙන ගන්න කැමති දක්ෂ ළමයින්ට ඒ උවමනාව ඉශ්ඨ කරගන්න උදව් කරනවා. මට සල්ලි වැඩක් නෑ. ආශා සෙන්ට්රල් එක විකුණලා ඒ මිලියන 1600 බැංකු පොතක දැම්මාත් මට හො`දට ජීවත් වෙන්න පුළුවන්. මගේ දරුවෝ, මුණුපුරෝ මිණිබිරියෝ හො`දට ඉගෙන ගත්ත අය. ඒ අයට මේ සයිටම් එකෙන් සල්ලි හොයගෙන ජීවත් වෙන්න උවමනා නෑ. 16. සයිටම් එකට දැන් මොකද වෙන්නේ? මේ වෙනකොට වෛද්ය උපාධිදාරීන් අනූවක් විතර පිට වෙලා තියනවා. ඊට අමතරව ඉංජිනේරු උපාධිදාරීන් හාරසීයක් පමණ පිටවුණා. ලෝකේ පුරා එයාලා දැන් වැඩ කරනවා. තවත් ළමයි ඉගෙන ගන්නවා. එයාලාත් උපාධිදාරීන් හැටියට පිටවෙයි. අද වෙනකොට සයිටම් කියන්නේ ඉතාම ශක්තිමත් විශ්වවිද්යාලයක්. මගේ රෝහල ප්රදානය කිරීමේ උත්සවයේ දී ගරු සෞඛ්ය ඇමතිතුමා යෝජනා කළා වෛද්ය පීඨයට ළමයි දෙසීයක් ගන්න අවශ්ය වැඩ කටයුතු කරන්න කියලා. ඊට පස්සේ පන්සීයක් දක්වා වැඩි කරන්න අවශ්ය පියවර ගන්න කියලා එතුමා කීවා. මම බලාපොරොත්තුවෙනවා ඇමතිතුමා යෝජනා කරපු ඉලක්කයට යන්න. ක්රමයෙන් සිසුන් සංඛ්යාව පන්සීය දක්වා වැඩි කරන්න. පළවෙනි අදියර විදිහට වෛද්ය පීඨයට සිසුන් දෙසීයක් සහ ඉංජිනේරු පීඨයට සිසුන් දෙසීයක් බදවාගෙන ඔවුන්ට හො`ද අධ්යාපනයක් ලබා දෙන්න මම සැලසුම් කරගෙන යනවා. 17. ඇයි තමන්ගේ සල්ලි වලින් හදපු රෝහල රජයට දුන්නේ? මම කීවා මම ඒක පරිත්යාග කරන්නම් කියලා. මම ඔය රෝහල පටන් ගත්තේ අපේ ළමයින්ට හෝමාගම රෝහලේදි සායනික පුහුණුව දෙන්න රජයේ වෛද්යවරු විරුද්ධ වෙලා එළවාගත්තට පස්සේ. ඒ ළමයින්ට ඉගෙන ගන්න තැනක් ඕනේ. තව ගොඩක් අයට සේවයක් කරන්න පුළුවන්. මම ඉංජිනේරු පීඨය පටන්ගන්න හිතාගෙන පටන්ගත්ත ගොඩනැගිල්ල රෝහලක් කළා. ලංකාවේ ලොකුම පුද්ගලික රෝහල තමයි ඇ`දන් 1002ක් තියන නෙවිල් ප්රනාන්දු ශික්ෂණ රෝහල. සාමාන්ය වාට්ටු, නවීන පහසුකම් වලින් සමන්විත කාමර, රසායනාගාර, ශල්යාගාර වගේ හැම දේකින්ම අංගසම්පූර් රෝහලක්. 18. ඒ කියන්නේ අහම්බයක් වගේ ජීවිතේ පළවෙනි වතාවට අලූත් රෝහලකුත් හැදුවා? මම මුළින්ම රෝහලක් හැදුවේ 77 පානදුරේ. කේතුමතී කාන්තා රෝහල. හැබැයි, දැන් සති කීපෙකට කළිං මම පානදුරේ යනකොට ඒ රෝහලේ මට විරුද්ධවම කලූ කොඩි උස්සලා බැනර් එල්ලලා. මම එතන හිටපු අයට ඉතිහාසේ කියලා දීලා ඒවා ගලවලා දාලා ආවා. කොළඹින් පිට අදටත් තියන එකම කාන්තා රෝහල. අදටත් ලංකාවේ තියන ඉහළම පහසුකම් සහිත රෝහලක් ඒක. ඒ ගොඩනැගිලි රජයට ප්රදානය කරලා තිබුණට වැඩක් අරගෙන තිබුණේ නෑ. මම කීවා මම මන්ත්රී වුණාම මේ ගොඩනැගිල්ලේ පූර්ණ පහසුකම් සහිත මාතෘ රෝහලක් හදනවා කියලා. ඉතිං මම ඒ ඡන්ද පොරොන්දුව අනුව ඒ රෝහල හැදුවා. ඒ වෙලාවේ සමහරු යෝජනා කළා ඒ රෝහලට මගේ නම දාන්න කියලා. මම කීවා අනුන්ගේ දේපල වල, අනුන්ගේ සල්ලි වලින් හදපු රෝහල් වලට මගේ නම දාන්නේ නෑ- ඒත් කවදා හරි මගේ සල්ලි වලින් හදපු රෝහලකට මගේ නම දානවා කියලා. මම මගේ වියකමින් හදපු රෝහලට නෙවිල් ප්රනාන්දු ශික්ෂණ රෝහල කියලා නම දැම්මේ ඒ නිසා. 19. දැන් ගොඩක් අය ප්රශ්න කරනවා නෙවිල් ප්රනාන්දු ශික්ෂණ රෝහල වෙනුවෙන් ගත්ත ණය ගෙවන්නේ කවුද කියන එක. ? මම. සම්පූර්ණයෙන්ම මගේ ණය ගෙවන්නේ මම. මම ණය ගන්න බැංකුවට ගිය වෙලාවේ බැංකුව මගෙන් ඇහුවා, මගෙන් පස්සේ කවුද මේ වැඩ කරන්නේ කියලා. මගේ මිනිබිරීට ඒ හැම දේකම වගකීම පවරලා තියෙන්නේ. අපි ගත්ත හැම සතයක්ම වෙලාවට ගෙවලා ඉවර කරනවා. 20. රෝහලයි සයිටම් ප්රශ්නෙයි කියන්නේ දෙකක්. දැන් සයිටම් එකට මොකද වෙන්නේ? සයිටම් එක ඉස්සරහට යනවා. රෝහල තමයි සායනික පුහුණුවට හැදුවේ. රෝහලයි සයිටම් එකයි කියන්නේ එකිනෙකට බැ`දුණු එකක්. සයිටම් එකට තමයි රෝහල අයිති වෙලා තිබුණේ. රෝහල රජයට පැවරුවට පස්සේ, රෝගීන් වැඩි වෙනවා. අද සල්ලි ගෙවන රෝහලක් නිසා රෝගීන් එනවා අඩුයි. රජයේ රෝහලක් හැටියට නොමිලේ සේවය සපයනකොට ගොඩක් රෝගීන්ට නොමිලේ ප්රතිකාර ලබන්න පුළුවන්. ඒක නිදහස් සෞඛ්යයටත් විශාල ශක්තියක්. ඒ වගේම, අධිවේගී මාර්ග පද්ධතිය දියුණු වෙනකොට අධිවේගී මාර්ගවලින් කොළඹට එන ගිලන්රථ වලට පුළුවන් විනාඩි කීපයකින් මගේ රෝහලට එන්න. දැන් තියන විදිහට කොළඹට යන්න වැඩි වෙලාවක් යනවා. මේ රෝහලෙන් ඒ ප්රශ්නේ විසෙ`දනවා. ඒ නිසා රජය බලාපොරොත්තු වෙන්නේ ඒ අරමුණු මුල් කරගෙන මේ රෝහලක් හැටියට පවත්වාගෙන යන්න. 21. රෝහල රජයට පවරා දීමට එකග වුණා කියන්නේ, ඔබ ටිකක් බය වෙලා අඩියක් පස්සට ගත්තා නෙවෙයිද? නෑ. මම කවදාවත් අඩියක් පස්සට තියලා නෑ. මම අඩියක් ඉස්සරහට තිබ්බා. මම මේ දුන්නේ ධානයක්. අපේ පවුල්වල අවුරුදු සිය ගාණක් තිස්සේ ධාන දීලා තියනවා. අපි ධානයක් දුන්නට පස්සේ දුක් වෙන්නේ පසු තැවෙන්නේ නෑ. සන්තෝස වෙනවා. ඒ නිසා මම මේ ලොකූ ධානේ දීලා ගොඩක් සතුටු වෙනවා. 22. සයිටම් කියන්නේ වෛද්ය විද්යාලයක් විතරක් නෙවෙයි. ඔබ හිතන්නේ ඇයි මේ වෛද්ය උපාධියට විතරක් විරෝධතා? ඒක තමයි රජයේ වෛද්ය නිළධාරීන්ගේ සංගමයේ තියන කුහකකම. එයාලා බයයි වෛද්යවරු වැඩි වැඩියෙන් වෛද්ය වෘත්තියට ඇවිත් එයාලගේ ප්රයිවට් ප්රැක්ටිස් එකට පාර වදියි කියලා. ඒක නොකියා වෙන එක එක හේතු කියනවා. 23. ඔබ ඉගෙන ගත්ත පාසලක් වුණු මහනුවර ධර්මරාජෙම ආදි ශිෂ්යයෙක් තමයි අන්තරේ මෙහෙයවන ලහිරු වීරසේකරත්...? ඒක හරි අපූරුයි. එක එක්කෙනාගේ දේශපාලන වැඩ වලට ඒ ළමයි උසිගන්නලා තියෙන්නේ. (ලහිරුලාට කදුළුගෑස් ගහන පොලීසියභාර පූජිත ජයසුන්දර මහත්තයාත් වගේම බන්ධනාගාරේ ලොක්කෝ කීප දෙනෙක්මත් ඒ ඉස්කෝලෙම ආදිශිෂ්යයෝ තමයි. ඒක හරි අපූරුයි තමයි) 24. ලංකාවේ අධ්යාපන ක්රමය ගැන මොකද්ද අදහස? අපිට මහ විශාල කර්මාන්ත පටන් ගන්න, නිෂ්පාදන සිදු කරන්න සම්පත් නෑ. තියන සීමිත සම්පත් වලින් ගොඩක් දේවල් කරන්න බෑ. එහෙමනම් අපි කරන්න ඕනේ මොලේ විකුණන එක. අපේ ළමයින්ට දැනුම දීලා, ඒ වෙනුවෙන් ආයෝජනය කරලා ඒ දැනුමෙන් අපිට පුළුවන් රට දියුණු කරන්න. මේකට පුද්ගලික අංශය, රජය වගේම පුද්ගලික-රාජ්ය මැදිහත්වීමෙන් දේවල් කරන්න ඕනේ. 25. දැන් ඉතිං ඊළ`ගට මොකද්ද කරන්නේ? තව අලුත් වැඩක් පටන් ගන්නවා. ඒක දැන්ම කියන්න කාලේ වැඩියි. බාගයක් ප්ලෑන් කරලා තියෙන්නේ. ඉතුරු බාගේ මගේ හිතේ තියනවා. ඒකත් කොහොම හරි කරනවා. 26. සාමාන්යයෙන් මිනිස්සු අවුරුදු 55-60 වෙනකොට විශ්රාම යනවා. දැන් ඔබට වයස 86ක්? එහෙම හිතන නිසාම තමයි මේ රටවල් පස්සට යන්නේ. අලුතෙන් දේවල් හිතන්නැතුව ඉන්නකොට මොළේ මලකඩ කනවා. මොන අභියෝග ආවත්, මම ජීවිතේ අවසන් මොහොත වෙනකල්ම අලූත් දේවල් කරනවා. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom