ශශීගේ දේශප්‍රේමී සමාජවාදී සැමියාගේ කෙරු&

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    ශශීගේ දේශප්‍රේමී සමාජවාදී සැමියාගේ කෙරු&

    ශශීගේ දේශප්‍රේමී සමාජවාදී සැමියාගේ කෙරුවාව මෙන්න !:lol:

    by Admin 01 · February 23, 2015
    wimal_12-720x340.jpg


    ව්‍යාජ තොරතුරු සඳහන් විදේශ ගමන් බලපත්‍ර දෙකක් භාවිතා කිරීම සම්බන්ධයෙන් හිටපු ඇමති විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශ මේ වනවිට රහස් පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. පසුගිය 22 වැනි දින ඇය අත්අඩංගුවට ගෙන මේවනවිට ප්‍රශ්න කරමින් සිටී.

    ශෂී වීරවංශ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින විට ඇය සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමග ඊයේ දුරකතනයෙන් කතාකරමින්, විශාල ලෙස හොරකම්වලට, වංචාවලට, දූෂණෙවලට සම්බන්ධ වූ තම නාමික සැමියා වන විමල් වීරවංශ ඇතුළු ඔහුගේ හිතවත් පුද්ගලයන් අත්අඩංගුවට නොගෙන ඔවුන්ට සාපේක්ෂව සුලු වැරැද්දක් සිදුකර ඇති තමන් වැනි අය අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන්නේ ඇයිදැයි අසා ඇත.

    එහිදී ශෂී වීරවංශ විසින් තම සැමියා සමග සිටි හොරුන්, දූෂිතයන් සම්බන්ධයෙන් විස්තර ඇමතිවරයාට පවසා ඇති අතර විශේෂයෙන් තම සැමියා වන විමල් වීරවංශගේ නීතිවිරෝධී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් රාජිතට පවසා තිබේ.:lol::lol:

    කොළඹ ඩාර්ලි පාරේ අන්සතු ඉඩමක් හොර ඔප්පු සකසා විකිණීම, කොළඹ වරායට කලුගල් සැපයීමේ කොන්ත්‍රාත්තුව ලබාගැනීම, තාර බලපත්‍රයක් ලබාගැනීම, සලාකා ආයතනයේ හිමිකාරිය සමග එකතු වී ජාත්‍යන්තර ජාවාරම්කරුවන් සමග සිදුකළ මුල්‍ය ගනුදෙනු ආදිය සම්බන්ධයෙන් විස්තර සහිතව ප්‍රකාශ කර ඇති අතර වෙනත් අයථා ගනුදෙනු සහ ව්‍යාපාර සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කර ඇත. එසේම ඔහුගේ පෞද්ගලික ජීවිතයට සම්බන්ධ විවිධ කාන්තාවන්ගේ තොරතුරු ද පවසා ඇත.:P:P:P:P

    මෙහිදී රාජිත සේනාරත්න ඇමතිවරයා මේ සියලු විස්තර රහස් පොලීසිය හමුවේ ප්‍රකාශ කරන ලෙසත් ඉන්පසු ඒ ගනුදෙනු සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් ඇයට දන්වා තිබේ.

    මෙම දුරකතන සංවාදය සම්බන්ධයෙන් විමල් වීරවංශට සැළවීමෙන් ඔහු කලබලයට පත්ව ඇති අතර ඔහුගේ ජනමාධ්‍ය හිතවතුන්ට පවසා ඇත්තේ මින් ඉදිරියට ශෂී වීරවංශ සම්බන්ධයෙන් පුවත් වාර්තා කිරීමේදී ඇය විමල් වීරවංශගේ බිරිඳ ලෙස සඳහන් නොකරන ලෙසයි. ඒ අනුව ඇය විමල් වීරවංශගේ දරුවන්ගේ අම්මා ලෙස සඳහන් කරන්නැයි ඉල්ලා ඇත.:rofl::rofl::rofl:

    වීරවංශ යුවළ පසුගිය රාජපක්ෂ පාලන සමයේ කෙතරම් සහයෝගයෙන් දූෂිත හා වංචා ක්‍රියාවන් සිදුකළ ද කලෙක පටන් පෞද්ගලික ජීවිතයේ නොයෙක් ගැටුම් ඇති කරගත් අතර මේ සිදුවීමත් සමග එම ගැටුම් තවදුරටත් වර්ධනය වී තිබේ.

    (Lanka News Web)

     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    දරුවන් වෙනුවෙන් බලු වැඩ කරන උම්මල ඕනෙ තරං ඉන්නව සහෝ.