‘ශ්‍යාමා හාමු මරා දාලා’
දේපළ නිසා ජීවිතයෙන් වන්දි ගෙව්වා ද ?
‘ශ්‍යාමා හාමු මරා දාලා’1984 පෙබරවාරි 26 දා උදේ මේ ආරංචිය කෑගල්ල ප්‍රදේශය පුරා පැතිරී ගියේ ප්‍රදේශවාසීන් කම්පා කරවමිනි.
කෑගල්ලේ දැදිගම වලව්වේ රිචඩ් වැල්න්ටයින් හාමු මහතාට සහ ඊඩිත් දැදිගමට දියණියන් පස් දෙනෙකි. දියණියන් පස් දෙනෙක් හාමු මහත්තයාට කෙසේවත් බරක් නොවූයේ ඒ තරමටම වතු පිටි දේපොළ හිමිකරුවෙක් වූ නිසයි. ඔහු නීතිඥවරයෙක් වශයෙන් ද අමතර ආදායම් ඉපයුවේය.
ශ්‍යාමා දැදිගම මුළු රටම කම්පා කරමින් ඝාතනය වීමට වසර 30 කට පෙර රිචඩ් හාමු මෙලොවින් සමුගත්තේ ඇය මෙන්ම අනෙකුත් දියණියන් සහ බිරිය තනි කරමිනි. බිරිය ඊඩිත් ඊට වසර 13 කට පසුව මිය ගියාය.
ඇගේ මරණින් පසු අවිවාහක ශ්‍යාමා සහ අවිවාහක සොහොයුරියන් දෙදෙනා වලව්වේ තනි වූහ. ඉන් වැඩිමහල් සොහොයුරිය පිළිකා රෝගයෙන් මිය ගියාය. වලව්ව දිනෙන් දිනම ගරා වැටුණේ දෙසොහොයුරියන් ද සමඟිනි.
අසනීප තත්ත්වයෙන් පසුවූ රාණි නිතරම රෝහල් ගත වූවාය. වලව්වේ මුරකරු හීන් බණ්ඩාය. ඒ 1984 පෙබරවාරි 26 දායි.
සුපුරුදු පරිදි උදෑසන අවදි වූ හීන් බණ්ඩා දුටුවේ නිවස තුළ තවමත් අදුර රජයන බවයි. ඊට හේතු ව වුයේ ශ්‍යාමා උදෑසන 4 ට පමණ අවදි වී නිවසේ විදුලි පහන් දැල්වීම දිනපතාම කරගෙන යාමය.
‘ හාමුට අද නින්ද ගිහිල්ලද කොහේද ?’
පැයක් පැය එරහමාරක් ගත වුවද හාමු අවදි වූ බවක් නොපෙණුනු හෙයින් හීන්බණ්ඩා වලව්ව වටෙන් ගොස් ඇයගේ නිදන කාමරයේ ජනේලයට තට්ටු කළේය. පිළිතුරු නොමැත. ඔහු දිවගියේ අසල්වැසි නිවසටය.
හීන්බණ්ඩා එම නිවසින් ඇලෙක්ස් දැදිගමට දුරකථනයෙන් කතා කළේය. ඇලෙක්ස් නෑකමින් ශ්‍යාමාගේ බාප්පා වූවත් විවාහ වී සිටියේ ඇයගේ නැගණිය ලලනී සමගය. අවිවාහක නෑනලා දෙන්නා ගැන සොයා බැලුවේ ඔහුය.
ඇලෙක්ස්ගේ උපදෙස් මත හීන් බණ්ඩා ආපසු වලව්වට දිව ගියේය. වලව්වේ ඉදිරිපස දොර බාගෙට විවෘතව තිබෙනු ඔහු දුටුවේය. දොරේ ඇතුල් පැත්තේ යතුර තිබිණි.
හීන්බණ්ඩා ශ්‍යාමා හාමුගේ නිදන කාමරය දෙසට ගියේ ගැහෙන හදිනි. අල්මාරිය විවෘත කොට තිබුණේය. ඇඳුම් කුඩුම් ඇද දමා ඇත. හීන්බණ්ඩා වට පිට බැලුවේය. දුටු දෙයින් ඔහු ගල්ගැසී ගියේය.
ශ්‍යාමා බිම වැටී සිටියාය. ඇගේ සිරුරේ පහළ කොටසේ ඇඳුම් නොවිණි. දෙපසට වී තිබුණු කකුල් අතරින් ලේ ධාරාවක් ගලා ගොස් තිබිණි. ගෙල රෙද්දකින් ඔතා ඇත.
හීන්බණ්ඩා කෑ ගසමින් යළි අල්ලපු ගෙදරටදිව ගියේය. ඇලෙක්ස්ට පණිවිඩය දුන්නේය. අල්ලපු ගෙදර අය පොලීසියට දුරකතනයෙන් මේ බව දැනුම් දුන්හ.
කෑගල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මහින්ද ජයවීර මහතා පොලිස් කණ්ඩායමක් සමඟ වහාම දැදිගම වලව්වට පිටත් වූහ.
පොලිස් පරීක්ෂකවරයාගේ ඇස ගැටුණු ආකාරයට ශ්‍යාමා නිදා සිටි කාමරයේ ජනේලයේ කූ®රු දෙකක් ගලවා දමා තිබිණි. ඇඳ උඩ හිස් බ්‍රැන්ඩි බෝතලයක් ද විය. වෙනත් සැකකටයුතු කිසිවක් නොවිණි.
හීන්බණ්ඩාගෙන් පොලිසිය ප්‍රශ්න කළේ සැකයෙනි.
‘මෙච්චර දෙයක්වෙලත් රෑ සද්දයක් ඇහුණේ නැද්ද ?’
‘හාමු රෑට නිදා ගන්න කොට පිටි පස්සේ ඉස්තෝප්පුවෙන් මැද සාලයට ඇතුළු වෙන දොර වහනවා. රෑ කිසිම සද්දයක් ඇහුණේ නැහැ’
‘මට රෑ එළියට යන්න ඕන වුණා. පිටිපස්සේ දොර ඇරගෙන එළියට යනකොට කෑම කාමරයේ ලයිට් එක දාලා තිබුණා. හාමු වැසිකිළියට යන්න ලයිට් දාන්න ඇති කියලා හිතුවා. මම දොට්ට ගිහින් ආපහු එනකොට ලයිට් එක නිවලා තිබුණා’ හීන්බණ්ඩා පොලිස් නිලධාරීන් හමුවේ පැවසීය.
ශ්‍යාමාගේ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ මහනුවර අධිකරණ වෛද්‍ය නිලධාරී පී. එච්. රාජපක්ෂ මහතාගේ තීරණය වූයේ බෙල්ලට තොණ්ඩුවක් දැමීම නිසා හුස්ම හිරවී මරණය සිදුවී ඇති බවයි. එසේම අපරාධකරුවන් ශ්‍යාමා දූෂණය කර තිබූ බව ද වෛද්‍යවරයාගේ නිගමනය විය.
ඝාතනය වන විට ඇයගේ වයස අවුරුදු හතලිස් හතක් විය.
සැකකරුවන්
අපරාධකරුවන් පිළිබඳව කිසිම හෝඩුවාවක් සොයා ගැනීමට පරීක්ෂණ පැවැත්වූ පොලිස් කණ්ඩායමට නොහැකි වූ නිසා 1984 මාර්තු 9 දා පරීක්ෂණ කටයුතු පොලිස්පතිවරයා විසින් රහස් පොලීසිය වෙත භාර දෙනු ලැබිණි.
සහකාර පොලිස් අධිකාරී මහින්ද හෙට්ටිආරච්චි මහතාගේ අධීක්ෂණය යටතේ පොලිස් පරීක්ෂක බ්‍රයන් අමුණුගම මහතා පරීක්ෂණ කටයුතු ආරම්භ කළේය. පරීක්ෂණ කටයුතු මෙහෙයවමින් සිටි අමුණුගම මහතාට ‘විමලේ’ පිළිබඳ තොරතුරක් දැනගන්නට ලැබෙන්නේ මේ අතරය.
නිවිතිගල පොලිස් ස්ථානාධිපති ලක්‍ෂමන් බණ්ඩාර මහතා මාර්තු 11 දා පාන්දර 3.30 ට පමණ පින්කන්ද කරවිට ප්‍රදේශයේ රාත්‍රී ජංගම චාරිකාවේ යෙදෙමින් සිටින විට පාර අයිනේ සිට ගෙන සිටි පුද්ගලයෙක් පිළිබඳ පොලිසියට සැක සිතුණේය.
පොලිසිය ඔහු අත් අඩංගුවට ගත්තේය. සුවඳ විලවුන් බෝතලයක්, කුඩා පෙන්ටෝච් එකක්, සහ ස්කුරුප්පු නියණක්ද ඔහු අත විය.
වැඩිදුර පරීක්ෂණ පැවැත්වූ පොලිසිය ගෙවල් බිඳීමේ චෝදනාවකට රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඔහු ඉදිරිපත් කළේය. අධිකරණයේදී හෙළි වූයේ ඔහු ජනේලයකින් නිවසට ඇතුළු වූ බවය. මොහු විමලේ හෙවත් විමලරත්න විය.
ශ්‍යාමාගේ කාමරයට අපරාධකරුවන් ඇතුªළු වී තිබුණේ ජනේලයක කූරු ගලවා තිබීම නිසා අමුණුගම මහතාගේ අවධානය විමලේ වෙත යොමු විය.
ජුනි 11 දා නිට්ටඹුව බස් නැවතුම් පළේදී විමලේ අත් අඩංගුවට ගැනිණි. රහස් පොලිසියේ සිව් වැනි තට්ටුවට ගෙන ගොස් දීර්ඝ ලෙස විමලේගෙන් ප්‍රශ්න කිරීමේදී අබිරහසක්ව තිබූ ශ්‍යාමා දැදිගම ඝාතනයේ සුලමුල හෙළි වන්නට විය.
දැදිගම වලව්වෙන් සොරා ගැනුණු රත්තරන් ආභරණ හෙට්ටිවීදියේ සහ කෑගල්ල රන් වෙළෙඳසල් දෙකකට විකුණු බවත් විමලේ පැවැසීය. විමලේගේ කට උත්තරය අනුව කැප්ටන්, වික්‍රමරත්න, තිලකසිංහ සහ ජයසිංහ යන අය අත්අඩංගුවට ගැනීම අමුණුගම මහතාගේ ඊළඟ අරමුණ විය.
මුදලිගේ දොන් ජයසේන (කැප්ටන්) ගැලවීමේ හමුදාවේ කෑගල්ල ප්‍රදේශයේ සමාජ සේවා කටයුතු සඳහා මුදල් එකතු කළ තැනැත්තායි. කැප්ටන්ගේ ‘කැරැට්ටුව‘ ඊට කැපෙන්නක් නොවීය. ඔහු ගෙවල් බිඳීම්වලට දායක වූවෙකි. අල්ලා ගැනුණු මෙම විත්තිකරුවෝ සියල්ල හෙළි කළහ.
ඉඩම් රජයට පවරා ගැනීමේ ප්‍රතිපත්තිය මත රජයට පවරා ගත් දැදිගම වලව්වේ ඉඩමක් සඳහා 1982 දී රු. 24,000 ක මුදලක් කෑගල්ලේ දිසාපති විසින් නියම කර තිබිණි. එම මුදල ප්‍රමාණවත් නොවන බව සිතූ මස්සිනා වන්දි මුදල වැඩි කර ගැනීමට තක්සේරු වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා කෑගල්ලේ මිණුම්දෝරුවෙක් වූ කපුගීකියනගේ සහය ලබා ගත්තේය.
වත්ත මැනීමෙන් පසු මස්සිනාගේ සහ කපුගීකියන ගේ හඳුනුම්කම දැඩි හිතවත්කමකට පෙරළුණි.
හදිසියේම කපුගීකියන කැප්ටන් සෙව්වේය. හුදකලා තැනකදී ඔහු හමු වූ කපුගීකියන
‘දැදිගම වලව්වේ පිස්සු ගෑනියෙක් ඉන්නවා. හරිම කරදරයි. පන්න ගන්න ඕනෑ’ යැයි කීය.එයට උපක්‍රමය කිව්වේ ද කපුගීකියනමය.
ශ්‍යාමා මිතුරියන් සමඟ
‘හොරු විදියට ගෙට පැනලා අත් පා බැඳලා බය කරල යන්න පුළුවන්ද ? ලක්ෂ එක හමාරක විතර රත්තරන් බඩුත් අරන් එන්න පුළුවන්’
නිවසේ තවත් කාන්තාවක් වෙසෙන බවත් මේ දිනවල ඇය නොමැති අතර ආපසු පැමිණීමට පෙර වැඩේ සිදු කළ යුතු බවත් කපුගීකියන වැඩිදුරටත් කීය.
‘වැඩේ හරි ගියොත් රු. 25,000 යි. හරි නොගියොත් රු. දාහක් දෙන්නම්’
‘විමල්ගෙන් අහලා වචනයක් දෙන්නම්’ කැප්ටන්ගේ ප්‍රතිචාරය විය.
විමලේ කැප්ටන්ගේ ගජ මිතුරෙකි. කැප්ටන් ගෙන ආ කොන්ත්‍රාත්තුවට විමලේ කැමැති විය.
වැඩේට යොදා ගත් දිනය වූයේ 1984 පෙබරවාරි 25 දායි. එදින හවස 5.30 ට කෑගල්ල නගරයේදී කැප්ටන් සිය මිතුරා වූ විමලේ හමු විය. ජයසිංහ ද (බණ්ඩා) එතැනට පැමිණියේය. නගරයේ වෙළඳ සැලකින් විමලේ ඉස්කුරුප්පු නියනක් මිලදී ගත්තේ ‘වැඩේට’ ය.
රෑ නවයට පමණ කැප්ටන් මාවනැල්ල බස් නැවතුම අසල සිටිද්දී ජයසිංහ සහ තවත් දෙදෙනෙකු සමඟ පැමිණ විමලේ කැප්ටන්ට එකතු විය. පස් දෙනාම දැදිගම වලව්ව බලා පිටත් වූහ.
දැදිගම වලව්ව පිහිටියේ මහ පාරේ සිට බලන විට උස් බිමකය. වත්ත ඇතුළට වෙන්න තිබූ වලව්ව වෙත නැගුණු පඩි පෙළක් විය. වලව්ව පේන මානයට ගිය පිරිස ඇඳුම් මාරු කළහ. කැප්ටන්ට පැවරුණේ පඩිපෙළ අසල සිට අවට සෝදිසි කිරීමය. අනෙක් සිව් දෙනා වලව්ව අසලට ගොස් ජනේලයක් අසල නවතිනු කැප්ටන් බලා සිටියේය.
ජනේලය විවෘත කර දෙදෙනෙක් නිවසට ඇතුළු වන හැටි ද කැප්ටන් දුටුවේය. මදුරුවන් තලමින් ‘මුර සේවයේ’ යෙදුණු කැප්ටන්ට ගතවුණු පැයක පැය එකහමාරක කාලය දැනුණේ කල්පයක් මෙනි. ගෙතුළින් කිසිදු ශබ්දයක් නොඇසිණි.
‘මුං මෙච්චර වෙලා මොනවා කරනවද මන්දා ?’
බොහෝ වේලාවකට පසු මුලින්ම පැමිණියේ විමලේය.
‘කෝ බං කිව්වට රත්තරන් බඩු මොකුත් නෑනේ’
‘මම ගීකියනගෙන් අහන්නම්කෝ’
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරද්දී
වික්‍රමරත්න සහ තිලකසිංහ ද ආහ. ඔවුන් ළඟින් මත්පැන් ගඳ වහනය විය. ජයසිංහ නොපැමිණි නිසා තිලකසිංහ ආපසු ගොස් ඔහු රැගෙන ආවේය. වේලාව රාත්‍රී 12.30 ය. කට්ටියම ඇඳුම් මාරු කර ගෙන පිටත් වූහ.
‘මුන් ගිහින් තියෙන්නේ වැඩේ කරන්න නෙවෙයි ගෑණුන්ට මගුල් කරන්න’ විමලේ එමින් ගමන් කීවේය.
පසුවදා දහවල් වනතුරු නිදාගත් කැප්ටන් කපුගීකියන හමුවීමට ගියේ පොරොන්දු වූ මුදල ලබා ගැනීමටය. කඩමණ්ඩියේදී කණවැටුණු දෙයින් කැප්ටන් බිරාන්ත විය. ශ්‍යාමා දැදිගම මරා දමලා යන ආරංචිය ප්‍රදේශය පුරා පැතිර ගොස් තිබිණි.
‘මුං එකෙක්වත් මට කිව්වේ නෑනේ’
කපුගීකියනගෙන් කැප්ටන්ට ලැබුණේ රුපියල් දස දහසක් පමණි. ඉතිරි මුදල් පසුව දෙන්න පොරොන්දු විණි. මුදල් ගෙන විමලේ හමුවීමට ගිය කැප්ටන් මුළු මුදලම ඔහුට දුන්නේය. විමලේ රු. පන්දාහක් ආපසු කැප්ටන් අත තැබීය.
කැප්ටන් අනෙක් හවුල්කරුවන් තිදෙනාට රු. දෙදාහ බැගින් දුන්නේය. කෑගල්ල පොලිසියේ සැරයන් ප්‍රේමරත්න කැප්ටන් දන්නේය. දිනක් මගදී හමුවූ සැරයන් මිනීමරුම ගැන විස්තර කැප්ටන්ගෙන් විමසුවේය.
පොලිසියට තමන් පිළිබඳව සැක සිතී ඇතැයි සිතූ කැප්ටන් තමන්ගේ උපන්ගම වූ වාද්දුවට ගොස් නැවතුණේය. එක් තැනක නොනැවතී කැප්ටන් තැනින්තැන ගියේ සිතේ ඇති වූ බියටය.