ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්ව

MindTalk

Member
Jun 11, 2016
162
41
0
ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්ව

පින්වත් ඔබත් කැපකරු මවක් වශයෙන්… කැපකරු පියෙකු වශයෙන්… දැයේ අනාගතය භාරගැනීම පිණිස නෙත් අයා බලාසිටින අහිංසක දරුවෙකුගේ අනාගතය සාර්ථක කර ගැනිම පිණිස අත්වැලක් වෙන්නට කැමති නම්…

http://www.shraddha.lk/education-scholarships/
 

Capital_M

Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    පින්වත් ඔබත් කැපකරු මවක් වශයෙන්… කැපකරු පියෙකු වශයෙන්… දැයේ අනාගතය භාරගැනීම පිණිස නෙත් අයා බලාසිටින අහිංසක දරුවෙකුගේ අනාගතය සාර්ථක කර ගැනිම පිණිස අත්වැලක් වෙන්නට කැමති නම්…

    විස්තර කොහොමද ?
     

    MindTalk

    Member
    Jun 11, 2016
    162
    41
    0
    විස්තර කොහොමද ?

    Me link eke wisthara thiyenawa..

    http://www.shraddha.lk/education-scholarships/


    අඩු ආදායම්ලාභී පවුල්වල අධ්‍යාපනය සදහා දක්ෂ සිසුන් ආර්ථීක අපහසුතා නිසා අධ්‍යාපන කටයුතු අඩපණ කර ගන්නා ස්වභාවයක් දක්නට ලැබේ. එසේම එවැනි පවුල්වල සිසුනට උපකාර කිරීම පිණිස පවතින රාජ්‍යය හෝ රාජ්‍යය නොවන සංවිධාන ද සුලභ නොවේ. මෙවැනි පසුබිමක් තුළ ගුණ නැණ සපිරි අනාගත පරපුරක් සදහා අඩු ආදායම්ලාභී පවුල්වල දක්ෂ සිසුන් හට උපකාර කිරීම කාලීන අවශ්‍යතාවයක් බවට පත් ව ඇත. එසේම වර්තමාන අධ්‍යාපන රටාව තුල නොයෙක් ආකාරයේ උගතුන් බිහි වුව ද ගුණ දහමින් යුතු මිනිස් කම හදුනන උගතුන් බිහිවන්නේ අල්ප වශයෙනි. එනිසා ආර්ථීක අපහසුතාවයන්ගෙන් පීඩාවට පත් සිසු දරුවන්ට සවියක් වනු පිණිසත් ගුණයෙන් පොහොසත් අනාගත පරපුරක් දේශයට දායා ද කරනු පිණිසත් ශ්‍රද්ධා රූපවාහිනියේත් ශ්‍රද්ධාගුවන් විදුලියේත් නිර්මාතෘවර අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ ආශීර්වාදයෙන් මෙම පුණ්‍ය ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවේ.
    ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්ව ව්‍යාපෘතියේ මූලාරම්භ පසුබිම මෙය වේ.





    1. ශිෂ්‍යත්ව මුදල සාමාන්‍යය පෙල දක්වා ඉගෙනුම ලබන දරුවෙක් වෙනුවෙන් රුපියල් 1100 ක් ද උසස් පෙළ හෝ විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන දරුවෙකු වෙනුවෙන් රුපියල් 2000 ක් ද බැගින් වේ. මෙම ශිෂ්‍යත්වයක් සඳහා පහත ක්‍රම තුනෙන් එක් ආකාරයකට දායක විය හැක.

      මෙම ක්‍රමය මගින් අදාල දායකත්වය දරන පින්වතාට ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්ව ව්‍යාපෘතියේ යාවජීව කැපකරු මවක් හෝ යාවජීව කැපකරු පියෙක් බවට පත් විය හැක.එවිට එම යාවජීව කැපකරු මව හෝ පියා නාමයෙන් සැමදාටම ශිෂ්‍යත්ව ක්‍රියාත්මක වනවා ඇත.
    2. මාසිකව රුපියල් 2000 බැගින් හෝ රුපියල් 1100 බැගින් ලබා දීම මඟින් එක් දරුවෙකු උදෙසා දායකත්වය ලබා දීම. මෙහිදී අදාල දරුවා සඳහා වන වසරක ශිෂ්‍යත්ව මුදල එකවර හෝ වාරිික කිහිපයකින් හෝ මාසිකව ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්ව අරමුදලට බැර කළ යුතුයි. ඉන් පසුව එය වසරින් වසර දීර්ඝ කරමින් කැපකරු මව් පියන් හට ශිෂ්‍යත්වය පවත්වාගෙන යා හැකි අතර යම් ආකාරයක කරදරයක් සිදුවී ශිෂ්‍යත්ව මුදල් ගෙවීමට අපහසුවක් ඇතිි උවහොත් අප වෙත දැනුම් දී ඉවත් විය හැක.
    3. තමන් කැමති මුදලක් ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්ව අරමුදලට බැර කිරීම තුලින් ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය පවත්වාගෙන යාමට උපකාර කිරීම.

    • මාසිකව එක් දරුවකු උදෙසා වෙන්වන රු.2000ක මුදල එම දරුවාගේ කටයුතු සදහා පහත පරිදි වෙන් වේ.

      (අ) ගමන් වියදම් හා පාසැල් උපකරන ආදිය ලබා ගැනීම පිණිසත් එදිනෙදා වියදම් පිණිසත් රු.1650ක මුදලක් වෙන් වේ.

      (ආ) එම ශිෂ්‍යත්වලාභී දරුවාට තමන් කැමති පිනක් සිදු කරනු පිණිස රු.100ක මුදලක් වෙන් වේ.

      (ඇ) තමන්ගේ පවුලේ දෙමාපියන් සහෝදර සහෝදරියන් උදෙසා වැය කරනු පිණිස රු.100ක මුදලක් වෙන් වේ.

      (ඈ) ශිෂ්‍යත්ව ව්‍යාපෘතියේ ලිපි ගනුදෙනු කටයුතු උදෙසා වැය කරනු පිණිස රු.50ක මුදලක් වෙන් වේ.

      (ඉ) එම දරුවාට දහම් පොතක් ලබා දෙනු පිණිස රු.100ක මුදලක් වෙන් වේ
    • මාසිකව එක් දරුවකු උදෙසා වෙන්වන රු.1100ක මුදල එම දරුවාගේ කටයුතු සදහා පහත පරිදි වෙන් වේ.

      (අ) ගමන් වියදම් හා පාසැල් උපකරන ආදිය ලබා ගැනීම පිණිසත් එදිනෙදා වියදම් පිණිසත් රු.820ක මුදලක් වෙන් වේ.

      (ආ) එම ශිෂ්‍යත්වලාභී දරුවාට තමන් කැමති පිනක් සිදු කරනු පිණිස රු.75ක මුදලක් වෙන් වේ.

      (ඇ) තමන්ගේ පවුලේ දෙමාපියන් සහෝදර සහෝදරියන් උදෙසා වැය කරනු පිණිස රු.75ක මුදලක් වෙන් වේ.

      (ඈ) ශිෂ්‍යත්ව ව්‍යාපෘතියේ ලිපි ගනුදෙනු කටයුතු උදෙසා වැය කරනු පිණිස රු.50ක මුදලක් වෙන් වේ.

      (ඉ) එම දරුවාට දහම් පොතක් ලබා දෙනු පිණිස රු.80ක මුදලක් වෙන් වේ.


    • එසේම අදාල ප්‍රදේශයේ පෞගලික උපකාරක පංති ගුරුවරුන් හා ශ්‍රද්ධා රූපවාහිණිය අතර එකගත්වයක් ඇති කොටගෙන ශිෂ්‍යත්වලාභී දරුවාට නොමිලයේ සහභාගි වීමට අවස්ථාව සළසා දෙනු ලැබේ.
    • සෑම මාස 06කට වරක්ම පොත් පත් හා පාසල් උපකරණ ශිෂ්‍යත්ව ලාභියාට ලබා දීම සිදු වේ.
    • සෑම වසරකම පාසැල් නිළ ඇදුම් සහ සාමාන්‍ය ඇදුම් කට්ටලයක් ද ශිෂ්‍යත්ව ලාභියාට ලබා දෙනු ඇත.
    • ශිෂ්‍යත්වලාභියා සහ කැපකරු මව්පියන් අතර හමුවක් සෑම මාස 06කට වරක්ම පවත්වනු ලැබේ.
    • ගුණ ධර්ම දියුණු කර ගැනීම නායකත්ව පුහුණුව ඉගෙනුම් ක්‍රම වේදයන් කියා දීම පිණිස වන වැඩමුළුවක් සෑම මාස 06කට වරක්ම පවත්වනු ලැබේ.
    • එසේම උසස්පෙළ අධ්‍යාපනයෙන් පසු උසස් අධ්‍යාපනය සදහා හෝ වෘත්තීය අධ්‍යාපනයක් සදහා මග පෙන්වීම.
    දුරකථන: +94714 371 522 විද්‍යුත් ලිපිනය: [email protected]