ශ්‍රද්ධා අභය දාන
විටෙක සුගතියේ ද, විටෙක දුගතියේ ද, සැප විදිමින්, දුක් විදිමින් අනන්ත වූ සසර පුරා අපි ආවෙමු. බොහෝ වාර ගණනක් අපිත් තිරිසන් ලොව අසරණ කමට බියට මුහුණපාන්නට ඇති, බොහෝ ආත්ම ගණනක් තවත් සතෙකුගේ කුසගින්නට අහරක් වන්නට ඇති, බත් පතක ව්‍යාංජනයක් වන්නට ඇති. ඒ තරම්ම මේ සංසාරය අඳුරුය, බියකරුය .මහා කාරුණිකයාණන් වහන්සේ බොහා් තැන්වලදී ඒ අදුරු බව ,ඒ බියකරු බව මනාකොට පෙන්වා දී තිබේ.
අසරණ වූ සතුන්ට සරණක් වීමේ උදාර පුණ්‍ය පරමාර්ථය පෙරදැරිව ආරම්භ කල ශ්‍රද්ධා අභයදාන පුණ්‍ය ව්‍යාපෘතිය හා අත්වැල් බැද ගැනීමට ඔබටත් මෙත් සිතින් යුතුව ආරාධනා කරන්නෙමු.
http://www.shraddha.lk/shraddha-abaya-dana/
http://www.shraddha.lk/shraddha-abaya-dana/
