ශ්රීපාද නාහිමි තෝරන ඡන්දයේදී දේශපාලකයෙ&
ශ්රීපාද නාහිමි තෝරන ඡන්දයේදී දේශපාලකයෙක් යකා නටයි
හේමන්ත රන්දුනු
ශ්රී පාද විහාරස්ථානාධිපති නාහිමි පදවිය සඳහා නව ස්වාමීන් වහන්සේ නමක් තෝරා ගැනීම සඳහා රත්නපුර නව නගරයේ පිහිටි සබරගමුව පළාත් සභා ශ්රවණාගාරයේ ඡන්ද විමසීම සිදුකෙරෙද්දී එහි පැමිණි එක්aතරා දේශපාලනඥයෙකු සහ ආධාරකරුවන් පිරිසක් ශ්රවණාගාරය අසල සිටි පිරිසකට පහරදීම නිසා රත්නපුර නගරයේ දැඩි උණුසුම් තත්ත්වයක් උද්ගත විය.
ඊයේ (25 වැනිදා) සවස 2.30 ට පමණ මෙම සිදුවීම වී ඇති අතර පොලිසිය මැදිහත්වී මෙම ගැටුම්කාරී තත්ත්වය පාලනය කිරීමට කටයුතු කර තිබේ. මෙම ඡන්දයට ඉදිරිපත්ව සිටි එක් ස්වාමින් වහන්සේ නමකගේ ආධාරකරුවන් පැමිණි බස් රථයක් නතර කර ඇති මෙම දේශපාලනඥයා සහ ඔහුගේ ගෝලබාලයන් බස් රථයේ සිටි පිරිසක් පිටතට ගෙන ඔවුන්ට පහර දී ඇත. මෙම ජන්ද විමසීම සඳහා විශාල පොලිස් ආරක්ෂාවක්ද යොදවා සිටි අතර ඒ ආරක්ෂක විධිවිධාන කිසිවක් ගණනකට නොගත් දේශපාලනඥයා සිය ආධාරකරුවන්ද සමග සුඛෝපභෝගී වාහන රැසක් පිරිවරාගෙන රත්නපුර නගරයට පැමිණ කලහකාරි ලෙස හැසිරී ඇත.
පින්තූරය - අසිත ඉන්දික වීරවර්ධන
දිවයින පුවත් පත