ශ්‍රීමත් ලාන්සෙලොට් ඩු ලැක් නොහොත් ශ්‍රීමත් ලොන්සෙලොට් / ලැන්සෙලට් / ලාන්සෙලොට් යනු බෙන්වික්හි බෑන් රජුගේ සහ ඉලේන් රැජිනගේ පුත්‍රයාය.
ප්‍රංශයේ ජනප්‍රවාදවලට අනුව ලාන්සෙලොට් යනු නැතිවූ බෙන්වික් රාජධානියේ බෑන් රජුගේ අනාථ පුත්‍රයාය. ඔහු නයිට් ශ්‍රීමත් ගලහාඩ්ගේ පියා විය.
ජනප්‍රවාදවලට අනුව, ඔහු විලකින් අතහැර දමා ගොස් ඇති අතර, ඔහු හැදී වැඩුණේ ලේඩි ඔෆ් ද ලේක් නම් අද්භූත චරිතයක වටපිටාවකය.
මේ හේතුව නිසා ඔහු සමහර විට "Lancelot of the Lake" ලෙස හැඳින්වේ.
බ්‍රිතාන්‍යයේ ආතර් රජු සහ ඔහුගේ නයිට්වරු පිළිබඳ මධ්‍යකාලීන පුරාවෘත්තවල, වට මේසයේ පළමු නයිට්වරයා වූයේ ලාන්සෙලොට් වන අතර ලාන්සෙලොට් යනු සියල්ලන්ගේ ප්‍රදානම නයිට්වරයාය. යුධ පිටියේ ඔහුගේ ධෛර්යයට හා දක්ෂතාවයට අමතරව, ලාන්සෙලොට් නිරන්තරයෙන් අන් අයට සේවය කල නයිට්වරයෙකි.
වටකුරු මේසයේ නයිට්වරුන්ගේ ශ්‍රේෂ්ටතම සටන්කරුවා සහ කඩුකරු ලාන්සෙලොට් බව පැවසේ.
ආතර් රජු සහ ඔහුගේ නයිට්වරු සම්බන්ධ ප්‍රබන්ධ කථා සහ ජනප්‍රවාදවල ශ්‍රීමත් ලාන්සෙලොට් නිරතුරුවම නිරූපණය කරන්නේ නයිට්වරයාගේ සැබෑ ධෛර්යයේ ප්‍රතිමූර්තියක් සහ රජුගේ නොසැලකිලිමත් ශූරයා ලෙස ය.
ශ්‍රීමත් ලාන්සෙලොට් නිරූපණය කරන්නේ ඉතා භයානක වික්රමාන්විතයන්ගෙන් පසුබට නොවූ නිර්භීත නයිට්වරයකු ලෙසය. ඔහුගේ මුල් වික්‍රමාන්විතයන් අතර කොපර් නයිට් මාලිගාවේදී ඔහු ඩොලරස් ගාඩ්ට මුහුණ දුන් අවස්ථාව විය. මුරකරුවන් නයිට්වරුන් විසි දෙනෙකුගෙන් ද, පළමු බිත්තියේ දස දෙනෙකු ද, මාලිගාවේ දෙවන බිත්තියේ දස දෙනෙකුගෙන් ද සමන්විත විය.
ශ්‍රීමත් ලාන්සෙලොට් මෙම නයිට්වරුන්ට එරෙහිව සටන් කොට ඔවුන් පරාජය කළේය. පසුව ඔහුව නගරවාසීන් විසින් ප්‍රාදේශීය සුසාන භූමියට ගෙන යන ලද අතර, බර ගලක පුරාවෘත්තයේ සටහන් පරිදි එය ඔසවන කවුරුන් හෝ ඔහුගේ නම පහතින් කොටා ඇති බවයි. ශ්‍රීමත් ලාන්සෙලොට් එය ඔසවා, ඒ යටතේ ලියා ඇති “ලාන්සෙලොට්” නාමය සොයාගත්බව පුරාවෘත්තයේ සදහන්ව ඇත.
ගිනවෙරේ රැජින ආතර් රජුගේ බිසව විය. ඇය ශ්‍රීමත් ලාන්සෙලොට් දුටු විගසම ආදරයෙන් බැඳුනේ, ඔහු ආතර් රජු සමඟ ඔහුගේ නයිට්වරයා ලෙස එක්වීමට පැමිණි අවස්ථාවේදීය.
රැජින සමඟ ඇති ඔහුගේ සම්බන්ධය නිසා රජු සහ රැජින අතර මතභේද ඇති වූ අතර අවසානයේ ආතර් රජු සහ ශ්‍රීමත් ලාන්සෙලොට් අතර යුද්ධයක් ඇති වූ අතර , ආතර් රජු රැජිනව කණුවක පුලුස්සා දැමීමට නියෝග කරේය.
ශ්‍රීමත් ගවෛන්ස්ගේ සහෝදරයන් ( ගරෙත් සහ ගහෙරිස් ) විසින් කණුව ආරක්ෂා කරන ලද අතර රැජින බේරා ගැනීමේදී ඔවුන් දෙදෙනාම ලැන්සෙලට් විසින් මරා දමන ලදී.
පසුව ආතර් රජු සහ ශ්‍රීමත් ලාන්සෙලොට් අතර යුද්ධයක් ඇති වූ අතර අවසානයේ ආතර් රජු සහ ඔහුගේ අර්ධ පුත් මොර්ඩ්රඩ් යන දෙදෙනාම සටනකදී මියගිය පසු ගිනීවෙරේ රැජින ඒ පිලිබදව පසුතැවිලි වූ අතර ශ්‍රීමත් ලාන්සෙලොට් සමඟ ඇති සම්බන්ධය නිසා මෙම යුද්ධය, ආරවුල් සහ මරණය සිදුවන්නට ඇති බව ඇය තදින්ම විශවාස කරාය.
එහි ප්‍රතිපලයක් ලෙස ඇය පැවිදි විය.
පසුව ශ්‍රීමත් ලැන්සෙලොට් ද ඔහුගේ නෑයන් අට දෙනෙකු සමඟ හුදෙකලා ජීවිතයක් ගත කිරීමට තෝරාගෙන ආරාමයකට විශ්‍රාම ගියේය. පුරාවෘත්තයේ සමහර වාර්තාවල සඳහන් වන්නේ ඔහු පසුව පූජකයෙකු වූ බවයි.
පුරාවෘත්තයට අනුව, වසර කිහිපයකට පසු ගිනිවයර් රැජින මිය ගියේය. ශ්‍රීමත් ලැන්සෙලොට් ඇය වෙත යාමට සිහිනයකින් මඟ පෙන්වනු ලැබූ නමුත්, රැජින මියයාමට පෙර ඇයව නොදකින බවට දුන් පොරොන්දුව අනුව මරණයට පැය බාගයකට පසු පැමිණි බව සදහන් වෙනවා.
ගිනවෙරේ රැජිනගේ දේහය භූමදානය කරන අවස්ථාවේදී ශ්‍රීමත් ලැන්සෙලොට් අධික ශෝකයකට පත්වූ බව කියනු ලැබේ. අවමංගල්‍යයට පෙර පවා ඔහු නිරාහාරව සිට ඇති අතර ඔහු ශාරීරිකව දුර්වල වී ඇත. රැජිනගේ මරණය මෙයට තවත් හේතුවක් වූ අතර ඇයගේ මරණයෙන් සති හයකට පසුව ශ්‍රීමත් ලැන්සෙලට් ද මිය ගියේය.