ශ්‍රීලංකන්

signshop

Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    මැදපෙරදිගින් ලංකාවට සල්ලි ගේන අහිංසකයන්ට ශ්‍රීලංකන් කාර්යය මණ්ඩලයේ කුඩම්මාගේ සැලකිලි!!!

    SriLankan-Airlines.jpg


    එක් පහන් සැදෑවක මම ලන්ඩනයේ Heathrow ගුවන් තොටුපොලින් කටාර් හරහා මව්බිම කරා යාමට ශ්‍රී ලංකන් ගුවන් සේවය මගින් ගුවන් ගත වුනෙමි. එම පැය හයක ගමන පුරාවටම ගුවන් සේවක කණ්ඩායමේ ආදර සංග්‍රහ සැලකිලි විඳිමින් පැමිණියෙමි. පසුව ඩෝහා ගුවන් තොටුපොළින් කටාර් රාජ්‍යයේ සිට මවුබිම බලා යන මගීන්ද සමග නැවතත් කටුනායක බලා ගුවන් ගත වුනෙමි.

    මම ලන්ඩනයේ සිට ඇඳගෙන ආ ඇඳුම් මාරු කර පහසු ඇඳුමක් වන සායක් සහ ටී ශර්ට් එකක් ඇඳගතිමි. මගේ එහා අසුනේ සිට මා සමග කුළුපග වූ කාන්තාවක් ඈ කටාර් රාජ්‍යයේ නිවසක සේවිකාවක් බව කියා සිටි අතර ඇය ලංකාවේ දරු පවුලක් රැකීමට මැද පෙරදිග සිට දුක් විඳින අහිංසක කාන්තාවක් බව මම වටහා ගතිමි.

    මේ අතරේ ගුවන් සේවක සේවිකාවන්ගේ හැසිරීමේ පැහැදිලි වෙනසක් මට දැනෙන්නට පටන් ගත් නිසා අපට ලන්ඩනයේ සිට පැමිනුන ගුවන් යානයේ සේවක මඩුල්ලෙන් ලැබුන ආදර කරුණාව කොහේ ගියේදැයි මනසින් විපරම් කලෙමි. වතුර වීදුරුවක් ඉල්ලූ විට එය ලැබුනේම නැත. තේ එකක් ඉල්ලූ විට දැන් කෑම ගෙනෙනවා යයි කීහ. මගේ අලුත් කටාර් මිතුරිය කිය සිටියේ එයාලා එහෙම තමයි. "අපි මැද පෙරදිග නිසා කුඩම්මගෙ සැලකිලි තමයි හැමදාම. සුද්දන්ට හරි බටහිර රටවලින් එන අයට හරි හොඳට සලකනවා". ඈ කියා සිටියා.

    "එහෙනම් මමත් මේ බටහිර රටක ඉඳලනෙ එන්නෙ. එහෙම වෙන්න බෑ". මා කියා සිටියෙමි. "ඒත් ඔයා සාය හැට්ටෙ ඇඳල නිසා ඔයත් මැද පෙරදිග ඉඳල එනව කියල හිතනව ඇති". ඒ මගේ අලුත් මිතුරියගේ අදහසයි
    මා මුලදී එය විශ්වාස නොකලද වැඩි වේලාවක් නොයා එහි සත්‍යතාවය මට දැනගන්නට ලැබුනි.

    ලන්ඩනයේ සිට කටාර් එනතුරු ලැබුන සැලකිලි මේ ගුවන් යානයේදී නොලැබුන අතර සුදු මහත්ම මහත්මීන් ළඟ නම් මේ අය සුවිශේෂී ලෙස දෙකට තුනට නැවෙන බව පැහැදිලිවම දක්නට ලැබුනි.

    මෙය මොන තරම් අවාසනාවන්ත තත්වයක්දැයි මට සිතුනි. අද අප මවුබිමට විදේශ විනිමය උපයන දෑත් වලින් 75% ක්ම සිටින්නේ මැද පෙරදිග බව මේ එල හරක් මොළ වලට නොතේරෙන්නේ ඔවුන්ට ඒ දැනුම ඉහල තල වලින් ලබා නොදෙන නිසා වන්නට ඇත. එපමනක් නොව මැදපෙරදිග ඒ සොයුරියන් මව්බිමට මේ විදේශ විනිමය උපයන්නේ ඔවුන්ගේ හාම්පුතුන්ගෙන් පමනක් නොව ඒ රටවල් වලදී ඔවුන්ට මුණගැහෙන ශ්‍රී ලාංකික පිරිමින්ගෙන් පවා අනවශ්‍ය බලපෑම් වලට ලක් වෙමින් අපා දුක් විඳිමින් බව තේරුම් ගෙන ඔවුන් දෙස සානුකම්පිතව බැලීමට ශ්‍රීලංකන් සමාගම ඔවුන්ගේ සේවකයින් පුහුණු කල යුතුය. මැද පෙරදිග අපේ සොයුරියන්ද සුදු අප්පොලා සේම මුදල් ගෙවා මේ ගමන් යන බව මොවුන් නොදන්නේද?

    මෙවුන්ගේ මේ බටහිරට නැවෙන මානසිකත්වය අනෙක් ගුවන් සමාගම් වල සේවා කන්ඩායම් වල දක්නට නොලැබෙන බව මම අත්දැකීමෙන් තේරුම් ගතිමි.
    මෙය වහාම වෙනස් විය යුතු තත්වයක් බවත් ඒ දැනුම මේ මුග්ධ සේවක මඩුල්ලට වෘත්තීය පුහුණුවක් මගින් ලබාදිය යුතු බවත් බලධාරීන් තේරුම් ගත යුතුමය.
    මේ අසාධාරණ හැසීරීම වෙනස් නොවේ නම් අපේ අහිංසක මැද පෙරදිග සොයුරියන් ඒකාභිලාශයෙන් එක් වී SriLankan ගුවන් සමාගම ප්‍රතික්ශේප කල යුතුය. ඔවුන්ට මමද එක් වෙමි. මගේ සහයෝගය නොමඳව ලබා දෙමි. මා හට හදිසියේම මව්බිමට යාමට සිදුවී Economy පන්තියේ ටිකට් පතකින් මැදපෙරදිග හරහා ගිය නිසා මේ අත්දැකීම ලැබුනද නැවත කිසිදු දිනෙක පෙර පරිදි Business Class ගනයේ ටිකට් පතක් ශ්‍රීලංකන් සමාගමින් මිලදි නොගන්නෙමැයි සපත කරගතිමි.

    මව් බිම රකින මැදපෙරදිග සොයුරියන්ට ජය වේවා!
    තෙරුවන් සරණින් දෙවි රැකවරනින් ඔබේ සියලු බලාපොරොත්තු ඉටු වේවා!

    ශ්‍රීලංකන් සමාගමේ ගොන් මොළ වලට නුවණැස පෑදේවා!

    බිනුරි දිසාසේකර


    Source: Lanka Aviation News FB Page

    මේ කතාව නම් සහතික ඇත්ත.:yes: ශ්‍රී ලන්කන් එකේ air hostess ලාගේ පඩ ශෝ පෙන්නන්නේ අහිංසක මිනිස්සුන්ට බන්.:angry: අනික් Air Lines වල air hostessලාගේ සර්විස් එකට සම කරන්න බෑ අපේ උන්ගේ සර්විස් එක. ඒ තරම් චොර දැන්. අනික් Air Lineවල Flight එකට නගින මොකාට උනත් හැම passengerටම උන් හොදට සලකනවා..
     
    • Like
    Reactions: sudu23

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Paya 50 asanna flying hours ata
    Srilankan airline use kara nomatha

    Mona airline eket suddanta puka denawa atha

    Kalu unta salakili madiya / kalu unwa wadiya care nokaray hetuwa labors maids
    Wage aya nisa wenna puluwan

    Mama karanne moka unat hodin ho narakin ona de laba ganimaya
    Okun satha 5 ta ganan nogatha yuthuya hoda un godak atha

    Tinder eke oya wesiyo serama innawa gahanna puluwan
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,072
    67,389
    113
    Mama yanne naha oya kimbe morning kunge pake line nisa
    Qatar airways yanne qmil s / qpints tiyenawa
    Flights alut ewa un salakanawat hoday hina wegenamay inne

    Ape itin bangali look ne ban tiyenne indian hukanno wage

    Hmm godak depend on the route bn.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Hmm godak depend on the route bn.

    Anthima para mama kllekta banna pau kiyalat hituna menu eka denawa illana kma naha un wena idian kimbak denawa hena spices daapu

    Mama tokak dunna meka palaweni para newei kipasarayakma una
    Ay kiyala / kama iwara wela pau ban okunta banala wadakith naha
    Life ekat koy weleda nane ban karumayak set unot

    Uk italy un transit wenne doha walin

    Eka parak kallak set una uk sinhala ekige hena gedi deka kathay mata set une na ita passema set wela na
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඉතිං මොකෝ.උන්ට කියන්නේ තොපේ කකුල් අල්ලලා වඳින්න කියලද?කැමති නැත්නම් වෙන ඵකක පල.ඵකොනොමි යන්නේ බිස්නස් ක්ලාස් සැප බලාගෙන.අනේ තොපි වගේ ගොන්නු.:rofl:
     
    ඉතිං මොකෝ.උන්ට කියන්නේ තොපේ කකුල් අල්ලලා වඳින්න කියලද?කැමති නැත්නම් වෙන ඵකක පල.ඵකොනොමි යන්නේ බිස්නස් ක්ලාස් සැප බලාගෙන.අනේ තොපි වගේ ගොන්නු.:rofl:


    :baffled::baffled::baffled::baffled:

    තණ කොළ කාපං
     

    Similar threads