ශ්‍රීලංකාවේ රථ වාහන නීති බිදක්......

r runner

Member
May 12, 2015
2,396
781
0
රථ_වාහන_නීති බිදක්......

ශ්‍රීලංකාවේ රථ වාහන නීති බිදක්......

1. ඔබ පාරෙ ගමන් කරන විට, තනි පොලිස් නිලධාරියෙක්ට ඔබව නැවැත්වීමට තහනම්.
එසේ නැවැත්වීමට උත්සාහ ගතහොත්,නොනවත්වා යාමට ඔබට හැකිය.

2. තනි පොලිස් නිලධාරියෙකුහට ඔබේ රියදුරු බලපත්‍රය රඳවා ගැනීමට නොහැකිය.

3. ඔබ වාහනයක ගමන් කරන විටකදී, ඔබේ ජාතික හැඳුනුම් පත හැර වෙනත් ලියකියවිලි ඉල්ලා සිටීමට අයිතිය ඇත්තේ රථ වාහනපාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police) පමණි.

4. තනි රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police) ඔබට දඩ ගැසීමට හෝ චෝදනා කිරීමට නොහැකිය. ඔහුටඅනිවාර්යෙන්ම සාක්ෂිකරුවෙකු අවශ්‍යවේ. සාක්ෂිකරු පොලිස් නිලධාරියෙකුම විය යුතුයි.(එබැවින් සැමවිටම පාරේ රථ වාහන පාලකපොලිස් නිලධාරින් දෙන්නෙක් එකට සිටියි)

5. පොලිස් නිලධාරියෙකු ඔබට බීමතින් රිය පැදවූ බවට චෝදනා කලහොත්, බැලූන් පරීක්ෂාව (Balloon Test) කිරීමට ඉල්ලා සිටිය හැක. :) ඒ අවස්ථාවේදී ඔවුන් සතුව බැලූන් නොමැති නම්, ඔබට යාමට අවසර ඇත.:lol:

6. මහ මග ගමන් ගන්නා වාහනයක් නැවැත්වීමට අවසර ඇත්තේ රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police) පමණයි.(ඒබැවින් හමුදා මුරපොල (check point) වල එක පොලිස් නිලධාරියෙක් හෝ සිටිය යුතුය.)

7. පොලිස් නිලධාරියෙකුට ලිඛිත උසාවි නියෝගයක් නොමැතිව ඔබේ නිවසට හෝ රැකියා ස්ථානයට ඇතුළු විය නොහැක.:no: ලිඛිත නියෝගය ඉල්ලා සිටීමට ඔබට සියලු අයිතිය ඇත. ඔවුන් බලෙන් ඇතුලු වීමට සැරසෙයිනම් එයට විරුද්ධ වීමට ඔබට අයිතිය ඇත.

8. ඔබ සිදුකල වැරැද්දේ ස්වභාවයත්, දණ්ඩ නීති සංග්‍රහය අනුව අදාල නීති උල්ලංගනය කිරීමත් පිලිබඳව කියන තුරු රථ වාහන පාලකපොලිස් නිලධාරියෙකුට (TrafficPolice) ට ඔබේ රියදුරු බලපත්‍රය ලබාගත නොහැකිය. එසේ සඳහන් කිරීමට අපොහොසත් වන්නේනම් ඔබට යාමට අවසර ඇත.

9.රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකු (Traffic Police) ඔබේ බලපත්‍රය බලෙන් ලබාගෙන,
එය නැවත ලබා ගැනීමට පොලිස්ස්ථානයට එන ලෙස පැවසූ විටක,:growl: එලෙස නොගොස් පොලිස් අධිකාරියතුමන්ට හෝ ප්‍රදේශයට අදාල නියෝජ්ය පොලිස්පතිතුමන්ට පැමිණිලි කිරීමට ඔබට අයිතිය පවතී. එවිට අදාල නිලධාරියාව, දුරාචාරය සහ නොහික්මුණු හැසිරීම යන වරද මත පදනම්ව සේවයෙන් පහකරවීමට වුවද හැකියාව පවතී. :):)

10. කාන්තාවකගෙන්,පොලිස් නිලධාරියෙකු නම, ලිපිනය, හැඳුනුම් පත, දුරකථන අංකය ඉල්ලා සිටී නම්:sorry: ඒ ඉල්ලීම ඉටු නොකිරීමටඅයිතිය ඇත (ඔහු ඔබට හිරිහැර කිරීමේ අරමුණින් සිටින බව ඔබට හැඟේ නම් පමණක්). ඔහුට ඔබව (කාන්තාව) අත් අඩංගුවට ගැනීමටනොහැක. ඔබට පොලිස් නිලධාරිනියකගේ සහය ඉල්ලා සිටීමට අයිතිය ඇත. :P

11.පොලිස් නිලධාරියෙකු කාන්තාවක් පරීක්ෂා කිරීමට බව පැවසූ විටක, එය පොලිස් නිලධාරිණියක ලවා කරවා ගැනීමට ඔබට(කාන්තාව) අයිතිය ඇත.පොලිස් කාන්තාවක් නොමැති නම්, ඔබට එය ප්‍රතික්ෂේප කිරීමට අයිතිය ඇත.

12. ඔබට අධික වේගයෙන් වාහනය පැදවීමේ වරදට දඩ ගැසීමට හෝ නඩු දැමීමට සැරසෙයි නම්
ඊට ප්‍රථම වාහනයේ වේගය මනින ලදමීටරයේ වේගය සටහන් වී ඇති අයුරුතමාට පෙන්වන ලෙස ඉල්ලා සිටීමට අයිතිය ඇත.:sorry: (බොහොමයක් පොලිසිවල පවතින වේග මීටරඅක්‍රිය අතර ඔවුන් හුදෙක් මීටරය දිගුකර අනුමානයෙන් වරදකරුවන් අසුකරගනී)

13. ඔබ කිසියම් කරුණක් මත අත් අඩංගුවට පත්ව සිටිනම් පොලිසියට ප්‍රකාශ ඉදිරිපත් කිරීමට ප්‍රථම නීතිඥයෙකුගේ උපදෙස්ලබාගැනීමට ඔබට අයිතියක් පවතී.:) එනිසා එවැනි අවස්ථාවල ඔබට නීතිඥයෙකු ඉල්ලා සිටීය හැකිය.

ඔබට නීතිමය කරුණක් ගැන තවදුරටත් තොරතුරු ලබාගැනීමට අවශ්‍ය නම්
නීති ආධාර කොමිෂන් සභාව ,අංක 1295,මහාධිකරණසංකීර්ණය,අළුත්කඩේ,කොළඔ 12.
යන ලිපිනයට ලිවීමෙන් හෝ 0094-11-2433618, 0094-11-5335329,
0094-11-5335281, 0094-011-2395894 යන අංක වලට ඇමතීමෙන් තොරතුරු ලබාගත හැකිය.

කලින් දැනුවත් වෙලත් ඇති සමහරවිට... හොදනම් +++ සැලකුවට කමක් නැහැ :P:P:P
 
Last edited:
  • Like
Reactions: MNV and NB Diamonds

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    වැරැද්දක් කරලා එක පොලිස් කාරයද දෙන්නද කියලා බලනවාට වඩා වැරදි නොකර ඉන්න එක තමයි හොද
    අනික ගොඩක් ඒවා දැන් වලංගු නෑ බන්

    :baffled::baffled::baffled:
     
    Last edited:

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    වැරැද්දක් කරලා එක පොලිස් කාරයද දෙන්නද කියලා බලනවාට වඩා වැරදි නොකර ඉන්න එක තමයි හොද
    අනික ගොඩක් ඒවා දැන් වලංගු නෑ බන්

    :baffled::baffled::baffled:

    :lol::lol::lol: මොනාද මචං බොරැ...
     
    DjAdmin

    Member
    Mar 1, 2012
    805
    156
    0
    11391449_679816005452759_2768011828069444823_n.jpg
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0

    බොරැ කියල කි‍යන්නෙ ඒව ක්‍රියාත්මක කරන්න අපි නොදැනුවත් හින්ද... පොලිසිය උන පලියට හැම දේම කරන්න බැහැ .. හැම දේටම රාමුවක් තියෙනව.. නිති තියෙනව... ඒත් තැන්කස් මචං
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    උඹ කිව්ව ඒවා නම් ලංකාවේ කරන්න බෑ බන්
    ආත්මෙකට වත් උන්ට කතා කරා කියන්නේ දඩේ ඩබල් කරගත්තා වගේ
    තමා පොඩ්ඩක් කට දැම්මත් වාහනේ වටේ ගිහින් කොලේ පිරෙන්නම ලියලා දෙනවා :rofl:

    කොළඹත් ඇතුල් පොඩි පාරවල මහා රෑටත් ඉන්නවා කියහන්කෝ
    මාකට් එක පැත්තේ :nerd:

    බෝ ගහ ගාව ස්ටෑන්ඩ් එක පැත්තේ ඒ පාරවල් වල ඒ ටයිම් එකට
    පැයකට එකක් වගේ යන්නෙත් වාහන ඒත් යන එකාව ගැහැගන්නවා මහ බලු හැත්තක් :growl:
     
    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    ඔබ පාරෙ ගමන් කරන විට, තනි පොලිස් නිලධාරියෙක්ට ඔබව නැවැත්වීමට තහනම්.
    එසේ නැවැත්වීමට උත්සාහ ගතහොත්,නොනවත්වා යාමට ඔබට හැකිය.

    2. තනි පොලිස් නිලධාරියෙකුහට ඔබේ රියදුරු බලපත්‍රය රඳවා ගැනීමට නොහැකිය.

    මේ දෙකම සම්පුර්ණ බොරු. එකම දේ තනි පුද්ගලයක් සටහන් කරන දෙයක් උසාවියෙන් පිළිගන්නේ නැති වීමයි. එකෙය් දෙන්නෙක් ඉන්නේ .
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ඉස්තර හිටපු පොලිස් මාධ්‍ය පකාශක මාමා කියුවා ඕව බොලු කියලා.. :love::yes:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    බොරැ කියල කි‍යන්නෙ ඒව ක්‍රියාත්මක කරන්න අපි නොදැනුවත් හින්ද... පොලිසිය උන පලියට හැම දේම කරන්න බැහැ .. හැම දේටම රාමුවක් තියෙනව.. නිති තියෙනව... ඒත් තැන්කස් මචං

    Owa parana rules ban. Ussaviya Piliganne na eka police kaarayek hitiyoth. eth ithin un policiyata gihin thawa police ekekwa daanawa shakshi widiyata. Anika nathara nokara giyoth oluwata wedi kanna wenne. Owa practical da kiyala hithala balapanko poddak.

    :rofl::rofl::rofl:
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    ඕවා කියන්න ගිහින් නැති ගංජා පිටින් අස්සට දායි බොල !! සක්කිලි:no::no:
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    උඹ කිව්ව ඒවා නම් ලංකාවේ කරන්න බෑ බන්
    ආත්මෙකට වත් උන්ට කතා කරා කියන්නේ දඩේ ඩබල් කරගත්තා වගේ
    තමා පොඩ්ඩක් කට දැම්මත් වාහනේ වටේ ගිහින් කොලේ පිරෙන්නම ලියලා දෙනවා :rofl:

    කොළඹත් ඇතුල් පොඩි පාරවල මහා රෑටත් ඉන්නවා කියහන්කෝ
    මාකට් එක පැත්තේ :nerd:

    බෝ ගහ ගාව ස්ටෑන්ඩ් එක පැත්තේ ඒ පාරවල් වල ඒ ටයිම් එකට
    පැයකට එකක් වගේ යන්නෙත් වාහන ඒත් යන එකාව ගැහැගන්නවා මහ බලු හැත්තක් :growl:

    පැක්ට්‍රිකල් නම් නෑ තමයි සහෝ.. හැබැයි මං නම් මේ පොයින්ට් වලට තර්ක කරල තියෙනව :oo::oo::oo: පොලිසිය එක්කම තමයි....:lol::lol:
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    ඔබ පාරෙ ගමන් කරන විට, තනි පොලිස් නිලධාරියෙක්ට ඔබව නැවැත්වීමට තහනම්.
    එසේ නැවැත්වීමට උත්සාහ ගතහොත්,නොනවත්වා යාමට ඔබට හැකිය.

    2. තනි පොලිස් නිලධාරියෙකුහට ඔබේ රියදුරු බලපත්‍රය රඳවා ගැනීමට නොහැකිය.

    මේ දෙකම සම්පුර්ණ බොරු. එකම දේ තනි පුද්ගලයක් සටහන් කරන දෙයක් උසාවියෙන් පිළිගන්නේ නැති වීමයි. එකෙය් දෙන්නෙක් ඉන්නේ .

    උත්තරීතර අධිකරණය :eek::eek:
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    11 arunaama anith okkoma waradiy... motor traffic act eka aran kiyawanna :)

    උඹ කිව්ව ඒවා නම් ලංකාවේ කරන්න බෑ බන්
    ආත්මෙකට වත් උන්ට කතා කරා කියන්නේ දඩේ ඩබල් කරගත්තා වගේ
    තමා පොඩ්ඩක් කට දැම්මත් වාහනේ වටේ ගිහින් කොලේ පිරෙන්නම ලියලා දෙනවා :rofl:

    කොළඹත් ඇතුල් පොඩි පාරවල මහා රෑටත් ඉන්නවා කියහන්කෝ
    මාකට් එක පැත්තේ :nerd:

    බෝ ගහ ගාව ස්ටෑන්ඩ් එක පැත්තේ ඒ පාරවල් වල ඒ ටයිම් එකට
    පැයකට එකක් වගේ යන්නෙත් වාහන ඒත් යන එකාව ගැහැගන්නවා මහ බලු හැත්තක් :growl:

    ඔබ පාරෙ ගමන් කරන විට, තනි පොලිස් නිලධාරියෙක්ට ඔබව නැවැත්වීමට තහනම්.
    එසේ නැවැත්වීමට උත්සාහ ගතහොත්,නොනවත්වා යාමට ඔබට හැකිය.

    2. තනි පොලිස් නිලධාරියෙකුහට ඔබේ රියදුරු බලපත්‍රය රඳවා ගැනීමට නොහැකිය.

    මේ දෙකම සම්පුර්ණ බොරු. එකම දේ තනි පුද්ගලයක් සටහන් කරන දෙයක් උසාවියෙන් පිළිගන්නේ නැති වීමයි. එකෙය් දෙන්නෙක් ඉන්නේ .

    ඉස්තර හිටපු පොලිස් මාධ්‍ය පකාශක මාමා කියුවා ඕව බොලු කියලා.. :love::yes:

    http://www.lawnet.lk/docs/statutes/cons_stat_up2_2006/indexes/2001Y2V53C.html:):):)