ශ්‍රීලංකාව ලෝක වාර්තාවක් අබියස...

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    1622288515803.png

    ශ්‍රී ලංකාව ලෝක වාර්තාවක් තබන්න සූදානම්…. ක්‍රීඩකයින් දෙදෙනා සමඟ ඔලිම්පික් යන්න නිලධාරීන් 58ක්…. නිලධාරී
    වියදම් සඳහා ලක්ෂ 820ක ඇස්තමේන්තුවක් ක්‍රීඩා අමාත්‍යංශයට

    ජපානයේ පැවැත්වෙන ඊළඟ ඔලිම්පික් උලෙළ සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු සුදුසුකම් ලබා ඇති අතර ඔලිම්පික් උලෙළට යාම සඳහා ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ නිලධාරීන් 58 දෙනෙකු සූදානමින් සිටින බව වාර්තා වෙයි. මෙම පිරිස සඳහා ගමන් වියදම් ලෙස රු. මිලියන 22ක් ද ගුවන් ටිකට්පත්, හොටෙල් සහ එන්නත් ඇතුළු සෙසු වියදම් සඳහා තවත් මිලියන 60ක් ද ක්‍රීඩා අමාත්‍යංශයෙන් ඉල්ලා ඇතැයි ද දැනගන්නට තිබේ.

    ඔලිම්පික් සුදුසුකම් ලද ක්‍රීඩකයින් දෙදෙනාට අවශ්‍ය සියලු පහසුකම් ලබා දෙන අතර මෙරට ක්‍රීඩාව නැංවීම සඳහා කටයුතු කරනු වෙනුවට අතිවිශාල ධනස්කන්ධයක් වැය කර නිලධාරීන් ඔලිම්පික් රැගෙන යාමට සැලසුම් කිරීම බොහෝ පාර්ශ්වවල දැඩි විවේචනයට පාත්‍ර වී තිබේ.

    ක්‍රීඩකයින් දෙදෙනෙකු සමඟ මිලියන 80කට අධික වියදමක් දරා මෙම නිලධාරී පිරිස ඔලිම්පික් උලෙළ නැරඹීමට රැගෙන ගියහොත් එය ඔලිම්පික් ඉතිහාසයේ ලෝක වාර්තාවක් වනු ඇතැයි ද සමහරු ප්‍රකාශ කරති.
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    opening ekedi kodiya ussan dennek witarak yana eka nondi wadak nisa tawa kattiya innawa kiyala pennanna yanawa athi :rofl:
    ඒක තමා තවත් 50 - 60 ක් එක්කන් ගියානම්, ඔක්කොමත් 100ක් විතර හරි ආඩම්බරෙන් කොඩිය උස්සන් යන්න තිබුනා. 😜