ශ්‍රී දේවි යාළු කරගන්න බොනී කපූර් අම්මාට &#352

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,026
    35,964
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ශ්‍රී දේවි යාළු කරගන්න බොනී කපූර් අම්මාට &#352

    මියගිය සුපිරි තාරකාව ශ්‍රී දේවී ගැන ඇතැමුන් පමණක් දන්නා අප්‍රකට කථා රැසක් මේ වනවිට ඉන්දියානු මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වේ. පහත පළවන්නේ ඒවායින් කොටසකි.

    ශ්‍රී දේවි උපතින් දෙමළ ජාතිකයෙකි. ඇයට හින්දි බස කථාකිරීම පසුව පුහුණුවන්නට සිදුවිය. මේනිසාම ඇගේ හින්දි උච්චාරණය හැමවිටම දුර්වල විය. ඇතැම් හින්දි චිත්‍රපට සඳහා ඇය වෙනුවට දෙබස් කැවීමේ ශිල්පිනියන්ද යොදා ඇත.

    ශ්‍රී දේවිගේ මුල්නම ශ්‍රී අම්මා යන්ගර් අයියප්පන්ය. ඇගේ පියා නීතීඥයෙකි.

    වයස 4දී ඇය ළමා කලාකාරියක ලෙස චිත්‍රපටයක කෙටි චරිතයක් රඟපෑම දෛවෝපගතය. ඇය වයස 16 සිට 1979 සිට සිනමාවේ වැඩ ඇරඹුවාය.
    සද්මා (1983), චන්දි (1989), ගරානා (1991) සහ කෂානා කෂාම් (1991) චිත්‍රපටවලදී ශ්‍රී දේවි ගීත ගායනයටද එක්ව තිබේ.
    ලෝකයේම ප්‍රකට වූ ස්පිල්බර්ග්ගේ ජුරාසික් පාර්ක් (1993) හි කෙටි චරිතයක් සඳහා ශ්‍රී දේවිට ඇරයුම් ලැබුණ නමුත් ඇය ඒ කාලයේ කාර්ය බහුලත්වය නිසා ප්‍රතික්ෂේප කර තිබුණි.

    1980 දශකයේ ශ්‍රී දේවි නිළියන්ගේ ලැයිස්තුවේ අංක එකේ සිටියදී අමිතා බච්චන් නළුවන්ගේ අංක එක විය. නමුත් වියහියදම් ප්‍රශ්න නිසා චිත්‍රපට නිෂ්පාදකයින් මේ දෙදෙනාම යොදා චිත්‍රපට තැනුවේ නැත. ශ්‍රී දේවි හා අමිතාබ් එක්ව රඟපාන චිත්‍රපට ඇත්තේ 3 ක් පමණක් බව පැවසේ.

    1985-1992 කාලයේ හින්දි සිනමාවේ වැඩිම අයකිරීම සිදු කරන නිළිය වූයේ ඇයයි. ඇයට පසුව මධුරි ඩික්සිත්ට හා පසුව අයිශ්වර්යාට එම තැන හිමි විය. මේ වනවිට දීපිකා පදුකෝන් , කංගනා රෙනොල්ට් හා ප්‍රියංකා චොප්රා එම තැන දරති.

    ශ්‍රී දේවි කසාද බඳින්නට ඒ කාලයේ යුරෝපයේ හා ඇමරිකාවේ ධනවත් ඉන්දියානුවන් විවාහ යෝජනා ඉදිරිපත් කළ බව පැවසේ. නමුත් ඇය ඒවාට ඉස්සර වූයේ නැත. හොලිවුඩයේ චිත්‍රපට නිෂ්පාදනය කරන ඉන්දියානුවෙකුවූ අශොක් අම්රිතාර්ජ් ඇය සමග සමීප ඇසුරක් පැවති නමුත් විවාහයකින් එය කෙළවර වූයේ නැත.
    බොනී කපූර් ශ්‍රී දේවි හා යාළුවන්නට විවිධ උපක්‍රම යොදා අවසානයේ ජයගත් තැනැත්තාය. ඔහුගේ චිත්‍රපට වලට ශ්‍රී දේවී ප්‍රධාන නිළිය ලෙස ගත්තා කියා ශ්‍රී දේවිගේ මවට ඔහු තවත් ධනවත් නිෂ්පාදකයෙකු පමණක් වූ නිසා කැමැත්ත එකවර ලැබී නැත. ඔහු කැමැත්ත ගැනීමට උපායක් යොදා තිබේ. ඒ ‘මිස්ටර් ඉන්දියා‘ චිත්‍රපටයේදීය. ඔහු එහි රඟපාන්නට ශ්‍රී දේවිගේ මවටද අඬගැසූ අතර ඇය අදිමදි කරද්දී ඇයට ලක්ෂ 10ක් දෙන බව පවසා කැමති කරගෙන තිබේ. මෙම චිත්‍රපටයේ ශ්‍රී දේවී රඟපා ඇත්තේ ලක්ෂ 11 කටය. මෙම සල්ලි
    විසිකිරීම අවසානයේ විවාහයට කැමැත්ත ලැබීම සමග සමානුපාතික විය.
     
    • Like
    Reactions: Mad Maxer