Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
7 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශ්‍රී පාද කථා: ගෙත්තම් පාන හැදුන හැටි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අසිරිමත් ශ්‍රී සම්බුද්ධ සිරිපා ලාංඡනය පිහිටුවීම පිළිබඳව මුඛ පරම්පරා ගතව පැමිණි එක් සුවිශේෂී පූජනීය කතාංගයක් මා සහෘද ඔබ සැමට ඉදිරිපත් කරමි. ඒ හා බැඳුණු තවත් අපූරු, අතුරු කතා ඔයාලා දන්නවා ඇති. බුදුසිරිපතුලට, සමන් ගිරිහිසට, සුමන සමන් මහ සුරිඳුන්ට හදවතින්ම ගෞරවනීය මේ අපූරු එකතුව වටා රොද බැඳගත් ඔබ සියලු දෙනාටම සුභම සුභ නව වසරක් පතමි.

සෝවාන් ඵලලාභී සුමන සමන් මහ සුරිඳුන්ගේ ගෞරවනීය ආරාධනාවකට අනුව ගෞතම බුදුපියාණන් වහන්සේ සමන්ත කූටයට වැඩම කෙරිණි. මග දෙපස රැස්ව හුන් මිනිස් හා වන සිවුපා සතුන්ගේ සාධුකාර මධ්‍යයේ උන්වහන්සේ වැඩි සේක. දෙපස රැස්ව හුන් බොහෝ දෙවි බඹුන් උන්වහන්සේ සපැමිණි ගමන් මගට ගුවනේ සිට සුවඳැති මල් ඉසිමින් සාධුනද පැවැත්වූහ.

තවත් බොහෝ වන සතුන් තැන්හි තැන්හි රැඳී සිටිමින් නොඉඳුල්, සීතල මහ හිමෙන් නෙලා ගත් පලවැල හා මී පැණි උන්වහන්සේ වෙත පූජා කරන්නට වූයේ බොහෝ ගෞරවයෙනි. මග දෙපස සිටි තවත් අලි ඇතුන් සොඬින් ගෙනා පිරිසිදු පැනින් ගෞතමයන්ගේ ශ්‍රී පා දෝවනය කළෝය. තවත් නුවණැති වානර රංචුවක් "මහ සතුන්ගේ" ගමන් මාර්ගයේ ඉදිරියෙන් දුවමින් මගෙහි ඇති මඩකඩිති, ලී දඬු, කටු අතු ඉවත් කරමින් ඉදිරියෙන් බුදු පියා ආරක්ෂා කරමින් ඇදෙන්නට විය.

මේ අතර වාරයේ මාර දිව්‍ය පුත්‍රයා වන සතුන්ගේ මේ හැසිරීම රෞද්‍ර නෙතින් නිරීක්ෂණය කළේය. ගෞතමයන්ගේ සමනල සිරස වෙත වැඩමවීම ඒ අනුව දැනගත් මාරයා වික්ෂිප්ත විය. ශෝක විය, මහත් සේ කෝප විය, බුදුපියාණන් පූජනීය ශ්‍රී පතුල සමනොළ සිරසේ පිහිට වූවොත් ලෝ සතුන් බුරුතු පිටින් තම මාර මුඛයට ඇදී යන ගමන අඩාල විය හැක. එසේ හෙයින් උන්වහන්සේගේ මේ ගමන කෙසේ හෝ නතර කළ යුතු යැයි අදිටන් කර ගත්තේය.

දියසුලි නගමින් පෙණ බුබුළු දමමින් ගලන සීතල ගඟුල ආසන්නයේ, දැන් උන්වහන්සේ වැඩම කරති. වහාම ගඟුල මැද තිබූ සිය ගල් පහුර වෙත දිව ගිය මාරයා හනි හනිකට එය ගඟුල දිගේ යටිගම් බලා පැදිව්වේ දැඩි කෝපයෙනි.

දැන් ආසන්නයේ ශාන්ත ගමනින් වඩින ගෞතමයන්ය, පසෙකින් වෛරයෙන් දැවෙමින් ගල් පහුර පදින මරුය. වේගයෙන් ඇදී එන ගල් පහුර ඉලක්ක කර එන්නේ බුදුපියාගේ ශ්‍රී ශරීරයයි. මඟ කටු කොහොල් ඉවත් කරමින් සිටි සතුන් දෑස් අයාගත් ගමන්මය. සිදුවන්නේ කුමක්දැයි ඔවුන්ට නොවැටහේ. බුදුපියාගේ අති පාරිශුද්ධ ශරීරය ආසන්නයේදී, මහගල්කුලක් ධරණී තලය පලාගෙන පැන නැංගේ මාරයාගේ ගල්පහුරට විරුද්ධවය. විශාල ශබ්දයක් නගමින් මාරයාගේ ගල්පහුර ක්ෂණයෙන් නැගුණු ගල් කුලේ හැපී නතර විය.

එහෙත් එයින් නැගුණු කුඩා ගල් පතුරකින් බුදුපියාගේ අති පාරිශුද්ධ චීවරය ඉරී ගියේය. එතැන දී ගෞතමයන් හුයක් ගෙන තම චීවරයට මැස්මක් යෙදූ බව සඳහන්ය. වර්තමානයේ ඒ ස්ථානය රජ මාවත හෙවත් රත්නපුර ශ්‍රී පලාබද්දල මාර්ගයේ පිහිටි ඉදිකටුපාන වේ. උන් වහන්සේගේ චීවර ගෙත්තම මෙනෙහි කර ගනිමින් කෝඩුකාරයන් ගෙත්තම් කරන්නේ ඒ අනුවය.

https://www.facebook.com/share/p/YHcN3pug5byAM6hH/?mibextid=oFDknk

[QUOTE="හෙළයෙක්, post: 29763854, member: 503645"] අසිරිමත් ශ්‍රී සම්බුද්ධ සිරිපා ලාංඡනය පිහිටුවීම පිළිබඳව මුඛ පරම්පරා ගතව පැමිණි එක් සුවිශේෂී පූජනීය කතාංගයක් මා සහෘද ඔබ සැමට ඉදිරිපත් කරමි. ඒ හා බැඳුණු තවත් අපූරු, අතුරු කතා ඔයාලා දන්නවා ඇති. බුදුසිරිපතුලට, සමන් ගිරිහිසට, සුමන සමන් මහ සුරිඳුන්ට හදවතින්ම ගෞරවනීය මේ අපූරු එකතුව වටා රොද බැඳගත් ඔබ සියලු දෙනාටම සුභම සුභ නව වසරක් පතමි. සෝවාන් ඵලලාභී සුමන සමන් මහ සුරිඳුන්ගේ ගෞරවනීය ආරාධනාවකට අනුව ගෞතම බුදුපියාණන් වහන්සේ සමන්ත කූටයට වැඩම කෙරිණි. මග දෙපස රැස්ව හුන් මිනිස් හා වන සිවුපා සතුන්ගේ සාධුකාර මධ්‍යයේ උන්වහන්සේ වැඩි සේක. දෙපස රැස්ව හුන් බොහෝ දෙවි බඹුන් උන්වහන්සේ සපැමිණි ගමන් මගට ගුවනේ සිට සුවඳැති මල් ඉසිමින් සාධුනද පැවැත්වූහ. තවත් බොහෝ වන සතුන් තැන්හි තැන්හි රැඳී සිටිමින් නොඉඳුල්, සීතල මහ හිමෙන් නෙලා ගත් පලවැල හා මී පැණි උන්වහන්සේ වෙත පූජා කරන්නට වූයේ බොහෝ ගෞරවයෙනි. මග දෙපස සිටි තවත් අලි ඇතුන් සොඬින් ගෙනා පිරිසිදු පැනින් ගෞතමයන්ගේ ශ්‍රී පා දෝවනය කළෝය. තවත් නුවණැති වානර රංචුවක් "මහ සතුන්ගේ" ගමන් මාර්ගයේ ඉදිරියෙන් දුවමින් මගෙහි ඇති මඩකඩිති, ලී දඬු, කටු අතු ඉවත් කරමින් ඉදිරියෙන් බුදු පියා ආරක්ෂා කරමින් ඇදෙන්නට විය. මේ අතර වාරයේ මාර දිව්‍ය පුත්‍රයා වන සතුන්ගේ මේ හැසිරීම රෞද්‍ර නෙතින් නිරීක්ෂණය කළේය. ගෞතමයන්ගේ සමනල සිරස වෙත වැඩමවීම ඒ අනුව දැනගත් මාරයා වික්ෂිප්ත විය. ශෝක විය, මහත් සේ කෝප විය, බුදුපියාණන් පූජනීය ශ්‍රී පතුල සමනොළ සිරසේ පිහිට වූවොත් ලෝ සතුන් බුරුතු පිටින් තම මාර මුඛයට ඇදී යන ගමන අඩාල විය හැක. එසේ හෙයින් උන්වහන්සේගේ මේ ගමන කෙසේ හෝ නතර කළ යුතු යැයි අදිටන් කර ගත්තේය. දියසුලි නගමින් පෙණ බුබුළු දමමින් ගලන සීතල ගඟුල ආසන්නයේ, දැන් උන්වහන්සේ වැඩම කරති. වහාම ගඟුල මැද තිබූ සිය ගල් පහුර වෙත දිව ගිය මාරයා හනි හනිකට එය ගඟුල දිගේ යටිගම් බලා පැදිව්වේ දැඩි කෝපයෙනි. දැන් ආසන්නයේ ශාන්ත ගමනින් වඩින ගෞතමයන්ය, පසෙකින් වෛරයෙන් දැවෙමින් ගල් පහුර පදින මරුය. වේගයෙන් ඇදී එන ගල් පහුර ඉලක්ක කර එන්නේ බුදුපියාගේ ශ්‍රී ශරීරයයි. මඟ කටු කොහොල් ඉවත් කරමින් සිටි සතුන් දෑස් අයාගත් ගමන්මය. සිදුවන්නේ කුමක්දැයි ඔවුන්ට නොවැටහේ. බුදුපියාගේ අති පාරිශුද්ධ ශරීරය ආසන්නයේදී, මහගල්කුලක් ධරණී තලය පලාගෙන පැන නැංගේ මාරයාගේ ගල්පහුරට විරුද්ධවය. විශාල ශබ්දයක් නගමින් මාරයාගේ ගල්පහුර ක්ෂණයෙන් නැගුණු ගල් කුලේ හැපී නතර විය. එහෙත් එයින් නැගුණු කුඩා ගල් පතුරකින් බුදුපියාගේ අති පාරිශුද්ධ චීවරය ඉරී ගියේය. එතැන දී ගෞතමයන් හුයක් ගෙන තම චීවරයට මැස්මක් යෙදූ බව සඳහන්ය. වර්තමානයේ ඒ ස්ථානය රජ මාවත හෙවත් රත්නපුර ශ්‍රී පලාබද්දල මාර්ගයේ පිහිටි ඉදිකටුපාන වේ. උන් වහන්සේගේ චීවර ගෙත්තම මෙනෙහි කර ගනිමින් කෝඩුකාරයන් ගෙත්තම් කරන්නේ ඒ අනුවය. [URL]https://www.facebook.com/share/p/YHcN3pug5byAM6hH/?mibextid=oFDknk[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom